SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ මිනිස්සු පන්සල් ආරක්ෂා කරන, බුදුදහම ආරක්ෂා නොකරන ජන කොටසක් බව කියන්නට අපිට දිනපතාම දැන් සාක්ෂි ලැබෙමින් තියෙනවා.

මිනිසෙකු පන්සලේ කැටය කැඩීම නිසා ඔහුව අවට ජනතාව එකතු වී බුදුන් ඉදිරියේ ම බැඳ දමා කරේ බෝඩ් එකක් ද එල්ලා මේ විදිහට සමාජ අපහාසයකට සහ හිංසාවට ලක් කරල තියනවා. ඊට අමතරව ඒ සිදුවීම රූපවාහිනි වලිනුත් මුලු ලංකාවටම ප්‍රචාරය කරල තියනවා. මෙය පසුගිය දවසකදී සිදුවී ඇත්තේ ජාඇල ඒකල කාර්මික ජනපදයේ මෛත්‍රී විහාරයේදී යි.

මේ වගේ දඬුවම් වලට කියන්නේ සමාජ දඩුවම් කියලයි. මේ සමාජ දඬුවම් තවමත් වඩා ම ක්‍රියාත්මක වෙන දකුණු ආසියාතික රටවල් සහ අප්‍රිකානු ආදී රටවල් වල ඇති ප්‍රධාන ලක්ෂණයක් නම් එම රටවල් වල නීතියේ ආධිපත්‍ය බිඳ වැටී තිබීමයි. මෙවැනි සමාජ දඬුවම් දෙන හැම විටම ඉන් පෙන්නුම් කරන්නේ රජයේ නීතියේ ආධිපත්‍යය බංකොලොත් වී ඇති බවයි. රටට හරිහමන් නායකයෙක් නැති බවයි.

 

sinhala 6

 

මේ මිනිස්සු මේ විදිහට සමාජ දඬුවමකින් 'හොරෙකුව' සමාජ අපහාසයට ලක් කිරීමට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් නම් පැරණි සමාජයන් වල ක්‍රියාත්මක වූ මේ සමාජ දඬුවම්ක්‍රමයෙන් ඔවුන් ඉවත්වී , ඊට වඩා ශිෂ්ට සම්පන්න වූ අධිකරණයේ ආධිපත්‍ය යටතේ එන නූතන නීති ක්‍රමය ඇති සමාජ දේශපාලන ක්‍රමයකට නිවැරදිව පරිවර්තනය වෙලා නැති වීමයි. ඒ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කරන්නට බැරිවීම නිසා මොවුන්ට ඒ පිළිබඳව කිසිදු විශ්වාසයක් ගෞරවයක් හෝ හුරු පුරුද්දක් නැතිවීමයි.

අනිත් ප්‍රධාන කාරණය නම් මොවුන්ව කුඩා දරුවන් ලෙසට ගුරු දෙගුරුන් විසින් විනයානුකූල කිරීම සඳහා කියලා පාවිච්චි කරන්නේ මේ සමාජ දඬුවම් වලටම සමාන වූ කොන් කිරීම් සහ අපහාස කිරීමේ ක්‍රමයයි. කාලාන්තරයක් පුරා පැවතෙන ඒ ක්‍රමය ඔවුන් තුළ දෘෂ්ටිවාදයක් ලෙස දැන් මුල්බැසගෙන තියෙන්නේ.කුඩා කාලයේ ඉඳන් එසේ දැඩි ලෙස කොන් කිරීම් සහ අපහාස කිරීම් වලට ලක් වීමේ ප්‍රතිඵලය හැමවිටම තව කෙනෙකුට පෙරලා කොන් කිරීමට සහ අපහාස කිරීමට ඇති නැඹුරුතාවයයි. එයින් ඔවුන් යම්කිසි ආශ්වාදයක් ද ලබාගන්නවා. ඇත්ත වශයෙන්ම අපේ වැඩිහිටියෝ අපිට ගහලා හැදුවේ කියලා ආඩම්බර වෙන්නේ මේ කට්ටියයි. 'ගැහුවා' කියන්නේ හිංසා කිරීමටයි.

රසවත්ම දේ නම් මේ සමාජ කෲරත්වය ක්‍රියාත්මක වෙන්නේ මේ ජනතාවගේ ම ශුද්ධ භූමිය වූ පන්සලේ බුදුන් ඉදිරියේම වීමයි. මේ පන්සල් සම්ප්‍රදාය ඇතුළු පිංකැට සියල්ලම බුදුන් ප්‍රතික්ෂේප කරපු කුණු කන්දල් ගොඩටයි වැටෙන්නේ. අවම වශයෙන් මොවුන්ගේ ශාස්තෘවරයා වූ බුදුන් ගැනවත් යම් කිසි ගෞරවයක් මොවුන්ට තිබුණා නම් බුදුන් එකල වැරදිකරුවන්ට සලකපු ආකාරයවත් මතක් කරලා මේ කැටය කඩපු මිනිසාට මීට වඩා මානුෂිකව සලකන්න තිබුණා.

 

sinhala 4

 

මොහු උසාවියකට දැම්මානම් එතනින් මේ ගැන යම් අධ්‍යයනයක් කරලා කවර දඬුවමක් දිය යුතුයි ද කියලා තීරණය කරනවා. එහිදී මිනීමැරුම් ද ඇතුළුව අපරාධයේ මට්ටම( Degree) ඒ පිටුපස ඇති බොහෝ කරුණු සලකා ගණන් බලා ඒ අනුවයි දඬුවම දෙන්නේ. ඒ සඳහා ඒ විෂයෙහි ප්‍රවීණයන් යොදා තියෙන්නෙ ඒකටයි. රටේ නීතිය ඒ විදියට නිවැරදිව ක්‍රියාත්මක නොවන්නේ නම් මිනිසුන් කළ යුත්තේ ඊට එරෙහිව නැගී සිටීම හෝ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කොන්දක් තියෙන නායකයෙක් පත්කර ගැනීමයි. මේ රජය පත්කරපු අතිබහුතරය මේ සාමාන්‍ය සිංහල බෞද්ධයින් බව අප අමතක නොකළ යුතුයි. ඒවාගේම ඔවුන් තම රජයම නීතිය සමඟ පිංපොං ගහනකොට ඊට විරුද්ධව නැගී සිටීමට තරම් ධෛර්යයක් තිබුණු ජනතාවක්ද නෙමෙයි. ඒ පළාත් වල හිටිය පට්ට හොරු පාර්ලිමේන්තුවට තෝරලා එව්වෙත් මොවුන්ම නොවේද?

කිසියම් සමාජයක සියලුම දෙනා විසින් මේ විදිහට ප්‍රසිද්ධියේ අපරාධකරුවන් කියලා විශේෂයෙන් සමාජය දඬුවම්වලින් හංවඩු ගහපු මිනිසුන් නැවත නිවැරදි වීමට ඇති අවස්ථාව හරිම අඩුයි. එතකොට ඔහුට නිවැරදි වීමට තැනක් ඉතුරු වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් එතකොට වෙන දේ තමයි ඔහු සම්පූර්ණයෙන් එම සමාජයෙන් හොරකම් අපරාධ වලින් බැරිනම් සියුම් කෲර වැඩ වලින් පවා පළිගන්නා කෙනකු බවට පත්වීමයි. 'සමාජ විරෝධීන්ට' සහයෝගය දීමයි.

 

sinhala 3

 

අවසානයේ, මේ ජනතාව මෙතැනදී මේ හොරාට සලකන්නේ බුදුන් කියපු විදිහටත් නෙමේ රටේ නීතියට අනුවත් නෙමෙයි, ඔවුන් හැදුන වැඩුන ආකාරයට අනුවයි. එනම් ඔවුන්ගේ ම පන්සල්, දහම් පාසල්, පාසල්, පවුල් සහ ගම ආදියෙන් 'සායන' ගත කළ ආකාරයට අනුවයි.මොවුන්ට කියන්නේ සිංහල බෞද්ධයින් කියානම් සිංහල බෞද්ධයා යනු බුදුන්ට හෝ 2500 ක ඉතිහාසයකට සම්බන්ධයක් නැති පසුගිය අවුරුදු සියයක පමණ කාලය තුළ බුදුදහම වත් හරියට දන්නේ නැතුව ඔවුන්ම නිර්මාණය කරගත් විපරිත දේශපාලන ක්‍රමයක් තුළ හැදුණු වැඩුණු ආකාරයට කියන නමයි.

 

sinhala 5

 

මෙහෙම කියනකොට අපි හොර මැරකම් වලට අවසර දෙන්න ඕනේ කියන එක අදහස් කරන්නේ නැති බව කෙනෙකුට තේරෙන්න ඕනේ. පහුගිය කාලයේ සිවිල් හොරකම් ඉතා සීඝ්‍රයෙන් ඉහල ගිය අතර ඊට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ රජයයි. ඊට අමතරව කොරෝනා ව්‍යසනය නිවැරදිව කළමනාකරණය කරගෙන නැති වීම නිසා ඉදිරි කාලයේ දී සිවිල් හොරකම් තවත් සීග්‍රයෙන් වැඩි වීමට නියමිතයි. එතකොට ආහාර සහ ඔක්සිජන් ලබාගැනීමට මිනිසුන් සල්ලි සොයා යන්න පටන් ගන්නවා නම් ඒ සඳහා මුලින්ම යෝජනා කිරීමට සිදුවන්නේ පන්සල් පල්ලි කෝවිල් සහ දේවාලවල ප්‍රාග්ධන පිංකැට නොවේද?

 

@ ධනන්ජය කරුණාරත්න

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි