SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමාජයක් ලෙස අපි පවත්නා විවාහ ක්‍රමය ප්‍රතිසංස්කරණය කල යුතුය.

විවාහය යනු පවුලේ සමාජ තත්වය සහ ධනය පිළිබඳ විචිත්‍රවත් සංදර්ශනයක් නොවේ. ම්ලේච්ඡ දෑවැදි ක්‍රමය අපේ දියණියන් වෙළඳ භාණ්ඩ ලෙස පහත් කොට සලකන බව දෙමාපියන් තේරුම් ගත යුතු අතර මිනිසුන් ලෙස අප ඔවුන්ට වඩා හොඳින් සැලකිය යුතුවන්නේය.

                          - පිනරෙයි විජයන් : 2021 ජුනි 23 :කේරළයේ මහ ඇමති

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 24 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් වන විස්මයා නයාර්ගේ පසුගිය ජුනි 22 සිය දිවි නසා ගැනීම හේතුවෙන් ඉන්දියාවේ දෑවැද්ද සහ ගෘහස්ථ හිංසනය පිළිබඳ පුළුල් කෝපයක් ඇති වී තිබේ. ඇය අවසන් වසරේ ඉගෙනුම ලබන ආයුර්වේද වෛද්‍යය ශිෂ්‍යාවකි. ඉන්දියාව තුල දෑවද්ද නීති විරෝධී බව නොතකා එය බොහෝ දුරට දෙපැත්තේම පවුල් අතර ආඩම්බරයට හා තත්වයට හේතුවක් වී ඇත. මෙම ක්‍රියාවෙහි අඳුරු යටි තලයට ගැහැණු ළමයින්ට වෙනස් කොට සැලකීම, ස්ත්‍රී දූෂණය හා අපයෝජනය මනාලියන්ට එරෙහි නිමක් නැති ප්‍රචණ්ඩත්වය ඇතුළත් වේ. විස්මායාගේ මරණය මෙකී හානිකර ක්‍රමය සහ පුරුද්ද අවසන් කරන ස්ථිර විසඳුමක් සඳහා කේරළ ගැහැණියගේ ඝෝෂාව අලුත් කරමින් තිබේ.

 

ඩනිදීය දූෂණ 3

ආයුර්වේද වෛද්‍ය සිසුවියක් වන 24 හැවිරිදි විස්මායා නායර් දකුණු කේරළයේ සස්තම්කෝට්ටා දිස්ත්‍රික්කයේ සිය සැමියාගේ නිවසේ නාන කාමරයේ දී සියදිවි හානිකර මියගොස් සිටියාය. එවිට ඔවුනගේ විවාහයට යන්තම් වසර එකක් පමනි.

මරණයට පෙර විස්මයා ඇගේ සොහොයුරියට වට්ස් ඇප් හරහා යැවු ඡායාරූපවල තිබුනේ සිය සැමියා විසින් පහරදිමෙන් තුවාල වු ඇගේ මුහුනේ සහ සිරුරේ යම් යම් ස්ථානයන්ය. ඇය සිය සොයුරියට ලියා ඇත්තේ දෑවද්ද හරියට නොදුන් නිසා ඔහු මෙසේ ඇයට පහර දෙන බවයි. ඡායාරූපය සිය සොහොයුරියට විස්මයා යැවු දවසේ ඔහු ඇගේ කොණ්ඩය දෑතින් ගෙන ඇයව බිම දිගේ ඇදගෙන විත් නානකාමරයට දමා පහර දුන් පසු මේ ඡායාරූප එවා ඇතිබව ඇගේ පවුලේ අය විශ්වාස කරති.

විස්මයා 0එය මිනීමැරුමක් බවත් දෑවැද්ද නිසා ඇගේ සැමියා විස්මයාට හිරිහැර කළ බවත් එම නිසා තම දියණිය සිය දිවි නසාගෙන ඇතිබවත් පවුලේ අය පොලිසියට පැමිණිලි කල පසුව ඇගේ පවුලේ පැමිණිල්ලේ පදනම මත මරණයට පසු දින ඉන්දිය මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කල විස්මයාගේ සැමියා වන සහකාර මෝටර්රථ පරීක්ෂක කුමාර් අත්අඩංගුවට ගෙන ඉන්දීය දණ්ඩ නීති සංග්රලහයේ 304 බී වගන්තිය යටතේ : “දෑවැදි මරණය” ඔහුට එරෙහිව චෝදනා ගොනු කොට ඇත.

විස්මයාගේ මරණය සම්බන්ධයෙන් කේරළ කාන්තා කොමිසමක්ද වෙනම නඩුවක් පවරා තිබේ. ඇගේ පියා වන ත්රිදවිකාමන් නයාර්ට අනුව සිය පවුලේ අය විසින් විස්මයාගේ දෑවැද්දට රන් පවුම් 100 ක් අක්කරයක ඉඩමක් සහ ටොයොටා යාරිස් මෝටර් රථයක් දෑවැද්දක් ලෙස ලබා දී තිබේ. කෙසේ වෙතත් කිරාන් මෝටර් රථය වෙනුවට මුදල් අවශ්‍්‍ය බව කියමින් විස්මායාගේ පවුලේ අයට මෝටර් රථය විකුණන ලෙස තරයේ කියා තිබිනි.

 

විස්මයා 1

කුමාර් තම දියණියට තමා ඉදිරිපිටදීත් දෑවැද්ද නිසා පහර දුන් බව නයාර් පොලිසියට පැවසීය. මක් නිසාද ඔහු මෝටර් රථයට අකමැති වූ අතර ඒ වෙනුවට මුදලින් රු. ලක්ෂ 10 ක් ඔහුට අවශ්‍ය විය. මා එය කළ නොහැකි යැයි පැවසූ විට ඔහු මගේ ඉදිරියේම දියණියට වධ හිංසා පමුණුවනු ලැබීය. සිද්ධිය වාර්තා වී ටික වේලාවකට පසු ඉන්දිය රාජ්‍ය ප්‍රවාහන දෙපාර්තමේන්තුව කුමාර් සේවයෙන් ඉවත් කළේය.

මෙම සිද්ධිය කේරළයේ ජනතාවගේ හෘදය සාක්ෂිය සොලවා ඇති බව ප්‍රාන්ත පොලිස් ප්‍රධානී ලොක්නාත් බෙහෙරා කියා සිටී. කාන්තාවගේ මරණයට හේතු වූ සිදුවීම්වලට සම්බන්ධ යැයි කියන අයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ඔහු සහතික විය. ‘‘සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙම විමර්ශනයට සම්බන්ධ කර ඇයට යුක්තිය ඉටු කරමි”.

ඉන්දියාවේ දෑවැදි මුදල සාමාන්‍යයෙන් රඳා පවතින්නේ සහ නිශ්චය වන්නේ ආගම, කුලය, සමාජ තත්වය , අධ්‍යාපනය, පන්ති අනන්‍යතාවය, කීර්තිය සහ සමාජ අභිලාෂයන් ඇතුළු විවිධ සාධක මත ය. දෑවැද්දේ ප්‍රමාණය නියම කිරීම මනාලයා සහ ඔහුගේ පවුලේ අය විසින් පමණක් කරනු ලැබේ. 1961 සිට ඉන්දියාවේ දෑවැද්දක් සෙවීම තහනම් කර ඇත. එහෙත් නීතිය බලාත්මක කිරීම අභියෝගයක් වී තිබේ. 1960 සිට 2008 දක්වා ග්‍රාමීය ඉන්දියාවේ සිදු වූ විවාහ 40,000 ක දත්ත වලින් හෙළි වූයේ සමාලෝචනය කරන ලද විවාහයන්ගෙන් සියයට 95 කට වඩා වැඩි ප්‍රමාණයකට දෑවැද්දක් ඇතුළත් බවයි.

 

විස්මයා 4

නෛතික ඇඟවීම් වලක්වා ගැනීම සඳහා ස්වේච්ඡා තෑග්ගක් මුවාවෙන් දෑවැද්ද ජනප්‍රිය ලෙස හුවමාරු වන අතර දියණියගේ නව නිවසේ සුවපහසුව සහතික කිරීම සඳහා එය අත්‍යවශ්‍ය යැයි දෙමවුපියන් විශ්වාස කරති.

ඉන්දියාවේ කාන්තාවන්ගෙන් විශාල කොටසකට අධ්‍යාපනය හා සම්පත් තුළින් ලැබෙන නිදහස, විවාහ වූ විට අතුරුදහන් වන බව සංඛ්‍යාත්මක හා ප්‍රමාණාත්මක සාක්ෂි සනාථ කරයි. කාන්තාවන් අදෘශ්‍යමාන ලෙස වැඩ කිරීමටත්, විවිධ භූමිකාවන් භාර ගැනීමටත්, විවාහයෙන් පසු පෞද්ගලික තේරීම් අත්හැරීමටත් අපේක්ෂා කෙරේ.  බොහෝ විට ඔවුන්ගේම පවුල්වල දිරිගැන්වීම සමග මෑත වසරවලදී, දෑවැද්ද කිසි විටෙකත් නොතිබූ ප්‍රජාවන් තුළට පවා ව්‍යාප්ත වී තිබේ.

@  උපාලි ජයසිංහ

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි