ලංකාවේ ලිංගික හිංසනය එන්න එන්නම සමාජ ව්‍යසනයක් බවට පත්වෙලා.
දුප්පත්කම දෝතින් දරාගෙන ඇති හැකි නිවෙස්වල බැල මෙහෙවරකම්වලට යන දරුවන්ට ගැහැණු වුවත්, පිරිමි වුවත් ලිංගික අපයෝජනයට ලක්වීමත් එම මෙහෙකාර සේවයේම කොටසක් වෙලා තියෙනවා. අපි කරගසාගෙන හෝයියා කියන අපේ බෞද්ධ සංස්කෘතිය ඇතුළෙ සිද්ධවෙන ම්ලේච්ඡ හිංසනයන්ගෙන් අපේ දරුවන් රැකගන්න නම් ලිංගික අසහනය නැමැති සමාජ පිලිලියට පිළියමක් යෙදිය යුතුම වෙලා. ළමා හිමිකම් සුරැකීමට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සංවිධාන කොපමණ තිබුණත්, උසාවි හිරගෙවල් කොපමණ හැදුවත් සත්‍ය ප්‍රශ්නය යට ගිලිල. මහා ප්‍රභූන්, මහා සිවිල් චරිත මේ ලිංගික අසහනයන් තුළ තම සහනය සොයාගන්නට පහසුවෙන් ම තෝරා ගන්නේ ශාරීරිකවත්, මානසිකවත් ශක්තිමත් නොවන අසරණ දරුවන්වයි.
මේ ප්‍රශ්නය පිළිබඳ කතිකාවේදී හරි අපූරු ලිපියක් නන්දන වීරරත්න එයාගෙ මුහුණු පොතේ පළකරල තිබුණ. ඒනම් “ථෙරවාදී බෞද්ධ රටකට තායි ගණිකා සංවර්ධන මොඩලය නොගැලපේ ද?” මාතෘකාවෙන් යුතුව. ඒ ලිපිය කියවන ලද බොහෝ දෙනෙක් තම තමන්ගේ මතයන් පළකරල තියෙද්දී මාධ්‍යවේදී රසික කොටුදුරාගේ පලකල අදහස ආන්දෝලනාත්මක එකක් උනා. නන්දන වීරරත්නගේ ලිපියට පෙර අපි එම කොමෙන්ටුව මෙසේ පලකරමු.
“මා මිතුරකුගේ පුතුගේ උපන්දිනය සැමරුමකට මීට වසර දහයකට ප්‍රථම තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වගෙන යන එක්තරා ළමා නිවාසයකට ගියෙමි. ඒ දැරියකගේ ඉකිබිඳීමක් කන වැවැකුණු හෙයින් ඒ පිළිබඳ සෙවීමට සිත බල කළේය.
වයසට වඩා පෙනුමැති දැරියක දම්වැලකින් ගැටගසා තිබෙනු එහිදි දක්ණට ලැබුණි. ඇසෙන මානයට ගොස් ඇය හා පාලිකවක අතර සංවාදයට සවන් දුනිමි. උඹ මොකද ඔච්චර දඟළන්නේ ඒ මනුස්සයා උඹව මරන් කන්නෙ නෑ. ඕන්නම් චුට්ටක් අතපතගායි ඒ වගේද උඹේ බැංකු පොතට වැටෙන ගාන. ඒ මිනිහා හිටපු ජජ්කෙනෙක්. ඕන තරම් සල්ලි. කොහෙද ඉතිං උඹලට ඒවා ගන්න පින නෑ. දැරිය තවමත් ඉකිබිඳියි. අද රෑට විතරක් පලයන්. නැත්තම් අපිටත් මෙතන ඉන්න වෙන්නෑ. උදේ ඉඳන් කෑවේ නෑ නේද. දැන් වත් කැමති වෙයන්. මං උඹව නිදහස් කරන්නම් "
මේ ගැන සැක සිතූ අප මිතුරාට මේ පිළිබඳ සැල කළෙමි. ඒ මොහොතේ ඒ තුළ ප්‍රශ්නයක් ඇති නොකරන ලෙස මිත්‍රයා බැගෑපත්ව ඇයද සිටියේය. ඒ ඔහුගේ දරුවාගේ පළමු උපන්දින සැමරුම විය.
අප ඇය බැඳ දමා ඇති කාරනය ගැන එහි ප්‍රධාන පාලිකාව විමසුවෙමි. " හරිම මුරණ්ඩු කෙල්ලක්. ඊයේ රෑ පැනල ගිහින් අද උදේ පාන්දර තමයි හොයාගත්තේ. කාටහරි අහු වුණා නම්. අදකාලේ මේවගේ පෙනුම තියෙන දරුවෙක්ට රෑතිස්සේ පාරේ බැහැලා යන්න පුලුවන්ද? තව පොඩ්ඩෙන් මේ ළමයා නිසා ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි මේ ළමයින්ට ගහන්නේ බනින්නේ නෑ. බොහොම ආදරෙන් සලකන්නේ. අර බලන්න අර ළමයා දිහා ගිය සතියේ වැඩි වියට පත් වුණේ. මෙහෙට ආපු මහත්තයෙක් ඒ ළමයා දැකල ගොඩක් ආදරේ හිතිලා. ඇඳුම් අරන්දීලා කොම්පියුටරයක් තෑගි කළා. ළමා නිවාසෙටත් උදව් කළා. ඒ අය කීකරුයි. මේ ළමය නම් හදන්නම බෑ. හරිම මුරණ්ඩුයි. ආයි එහෙම නොකරන්න තමයි ඔහොම බැඳල තිබ්බේ. නැත්තම් අනික් ළමයි හදාගන්නත් බෑනෙ. එහි ප්‍රධාන පාලිකාවගේ පිලිතුර විය.
ඒ පිලිතුර සමඟ සිදු වූ දේ පිළිබඳ අප තුළ අදාළ සිදුවීම ඇසින් දුටුවා සේ චිත්‍රණය විය.
පෙරදා රාත්‍රියේ පැන්සන්ගිය නඩුකාර උන්නාන්ස්සේ කෙනෙකු වෙත දැරිය බලහත් රැගෙන යද්දී වාහන කිසියම් තැනක නවතූ විට, ඈ වාහනයෙන් පැන ගොස් තිබේ. එළිවෙන්න ඔන්න මෙන්න තියා ඈ සොයාගෙන ළමා නිවාසය ( මඩමට) වෙත ගෙනැවිත් තිබේ.
පසුව අප මේ පිළිබඳ අදාළ පොලීසිය දැනුම්වත් කිරීමට පියවර ගතිමි. පසුව සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ අදාළ මඩම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. ඒ මඩම කාලාන්තරයක් තිස්සේ ධනවතුන්ගේ බලවතුන්ගේ කාමපාසයන් සන්තර්පණය කරන ස්තානයක් බවද ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට හේතුව එය බවද දැන ගතිමි. අද ද ඊටත් වඩා හොඳින් ඒ දේ සිදුවනවා ඇත. එදා අප දුටු කුඩා දැරිවියන් මේ මොහොතවන විට කීදෙනකුගේ ලිංගික ශ්‍රමිකයන් බවට පත්ව ඇද්දැයි නොදනිමි. එනිසා ඔබේ යෝජනාව ඉතාම කාලෝචිත බව මගේද හැඟීමය"
රසිකගේ මේ කොමෙන්ටුව කියැවූ සැනින් බොහෝ අය දක්වා තිබුණේ ඇයි මේ බව සගවගෙන හිටියේ? ඇයි මේකට ක්‍රියාමාර්ගයක් නොගත්තෙ කියල. ලංකාවේ ප්‍රධාන පෙලේ පුවත්පතක ප්‍රවීන ජනමාධ්‍යවේදියෙකු වූ රසික ඒකට දීල තිබුණෙ මෙහෙම පිළිතුරක්.
“උත්සාහ නොගත්තම නොවේ. එකල ළමාරක්ෂන අධිකාරියේ සිටි මිතුරකු දැනුම්වත් කර ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කීවේය. ඌ බොක්කෙන් ම ඊට මැඳිහත් වී වැඩතහනමකටද ලක්විය. මා සඳහන් කළ ධනවතුන් සහ බලලත් පිරිස ඒ සිදුවීම යට සිටින බව අප දනී. ඉන් සිදු වූයේ දරුවන් තිදෙනකුගේ පියකු වූ මිත්‍රයා කබලෙන් ලිපට වැටීමය. එකල මාසේවය කළ පුවත්පත වූ නවබිමද නවතා තිබුණි. අප යක්පුර නමින් සඟරාවකට වෙහෙසෙමින් සිටි නිසා ඊට අවශ්‍ය ලිපි සඳහා ලංකාව වටේ ගියේය. ඒ සමඟ තවත් ඔට්ටු වීමට තිබූ කාලයද අවම විය. එසේ වුව ඒ කිසිවක් බලවත් සංවිධානයක් මාර්ගයෙන් මැදිහත් වී කටයුතු කරනු විනා වෙනත් ක්‍රියාමාර්ගවලින් පළක් නොවන බව ප්‍රත්‍යක්ෂ කරුණකි. ඉතිං ඔබ ලෙහෙසියෙන් අසන පැනය ඉතා සංකීර්ණ ජීවිතයෙන් වුව වන්දි ගෙවියහැකි කටයුත්තකි. දැන් ඔබ ත්‍රීවිල් සංගමයේ නිලයක් හොබවන පුද්ගලයකු නිසා ඒ ප්‍රදේශයේ ත්‍රීවිල් රථරියදුරන්ගෙන් විමසා තොරතුරු සොයාබලා තවම ඒ දේ එකී ස්තානයේ සිදුවන්නේ නම් ක්‍රියා මාර්ගයක් ගන්න"
මෙහි යට සැගවුනු කතාව මේ රටේ බොහෝ දෙනෙකුට වැටහිය යුතුය. ලොක්කන්, බලවතුන් ඉදිරියේ සිදුවන කුමන ම්ලේච්ඡ ක්‍රියාවකදී හෝ ඊට එරෙහිව නැගී සිටින්නාට සිදුවන ව්‍යසනය දන්නා නිසා බොහෝ පිරිස් මේ මහා අභිමානවත් රටේ නෑසූකන්වලා ගොළුවන් බිහිරන් අන්ධයින් සේ ජීවත්වෙති. නොඑසේනම් එසේ ජීවත්වන්නට පවත්නා ක්‍රමය විසින් බලකෙරී ඇත.
ඉතිං අපි තවදුරටත් මෙසේ කියමු. සෑම ජාතිය ඇමතීමකින් පසුවත් අපි මෙසේ සවන්දෙමු.
“ මේ සිංහල අපගෙ රටයි
අප ඉපැදෙන - මැරෙන රටයි
අප හද පන පොවන රටයි
මුළු ලොව මේ රටට යටයි”
ඉතිං රසිකල, අපි, ඔබ හැමෝම අවුරුදු දෙදහස් පන්සිය වසරක ඉතිහාසය තළුමරමින් නන්දන වීරරත්නයන්ගේ ලිපිය කියවමු.
ථෙරවාදී බෞද්ධ රටකට තායි ගණිකා සංවර්ධන මොඩලය නොගැලපේ ද?
තායිලන්තයට ආසියාවේ ගණිකා මඬම නම ලැබෙන්නේ වියට්නාමයේ ඇමරිකාණු යුද්ධය දියත්වීමත් සහනය සමඟය. නිවාඩුවට ආපසු එක්සත් ජනපදයට ගොස් දරු පවුල්, පෙම්වතියන් බැලීමට වඩා ලාභය ඒ සියලු සැප තායිලන්තයෙන් ඇමරිකන් සෙබළුන්ට සැපයුනේ ය. අවසානයේ ලෝකයේ රටක් සංවර්ධනය කිරීමේ එක් මොඩලයක් වුයේ තායි උපාය මාර්ගයයි. ඒ අනුව සංචාරක ව්‍යාපාරය සහ වයස් සීමාවකින් තොරව ගණිකා වෘත්තියට පිවිසිම්මට හැකීවීම තායි රාජධානියට විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධාන මාර්ගය බවට පත් වුයේ ය. දෙවියන් විසින් පත්කළ තායි රජ පවුලත්, අනිත්‍යම මෙනෙහි කරණ ථෙරවාදී බුද්ධාගමත් මේ වැදගත් කර්මාන්තය සදහටම තබා ගත්තේ ය.
වියට්නාමයේ ඇමරිකානු යුද්ධය කුජීත පරාජයකට ගියත් යුරෝපීය අනුරාගී සංචාරක කර්මාන්තයේ මුලස්ථානය හැටියට තවමත් තායිලන්තය පවතින්නේ ය. ලංකාවේ අපට ද සංවර්ධනය සඳහා මේ තායි මොඩ්ලය අපුරුවට ගැලපේ. ඉන් පලමුවැන්න 18 වන සියවසේ හඳුන්වා දුන් තායි උපසම්පදාවක් මත පවතින සිංහල බුද්ධාගමක් මෙහි පැවතීමය. රාජාංඩුවක් නැතත් 2005 වසරේ පටන් පවත්නා බලවත් රාජපක්ෂ ආන්ඩුවක් අපට තිබෙන්නේ ය. 2019 මේ රටේ ලක්ෂ 69ක් එම පවුලේ පාලනයට මනාපය දී ඇත්තේ ය. 2024 දීත් ඉන් ඔබ්බටත් මේ ඡන්ද ප්‍රමානය වෙනස්වනු ඇත්තේ සුළු වශයෙනි.
මෙහි නිවාඩු ගත කරන්නට ඇමරිකානු සෙබළු ඇති පදම් ප්‍රමාණයක් දියගෝ ගාෂියාවේ දැනටමත් සිටිති. ඔවුන්ට නිවාඩුවට මෙහි එන්නට අපි ඇරයුම් කළ යුතු ය. ලංකාවේ වර්ධනයවන චින බලය සීමා කරන්නට ඇමරිකානු හමුදාවලට ත්‍රිකුනාමල වරයා දිය යුතුය. එවිට දියගෝ ගාර්ෂියා අඩුපාඩු පියවා ගැනිමට හැකිය. දැනටමත් ක්‍රියාත්මක වෙන ළමා ආරක්ෂක නීති එක්කෝ අහෝසි කළ යුතුය. නැතිනම් එවා ක්‍රියාවේ නොනැඟිමට පොලිසියට උපදෙස් දිය යුතුය. නැතිනම් ලමා ගණිකා පහස සොයන වරද පොලිසියේන් තමාටම තමා ඇප විය හැකි වරදක් කළ යුතුය. ලමුන්ට ස්ව කැමත්තෙන් ලිංගිකව හැසිරීම හෝ තමන් කැමති දෙයක් කිරීමේ වයස අවුරුදු 10 දක්වා අඩුකල යුතුය. ප්‍රභූ පංතියට හා ඔවුන්ගේ දරුවන්ට නිවසේ දීම ලිංගික ගැටළු විසඳා ගැනිමට විශේෂ මෙහෙකාර සේවයක් හඳුන්වාදිය යුතුය. දැනට සිටින පරිවාස හා ලමා ආරක්ශක නිලධාරීන්ට හා ළමා සංවර්ධන නිලධාරීන්ට ලමුන් ලිංගික සහකරුවන් කිරීමේ පුහුණුව සැපයීමට පැවරිය යුතුය. දැන් නොකරන රාජකාරිය එවිට ඔවුන් හොඳින් ඉටු කරණු ඇත.
මේ ක්‍රමයට ලංකාවට වඩා ඉක්මන් හා ස්ත්‍රීන් රට නොපටවා රි ට විදේශ විනිමය ඉපයීමටත් කඩිනම් සංවර්ධනයක ලබා ගත හැකිය.
@ නන්දන වීරරත්න
පසු සටහන - ලංකාවේ ලිංගිකත්වය ගැන විප්ලවකට සැරසෙන Faculty of Sex කර්තෘ චින්තන ධර්මදාස ඔහුගේ Cult Chintha මුහුණු පොතේ මෙහෙම පෝස්ටුවක් පළකරල තිබුණා.
“මේ සම වයස් දැරියන් දෙන්නාගේ කතාව පුදුමසහගත රූපකමය අර්ථයක් දරනවා. එක්කෙනෙක් සිංහල. අනෙකා දෙමළ. එක්කෙනෙක් අපේ සමාජයේ සදාචාර බහුතරය විසින් යෝජනා කරන පරිදි ඇඟ විකුණන්නෙ නැතුව ශ්‍රමය විකුණන්න බංගලාවට එනවා. මිළක් නැතුවම අවශ්‍ය විටෙක ශරීරය සම්පාදනය කරන්න ඇයට සිද්ද වෙනවා. අන්තිමට ඒ ආත්ම ගෞරවය පිළිබඳ කාලකණ්ණි සමාජ බලහත්කාරය විසින් ඇයව ගිනි තියාගෙන මැරෙන තැනකට පත් කරනවා.
අනෙක් දැරිය ඒ වෙනුවට සදාචාරයට බම්බු ගහගන්න කියල මුදලට යහන්ගත වීම තෝරගන්නවා. ඇය කිසිම අර්බුදයකින් තොරව මවගේද උදව් ඇතුව යම් ආර්ථිකයක් එයින් උපයාගන්නවා. සමාජයේ ඉහළම ස්ථරවල විවිධ අය ඇයට මුදල් ගෙවා ඇගේ පහස ලබාගන්නවා. එතනදි නීතිය ප්‍රචන්ඩ විදිහට කඩා පනිමින් ඇයව සමාජයක් ඉදිරියේ නිරුවත් කරනවා. ඇය ගිනි තියාගෙන මැරෙන්නෙ නැත්තෙ ඇයි කියල සදාචාරවාදියො ප්‍රශ්න කරනවා”
ඉතිං....
වැඳල බහින මේ නංගිට..., මේ මල්ලිට..., සුමන සමන් දෙවි පිහිටයි.