SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගැහැණු පිරිමි ලිංගිකව එකතු වීම පිළිබඳව අපට ගැටළුවක් නැත. බොහෝ දෙනා වරදවා වටහාගන්නා කාරණයද එයය. කාන්තා හිංසනයට එරෙහිව හඩ නගන්නෝ කවරහුද?

ඇයට මේ සමාජය අලවන ලේබලය රුඩිකල් ස්ත්‍රීවාදයය, නැතහොත් ලිංගික කාරණා දෙස කුහකව බලන දර කෝටු මෙන් වූ ස්ත්‍රීවාදිනියන්ය. මෙය 80 දශකයේ අර්ථ ගැන්වීමක් විය හැකිය.

අද බොහෝ දෙනාට එම අර්ථයෙන් ස්ත්‍රීවාදී ලේබල ගසාගෙන කාන්තා ප්‍රශ්න ගැන කතාකරන්නට අවශ්‍ය නොවේ. සමාජ ප්‍රශ්න අතර මහා ප්‍රශ්නයක් ලෙස එදිනෙදා ලෝකයේ, විසිහතර පැයේම අර්බූධයට ගොස් තිබෙන ගැහැණු වින්දිත හිංසනය අභිමුඛ නිහඩව බලා සිටින්නට කාට නම් හැකි වේද? එම නිහඩතාවය හෙට දවසේ අපේ ගැහැණු දරුවන්ට කෙසේ නම් බලපාන්නේද? ඔබ සිතිය යුතු පියෙක් ලෙසයි, සොයුරෙක් ලෙසයි, පුතෙක් ලෙසයි, පෙම්වතෙක් ලෙසයි, සැමියෙක්  ලෙසයි.

මේ සියල්ල අතරේ  කෙසේ තාර්කික කරුණු ගෙනහැර දැක්වූවත් අවසානයේ වින්දිතයාවම බුකියෙන් පන්නා දමන අසික්කිත සීලාචාර පිරිමි බුකියක් ඇතුළෙ ගැහැණුන්ගෙ මේ අසීරු පෙනී සිටීමට අපි නිරතුරුවම සහායය දෙන්නෙමු. මහා විප්ලවීය අදහස් දක්වන, ලොවෙත් නැති ප්‍රජාතන්ත්‍රීය දෙසුම් දෙසන ලංකාවේ පිරිමින්ගෙ අවිඥානය ස්ත්‍රීන්ට වන ගැටළුවක් පැන නැගි වහාම එළියට ඒම පිළිබඳ අප කුමක් කරන්නෙමුද?

මේ සටහන ලක්මාලි හේමචන්ද්‍රගේ මුහුණු පොතෙන් උපුටාගත් ගත් රුවිනි අයේෂා ලියූවකි. ඔබේ අදහස් ලේඩි ලීඩර් ෆේස් බුක් පිටුවට යොමු කරන්න.

ජනප්‍රිය යැයි පැවසෙන පුද්ගල නාමයක් සමග නැවතත් කාන්තා හිංසනය පිලිබඳ කතිකාව පසුගියදා කරලියට පැමිණුනු අතර එය දේශපාලණීකරනය වී වඩාත් විධග්ධව හිංසනය යටිපෙලෙන් සාධාරණීකරණය වෙමින් ආත්මීයත්වය, භෞතික ලෝකය සමග ඝට්ටනය වන ආකාරය නරඹමින් සිටියෙමි.

 

lakmali 1

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් රසිකයන් දෙපිරිසකට බෙදී සිටි අතර එක් පිරිසක් ප්‍රතික්‍රියාව ප්‍රශ්න කරමින් හිංසකයාව සාධාරණීකරනය කරයි. මා මෙම ප්‍රශ්නයේ වින්දිතයාව නොදන්නා නමුදු මේ කෙටි සටහනට එය බාදාවක් නොවේ.

කාන්තා හිංසනය කුමන වෙස් ගෙන පැමිණියද කාන්තා හිංසනයම වන අතර විධග්දයන් ලෙස සමාජ භූමිකාවන් රග දක්වන්නන් තම ජනප්‍රියත්වය, බලය ප්‍රයෝජනයට ගනිමින් එය සිදු කිරීම වඩාත් හිරිකිතය, ජුගුප්සාජනකය. ලිංගික හිංසනය කායිකව සිදු කළද, වාචිකව සිදු කළද, අභිනයෙන් සිදු කළද, දෘශ්‍ය ලෙස සිදු කළද එය අතවරයකි, වධහිංසාවකි, මානව අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමකි.

 

ක්නප්කස 2

මසෙන්ජරය හරහා පණිවිඩයක් එවූ පමණින්, පින්තූරයක් ඉල්ලූ පමණින් එය හිංසනයක්ද නැද්ද යන්න තර්ක විතර්ක කිරීම සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින්නන්ට පමණක් නොව මනුෂ්‍යත්වයට පවා නොවටින්නකි.

නීතිය, අයිතිවාසිකම්, සමාජ සාරධර්ම මේ සියල්ල පසෙකින් තබා මෙම සරල සිංහලය තේරුම් ගැනීමට නොහැකි මිනිසුන්ට එරෙහිවද, කායිකව, වාචිකව, අභිනවයෙන් හා දෘෂ්‍ය මාධ්‍යයෙන් හිරිහැරයට, කරදරයට, අතවරයට, අපහසුතාවයට පත්වන කාන්තාවන්ගේ අයිතීන් ඇතුලු සියලු මානව අයිතිවාසිකම් වෙනුවෙන්ද pink සිනමා පටයේ එන මේ වචන තුන පමණක් ලියා තබනෙමි.

No means No.

 

ලක්මාලි 2

@රුවිනි අයේෂා

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි