SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

People gather to put down the flowers at the memorial for socialists to commemorate the deaths of German communist leaders Karl Liebknecht and Rosa Luxemburg, in Berlin, Germany, January 12, 2020. REUTERS/Hannibal Hanschke

1919 ජනවාරි 15 යනු කොමියුනිස් විප්ලවීය නායකයින් වන රෝසා ලුක්සම්බර්ග් සහ කාල් ලීබ්නෙෂ්ට් යන දෙදෙනාගේ ඝාතනයන් සිදු වූ ලෝක ඓතිහාසික දිනය යි. මෙම ඝාතනයන් සිදු වූයේ දක්ෂිණාංශීක කඳවුරේ හමුදා කල්ලියක නිලධාරීන් විසින් කරන ලද සැලසුමක් මතය.  

මෙම ඝාතනයන් නිසා 1919 ජනවාරිවල බර්ලිනයේ පැවැති ජනතා නැගිටීම (uprising) පොඩි පට්ටම්කර දැමීමට ඇට වූ උපායන් පිළිබඳ සමාජ ප්‍රජතන්ත්‍රවාදී පක්ෂයේ Social Democratic Party (SPD), සමාජිකයින් ප්‍රීති වන්නට විය. මේ නිසා සති කීපයකට කලින් බලය ගැනීමට තිබූ අවස්ථාව නැති වීම ඔවුන්ට සැනසුමක් ගෙන දෙන්නට විය. කම්පනය දනවන ජනතා රැළි ජර්මනිය පුරා පැන නගිමින් පැවැති මොහොතක මෙම කොමියුනිස්ට් නායකයින්ගේ මරණයන් ඉතිහාසයට ගමන් කරනු ලැබුවේ පශ්චාත් යුද රැළිවලින් පැන නැගුණු ජනප්‍රිය නැගිටීම්වල තිබුණු සමාජවාදය පිළිබඳ බලාපොරොත්තු යුරෝපය පුරා පැතිරයාමේ නිෂ්චිත අවස්ථාවක් අහිමි වීමෙනි.

rosa 2

ප්‍රති විප්ලවයට සහාය දුන් පුළුල් බලවේග රාශියක් එකල පැවැතිණි. ඒ අතර ඝාතනය පිටුපස සිටි ප්‍රබලයා වූයේ ජර්මානු හමුදාවේ ඉහල පෙළේ නිලධාරියෙකු වූ වල්ඩ්මාර් පබ්ස්ට් (Waldemar Pabst) ය. ඔහු ඒකාධිපතිවාදී අහංකාර ජාතිවාදී මෙන්ම සමාජවාදයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි සේ විරෝධියෙකු විය.  එසේම ඔහු ජර්මානු අධිරාජ්‍යයය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරියට ආ විප්ලවයට විරුද්ධව කටයුතු කරන්නට විය. නමුත් ඔහුගේ බලපෑම ද ජර්මානු ඉතිහාසයට ගැඹුරු ලෙස ව්‍යාප්ත වන්නට වූවේ පශ්චාත් යුද බටහිර ජර්මානු රාජ්‍යයේ ජර්මානු ජාතිකවාදයේ හා යුදවාදයේ ගමන් මග සලකුණු කරමිනි.

මේ සිදු වීම්වල ඉතිහාසයට ශත වර්ෂයක් ගත වී ඇතැත් ලෝකය පුරා ඇති කරන අසමානත්මතාව අයුක්තිය අසාධාරණය යන්න තවමත් නැවතී නැති යථාර්ථයක රෝසා ලුක්සම්බර්ග් සමනරන්නට සිදු වන්නේ ඇගේ විප්ලවීය උරුමය හා ජවය කෙසේ ගලපා ගනු ලැබිය හැකි වන්නේ ද යන පැනය ජනිත කරමිනි.

රෝසා

එය ලෝකය පුරා අතහැර නැත. කුඩා වුවත් බලගතු මුහුදු රැළි සේ අප ජීවත් වන ලෝකයේ ධනපති ක්‍රමයට විරුද්ධව ගිනි සිළු අවදි කරමින් තිබේ.  එහි එක් අවස්ථාවක් වූයේ යුරෝපීය වාමාංශයේ විශාලතම සමුළුව බර්ලිනය තුල පැවැත්වීමෙනි.  රෝසා ලුක්සම්බර්ග්ට සහ කාල් ලීබ්නෙෂ්ට් නම් වූ කොමියුනිස්ට් විප්ලවවාදීන් දෙදෙනා සිහි කරමින් ලෝකය පුරා පැන නැගී ඇති අරගලවල අත්දැකීම් බෙදා හදා ගනිමින් 3000 පමණ ජනයා මීට සහභාගී විය.

ලාංකීය අපට මෙම විප්ලවවාදිනියගේ සැමරුමට වඩා උගත යුතු පාඩම් හා ඇයගේ ජීවිතය ගොඩාක් දේ කියා දෙන බව විශ්වාස කරමු.  මෙම ඒ වෙනුවෙන් ඇති කොටසේ කුඩා මතක් කිරීමකි.

©මෙල්ස් මාකැස්චේ- MELS MACASCHE

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි