SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහා දාර්ශනිකයෙක් විදිහට ලෝක චින්තනය වෙනස් කිරීමට විශාල බලපෑමක් කරපු සොක්‍රටීස්ගේ බිරිද සැන්තපී (Xanthippe)

ඒ කාලයේ හිටිය අනිත් දාර්ශනිකයින්ගේ බිරින්දෑවරුන්ට වඩා කතාබහට ලක්වෙන්න ප්‍රධාන හේතුවක් වුනේ ඇය සොක්‍රටීස් දාර්ශනිකයෙකු විදිහට තේරුම් ගන්නවාට වඩා ඇයට ගෙදර දොර වැඩකටයුතු වලට උදව් කරන්නේ නැති, ආදායම් ගැන හිතන්නේ නැති ස්වාමි පුරුෂයෙකු විදිහට සැළකීමයි.

එහෙම හිතලා ඇය බොහෝ අවස්ථාවල ඔහුගේ වැඩ කටයුතු වලට බාධා හිරිහැර පවා කරනවා. සොක්‍රටීස් දේශනයක් කර කර ඉන්නකොට ඔහුගේ ඔළුවට ඇය වතුර බාල්දියක් හලලා ගිහිල්ලා තියෙන සිද්ධිය ඒවායින් වඩාත් ප්‍රසිද්ධියට පත්වුන එකයි.

santhapi 5

 

 

දූෂිත සමාජ ක්‍රමයකට එරෙහිව තම ඉගැන්වීම් පාවා නොදී තම නිර්දෝෂීභාවය වෙනුවෙන් නඩු විභාගයේදී වස පානය කිරීමට තීරණය කළ අතිශය සත්‍යවාදී ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක් වූ සොක්‍රටීස්ව ඇය තැන් තැන් වල හඳුන්වලා තියෙන්නේ ගෙදරට කිසිම වැඩක් කරන් නැති කිසිම කමකට නැති පවුලට ආදරයක් නැති මිනිහෙක් විදිහටයි.

සමහරවිට සැන්තපී පවුලට වඩාත් කැප වුණු ගැහැනියක් වෙන්න පුළුවන් අතර ඇය සොක්‍රටීස්ට විරුද්ධ වූ පමණින් කෲර ගැහැණියක් විදියට අපි තේරුම් ගත යුතු නැහැ.

සැන්තපිගේ මේ ලක්ෂණ නිසා, ලෝකයේ කලා සහ දාර්ශනික වගේ ක්ෂේත්‍ර වල එම ක්‍රියාකාරකම් වල යෙදෙන පිරිමියාට බාධා කරන බිරිඳව උපහාසාත්මකව හැඳින්වීමට යොදාගන්නෙත් 'සැන්තපී බිරිඳක්' කියන නමයි. අපි අපේ මේ කතාවේ හුදු පහසුව තකා ඇගේ ඒ චරිත ලක්ෂණ අපි දැනට 'සැන්තපී' කියලා සංකේතාත්මකව හඳුන්වමු. කොහොමහරි මේ කතා කරන්ඩ යන කාරණය තුල අතිශය විවාදාත්මක පැති තියෙන්න පුළුවන් බව මම දන්නවා. මෙහි මම නොදකින වෙනත් පැති ඇත්නම් මෙම කතිකාවට එකතු කරන ලෙස මම ඔබට යෝජනා කරනවා.

මෙතනදි සැන්තපී කියන්නේ ගෙදර දොර කටයුතු වලට වඩා තමන් ආශා කරන තම පැෂන් එකට අනුව පවුලට වඩා සමාජයට යම්කිසි අර්ථයක් ඇති නිර්මාණාත්මක, දාර්ශනික හෝ දේශපාලන ආදී ඕනෑම ක්‍රියාවලියක යෙදීම නිසා තමා සහ පවුලට අසාධාරණයක් හෝ නොසැලකීමක් සිදුවුණා යි කියා තම පිරිමියාට චෝදනා කරන බිරිදයි. මේ සඳහා මහා දාර්ශනිකයෙක් වෙන්න අවශ්‍ය නෑ සමහරවිට නොමිලේ ළමයින්ට උගන්වන ගුරුවරයෙකුගේ ඉදන් මුදල් හෝ භෞතික ප්‍රතිලාභයකි තොරව කරන ඕනෑම සමාජ කටයුත්තක් ගන්න පුළුවන්.

එවැනි සමාජ කටයුත්තකට විශේෂයෙන් බද්ධ නොවී සල්ලාලකම සහ බේබදුකම විදියට හඳුන්වන ක්‍රියාකාරකම් ද ඇතුළුව හුදු විනෝද වීම පිණිස තම බිරිඳ සහ දරුවන් නොසලකා හරින පිරිමියා නිසා ඇතිවන බිරිඳගෙ ප්‍රශ්නය මම මෙතන සාකච්ඡාවට ගන්නේ නෑ ,ඒක වෙනත් මාතෘකාවක්.

මෙතැනදී මම සැලකිල්ලට ගන්නේ සොක්‍රටීස් මෙන්ම මූල්‍යමය වාසි නොසලකා සමාජයට යම් අර්ථවත් යමක් නිෂ්පාදනය කිරීමට යාම නිසා අර්බුදය ඇතිවුණු පවුලේ ගැහැනියගේ ප්‍රශ්නයයි.

කෙසේ හෝ මම දන්නා සැන්තපීලා රැසක් හඬමින් ඇවිත් තම ස්වාමිපුරුෂයන් පිළිබඳව කියන කතා අහන මුල් කාලේ මම කොන්දේසි විරහිතව වගේ ගත්තේ ඒ ගැහැණුන්ගේ පැත්තයි. නමුත් එවැනි බිරිඳෑවරුන්ගේ විරෝධය නිසා ඉතාම වටිනා දේවල් සමාජයට දායක කරන්න බලාගෙන හිටිය අතිදක්ෂ මිනිසුන් රැසක් අඩපණ වීමේ සිට ලෙඩ වීම හරහා නැතිවෙලාම යාම දක්වා අත්දැකීම් මම ලබන විට තත්ත්වය ඊට වඩා ගැඹුරින් දැකිය යුතු බවක් මට කල්පනා වුණා.

මිනිස් ඉතිහාසය පුරා අදහස්වල සිට විවිධ නිෂ්පාදන සහ ක්‍රියාකාරකම් දක්වා යහපත් සමාජයක් උදෙසා පරිවර්තනය වීමට අවශ්‍ය බොහෝ දේ සොයාගෙන ඇත්තේ ඔවුන් තම පුද්ගලික ජීවිතය අවදානම් වලට ලක්කිරීමට සූදානම් වීම නිසයි. ඒ අවදානම ගැනීමට බිය වූ කෙනකුට ගෙයක් දොරක් හදාගෙන කඩේ ගිහින් එදිනෙදා ජීවිතය ගෙවීමට වඩා දෙයක් කරන්ට බැරිවෙන්න ඉඩ තියෙනවා.

ලෝකය ගැන දර්ශනය දේශපාලනය වගේ දේවල් කතා කළාට ඒවායෙන් ගෙදර ප්‍රශ්න වලට පිළිතුරක් ලැබෙනවද කියලා සැන්තපීම සොක්‍රටීස්ගේ දේශනයකට ඇවිදිල්ලා ඔහුව ප්‍රශ්න කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ගෙදර ප්‍රශ්න වලට ඒවායින් පිළිතුරක් තියෙනවා. නමුත් ඒක සැන්තපී හිතන විදියට දවල්ට දේශනයක් කළාට පස්සේ රෑට පවුලට කෑම ලැබෙන එකක් නෙමෙයි. ඊට වඩා ඒක පොදු සමාජ පරිවර්තනයකින් එන ගැඹුරු අර්ථයක්. ඒත් ඒ පොදු යහපත වෙනුවෙන් පවුලක් කෙතරම් දුරට කැප කරන්න පුළුවන්ද කියන එක තමයි හරියටම පිළිතුරක් යෝජනා කරන්න අමාරු විවාදාත්මක ස්ථානය.

santhapi 2

සැන්තපී කියන කාරණය ද නොසලකා හැරිය නොහැක්කේ මොන මගුලක් හරි කරලා සැන්තපී පවුල ඇදගෙන නොයන්නට සොක්‍රටීස්ට ඒ වැඩේ කරගෙන යන්නට බැරි නිසයි. පිරිමියාගේ ඒ 'සමාජයට සේවය කරන භූමිකාව' නිසා ඔහුගේ ගැහැනියගේ භූමිකාව මවක බිරිඳක හෝ ගෘහනියක ලෙස වටිනාකමෙන් දෙවැනි කරන්න අමාරුයි.

කෙසේ හෝ සොක්‍රටීස් කරපු සමාජ මෙහෙවර ගැනත් ඔහුගේ වටිනාකම ගැනත් ඔහුගේ මරණයෙන් පසු සැන්තපීට තේරුම් ගිය බවත් එතනදී ඇය පසුතැවී හඬා වැටුණු බවත් කියැවෙනවා. ඒ අනුව අවම වශයෙන් සැන්තපී ඒ යථාර්ථය පසුව හෝ තේරුම් ගැනීමට තරම් හැකියාව ඇති මට්ටම ඉදලා තියනවා.

 

santhapi 1

සොක්‍රටීස්ගේ මරණයට සමුදෙමින් වැලපෙන ඔහුගේ බිරිඳ සැන්තපී.

Farewell to Socrates by his wife Xanthippe by Franz Caucig 1800-1810

 

මේ සැන්තපී බිරිඳ අපේ සමාජයට ද අලුත් චරිතයක් නෙමෙයි.ශ්‍රී ලංකාවේ සුප්‍රකට කලාකරුවන් ද ඇතුළුව අපි ඇසුරු කරන අයගේ සැන්තපී බිරින්දෑවරුන් නිතර හමුවීම සහ ඔවුන් සමඟ නිතර ගනුදෙනු කරන්නට සහ ගැටුම් ඇති කර ගන්නට පවා සිදුවීම නිසාම මේ සැන්තපීලාගේ ප්‍රශ්නය ඇත්තටම මොකක්ද කියලා මම කාලයක සිට එක්තරා විදිහකට අධ්‍යයනය කරන්න පටන් ගත්තා.

තම මිනිහට එරෙහි සැන්තපීලාගේ කෝපය අධ්‍යයනය කරන කොට පෙනී යන එක විශේෂ දෙයක් තියනවා. එනම් ඔහු කරන්නේ මොකක් උනත් ඇයට ප්‍රශ්නයක් නෑ ඒ කරනා දෙයින් ආර්ථික ලාභයක් පවුලට එනවනම්. එහෙම නම් ඇය තමන් තනියම හරි ඒ ගෙදර දොර වැඩ කටයුතුටික කරන්න කැමතියි.

සැන්තපී එක්ක හැමතිස්සෙම මේ ගැටුම එන්නේ ආර්ථික ලාභය නොසලකා වැඩකරන පිරිමියා හමුවන විටයි. එවකට සොක්‍රටීස් පවා තමන්ගේ ඉගැන්වීම් සහ දේශන කළේ මුදලට නොව නොමිලේයි.

සාමාන්‍යයෙන් වඩාම කනස්සල්ලට පත් වෙච්ච සැන්තපිලා අපට හමුවන්නේ කලාව,ලේඛනය, දර්ශනය සහ දේශපාලනය වැනි ක්ෂේත්‍රවල ආර්ථික ප්‍රතිලාභයකින් තොරව තම අදහස් නිෂ්පාදනය කිරීමට යන පිරිමියාගේ ප්‍රාග්ධනයක් නොමැති පවුල තුළයි. එහෙත් සංකේතාත්මක සහ අධ්‍යාත්මික ප්‍රතිලාභ තියෙන්න බැරි බවක් ඉන් අදහස් කරන්නේ නෑ.

හැබැයි ඔය කියපු ක්ෂේත්‍ර තුළම පිරිමියා තම කටයුත්තෙන් ආර්ථිකව වඩාත් සාර්ථක වන විට ද ගැහැණිය සැන්තපී කෙනෙක් වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඇගේ ඒ සැන්තපී ලක්ෂණ අපට නොපෙනෙන්නේ ඔහු ආර්ථිකව සාර්ථක වීම නිසයි.මේක ශ්‍රී ලංකාවේ ප්‍රකට කලාකරුවන් රැසක් සම්බන්ධයෙන් මම පුද්ගලිකවම දන්නවා. ආරම්භයේ ඔවුන් ආර්ථිකව වඩාත් අසාර්ථක වන අවස්ථාවල දී ඔහුගේ මිතුරන් පවා ගෙදරින් එළවා දමන තරමට ඇගේ සැන්තපී ලක්ෂණ පෙනුණු අතර පසුකාලීනව ඔහුගේ කටයුතු ආර්ථික සහ භෞතික ලාභ ගෙන එන විට ඇය ඔහුගේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටින බව පේනවා.එයා හරි බිසී, එයා කරන දේට පුදුම විදිහට කැපවුණු මිනිසුන්ට සේවය කරන කෙනෙක්, ගෙදර ඉන්නේ කලාතුරකින්, මම තමයි බබාලගෙ බර්ත්ඩේ එක පවා එයාට මතක් කරන්නේ, කියලා ඇය සිනාමුසු මුහුණින් ජීවිතය ජයගත් මිනිසෙකුගේ ගැහැනිය ලෙසට ඉරිදා පුවත් අතිරේක වලට කියනවා අපිට පේනවා.(මෙසේ කියන්නා වූ සියලුම දෙනා සැන්තපීලා බව මින් අදහස් කරන්නේ නෑ).

santhapi 6

ඔහුට ගෙදරට කිසිම වැඩක් නොකර කලාතුරකින් ගෙදර ඉන්නට සිනාමුසු මුහුණින් ඇය අවසර ලබාදෙන්නේ ඔහු ඇයව සතුටින් තිබීමට තරම් ධනස්කන්ධයක් රැගෙන එන නිසයි. ඔහුගේ කටයුත්ත කලා ආදි ශාස්ත්‍රීය හෝ බුද්ධිමය නිෂ්පාදන නම් සමහරවිට ඇය ඒ නිෂ්පාදනවල ගැඹුර සහ අර්ථය පවා හරියට දන්නේ නැහැ.

මීට තවත් හොඳම උදාහරණයක් කියනවානම්, මම ඉතා හොඳින් දන්නා හිතවතෙක් හිටියා විශේෂයෙන් මුදල් ගැන නොතකා කලා කටයුතු කරන. මුදල් නොතකා සමාජයට සේවය කරන. ඔහුගේ බිරිඳ මේ විදිහටම ඉතා දරුණු ලෙස ඔහුව විවේචනය කළේ කිසිම වෙලාවක ගෙදර නැති පවුල ගැන නොසලකා පිට මිනිසුන් ගැන හිතන කෙනෙක් විදිහටයි. ඔවුන්ට විශේෂයෙන් කියන්න තරම් මුදල් හිගයක්ද තිබුණෙ නැහැ. කෙසේ හෝ අවසානයේ ඔහු ගියා මැදපෙරදිග රැකියාවකට. ඊට පසු ඔහු ගෙදර හිටියේ නිවාඩුවකට ආවම අවුරුදු දෙහෙකට විතර සැරයක් විතරක් වන අතර ළමයින් වැඩීම් ඇතුළු සියලුම දේ කළේ බිරිදයි. නමුත් ඔවුන් භෞතිකව වඩාත් පෙරට වඩා සාර්ථකවුන අතර බිරිඳ ද සතුටට පත් වුණා.නමුත් ඒ නිසා ළමයින්ගේ අධ්‍යාපනය ඇතුළු පවුලේ පුද්ගල සම්බන්ධතා පැත්තෙන් සාර්ථක වුන බවක් අපට පෙනෙන්නට තිබුන් නෑ. එහෙත් තවදුරටත් ඇය ඔහුට චෝදනා කළේ නෑ.

ඒ වගේම අපි දන්නවා බොහෝ මිනිසුන් කවියන් බවට පත්වුණේ ගැහැනුන් දුන් ආදරයටත් වඩා වේදනාව නිසයි. එතනදී සැන්තපී බිරිඳ ප්‍රභල භූමිකාවක් කරල තියනවා!.වරක් සොක්‍රටීස්ම කිව්වයි කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් තියෙනවා,

'ඔබට හොඳ භාර්යාවක් ලැබුණොත් සතුටින් ඉන්න ස්වාමිපුරුෂයෙක් වෙන්න පුළුවන්, වධක භාර්යාවක් ලැබුණොත් දාර්ශනිකයෙක් වෙන්න පුළුවන්' කියලා.

එහෙත් ගැහැනුන් කියන්නේ සැන්තපීලා විතරක් නෙමෙයි. මේ කියන පිරිමියාම හමු වුනු පසු ඒ ප්‍රශ්නය සමඟම වෙනත් විදිහකට ඩීල් කරන ගැහැනියක් ද ඉන්නවා. ඒ තමයි ඔහු කරන දේ තේරුම්ගන්න රසවිඳින ඊට පෙම් බඳින ගැහැණිය. එය ඔහු තරමටම තේරුම්ගෙන රසවිදින ගැහැණිය. එහෙත් ඇය අපට සාමාන්‍යයෙන් හමුවන්නේ නූතන ලෝකය බිහි වීමත් සමග පිරිමියා තරමටම ඔහුගේ විෂය ක්ෂේත්‍රවලට, කලාවට දර්ශනයට, දේශපාලනයට හා පොත් කියවීමට ආදියට විවෘත වීමට අවස්ථාව ලැබුණු ගැහැණු සහ මිනිසුන්ගේ සමාජ අවකාශ තුලයි. සමහර විට ඇයට ඔහුව හමුවන්නේම ඔහුගේ අදහසට ඇය පෙම් බඳින්නට යාම නිසයි. දැන් සොක්‍රටීස්ව මේ ගැහැනියට හමුවුණත් සැන්තපීට හමුවුණත් පවුලේ දුෂ්කරතාවය සහ කරන්ඩ ඇති වැඩ කටයුත්ත එකමයි. එහෙත් මේ දෙවැනි ගැහැනිය ඒ පවුල කරන්නේ ඔහුගේ සමාජ කටයුත්තට ඔහුගේ දැක්මට සතුටින් බද්ධ වී එම ව්‍යාපෘතියේම කොටසක් විදියටයි.

නමුත් මේ ගැහැණුන් දෙදෙනා ගෙන් වඩා උසස් ගැහැනිය සහ පහත් ගැහැනිය කවුද කියනවට වඩා ඔවුන් දෙදෙනා අගයන්නේ හරයන් දෙකක් විදිහට තේරුම් ගැනීම වඩා සාධාරණයි. නමුත් මේ කොයි පාරෙන් ගියත් පිරිමියා විසින් මේ ගැහැණු දෙදෙනාම සූරා කන එක අපට වළක්වන්න බැහැ.

ඒත් මේ දෙවැනි ගැහැනියගේ එකම වෙනස නම් පිරිමියා තරම්ම ඒ කටයුත්තෙන් ආශ්වාදයක් ලබන්නට පුළුවන් වීමයි. මේ සමහර පිරිමින්ට 'සැන්තපී කසාදය' බිඳවැටුන පසු දෙවන තුන්වන හෝ අවසාන බිරිඳ විදිහට තමන් සමග අවසාන කාලය තෙක් රැඳෙන්නේ ඇයයි.

ධනන්ජය කරුණාරත්න

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි