SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝකය මුහුණ දෙන බොහෝ පාරිසරික අභියෝග කලාපයන් පුරා ඒකාකාරව බෙදාගෙන නැත.

විශාලතම පාරිසරික අවදානම් වලට මුහුණ දෙන නගර 100 න් 99 ක්ම ආසියාවේ බව අවදානම් උපදේශන හා පරීක්ෂන ආයතනයක් වන වෙරිස්ක් මේපල්ක්‍රොෆ්ට් Verisk Maple croft විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඉන් 37 ක් චීනයේ ද 43 ක් ඉන්දියාවේ ද වේ. පිළිවෙලින් ලෝකයේ පළමු හා තෙවන විශාලතම හරිතාගාර වායු විමෝචකය. දූෂණය, ජල හිඟය, අධික තාපය, ස්වාභාවික උපද්‍රව සහ දේශගුණික විපර්යාසයන්ගේ භෞතික බලපෑම් හේතුවෙන් ඉහළ අවදානමක් ඇති නගර 414 ක ගෝලීය වශයෙන් බිලියන 1.5 ක ජනතාවක් ජීවත් වෙති.

 

දේශගුණ 3

විශ්ලේෂණය කරන ලද සාධක නවය මත පදනම්ව ඒකාබද්ධ අවදානම් ලැයිස්තුවේ ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා ඉහළින්ම සිටී. එය වායු හා ජල දූෂණය, ගංවතුර සහ තාප තරංගවලින් පීඩා විඳි හා ගිලෙන මෙගාසිටියකි.

ලෝකයේ අවදානම් සහිත නගර 20 න් 13 ක්ම ඉන්දියාවේය. ඒ එම නගරවල අධික වායු හා ජල දූෂණය හේතුවෙන්. ස්වාභාවික උපද්‍රව වලින් තර්ජනයට ලක්වන නගර වේ. මේපල්ක්‍රොෆ්ට් විසින් සම්පාදනය කරන ලද නගර 576 ක ගෝලීය දර්ශකයේ දිල්ලිය දෙවන ස්ථානයට පත්ව ඇති අතර ඉන්දියාව තුළ චෙන්නායි (3), අග්‍රා (6), කාන්පූර් (10), ජයිපූර් (22) සහ ලක්නව් (24)මුම්බායි සහ එහි මිලියන 12.5 ක් සමග 27 වන ස්ථානයයි. සෑම වසරකම ලොව පුරා මිලියන 7 කට වඩා නොමේරූ මරණවලට හේතු වන වායු දූෂණය දෙස පමණක් බලන විට ඉන් මිලියනයක්ම ඉන්දියාවේය. ඉන්දියාවේ දුර්වල පාලනය, එහි අවිධිමත් ආර්ථිකයේ ප්‍රමාණය හා පරිමාණය සමඟ නගර මට්ටමින් පාරිසරික හා දේශගුණික ගැටලු විසඳීම බෙහෙවින් දුෂ්කර බව ඔහු පැවසීය.

 

දේශගුණ 4

ලැයිස්තුවේ චීනය ගංවතුරට ගොදුරු වූ ගුවැන්ෂු සහ ඩොන්ග්ගුවාන් ඉහළින්ම සිටින අතර, ජල දූෂණයෙන් පීඩා විඳින ලොව පුරා නගර 50 න් 30 ක්ම චීනයේය. ජල පීඩනයට මුහුණ දෙන ඉහළම 15 දෙනාගෙන් දෙදෙනෙකු හැර අනෙක් සියල්ලම චීනයේ බව වාර්තාවේ දැක්වේ. නමුත් විවිධ දේශපාලන ක්‍රම සහ සංවර්ධන මට්ටම් අවසානයේ චීනයේ වාසියට හේතු විය හැකි බව නිකල්ස් පැවසීය.

“චීනයේ නැගී එන මධ්‍යම පංතිය වැඩි වැඩියෙන් පිරිසිදු වාතය සහ ජලය ඉල්ලා සිටින අතර එය රජයේ ඉලක්කවලින් පිළිබිඹු වේ”

අනෙක් අතට චීනයේ ඉහළම පාලන ව්‍යුහය සිය විමෝචන ඉලක්ක සපුරා ගැනීම සඳහා කර්මාන්තශාලා වසා දැමීම වැනි හදිසි පියවර ගැනීමට ඇති කැමැත්ත - මෙම අවදානම් අවම කිරීමට වැඩි අවස්ථාවක් ලබා දෙයි.

භූමිකම්පා සහ සුළි සුළං හේතුවෙන් අවදානමට ලක්ව ඇති බවට ජපානයේ ඔසාකා සහ ටෝකියෝ ද පත්ව ඇත. සමස්තයක් වශයෙන් අවදානම් සහිත නගර 100 අතර ආසියාවෙන් පිටත ඇති එකම නගරය ලීමා වේ.

 

දේශගුණ 2

බොහෝ නගරවලට සැලකිය යුතු අන්තරායක් වන්නේ දේශගුණික විපර්යාස මගින් කාලගුණය හා සම්බන්ධ අවදානම් වැඩි කරන්නේ කෙසේද යන්නයි. වෙරිස්ක් මැප්ලෙක්ක්‍රොෆ්ට් හි පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රධානී විල් නිකල්ස් පැවසීය.

 

DUBAI, UNITED ARAB EMIRATES - SEPTEMBER 27:  General view of Burj Khalifa during a heavy fog on September 27, 2017 in Dubai, United Arab Emirates.  (Photo by Tom Dulat/Getty Images)

"ඉහළ උෂ්ණත්වය සහ ආන්තික සිදුවීම්වල තීව්‍රතාවය සහ සංඛ්‍යාතය ලොව පුරා බොහෝ නගරවල මිනිසුන්ගේ ජීවන තත්ත්වය සහ ආර්ථික වර්ධන අපේක්ෂාවන් වෙනස් කරනු ඇත,"

ඔහු පැවසීය.

 

උපාලි ජයසිංහ

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි