SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇන්ටික් කඩේදී සිද්ධවුනු හඳගමගේ මරණය ගැන අනෝමාගේ හෙළිදරව්වෙන් පසු

 

කොළඹට සීමාවූ සංවාද තලයේ විවිධ පුද්ගලයන් අරමුණු කොටගත් සංවාද භාශාවක් නැවත නිර්මාණය වෙමින් තිබෙනවා.

එහිදී විශේෂයෙන්ම අනෝමා ජනාදරී පිළිබඳවත් ඇය කරන ලද හඳගම පිළිබඳ හෙළිදරව්වත් ගැන යෝජනා චෝදනා එකසේ දිගහැරුනා.

පොදුවේ කතාවුනු මාතෘකාවක් වූයේ අනෝමා සත්‍යය ඉදිරිපත් කරන ශෛලිය පිළිබඳ ප්‍රශ්නයක් විනා ඉදිරිපත් කළ කරුණුවලට චෝදනාවක් නොවේ.

බොහෝ පුරුෂ පක්ෂයට මේ නිසාම වඩා වැදගත් සත්‍ය කරුණු මග හරින්නට එය මනා පිටිවහලක් වූවා.

නමුත් මේ කෙටි කාලය ගතවන විට අනෝමා තවත් විචාර වීඩියෝවක් නිකුත් කරනවා.

ඇය එහි මනා සංයමයකින් හඳගමගේ නිර්මාණයන්හි, නිර්මාණකරුවාගේ සාවද්‍ය හා අතාත්වික භාවිතයන් වගේම වගකීම් විරහිතව සමාජය, සමාජයේ ගැහැණුන්ව මෙන්ම දරුවන්ව මරාදැමුණු නිමේශයන් දාර්ශනික හා බුද්ධිමය අස්ථානයක තබා විග්‍රහ කරනවා.

90 දශකයේ අගභාගයේ ලංකාවේ ඇතිවුනු පශ්චාත් නූතනවාදය නැමැති කතිකාව තුළ වැදගත් තැනක් ගත්තේ මනෝ විශ්ලේෂනයයි. මෙය විධික්‍රමයක් ලෙස ලංකාවේ බොහෝ සිවිල් චරිත විශ්ලේෂනයට යොදා ගන්නවා පමණක් නොව හඳගම වැනි මෙම කතිකාව සමග එක්වුනු නිර්මාණකරුවන් එහි මූලාශ්‍ර, න්‍යායන් තම නිර්මාණයන් සඳහා අමු අමුවේම යොදාගත් බව සත්‍යයක්. එවිට එහි සමාජමය හානිය හා වගකීම ගන්නෝ කවරහුද?

ඝාතකයාගේ ස්ත්‍රී ඝාතනයන්හි යටි අරමුණ ජනාදරීගේ විග්‍රහයේ සඳහන් චෝදනාව හා කොතෙක් දුරට නිවැරදි වන්නේද?

මෙම නිර්මාණකරුවාගේ නිර්මාණවල දිශානතිය වෙනස් කළ ඒ මොහොත උදා කරන්නේ කවුරුන් විසින්ද?

සංස්කෘතික දේශපාලන ව්‍යාපාර විසින් මේ මහ පොළොවේ රෝපනය කරන්නාවූ මතවාදයන්හි වගකීම් සහගතභාවය ගැන දේශපාලන ව්‍යාපාර කොතෙක් නම් සංවේදී වන්නේද?

මිතුරුකම් රැකගැනීම වෙනුවෙන් වරද මගහැර යෑම, වරද නිවැරද්දක් සේ ආරක්ෂා කිරීම කොතෙක් නම් දේශපාලනිකද?

මේ කරුණු මතකයට නගා ගනිමින් බුද්ධිමය විචාරයන් ඉදිරියේ ගැහැණු පිරිමි භේදයකින් තොරව ඇයගේ සාකච්ඡාවට එක්වන්නට ඇරයුම් කරමු.



එසේම මේ සඳහා පිළිතුරු සපයන්නන්ටද අපගේ වෙබ් අඩවියේ ඉඩකඩ වෙන්ව පවතින බවද, ඔබගේ පිළිතුරු පලකිරීමට අප බැඳී සිටින බවද දැනුම් දෙමු. 



මේ අනෝමා ජනාදරීගේ නවතම විචාර වීඩියෝව!


“සමාජය ඇතුලේ මරා දමන ගැහැණිය නිර්මාණය ඇතුළෙත් මරා දමනවා!
ඇන්ටික් කඩේ මරණය ලගදි සෙංකොට්ටංට මොකද වෙන්නේ?”

 

 

 

සොෆොක්ලීස්




මම කිව්වා මම ආයෙත් එනවා කියලා ඇන්ටික් බඩු කඩේක මරණ තුනක් විචාරයත් එක්ක.

දැන් ප්‍රභන්ද චින්තනය කියන එක ඕනෙම කෙනෙකුට තමන්ගේ නිර්මාණයට බද්ද කරගන්න පුළුවන්. ඒ මූලාශ්‍රය, ලේඛකයෙකුට නිදහස තියෙනවා තමන්ට ඕන විදිහට භාවිතා කරන්න. ප්‍රභන්ද චින්තනයට අදාළ මූලාශ්‍ර භාවිතා කරන්න. දැන් සොෆොක්ලීස්ගේ ඊඩිපස් කියන නාට්‍යය, ඔහු ප්‍රභන්ධනය කරන මනෝ විද්‍යාව බිහිකිරීමට සුවිශේෂී දායකත්වයක් දුන්නු නාට්‍යයක් තමයි ඊඩිපස් කියන්නේ.



මනෝවිද්‍යාව ඇවිල්ලා ලෝකයේ මිනිස්සුන්ගේ පරිණාමයෙන් සිද්ධවුණු ඒ පරිණාමය සිද්ධවීමට පාදකවුණු මහපොළවේ තියෙන යථාර්ථයක්.



මේ මහපොළෙවේ මිනිස්සුන්ගේ යථාර්තය කියන්න එක්තරා තැනකදි මේ සිග්මන් ප්‍රොයිඩ් කියන මානව විද්‍යාඥයා උපුටා ගන්නවා මේ සොෆොක්ලීස්ගේ ඊඩිපස් ප්‍රභන්ධ චින්තනය.

උදාහරණයක් හැටියට, මොකක්ද ප්‍රභන්ධ චින්තනය ෆික්ෂන්? ප්‍රභන්ධ චින්තනය තමයි මිත්‍යාදෘෂ්ටික අනාවැකිකරු එක්තරා රාජ්‍යයක එක්තරා රජකෙනෙකුගේ දරුවා ඉපදීමේදී අනාවැකි කරුවන් මිත්‍යා මත පල කරනවා මේ දරුවා ලොකු වුණොත් පියා මරා රජකම ලබා ගන්නවා කියලා.

සොෆොක්ලීස් ඒ මාර්ගයෙන් පෙන්නුම් කළේ අනාවැකිකරුවෝ මොනතරම් මිත්‍යාදෘෂ්ටික රජාගේ අවධානය දිනාගැනීමට මිත්‍යාව වපුරන බොරු කියන මිනිස්සුද කියලා පෙන්නන්න.



මේ මිත්‍යාදෘෂ්ටික.. බලුවෙච්ච එවුන් රජ කරවන, රජ වෙච්ච එවුන් බලු කරවන, නක්ශාත්‍රකරුවො අනාවැකිකරුවෝ මිත්‍යාමත වපුරවන්නෝ මේ වපුරවන මිත්‍යාව උඩ ඊටත් වැඩිය අනුන්ගේ බස් අසන නායකයෙක් රජෙක් තමන්ගේ ලෙයින් උපන් දරුවා මරා දමන්න කියලා පිටමං කරනවා.

 

 

සොෆොක්ලීස් 1



ඈත පළාතකට මේ දරුවව පිටමං කරනවා නක්ශාත්‍රකරුවා කියන කතාවට වඩා ඔත්තුකරුවට නැණ නුවන තියෙනවා ඔහු කරන්නේ මේ දරුවව රාජ්‍යයෙන් පිට ඈත පළාතකට ගෙනිහිල්ලා හදා වඩා ගන්න දෙනවා. මේ දරුවා හැදී වැඩෙනවා ඉන් පසුව මේ දරුවා වැඩිවියට පැමිණුනහම, ඔහුට ලෝකය දකින්න ලෝකය සමග ගණුදෙනු කරන්න ඉඩ ලැබෙනවා.

එතනදී ඔහුට අහන්න ලැබෙනවා තමන්ගේ පියා මරා රජකම ලබා ගන්නවා. කියලා කුමාරයෙක් හැටියට ඔහු ඒ පවට මුහුණ දෙන්න තියෙන අකමැත්ත නිසා පිටමංවෙනවා රාජ්‍යයෙන්. මේ එන ගමනෙදි ඔහුට මුණ ගැහෙනවා මේ තමන්ගේ පිය රජ්ජුරුවෝ. මේ රාජ්‍යයේ කුමන්ත්‍රණයක් නිසා වෙස්වලාගෙන මහල්ලෙක් විදිහට ඔහු සේනාවත් එක්ක පළා යමින් ඉන්නවා.

මේ දොගොල්ලො රාජධානියට ඇතුල්වෙන තැනදි මුණගැහෙනවා. එතනදි සිද්ධවෙච්ච බහින්බස්වීමකදී මේ ශක්තිමත් බාහුබල සම්පන්න තරුණයා අතින් මේ පිරිස බහුතරයක් මියයනවා. එක් පුද්ගලයෙක් පමණක් ඉතිරිවෙද්දි අනික් අය මියයනවා.

 

 

 

සොෆොක්ලීස් 2




ඔහු රාජ්‍ය ඇතුලට එනවා ඔහුගේ ශිල්ප ඔහුගේ ඥාණය ඔහුගේ දැනුම ඔහුගේ දක්ෂතාවය නිසා ඔහු මේ රාජධානියේ රජා විදිහට ඔටුණු පළඳනවා. ඒ අතර රජබිසව විවාහ කරගන්නවා. රජ බිසවට දාව ගැහැණු දරුවො දෙන්නෙක් ජාතක කරනවා.


දැහැමින් සෙමෙන් රාජ්‍යය කරනකොට මේ නක්ශත්‍රකරුවො නැවත වතාවක් මේ රජාගේ ඔලුව අවුල් කරනවා. මේවා සාමාන්‍ය කුමන්ත්‍රණ. ඓතිහාසිකව අපි කරුණු හදාරණකොට ඕනැම රාජ්‍යයක මේ රජාගේ ඔලුව අවුල්කරන මිත්‍යාමත පතුරුවන නක්ශත්‍රකරුවො ලඟ ඉඳල තියෙනවා.

ඉතින් ඔවුන් මේ කරන අවුලෙදි තමයි මේ තරුණයාට දැනගන්න පුළුවන් වෙන්නේ මම අහවල් දවසේ රාජධානියට ඇතුල්වෙනකොට මරාදාල තියෙන්නේ මගේ පියාව. මම මේ විවාහ කරගෙන තියෙන්නේ මගේ අම්මව. මේක සිද්ධවෙච්ච අත්වැරැද්දක්. මේක පාපයක්.

බුද්ධධර්මය අනුව ගත්තොත් ආනන්තරිය පාපකර්මයක් පියා මැරීම, මව අඹුවට ගැනීම.

එතකෙට මම මේක කියන්නේ ඊඩිපස් කියන නාට්‍යයේ මම රඟපෑව යකෙස්ටා හෙවත් මවගේ චරිතය. ඒ නිසා මට මේ නාට්‍යයේ චරිත හොඳට හදාරන්න ලැබුණා.

 

සොෆොක්ලීස් 4



සොෆොක්ලීස් මේ ප්‍රභන්ධය ගොඩනගන්නේ මේ මිත්‍යා මත පිළිබඳව හෙළිදරව් කරන්න මිසක් මොනයම්ම හෝ සත්‍යයක් මෙහි නැහැ. මේ කවුරුහරි පිස්සෙක් මේ ප්‍රභන්ධයට මත්වෙලා මේ ප්‍රභන්ධය අමු අමුවේ කොපි කරලා මේක අමු අමුවේ ගන්න හදනවනම් ඕනම කෙනෙකු ඒක ගන්න අයිතිය තියෙනවා.



හැබැයි ඒක මිස්යූස් කරන්න අයිතියක් නැහැ. ඒ වගේම මේ ප්‍රභන්ධය ඇතුළේ ෆ්‍රොයිඩ්ට තමුන්ගේ මනෝවිද්‍යාව නැමැති ශ්‍රේෂ්ඨ දර්ශනය බිහිකරගන්න හිතෙන්න පුළුවන් මේ ප්‍රභන්ධය මට උපකාරීවෙයි කියලා. හැබැයි මේ පෙළඹවීම හෝ අනියම් පෙළඹවීම මනෝවිද්‍යාවට නම් කිසිම සම්බන්ධකමක් නැහැ. ඒක මහ පටලැවිල්ලක්.

දැන් මම මේ කතාව කිව්වේ හඳගම නැමැති ලේඛකයා නාට්‍යකරුවා චිත්‍රපටිකරුවා අක්ෂරය කියන චිත්‍රපටයෙදී ඔහු මේ ප්‍රභන්ධය භාවිතා කරනවා සොෆොක්ලීස්ගේ ඊඩිපස් සංකීර්ණය කියලා.



මූලාශ්‍ර කියලා මේ ප්‍රභන්ධ චින්තනය අමු අමුවේ කිසිම අනුකම්පාවකින් තොරව ඇදල ගන්නවා. ඇදල අරගෙන සාකච්ඡා කරනවා මේ රටේ දැවැන්ත අර්බුධයක්, ඒ අර්බුදය තමයි x කණ්ඩායම විසින් ඇති කරපු සංස්කෘතික පියා නොමැති සමාජයක් පිළිබඳ සංවාදය.



සංස්කෘතික පියා අපේ සමාජය අතුළේ අවතැන්වීම අතුරුදහන්වීම ඒවට හේතුභූත වුණු මුලාශ්‍ර. එතකොට මේ x කණ්ඩායම විසින් මේ ඇති කරපු මතවාදය සාකච්ඡා කරනවා චිත්‍රපටියක් හරහා හඳගම.

 

 

 

සොෆොක්ලීස් 600 600

 



දැන් මේ චිත්‍රපටිය ලියන කාලේ ඉඳන් මේක ඇතුලේ හිටපු කෙනෙක් මම, මේක දැක්ක කෙනෙක් මම, මේක කියවපු කෙනෙක් මම.



ඔහු මේ චිත්‍රපටියේ එක් අවස්ථාවක, ඊට කලින් මම කියන්න ඕන මේ කතන්දරය මේ මූලාශ්‍ර දෙක ඔබ හිතේ තියා ගන්න.

සොෆොක්ලීස්ගේ ප්‍රභන්ධ චින්තනය.

x කණ්ඩායමේ සංස්කෘතික පියා නොමැතිවීම, විතැන්වීම පිළිබඳ මතවාදය.

මතවාද දෙකයි
ඒ එක්කම කරුණාකරලා සිග්මන් ෆ්‍රොයිඩ් කියන පිස්සව පැත්තකින් තියන්න.

ඊඩිපස් රෙක්ස් කියන ලෝකයා අන්දන ඔහුගේ ප්‍රභන්ධය කරුණාකරලා පැත්තකින් තියන්න. ඒක නාගන්න කැමති කෙනෙක් ඉන්නවානම් නාගන්න. හැබැයි මට මේකට අදාල වෙන්නේ නැහැ මේ ප්‍රභන්ධය.

එතකො මේ මතවාද දෙක අරගෙන තමයි හඳගම මේ සිනමා කෘතියට එළැඹෙන්නේ.

මේ සිනමා කෘතියට අනුව බොහොම ධනවත් පවුලක නඩුකාර හාමුදුරුවො විසින් ගෙදර සිටි ආයම්මා ගැබ්බර කරනවා. ඒ ගැබ්බර කිරීම හරහා උපදින දරුවා හැදී වැටෙනවා පවුල ඇතුළේ කාරුණික පවුලක් නිසා.

මේ තරුණ නඩුකාර හාමුදුරුවෝ පිටරට ගිහින් ආපහු එනකොට පිරිපුන් තරුණියක්. ඇය ප්‍රභූ පවුල ඇතුලේ ප්‍රභූ සුවපහසුකම් විඳිමින් දැහැමින් සෙමෙන් ඇය වර්ධනය වෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ.

මේ එන නඩුකාර තාත්තා මේ උසස් අධ්‍යාපනය ලබපු නීතිය හදාරපු තරුණිය දැක්කහම නැවත වතාවක් ඔහුගේ කුජීතකම එළියට එනවා. ඔහුගේ නහරවැල් කුපිත වෙනවා. ඔහු ඇය හා එක්ව රමණයේ යෙදෙනවා. ඒ රමණයේ යෙදෙන දර්ශනය ඇගේ මව දැකීම හරහා මව එතනදිම මිය යනවා. එතනම සිහිය නැතුව වැටෙනවා ප්‍රභූ පියාගේ බිරිඳ හෙවත් මේ තරුණියගේ මව එතනදි මියයනවා.

මේ හැදෙන දරුවාගේ සහ මවගේ සම්බන්ධතාවය තමයි හඳගම උලුප්පා පෙන්නන්න හදන්නේ සංස්කෘතික පියා විතැන්වීමේ ඛේදවාචකය සමාජට දැනෙන හැටි.

සංස්කෘතික පියා අහිමිවීම කිව්වහම ඔබට යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මම ඒක ඉතා කෙටියෙන් කියන්නම්.

 

 

 

සොෆෝක්ලීස් 6




සංස්කෘතිකවත් නැති අසංස්කෘතික, අලජ්ජී නින්දිත, මිලේච්ඡ තිරිසන් ගති ඇති, දුටු දුටු තැන සරම උස්සන. හැකි තැන සරම උස්සලා හුජ්ජ කරන ඒ තරම් අසංස්කෘතිකවත් මිනිහෙක්.දරුවා, පුතා, දුව හඳුනගන්නේ නැති මිලේච්ඡ ගතිගුණ තියෙන අසංස්කෘතිකවත් පිරිමි සත්වයා ගැන තමයි කියන්නේ සංස්කෘතිකවත් පියා නොමැති වීම කියලා.



එක්තරා මොහොතක දී මේ කුඩා පිරිමි දරුවා මව හා තියෙන බන්ධනය, පියා නොමැති මව හා බැඳීම අතරේ මව ඉතා නිදහස් සත්වයෙක් හැටියට මේ දරුවව හදනවා.

මේ දරුවට කිසිදු වාරණයක් නැහැ. එතකොට මේ දරුවා පාසැලේදී යාලුවෙක් ගෙනාපු ෆෝන් චිත්‍රපටියක් බලනවා. නිල් චිත්‍රපටියක් බලනවා. ඒක අහුවෙනවා ඉස්කොලෙදි. අහුවීම නිසා දඬුවමට ලක්වෙනවා. හිටිහැටියේ යාලුවා කියනවා මෙතනට පොලිසියෙන් එනවා කියලා. මේ දෙන්න දුවලා ගිහින් හැංගෙනවා. ගිහින් හැංගෙන්නේ විශාල පාලු ගොඩනැගිල්ලක උඩ තට්ටුවක. එතකො මේ අතරෙදි යාලුවා අතේ තියෙන පිහිතලය මේ කුඩා පිරිමි දරුවා අතට පත්වෙනවා. අඩි සද්දයක් ඇහෙනවා ඔවුන් හිතනවා පොලිසිය කියලා. ලඟට එනකොට පැනපු ගමන් අනිනවා පිහියෙන් ඇනගෙන ඇනගෙන යනකොට මිය යන්නේ නගර සෝබිනී.

එතකො මේ නගරසෝබිනිය මියයාම හරහා මේ පළවෙනි මරණය.

දෙවෙනි මරණය සිද්ධවෙන්නේ, මේ දරුවා කටුගෙයි මුරකරුවාගේ ගෙදරට කොහොම හරි යන්නේ. ඒ මුරකාර ගෙදරදී කුඩා ගැහැණු දරුවෙක් ඉන්නවා. ඒ දරුවට විස්තර කරනවා මේ නගරසෝබිනිය මැරිච්ච කතන්දරය තමන් ඇයි මේ පවුලෙන් පිටමංවෙලා ඉන්න සිද්ධ වුණේ කියලා. එතනදී මේ කතාව අතරෙදි එයාගේ මව එනවා ඇතුළට

ඔහු විස්තර කරන නගර සෝබිනිට ඇනපු පිහිය දිගු වෙන්නේ අම්මට. ඔහු ඇනගෙන ඇනගෙන ඇනගෙන යනවා මනෝ විකාරයෙන් මැරෙන්නේ ඔහුගේ මව. මරා දමන්නේත් ඔහුගේ මව. මේ තමයි දෙවැනි මරණය අක්ෂරය ඇතුළේ ගැහැණිය.

 

 

 

අක්ෂරය ඇතුලේ ගැහැණිය

 




දැන් ඔබ අක්ෂරය චිත්‍රපටය නැරඹුවේ නැත්නම් දැන් ඔබට මේ කෙටි සටහන කෙටි දැනුම් දීම ඇති අක්ෂරය චිත්‍රපටය සාරාංෂය තේරුම් ගන්න. ඊඩිපස් කියන නාට්‍යයේත් කාන්තාවක් මැරෙනවා. ඒ මැරෙන්නේ රජ බිසව හෙවත් යොකෙස්ටා නම් මව. එතකොට හඳගම මේ ව්‍යංඝ ප්‍රබන්ධය තමන්ගේ නොදැනුවත් මනසෙන් සිද්ධ වෙන පාප කර්මය. ඒ පාප කර්මය කියන මුලාශ්‍රය අරගෙන මේ අක්ෂරය කියන චිත්‍රපටය ප්‍රබන්ධ කරලා තියෙන හැටි. දැන් මේ චිත්‍රපටය ඇතුළේ මේ පිරිමි දරුවා තමන් නොදැනුවත් මනසෙන් මේ සිද්ධ කරන දේවල් x කණ්ඩායම විසින් ගෙන ආ සංස්කෘතික පියා විතැන්වීම කියන කාරණය විමසන කොට මේක දකින විදිය දැන් මම කියන්නම්.

මේ පොළොව සිටින සියලුම පිරිමි දරුවන් තමන්ගේ හෝර්මෝන ක්‍රියාකාරිත්වය පටන් ගත්තහම 10,11,12,13,14,15,16,17,18,19 දක්වාම කාළය තුළ තමුන් නොදැනුවත් මනසෙන් තමුන්වම අපචාරයට පත් කරගන්නවා. තමුන් කරන ස්වයං වින්දනය හරහා තමුන් කරන නැසීම් සමුහයක් තියෙනවා. මේ පිරිමි දරුවා පාසලේදි කොම්පියුටරෙන් නිල් චිත්‍රපටයක් බලලා ඒ බැලීම හරහා ඔහුගේ මනසට කා වදිනවා මේ ගැහැණු රූපය. එතකොට මේ ගැහැණු රූපයත් එක්ක කරනු ලබන ෆැන්ටසිගත විඳීම මේ පොළොවේ සියලුම පිරිමි දරුවන් කරනවා. මුලින් ඒකට තමුන්ගේ ළඟම සිටින ගැහැනු රූපය ලේ උරා බිව් මවගේ රූපය ‍ ඇගේ අවයව සිහිපත් කරගෙන මේ කාර්යයේ යෙදෙනවා. ඉන් පස්සේ මේ පිරිමි දරුවා තව ටිකක් වැඩෙන කොට තමන්ගේ අවට ගෙදරට යන එන ගැහැනු රූප තමන් මග දකින ගැහැනු රූප තමුන්ගේ වැඩිමල් නෑදැ ගැහැනු රූප ෆැන්ටසි ගත කරගෙන විඳිනවා. ඒ විඳලා ශුක්‍ර මොචනයෙන් පස්සේ තමුන්ට ඇතිවෙන පාපකාරි හැඟීම තමුන්ගේ මෙමරි එකෙන් ඒ ගැහැනු රූප මරලා දානවා.

ඇයි ඒ? තමුන්ගේ ඇතුලේ තමුන්ට හැඟීමක් ඇතිවෙනවා මේ ගැහැණු රූපයෙ ඉදිරියේ තමුන් විත්තිකාරයෙක් බව.

ඇය සැබවින්ම මා ළඟට එයි. ඇයට මූහුණ දෙන්න මම බයයි. මම බියට පත් වෙනවා. මේ සාරය පිට කිරීම හරහා තමුන්ගේ පෞරුෂය විතැන් වෙනවා.

මෙන්න මේ විදියට තමයි සංස්කෘතික පියාගේ පෞර්ෂය අහිමි වීම සම්බන්ධයෙන් මේ පොළොවෙන් විතැන් වෙන්නේ මේ සංස්කෘතික පියාගේ පෞරුෂය.



එතකොට තමුන් විඳින ගැහුණු රූපය රහසිගතවයි විඳින්නේ. තමන්ගේ ෆැන්ටසි එකත්. ඊට පස්සේ කරන්නේ ඇයව මරා දානවා. ඒ අපේ රටේ පිරිමි පෞරුෂය ගොඩ නැඟෙන ආකාරය. එතකොට ඒ ගොඩනැඟෙන පිරිමි පෞරුෂයට හඳගම කියන ලේඛකයාත් අයත්. ඔවුන් ඒකෙන් අයින් කරන්න බැහැ. එහෙනම් ඔහු පරමාදර්ශි දාර්ශණික මේ සියලු පිරිමින් අභිබවා ගිය උත්තම පුරුෂයෙක් පරමා දර්ශී චරිතයක් හිමි පුද්ගලයෙක් වෙන්න ඕන.

 

 

 

ඊඩිපස් නාට්යය

 




එහෙම නෙවෙයි නම් ඔහු කරන්න ඕනේ, මෙයින් සිද්ධ වෙන්නේ සංස්කෘතික පියා හිමි වීම පමණක් ම නෙවෙයි ඒ ගෙදර අර ප්‍රභූවරයා අතින් දූෂණය වුන මෙහෙකාරියගේ ආත්මය සුව පත් කිරීම. ඒක ඵෙතිහාසික වන්දියක් පිරිමියා විසින් ගෙවිය යුතු.

ඊට අමතරව මේ මෙහෙකාරියගේ ලෙයින් මේ ප්‍රභූවරයාගේ ලෙයින් උපන් දියණිය සමඟ ජීවත්වෙන මේ දූෂිතම පිරිමියා මම මේ කාරණයට තවත් එක නිදසුනක් දෙන්නම්. . නිදසුන් බොහෝ නම් තියෙනවා කියන්න මේ පිරිමි ජඩයා මේ නිර්මාණකරුවා කළයුතුව තිබු ඵෙතිහාසික වන්දිය ඔහු උවමනාවෙන් අමතක කරලා දානවා.



මේ දූෂිත අලංචි අසංස්කෘතිකවත් ධනපති පියා අතින් අනේක වාරයක් දූුෂණයට ලක් වූ මවත් ඇගේ දියණියත් අමු අමුවේ මරා දමන තැනට ඔහු ඔහුගේ තිර රචනය ගොඩ නඟනවා.


ඔහු හෙළිදරව් කළ යුතුව තිබුණේ මේ ධනවත් අසංස්කෘතිකවත් පියාගේ චරිතය හෙලිදරව්
කිරීම නෙවෙයිද?

 

ඊඩිපස් නාට්යය 1

 


එතකොට මේ පිරිමි නිර්මාණකරුවා මොකක්ද කරන්නේ ඊට අමතරව මේ මෙහෙකාරියගේ ලෙයින් මේ ප්‍රභූකාරයාගේ ලෙයින් උපන් මේ දියණිය සමඟ ජීවත්වෙන මේ දූෂිත අලජ්ජි මේ අසංස්කෘතික ධනපති පියා කවුද කියලා හඳුන්වා දීල. ඔහුව නිරුවත් කරන්න ඕන.

මේකද සිනමාපට ඇතුළේ ලේඛකයා විසින් ප්‍රබන්ධ කළේ. මම මේ කාරණය සනාථ කරන්න පිටින් උදාහරණයක් දෙන්නම්.


උදාහරණ බොහොමයක් තියෙනවා. වැඩි දෙනාගේ කතාබහට ලක්වුණු මේ ලේඛකයාගෙන් පසු පරම්පරාවේ ‌ලේඛක ලෝකයේ නමක් දිනාගත්ත විශේෂ අවධානයක් දිනාගත්ත නවකතාවක් තියෙනවා ඒකෙ නම සිංකොට්ටා.

මේ සිංකොට්ටා කියන නවකතාව මම කියෙව්වා මේ නවකතාව ඇතුළේ මේ නවකතාකරුවා කියන්නේ මොකක්ද? මේකේ ඇතුළේ හීන් මැණිකා කියන රූමත් තරුණිය මරා දමනවා. ඇත්ත සිදුවීම එහෙම වුණා කියලා අපි උපකල්පනය කෙරුවොත් ලේඛකයා කවුද? ලේඛකයා සමාජයට වැදගත් පරමාදර්ශයක් සපයන කෙනෙක්.

 

 

සෙංකොට්ටං



එතකොට ඇයි ඔහුගේ පෙතෙත් හීන් මැණිකා මරා දාන්නේ? මම ඇහුවා මේක ලේඛකයාගෙන්. ඔහු දුන්න පිළිතුර තමයි

තාම මම ආධුනිකයි. මම වැඩිලා නැහැ.

එතකොට උඹේ ආධුනික කමට අර හීන් මැණිකා පලි? අනාගත හීන් මැණිකලා මරා දාන්න මේ නව කතාව පිරිමියට පරමාදර්ශයක් සපයනවා.

ඒක ඌට ‌තේරෙන්න තමන්ට තාම වයස මදිලු. කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. දැන් මේ විචාරකයෝ ඉන්නවානෙ වට වෙලා.. විචාරකයන්ටත් කියන්න තියෙන්නේ උඹලටත් වයස මදි මේක තේරුම් අරගන්න.



සමාජය ඇතුලේ මරා දමන ගැහැණිය නිර්මාණය ඇතුළෙත් මරා දමනවා.



එතකොට මේක, එක පුද්ගලයෙක් කියනවා මේ මිනිස්සු කලාකෘති කරනවා හැබැයි ඔවුන් ස්වයං මෝචනකාරයෝ.

ඇයි එහෙම කියන්නෙ ඒ වෙලාවට සංතර්පයක් හොයාගන මොකක්හරි නිර්මාණයක් කරනවා. තමුන් මුදුන් පමුණුවා ගන්නවා තමන්ව එච්චරයි.

ඒක වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. රසික කියන විචාරකයා එතැන්ට ආපු කමෙන්ට් එකකට අහනවා

ඇයි අවුල්ද?



මම රසිකට කියනවා උඹගේ ආදරණීය බිරිඳ ආදරණිය දරු පැටවු ලස්සන පවුලක් දානවානේ පිංතූර එතකොට ඔය පවුලේ ඇතුළට අනේ උඹ උඹේ හොර අඹුව එක්කගෙන පලයන්. එතකොට අවුල්ද නැද්ද කියලා බොට තේරේයි.



පිරිමියා හැසිරෙන විදිය අවුල්ද නැද්ද කියලා එතකොට බොට තේරේයි.

මම මෙක කියන්නේ උඹ එහෙම කරන නිසා හෝ නොකරන නිසාද? නැහැ. මට ඒක සිද්ධ වුන නිසා. මම ඒකට මුහුණ දුන්න නිසා. මගේ කුටුම්භය ඇතුළට හඳගම කැමතිම ගැහැණිය අරන් එනවා. අරන් ඇවිල්ලා කියනවා

මේ මගේ ප්‍රොඩක්ෂන් එග්සෙකටිව්

එච්චරයි.. ඉතින් මම වැඩ කරනවා. මම බලාගෙන ඉන්නවා. මම උදවු කරනවා. මේ කාලය ඇතුළත සිද්ධ වුන දේවල් ඔබට අමුතුවෙන් කියන්න ඕනද? අහලා බලපන් උඹ ඔය උඩදාන සුචරිත හඳගමගෙන්. එතකොට ඒ කියන වර්ෂන් එකෙන් පස්සේ මම කියන්නම් උණු වර්ෂන් එක මොක්කද කියලා.

මම ගෑණි හැටියට මම බිරිඳ හැටියට මම මුහුණ දුන්න වර්ෂන් එක මොකක්ද කියලා.

එතකොට මේ පිරිමි ලේඛකයා ප්‍රබන්ධ කරලා ඉදිරිපත් කරන්නේ පිරිමියෙක් දකින වර්ෂන් එක පමණමයි.

ලේඛකයා ශක්තිමත් නැහැ ලේඛකයාට දැක්මක් නැහැ


මේ පිරිමි දරුවා වැඩිවියට පැමිණි දවසෙ ඉඳන්

සංස්කෘතිකවත් වීමේ නොහැකියාව ඇතිවුණේ කා අතින්ද? කොහොමද?

හඳගම මේ දෘෂ්ඨිවාදයට එන්නැති කුහකයෙක් කියලා කියන්නේ ඒකයි. මට ඔහුට සමාව දෙන්න බැරි කාරණය ඒකයි. මේ හතර වටේ ඉන්න පඩ විචාරකයෝ වගේ නෙවෙයි. සාමාන්‍ය බුද්ධි මට්ටමක පුද්ගලයෙක් නෙමෙයි ඔහු මෝරපු සත්‍ය දන්න යථාර්තය දන්න විනිවිඳ විඳින පුද්ගලයෙක්.

එතකොට ඒ ඵෙතිහාසික වැරැද්ද නිවැරදි කළ යුතුයි.



ඔහුට පුළුවන් නම් මේ සොෆෝලීස්ගේ මූලාශ්‍රය ගන්න ඔහුට පුළුවන් නම් මේ X කණ්ඩායම මතු කරපු මේ සංස්කෘතික පියා විතැන්වීම මූලාශ්‍රය අරගන්න නිරවුල් මනසෙන් මේක එලන්න මේ පිරිමියා උදේ ඉඳන් හවස් වෙනකන් දකින චිත්ත රූප නිදහස් කිරීම ඇතුළේ විකෘතියේ ගැහැණිය මරා දමන සංඛ්‍යාව තමුන් ඒ ගැහැණිය තමුන්ගේ පිටපත ඇතුළෙත් මරා දමන්න හොඳ නැහැ. ඒක තේරෙන්නේ නැද්ද?නැහැ, තමුණුත් එහෙම නිසා තමුණුත් ලිංගික කුහකයෙක් නිසා තමුන් පිරිමි ඇහෙන් බලලා ගැහැණිය මරනවා තමන්ගේ කෘතිය ඇතුළේ.

 

 

හඳගම




අක්ෂරයේ දිගුවක් හැටියට නාට්‍යක් බවට පත් කරනවා. ඇන්ටික් බඩු කඩයක මරණ තුනක්.

ඔහුට ඵෙතිහාසිකව නිවැරදි කරගන්න තිබුණු වැදගත් අවස්ථාව ඔහු දැන දැන මඟ හැරලා නැවත නැවතත් තවත් වතාවක් මෙහෙකාරියව දූෂණය කරලා ඉපදුණු ගැහැණු දරුවා එක්ක පවුල් කාලා උපදින දරුවා පුතා, පුතා හැංඟිලා ඔහු ඒ අසංස්කෘතික පියාගේ දරුවා නැවත වතාවත් හිරෙන් නිදහස් වෙලා ඇවිත් මේ මුරකාරයාගේ දියණිය හා සම්බන්ධ වීමේ දි තමුන්ගේ මව මෙහෙකාරියගේ දියණිය තමුන්ගේ ෆැන්ටසිය තුළ මරා දමනවා යැයි කියමින් තමන්ගේ තමන් අත්විඳින ප්‍රහර්චනයේ කියන තරුණිය නැවතත් මරා දමනවා.

මේ ප්‍රොයිඩියානු මතය මෙතැනට ගෙනල්ලා උඹලට පට්ට විචාර දෙන්න පුළුවන්. වීචාරකයෝ කියන්නේ මාරයි කියලා පට්ටයි කියලා. උඹලට පට්ට වෙන්න පුළුවන්? හඳගම හැම මෙහොතම තනිතටුවෙන් පස්සේ තමුන් දාර්ශනික වශයෙන් ආ යුතු තැන හොඳින්ම දැනගෙන ඒ තැනට එන්න නම් ඔහු මාව හොඳින් තියාගත යුතුව තිබුණා. ඔහු තමුන්ගේ ගෙදරට නිෂ්පාදන කළමණාකාරිය අරන් එන්ඩ නැතිව ඉඩ තිබුණා. ඔහු ඔහුව රැක ගත යුතුව තිබුණා. ඔහු ඒක කළේ නැහැ. මම ඒකෙන් තේරුම් ගත්තා ඔහු යන පාර. මේ සංස්කෘතිකවත් පියා ඔහු ඇතුලේම ඔහු වග උත්තරකරුවෙක්.

 

 

හඳගම 1



මම බලාගෙන හිටියා අවුරුදු 13ක්. බලාගෙන ඉන්න බැරි තැනම මම එළියට බැස්සා මුන් දෙන්නා එකතුවෙළා මගේ ගෙදර දොරේ යකඩ තහඩු යතුර මාරු කළා. ඒක ඒ ගෑණිගේ උවමනාව. එතකොට හඳගම ගෑණියෙක්ගේ වුවමනාවක් ක්‍රියාත්මක කරන පිංපි පිරිමියෙක්, පිංපි සැමියෙක් බවට පත් වෙනවා. දැන් ඔහුට ගැලවීමක් නැහැ. මම එළියට ඇවිල්ලා මම වැටිලා නැහැ ඔහු බලාගෙන හිටියා මම වැටිලා ඔහු ළඟට දණබඩ ගාගෙන උර ගාගෙන එනකල්. ඔහු දෘෂ්ටිමය වශයෙන් වැටිලා ඉන්නවා. ඔහු වෙරයෙන් පෙළෙනවා. ඒ වෛරය තමයි මේ හැම මොහෙතම ගැහැණිය මරා දමන මානසිකත්වයට එන්නේ. මේ ෆැන්ටසිය චූලයි. තවමත් X කණ්ඩායම ගොඩ නඟපු සංස්කෘතිකවත් පියා පිළිබඳව කතිකාව විවෘතයි. ඒකේ එක වග උත්තරකරුවෙක් තමයි මේක මේ විඳියට සාකච්ඡා කරපු හඳගම. පුළුවන් නම් මේ කතිකාවට මම එන්නම්. මේ විචාරකයෝ කියන පිරිසත් එක්ක වාඩිවෙලා ඕනම විවාද මණ්ඩපයක කතා කරන්න මම තනියෙන් එන්නේ. හැබැයි මතක තියා ගනිල්ලා උඹලට නැති එකක් මං අරගෙනයි එන්නේ. ඒ තමයි ස්ත්‍රිත්වය. උඹලා ස්ත්‍රීවාදීන් වෙන්නේ ලිඟුවක් තියාගෙන. මම ස්ත්‍රීවාදිනියක් වෙන්නේ යෝනියක් තියාගෙන.



මම එදාට උඹලගෙන් අහන පළවෙනි ප්‍රශ්ණය මෙච්චරයි පොඩි කාලේ ඉඳන් ගැහැණු රූප කීයක් ඔළුවේ තියාගෙන අතේ ගහලා සාරය පිට කරලා ගෑණිව මරා දාලා තියනෙවද? උඹලා උඹලාගේ සුරාතාන්තයටයට පත් වෙන කොට උඹලා කසාද බැඳලා සමාජයේ පිළිගත්ත පිරිමි වෙලා ගෑණිත් එක්ක සුරතාන්තයට ලබන කොට ගැහැණියට සුරතාන්තය කී පාරක් දුන්නද?

 

 

 

ජිනාදරි




දැන් උඹලට ගැහැණු දරුවෝ ඇති. පිරිමි දරුවෝ ඇති. මේ මගේ ප්‍රශ්ණ දෙකට පුළුවන් නම් උත්තර දීපල්ලා. දීලා අනෝමා ජනාදරිගේ පෞරුෂයත් එක්ක හැප්පිලා බලමු. මම ලෑස්තියි තනියම එන්න. හැබැයි මම ආයෙමත් එනවා. ඇන්ටික් බඩු කඩයේ මරණ 3ක් නාට්‍ය විචාරය කරන්න.


  වීඩියෝව පහතින්

 

 

නවතම ලිපි