SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇය ඉංජිනේරුවරියකි, වෛද්‍යවරියකි. නාසා ආයතනයේ සිටි ගගනගාමිනියකි.

ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට සිදුවන පීඩනවලටද මුහුණ දුන් ඇය කෙසේ හෝ තම අභිමතාර්ථ ජය ගැනීමට සමත් වූ දිරිය කාන්තාවකි. අභ්‍යවකාශයට ගිය පළමු කළු ජාතික කාන්තාව ලෙසටද ඇය ඉතිහාසයට එකතු වී සිටින්නීය. අභ්‍යවකාශ ෂටල් එන්ඩෝවර්හි මෙහෙයුම් විශේෂඥවරියක ලෙස සේවය කළ ඇය මේ කැරල් ජෙමිසන්ය.

ඇලබාමාහි උපත ලබා චිකාගෝහි හැදී වැඩුණු මේ කැරල් ජෙමිසන් ළමා වියේ සිටම සිතූ දේ කරන චරිතයක් වූවාය. ඇය අධ්‍යාපනය ලැබුවේ චිකාගෝහි මෝගන් පාර්ක් උසස් පාසලෙනි. පසුව ස්ටැන්ෆර්ඩ් විද්‍යාලයට ඇතුළත් වූවාය. ඇගේ පාසලේ අප්‍රිකානු-ඇමරිකානු සිසුන් සිටියේ ඉතා සුළු පිරිසකි. කළු හම නිසා ඇයට දිගින් දිගටම ගුරැවරැන්ගේ හා සිසුන්ගේ හිරිහැරවලට ලක් වීමට සිදු විය..

පසුකාලයේ රෑපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ජෙමිසන් පැවසුවේ වයස අවුරුදු 16 දී ස්ටැන්ෆර්ඩ් වෙත යෑම දුෂ්කර වූ නමුත් සුදු පුරැෂාධිපත්‍යයට යටවීමට තම තරැණ සිත ඉඩ නොදුන් බැවින් කෙසේ හෝ එම පාසලට ඇතුළත් වීමට තමන් තීරණය කළ බවයි.

ස්ටැන්ෆර්ඩ් හිදි ජෙමිසන් කළු ශිෂ්‍ය සංගමයේ නායිකාව වූවාය.. අවුට් ඔෆ් ද ෂැඩෝස් නමින් සංගීත හා නර්තන ප්‍රසංගයක්ද  ඇය විසින් නිර්මාණය කළාය. නර්තන ශිල්පයට පෙම්බැඳි ඇය නර්තනයද හැදෑරුවාය. 

ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් රසායන  ඉංජිනේරැ විද්‍යාව මෙන්ම අප්‍රිකානු සහ අප්‍රිකානු-ඇමරිකානු අධ්‍යයනය පිළිබඳ උපාධිය ලබා ගත්තාය. ඉංජිනේරු උපාධිය එක් අතකින් දරාගත් ඇයට අවශ්‍ය වූයේ වෛද්‍යවරියක වීමටය. ඇය වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා කෝර්නෙල් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව වෛද්‍ය උපාධිය දිනා ගත්තාය. වෛද්‍ය උපාධිය දිනාගත් ඇයගේ පළමු රැකියාව වූයේ රොස්-ලූස් වෛද්‍ය කණ්ඩායමේ සාමාන්‍ය වෛද්‍යවරියක ලෙසිනි.

ජෙමිසන් 1983 සිට 1985 දක්වා ලයිබීරියාවේ සහ සියරා ලියොන්හි සාම සාධක බලකායේ වෛද්‍යවරියක ලෙස සේවය කළාය. නැවත එක්සත් ජනපදයට පැමිණි ජෙමිසන් කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි පදිංචි විය. වෛද්‍ය වෘත්තියේ නියැලෙන අතර අභ්‍යවකාශ වැඩසටහන් සඳහා සම්බන්ධවීමට ඇය සිතුවාය.

ඉංජිනේරු පාඨමාලාවක් හැදෑරීමට ඇය තීරණය කළේ ඒ අනුවය. 1983 දී සැලි රයිඩ් සහ ගයොන් බ්ලූෆර්ඩ් ගගනගාමී වැඩසටහනට අයදුම් කිරීමට ජෙමිසන් තීරණය කළාය.. 1986 සිදුවූ චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටල ව්‍යසනයෙන් පසුව නාසා ආයතනය මගින් තෝරාගත් පළමු ගගනගාමීන් කණ්ඩායමට ඇය ඇතුළත් වූවාය. 

1987 දී "පළමු කළු ජාතික ගගනගාමිනිය" ලෙස ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය ඇයව නම් කළේය. නාසා හි ගගනගාමීනියක ලෙස එක්වූ ඇයව එස්ටීඑස් -47 මෙහෙයුමට සම්බන්ධ කර ගැනිණි. 1992 සැප්තැම්බර් 12 සිට 20 දක්වා දින අටකට ආසන්න කාලයක් අභ්‍යවකාශයේ ගත කරන්නට ඇයට හැකි විය.

ජෙමිසන් 1993 දී නාසා ආයතනයෙන් ඉවත් වී තාක්ෂණ පර්යේෂණ ආයතනයක් ආරම්භ කළාය. විශිෂ්ටයන් සඳහා වන ඩොරති ජෙමිසන් පදනම ආරම්භ කළේ ඇය විසිනි. මෙම පදනමේ එක් ව්‍යාපෘතියක් වන්නේ වයස අවුරුදු 12 ත් 16 ත් අතර සිසුන් සඳහා වන විද්‍යා කඳවුරක් වන අර්ත් වී ෂෙයාර් නම් කඳවුර පැවැත්වීමය. මෙම කඳවුරු එක්සත් ජනපදය, දකුණු අප්‍රිකාව, ටියුනීසියාව සහ ස්විට්සර්ලන්තය වැනි රටවලද ව්‍යාප්ත කර තිබේ.

1995 සිට 2002 දක්වා ඩාර්ට්මූත් විද්‍යාලයේ පාරිසරික අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරියක ලෙස සේවය කළ ජෙමිසන් කෝනල් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක ලෙසද කටයුතු කර තිබේ.  

ලාභ නොලබන අධ්‍යාපන පදනමක් පිහිටුවා ගත් ඇය එමගින් ආරම්භ කළ සිය වසරක  තාරකා වැඩ සටහන නමැති ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නීය. ජෙමිසන් ළමුන් සඳහා පොත් කිහිපයක් ලියා ඇති අතර ඇය රංගන ශිල්පිනියකද වේ.

1993 දී ස්ටාර් ට්‍රෙක්: ද නෙක්ස්ට් ජෙනරේෂන්* නමැති ටෙලි චිත්‍රපටයේ එක්  කථාංගයක හා තවත් රූපවාහිනි ටෙලි කතා කිහිපයකට ඇය රංගනයෙන් දායක වූවාය. ගෞරව ආචාර්ය උපාධි කිහිපයක් ලබා ඇති ඇයව ඇමෙරිකාවේ කීර්තිමත් ජාතික කාන්තාවන් අතරට හා කීර්තිමත් ජාත්‍යන්තර අභ්‍යවකාශගාමීන්ගේ ලැයිස්තුවටද  එක්කර තිබේ.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි