SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වසර දහයක් අපේ රට පාලනය කළ රාජ්‍ය නායිකාවක් පසුගියදා ලංකාවේ කාන්තාව සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් කළා.

“අද ලංකාවෙ කාන්තාව සම අයිතිය ලබාගෙන ඉන්නෙ. ඒක කාන්තාවො පාවිච්චි කරන්නෙ නැති එකයි වෙලා තියෙන්නෙ” මේ ප්‍රකාශයේ යම් සත්‍යතාවයක් තියෙනවා. ඒ තමයි, නීති ප්‍රකාරව සහ ව්‍යවස්ථානුකූලව ඇය නිවැරදියි. ඒත් අපේ වගේ රටක රාජ්‍ය නීතිය සහ ව්‍යවස්ථාපිත බලය ඉක්මවා යන දෘෂ්ටිවාදයක් ඇති බවත්, එම සමාජ දෘෂ්ටිවාදය තුළ ස්ත්‍රියගේ පැවැත්ම අතිශය සංකීර්ණ කර ඇයගේ පරාදීන බවට බලවත් තර්ජනයක් ඇතිකර ඇති බවත් ඒ පිළිබදව එම රාජ්‍ය නායිකාව දැනුවත් වී නැති බවත් ලේඩි ලීඩර් අපි මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

අද ස්ත්‍රියට රාත්‍රියේ නිදහසේ මහමග ගමන් කිරීමේ වරදට ඇය විසින් රජයට දඩ ගෙවිය යුතුය. අපේ සමාජයේ ස්ත්‍රියක් යනු රාත්‍රී දහය වනවිට ගෙයක් ඇතුලත සිටිය යුතු සත්ව විශේෂයකි. පිරිමියෙකුගේ රැකවරණයකින් තොරව රාත්‍රී ඇය යෙහෙලියන් සමග නගරයේ මහපාරේවත් ඇවිද නොයා යුතුය. ඒ හොරුන්ගෙන්, ස්ත්‍රී දූෂකයන්ගෙන් ආරක්ෂා වීමට නොව රාජ්‍ය පොලීසිය මගින් පනවන අයාල පනතේ දඩයෙන් නිදහස් වීමටය. මානව අයිතිවාසිකම් ප්‍රකාශනයේ සෑම පුරවැසියෙකුටම හිමි නිදහස ඇයට එහිදී හිමි නොවේ. පිරිමියාට අයාල පනතේ දඩය හිමිනොවන්නේ මන්ද? මෙහි පණිවුඩය කුමක්ද?

පසුගිය පාලන සමයේ එක්තරා අමාත්‍යවරයෙකු කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීමට ඇති බාධා ඉවත් කිරීමට පනතක් ගෙන ආ මොහොතේ මේ සමාජයේ ප්‍රතිචාරය ඔබට මතකද? සියයට පනස්හයක කාන්තා ඡන්ද ප්‍රතිශතයෙන් පත්ව ආ පාර්ලිමේන්තුවේ නියෝජිතයින්ගේ ප්‍රතිචාරය කෙබදුද? එහි මේ කතාකරන සම අයිතිය ඇත්තේ කොහිද? වෙළදපොලේ නිත්‍යනුකූලව විකුණන භාණ්ඩයක් වලංගු මුදල් ගෙවා මිළදී ගැනීමට ලිංගික වෙනසක් නිසා පැනවෙන මෙම තහනම පාරිභෝගික පනත තුළ ස්ථානගත කරන්නේ කුමන ආකාරයකටද?

මේ ගැටළු 80 දශකයේදීත් අපේ සමාජයේ එවක සිවිල් හා ස්ත්‍රී ක්‍රියාකාරීන් කතා කළ මාතෘකාය. ඔවුන් බොහෝ දෙනා දැන් ජීවිතයෙන් සමුගෙන ගොස් ය. එහෙත් ගැටළුව එලෙසම පවතිද්දී, ඉන් පසු දශක කීයක් නම් ගෙවී ඇද්ද? සමාජය කොතෙක් නම් නවීන විද්‍යාව හා තාක්ෂණය අනුව ඉදිරියට ගොස් තිබෙනවාද? නූතනවාදී ව්‍යාපාර, පශ්චාත් නූතන ව්‍යාපාර කීයක්නම් මේ මහ පොළොවේ කරණම් ගැහුවාද? යුරෝපීය දැනුම, දර්ශනවාදය කොතෙක් නම් වැපුරුවාද?

එහෙත් සමාජ පසුගාමීත්වය පුරුෂයාගෙන් ස්ත්‍රියටද, ස්ත්‍රියගෙන් ස්ත්‍රියටද වපුරමින්, බෝ කරමින් රාජ්‍ය අනුග්‍රහය සහිතව ගමන් කිරීම ගැන තොරතෝන්චියක් නැතිව කියවගන්නා දර්ශනවාදී බක පණ්ඩිතයින්ගේ ඇස්වලට මුවා උනේ කෙසේද? නොඑසේනම් ඔවුනුත් නිල නොවන මට්ටමින් මෙය අනුමත කරන්නේද?

කාන්තාව සමාජයේ සෑම අස්සක් මුල්ලක් පුරාම තම හැකියාවන් පෙන්නුම් කළද ආයතන පරිපාලනයට බලය ලැබෙන්නේ කීයෙන් කී දෙනාට ද? බොහෝ රාජ්‍ය නායකයින්ට දේශපාලනඥයින්ට කාන්තාව ගැන ඇත්තේ අලප හැගීමක් නොවන්නේ ද? පරිපාලනය ක්‍රියාවලියට කාන්තාවන් සහභාගී කරගත යුතු බව සිතන්නේ කීයෙන් කී දෙනා ද?

මිත්‍යාව රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක මේ මොහොතේ අපි සමාජ බලයේ අයිතිකරුවන් වූ ඔබට මෙසේ කියන්නෙමු. දැනුමේ බලයත්, භාශාවේ බලයත්, සංස්කෘතික සදාචාරයේ බලයත්, මිත්‍යාවේ බලයත්, රාජ්‍ය බලයත් ඇත්තේ ඔබ අතේය. එවන් වූ ඔබ මේ සෙල්ලම් කරන්නේ, රිදවන්නේ, පළිගන්නේ ඔබේම මවගෙනි. සොහොයුරියගෙනි, බිරිදගෙනි, දියණියගෙනි.

තවත් දශකයක් අපි බලා සිටිමුද?

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි