SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සරලවම කීවොත් අනියම් සබඳතාවක් කියන්නේ කාන්තාවක සහ අවිවාහක පුරුෂයෙකු අතර ඇතිවන යම් කිසි සීමාවන් ඉක්මවූ සබඳතාවලට.. අනියම් සබඳතා ඇති වෙන්න හේතු කීපයක්ම තියෙනවා..

  1. . විවාහක කාන්තාවක සහ විවාහක පුරුෂයෙකු අතර
  2. . විවාහක කාන්තාවක සහ අවිවාහක පුරුෂයෙකු අතර.
  3. . විවාහක පුරුෂයෙකු සහ අවිවාහක කාන්තාවක අතර



ඇතිවන යම් කිසි සීමාවන් ඉක්මවූ සබඳතාවලට.. අනියම් සබඳතා ඇති වෙන්න හේතු කීපයක්ම තියෙනවා..

කායික අවශ්‍යතා

සාමාන්‍ය මනුෂ්‍යයන් විදිහට ගැහැණු පිරිමි දෙගොල්ලොටම ලිංගික අවශ්‍යතා තිබෙනවා... විවාහ වුණා කියලා ඒවායේ වෙනසක් වෙන්නේ නැහැ.. ගොඩක් වෙලාවට විවාහ වුනාට පස්සේ කාන්තාවන් දරුවන් ලැබිලා ඔවුන්ගේ වැඩවලට යොමු වීම නිසා ඔවුන්ගේ කාර්ය බහුලකම සහ වෙහෙසකාරී බව නිසා ඔවුන්ගේ ලිංගික ආශාවන් එතරම් උඩට මතු වෙන්නේ නෑ.. එහෙම වුණාට පිරිමි අයට කාන්තාවන්ට සාපේක්ෂව එහෙම ලොකු කැපවීමක් දරුවන් වෙනුවෙන් දරන්න වෙනවා අඩු නිසා සහ පිරිමින්ට ස්වභාවයෙන්ම ලැබී තියෙන ලිංගික අවශ්‍යතාවය සහ ආශාව කාන්තාවන්ට වඩා වැඩි බව නිසා බොහෝ විට අනියම් සබඳතාවයකට මූලික වෙන්නේ පිරිමියෙක් වීමට තියෙන ඉඩ කඩ වැඩියි... එතකොට ඔබ මගෙන් අහන්න පුලුවන් ඒ පිරිමි බලෙන් ගෑනුන්ව අල්ලගෙනද ඔය සම්බන්ධ වෙලා ඉන්නේ කියලා.. ඒකට උත්තරය තමයි අනියම් සබඳතාවක් පටන් ගන්න අනිත් හේතුව හැටියට මම පහතින් විස්තර කරන්නේ..

cheating man 1

..මානසික අවශ්‍යතා ...

කාන්තාව කියන්නේ ඉතා සියුමැලි චරිතයක්.. ඇය නිතරම තවත් කෙනෙකුගේ රැකවරණය ආදරය අපේක්ෂා කරනවා.. බොහෝ විට පිරිමියා සිය විවාහයෙන් පසු සිය බිරිඳ කාර්යබහුල වීම සහ දරුවන් කෙරෙහි ආෂක්ත වීම නිසා ඇය වෙතින් දුරස් වෙනවා.. බිරිඳ වුණත් ඒ වගේම ඔහු සමග සාමාන්‍ය විදිහට ජීවත් වීම තුළ ඔහුගේ එම නොසළකා හැරීම්වලට ටික ටික හුරු වෙනවා.. එහෙම වුණත් ඇය තුළ උපතින්ම ලැබිලා තියෙන ආදරය රැකවරණය අපේක්ෂා කරන ස්වභාවය යටපත් වෙන්නේ, ඇයට එම අඩුපාඩුව නොතේරුණත් යමෙකු ඇයට ආදරය දැක්වීම සිදු වන අවස්ථාවක ඇය තමන් විවාහකද?

නැද්ද? කියන කාරණය අමතක කරලා ඇයට ආදරය පෙන්වන කෙනා සමඟ සබඳතාවක් අරඹනවා...

අපි දැන් බලමු අනියම් සබඳතාවල තියෙන ගැටලුකාරී තත්වයන් මොනවද කියලා..

අපේ රට වගේ සිංහල බෞද්ධ සංස්කෘතික පදනමක් තියෙන රටක මිනිස්සු අනියම් සබඳතාවක් දිහා බලන්නේ නරක ඇහැකින්.. ඔවුන් හිතන්නේ අනියම් සබඳතාවයක් තුළ ඇත්තේ ලිංගිකත්වය පමණයි කියලා. නමුත් ඒක හරි මතයක් නෙවෙයි, තමන්ගේ අදහස් ගැළපීම තුළ තේරුම් අරගෙන ආදරයෙන් පවතින අනියම් සබඳතාත් තියෙනවා.. කොහොම වුණත් අපේ සමාජය නම් අනියම් සබඳතා දකින්නේ වපර ඇහෙන්. ඔවුන් අනියම් සබඳතා පවත්වන අයට නින්දා අපහාස කිරීම්, නොසළකා හැරීම්, කොන් කිරීම් ඔවුන්ගේ පවුලේ අයට කරන අපහාස ආදිය නිසා ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් දෙමවුපියන් ආදී පවුලේ අය අපහසුතාවයට පත් වෙනවා. එමඟින් ඔවුන් අපහසුතාවට පත් වෙනවා.

තවත් දෙයක් තමයි අනියම් සබඳතා පවත්වන පාර්ශව දෙක විසින් තම තමන්ගේ පවුලට විය යුතු යුතුකම් මග හරින එක. මෙහිදී ඔවුන් තමන්ගේ අනියම් සැමියා හෝ බිරිඳ කෙරෙහි ඉතා තදින් ආකර්ශණය වීම නිසා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට තමන්ගෙන් ඉටු විය යුතු යුතුකම් කොටස් පැහැර හැරීම නිසා ඔවුන් අගතියට පත් වෙනවා. අනිත් දෙය තමයි මිනිසා කියන සත්වයා තුල පවතින අයිති කරගැනීමේ අවශ්‍ය්‍යතාව තුළ තමන් විවාහ කරගෙන සිටින බිරිඳ හෝ සැමියා වෙනත් කෙනෙකු සමග මානසිකව හෝ ලිංගිකව එක් වීම දරා ගැනීමට නොහැකි වීම නිසා ගැටුම් ඇති වෙන එක. මේ තත්ත්වයන් මෙහෙමම තියලා අපි වඩාත්ම වැදගත් මාතෘකාවකට ගියොත්..

තමන්ගේ සැමියා හෝ බිරිඳ තමන් ඇර වෙන කෙනෙක් ළඟට යන්න හෝ වෙන කෙනෙක් සමග කායික මානසික ඇසුරක් පවත්වන්න හේතු මොනවද? කියන එක කතා කරන්න වටිනවා..

පළවෙනි හේතුව තමයි විවාහ වුණාට පස්සේ විවාහ ජීවිතය තුල සබඳතාවය සාමාන්‍ය වීම.

විවාහ වෙන්න කලින් ආදරය කරන අය හැසිරෙන විදිහ අපි ඕනේ තරම් මග තොටේදි දැකලා තියෙනවා..එයාලා මුලු ලෝකෙටම පේන්න තමයි ආදරය කරන්නේ .. අත් අල්ලගෙන යනවා .. තුරුල් වෙලා ඉන්නවා.. තරහ වෙයි කියලා බයයි.. ආදරෙන් කතා කරනවා.. එයා කෑවද බීවද කියලා හොයලා බලනවා.. නිතර කතා කරලා බලනවා.. එයාට ආදරෙයි කියලා කියනවා.. ගොඩක් වැඩ...

woman cheat lead

ඒත් කසාද බැඳලා අවුරුදු දෙකතුනක් යනකොට දෙන්නා ඔහේ ඉන්නවට ඉන්නවා... ආදරෙන් කතා කරපු කාලයක් මතක නෑ.. අතින් අල්ලපු දවසක් මතක නෑ.. මහත්තයා වැඩට යනකොට නෝනා එක්කෝ නිදි එක්කෝ පෝන් එකේ.. එක්කෝ කුස්සියේ.. මහත්තයත් කුස්සියට ඇවිත් මම යනවා කියලා යන්නෙත් නෑ .. කෝ එතකොට අර බඳින්න කලින් තිබුන ආදරේ.. ඇයි ඒකට මොකද වෙලා තියෙන්නේ.. ඇයි මහත්තයට බැරි නෝනගේ ඔලුව අතගාලා නලලට කිස් එකක් දීලා මම ගිහින් එන්නම් කියන්න.. ඇයි නෝනට බැරි පරිස්සමට ගිහින් එන්න කියලා මහත්තයගේ කම්මුල ඉඹින්න බැඳපු අලුත වගේ .. මහත්තයාට එහෙම ආදරේ කරලා ගෙදරින් යවන්න නෝනට පුලුවන්නම් මහත්තයාගේ හිතේ දවසම නෝනා ඉන්නවා නෝනගේ කිස් එක මතක තියාගෙන වෙන ගෑනු කෙනෙක් දිහා බලන්නේ වත් නැතුව මහත්තයා ඉඳීවි.. නෝනට ආදරේ කරල ඔලුව අතගාලා නලල ඉඹලා ගෙදරින් යන්න මහත්තයාට පුලුවන් නම් නෝනගෙත් ආදරෙන් පිරුන හිතට ඇතුල් වෙන්න කාටවත් බැරි වෙයි..

ඒ වගේම තමයි තමන් දවල් කන බොන වෙලාවට තමන්ගේ සැමියා හෝ බිරිඳ කෑවද බීවද කියලා කෝල් එකක් දීලා හොයලා බලන්න පුලුවන් නම් ඔබගේ ආදරේ දුර ඉඳන් උනත් ඔහු හෝ ඇය විඳීවි... ඔහුට හෝ ඇයට ආදරයේ අඩුවක් නොදැනේව්.. ආදරේ අඩුවක් නොදැනෙන හිතකට කවදාවත් වෙන කෙනෙක් ඕනේ වෙන්නේ නෑ ...

තමන්ගේ සැමියා හෝ බිරිඳ අනියම් සබඳතාවයක් පවත්වන බව අහු වුනාම ඔවුන්ගෙන් අහන දෙයක් තමයි මෙහෙම කරන්න මගෙන් උන අඩුපාඩු මොනවද කියලා.. බිරිඳ හිතන්නේ සැමියාට කන්න උයලා දුන්නාම ඇඳුම් සෝදලා දුන්නාම .. අසනීප උනාම බැලුවාම ඔක්කොම හරි කියලයි.. සැමියත් එහෙමයි බිරිඳට ඇඳුමක් ගන්න සල්ලි දුන්නම .. ගෙදරට රස්සාව කරල සල්ලි දුන්නම ... කඩේ ගිහින් බඩු ගෙනාවාම ඔක්කොම හරි කියලා..

ඒත් ඒ දේවල් ඇරෙන්න තව ගොඩක් ලොකු අඩුපාඩු දෙන්නා අතින්ම වෙනවා..

විවාහයක් නිරවුල්ව පවත්වාගෙන සතුටින් ගත කරන්න ඕනේ කරන මූලිකම සාදකය ලිංගික සබඳතාවය කියලා ඔබ නිකමට වත් හිතලා තියෙනවද... ඔබ හිතුවත් නැතත් ඒක තමයි ඇත්ත.. විවාහය පරන වීම ... දරුවන් ලැබීම .. වගේ දේවල් එක්ක ගොඩක් අඹු සැමියන් ලිංගික සබඳතා වලින් ඈත් වෙනවා.. ඉඳහිට හෝ කලත් ඕනෙවට එපාවට රාජ කාරියක් කරනවා වගේ .. සැමියට ඕනේ දෙයක් කරගන්න ඉඩ දීලා මල කඳක් වගේ වැටිලා ඉන්න බිරින්දෑ වරු තමන්ගේ සැමියා වෙන කෙනෙක් ඇසුරු කලාම අහනවා මම මොනවද තමුසෙට නොදුන්නේ කියලා.. බිරිඳව ඇදලා අරන් තමන්ට ඕනේ දේ කරගෙන අනිත් පැත්තට හැරිලා නිදියන සැමියන් තමන්ගේ බිරිඳ වෙන කෙනෙක් ඇසුරු කලාම අහනවා තමුසෙට මාව මදි උනා නේද කියලා.. ඔබ හොඳින් හිතලා බලන්න ඔබේ අතින් මේ වැරදි වෙනවද නැත්ද කියලා...

විවාහක පුද්ගලයන් වෙනත් අය හා අනියම් සබඳතා ගොඩනගා ගැනීමට යාම ඔවුන්ගේ දික්කසාදය සඳහා හේතුවන නමුත් ඒ හා බැදුණු බොහෝ තවත් සාධක එම අවසාන ප්‍රතිඵලය වෙත රැගෙන යයි. ඇතැම් විට නීතියට මෙන්ම සමහර සම්මතයන්ට පටහැනිව, එරෙහිව අනියම් පෙමක රස පහස සොයා යන්නට උනන්දු කරවන , හේතුවන බොහෝ කරුණු තිබිය හැකිය. (Infidelity is rarely the main issue) එබැවින් මේ හේතු කාරණා මොනවා දැයි හඳුනා ගැනීම වැදගත් වෙයි. එසේ දැන හඳුනා ගැනීම තුළින් විවාහ ජීවිතය බිඳ නොවැටී පවත්වා ගැනීමට පිළියම් යෙදිය හැකිය.

මේ හා සම්බන්ධ බොහෝ අධ්‍යයනයන් ලොව නොයෙක් රටවල සිදුකර තිබේ. විවාහය නීතිමය හා සමාජීය වශයෙන් වූ වැදගත් සම්බන්ධතාවකි. එමගින් ධනාත්මක මෙන් ම සෘණාත්මක වූ බලපෑම් මානසික යහ පැවැත්ම කෙරෙහි ඇති කිරීමට පුළුවන. සාමා‍න්‍යයන් එක් කාන්තාවක එක් පුරුෂයකු සමග ලිංගික වශයෙන් සම්බන්ධ වේ . එය සමාජීය හා සංස්කෘතික වශයෙන් ද පිළිගැනීමට ලක්වේ. විවාහය තුළ ලිංගික ක්‍රියාවලිය හා ඒ තුළ අන්‍යෝන්‍ය ආදරය, ගෞරවය, කැපවීම, බෙදා හදා ගැනීම තිබිය යුතුය.

විවාහ ජීවිතයේ හැම දෙයක් මෙන් ම ලිංගික ක්‍රියාවලිය තුළ ද සතුට දෙදෙනා අතර බෙදී යා යුතුය. එක් අයකුට පමණක් ආත්මාර්ථකාමී ලෙස සතුට සොයා අනෙකා ගැන නොසලකා හැරීම ගැටලු මතු කිරීමට, දික්කසාදයට අත වැනීමක් වනු ඇත. ලිංගික ක්‍රියාවලිය හා බැදුණු වැදගත් දෙයක් නම් දරුවන් නිර්මාණය කිරීමයි. අඹු සැමි දෙදෙනාට ම විවාහය තෘප්තිමත්, ආස්වාදජනක ප්‍රේමයෙන් පිරි ජීවිතයක් ගෙනා කල ඔවුන් වෙතින් නිර්මාණය වන දරුවන් ද ඔවුන් දෙදෙනාට ම සම්පත් වනු ඇත. දෙදෙනාට ම “ දරුසම්පතක්“ ඒ මගින් ලැබේ. එසේ නොවී පවුල් ඡීවිතය අවුල් ජාලයක් වූ විට, නීරස තිත්ත කසායක් වූ කල ඔවුනට ලැබෙන දරුවන් ද සම්පත් නොව වදකාරයින් ය.

විවාහ ජීවිතයක් තුළ ඊට ආවේණික වූ අදාළ චර්යාවක් ගොඩ නැගේ. ඉන්පසු ඒ චර්යාවන් ජීවිත කාලය පුරා ම පවතින්නා වූ සබඳතාවක් ගොඩ නගා ගැනීමට හේතුවේ. දෙදෙනා අතර ඇති කර ගන්නා එකඟතා, එකඟවීම් මගින් ගැටලු සහගත ප්‍රශ්න මගහැර ගැනීමට වැදගත් දායකත්වයක් සපයයි. මෙහි දී මූලික එකඟවීම් අතර මූල්‍යමය කටයුතු කළමනාකරණය, නීතිමය කටයුතු , අන්‍යෝන්‍ය රුචිකත්වයන් සමග එකතු වීම, වටිනාකම් සහ අභිප්‍රායන් හා එකඟ වීම මෙන් ම යහපැවැත්ම සඳහා (attention, sharing, confidence) ආදරය, බෙදාහදා ගැනීම, විශ්වාසය ආදිය වැදගත් වේ.

cheating couple feat 768x384

අනියම් සබඳතා ඇති වන්නේ හා ඇති කර ගන්නේ ගැටලු සහිත විවාහකයන් අතර ය. ප්‍රශ්නවලින් ගහන වූ විවාහ සංස්ථාවලය. ඒ සඳහා බලපාන සාධක බොහෝ ය. විවිධ ය. බොහෝ විට මේවා මානව හැඟීම් හා සම්බන්ධ බැවින් කල්තබා උපදෙස් දීමක් හෝ මඟ පෙන්වීමක් ද කිරීම දුෂ්කර ය. එකිනෙකාගේ හැඟීම්, දැනීම් ඒ ඒ පුද්ගලයාට අනුව වෙනස් බැවිණි. එසේ ම ඒ ඒ අවස්ථාව අනුව ද ඒ හැගීම්වල ස්වභාවය, ප්‍රබල හෝ දුබලතාව වෙනස් ය.

මෙහිදී ප්‍රාථමික සහකරු හෝ සහකාරිය (primary partner) ගෙන් ලිංගික ක්‍රියාවලිය සඳහා දක්වන උනන්දුව අඩුවීම, ප්‍රතිචාර ප්‍රතික්‍රියා අඩුවීම, හැගීම්වල තෘප්තිමත්භාවය අඩුවීම (Lack of emotional satisfaction) ආදරය, ප්‍රේමය අඩුවීම (Lack of love and attention) අලුත් අයකු හෝ අයගෙන් අලුත් අත්දැකීමක් ලබා ගැනීමේ ආශාව (For new experience ) නියමිත වයසට පෙර එනම් ලිංගික පරිණතියට පෙර සිදුවන විවාහ ( early marriage) , වැරදි හේතුවක් නිසා විවාහය උදා-: කාගේ හෝ බලපෑම මත තමාගේ කැමැත්තක් නැතිව, ආර්ථික හෝ සමාජ තත්වයන් ගැන සලකා, තමා අතින් වරදක් වීම හෝ වරදක් කර ඊට වන්දි ගෙවීමක් ලෙස විවාහයට යොමුවීම, අලුත් විවාහ ජීවිතයට අනුගත වීමට, ඒ අනුව අවශ්‍ය වෙනස් වීම් , වෙනස්කම් සඳහා නොහැකියාව, විවාහයට පෙර සිටි පුරුදු ජීවිතයේ ඇතැම් හානිකර පුරුදුවලින් ඈත් වීමට , ඒවා අත්හැර දමා අලුත් ලෙස සිතන්නට බැරි වීම, ජීවිතයේ වෙනස්කමකට ඇති අකමැත්ත, මව්පියන් බවට පත් වූ පසු පෙරදා සිටි පෙම්වතුන්, අඹුසැමියන් ලෙස වූ සබඳතා අත් හැරීම හෝ අඩුවීම, වයසත් කාලයත් සමග කායික වෙනස් කම්, මානසික වෙනස්කම් , විශේෂයෙන් ම ස්ත්‍රි පාර්ශ්වයේ කායික වශයෙන් සිදුවන ආකර්ෂණීය බව, හැඩරුව පිරිහීම , පුද්ගල මූලික වටිනාකම් සඳහා එකඟතා නැතිවීම, දෙදෙනාට ම පොදු වූ රුචිකත්වයන් නැති විම , ආර්ථික අමාරුකම් ..... මේ ආදී බොහෝ කාරණා දෙදෙනා අතර බැඳිම් ලිහිල් කිරීමටත් දික්කසාදය සඳහා පෙළඹවීමක් සිදුවීමට බලපානු ඇත.

විවාහ ජීවිතය කල්ඉකුත් වූ (out of date) තත්වයකට පත් කරගත යුතු නැත. කායික මානසික වශයෙන් එය කාලයත් සමග වයසට ගියද ඒ සමග ම අලුත් බවක් ද ඇති වන බව දැකීමට හැකිවිය යුතුය. පසුගිය දා වාර්තා වූවක් නම් අනූහය වැනි වියේ පසුවන විය පත් සැමියකු අනූ දෙහැවිරිදි වියේ පසු වූ තම බිරිද මියගිය සෝකය දරාගත නො හී සිය දිවි හානිකර ගැනීමට තැත්තළ පුවතකි. එවැනි විවාහක යුවළක් සියවසකට ආසන්න කාලය, වසර හැත්තෑවක් අසූවක් විවාහ දිවිය කෙතරම් සතුටින්, තෘප්තියෙන් ගෙවන්නට ඇත්දැයි සිතනු වටී, ස්ත්‍රීන් හා පුරුෂයන් විවාහපත් වන්නේ විවාහ ජීවිතය උපරිම සතුටින් , තෘප්තියෙන් ගෙවන්නට සිහින දකිමිණි. සිහිනය එක් පාර්ශ්වයකගේ පමණ වූ විට එය සැබෑවක් කරගත නොහැකි වනු ඇත. ඒ අපේක්ෂිත විවාහය තනිකඩ ජීවිතයට වඩා මිහිරි, රසවත් වින්දනීය එකක් වනු ඇතැයි විවාහාපේක්ෂකයෝ කල්පනා කරති. ‘ මටත් හැමදාට ම කෙනෙක් ඉන්නවා ’ ය යන විශ්වාසය හැම විවාහකයකු තුළම හැම පෙම්වතකු පෙම්වතියක තුළ ම තිබිය යුතුය....!

ධනුෂ්ක කාංචන ජයවීර/ප්‍රියන්ත ගාමිණී ජයසිංහ මනෝ උපදේශක