SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දියාවේ අනන්තා ඇස්පන් මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රානි බග්චි,

ඩේලි මිරර් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දියා-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ගැන කතා කර තිබේ.

 

 

ඉන්ද්‍රානි බග්චි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතේ සහකාර කර්තෘවරිය ලෙස කටයුතු කළ අතර, එහිදී ඇය 2004 සිට 2022 දක්වා එම පුවත්පත සඳහා විදේශ ප්‍රතිපත්ති පුවත් වාර්තා කර විශ්ලේෂණය කළාය.

 

 

රාජ්‍ය තාන්ත්‍රික විශ්ලේෂිකාවක් ලෙස, ඉන්ද්‍රානි බග්චි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය (MEA) ආවරණය කළ අතර, ගෝලීය ප්‍රවණතා ඉන්දියානු දෘෂ්ටිකෝණයකින් අර්ථකථනය කර විශ්ලේෂණය කළාය.

 

මීට පෙර, ඉන්ද්‍රානි ප්‍රමුඛ ප්‍රවෘත්ති සඟරාවක් වන ඉන්දියා ටුඩේ, ද ඉකොනොමික් ටයිම්ස් සහ ද ස්ටේට්ස්මන් හි සේවය කර ඇති අතර, ඇය කල්කටා විශ්ව විද්‍යාලයේ ලොරෙටෝ විද්‍යාලයෙන් ඉංග්‍රීසි ගෞරව සහිතව උපාධිය ලබා ගෙන ඇත. ඉන්ද්‍රානි 1997 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ රොයිටර්ස් සාමාජිකාවකි.  2010 දී, වොෂින්ටන් ඩීසී හි බෲකින්ස් ආයතනයේ එක්සත් ජනපද-චීන ​​සබඳතා අධ්‍යයනය කිරීම සඳහා ආසියා පදනම විසින් ඉන්ද්‍රානිට චැං ලින්-ටියන් සාමාජිකත්වය පිරිනමන ලදී. ඇය අනන්තා ඇස්පන් මධ්‍යස්ථානයේ කමල්නායන් බජාජ් සාමාජිකත්ව පන්තියේ 3 වන සාමාජිකාවක් සහ ඇස්පන් ගෝලීය නායකත්ව ජාලයේ සාමාජිකාවක් වූවාය.

  

 

අගමැති මෝදිගේ සංචාරය ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට උපකාරී වනු ඇත.   

ශ්‍රී ලංකාව සමඟ වඩාත් සමීපව කටයුතු කිරීමට ඉන්දියාව තුළ විශාල උනන්දුවක් පවතී. 

 

ප්‍රශ්නය: අගමැති මෝදිගේ මෙම සංචාරය තීරණාත්මක අවස්ථාවක සිදුවෙමින් පවතිනවා. රටවල් දෙක අතර සම්බන්ධතා ව්‍යාපෘති සහ ආර්ථික ඒකාබද්ධ කිරීම පිළිබඳව කතා කරනවා. මෙම සංචාරය කෙතරම් ඵලදායී වේවිද?


හොඳයි, එය ඉතා ඵලදායී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා, ඒකට හේතුව   තමයි ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ වඩාත් සමීපව කටයුතු කිරීමට විශාල උනන්දුවක් දැක්වීම. ශිෂ්ටාචාර සබඳතා සමඟ අපට දිගු ඉතිහාසයක් තියෙනවා. අපට ඉතා ශක්තිමත් ආර්ථික සබඳතා තියෙනවා. අපි එකම භූගෝලීය ස්ථානයක සිටින අය. මේ නිසා ශ්‍රී ලංකාවට හොඳම සංවර්ධන සහකරු විය හැකි බව අපි විශ්වාස කරනවා.   



ප්‍රශ්නය: රටක් ලෙස ශ්‍රී ලංකාව නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ලෙස හඳුන්වන දෙය අනුගමනය කිරීමට උත්සාහ කරනවා. එය අනෙකුත් බලශක්ති ප්‍රභවයන් සමඟ - චීනය ඇතුළු - සබඳතා වැඩි දියුණු කිරීමට උත්සාහ කරනවා. ඒ අර්ථයෙන්, සංවර්ධනය සඳහා හොඳම සහකරු යැයි ඔබ පවසන විට, එයින් අදහස් කරන්නේ කුමක්ද?

නොබැඳි වීම යනු මිය ගිය සංකල්පයක්.

සීතල යුද්ධය අවසන් වූ පසු, නොබැඳි වීම ද අවසන් උනා.

මම නොබැඳි රටක් කිව්වම, 
ඒ කියන්නේ ශ්‍රී ලංකාව තවත් බොහෝ රටවල් සමඟ සබඳතා සොයනවාද?


ඉන්දියාව කිසි විටෙකත් තම හවුල්කරුවන් වෙනත් හවුල්කරුවන් සෙවීම නතර කර නැතැයි මම සිතනවා. අපට අපගේ ආරක්ෂක අවශ්‍යතා තියෙනවා. අපට අපගේ උපායමාර්ගික අවශ්‍යතා තිබෙනවා. ඒවා උසස්.

 

නමුත් ඔබට වෙනත් හවුල්කරුවන් සමඟ වාණිජ සබඳතා පැවැත්වීමට සිදුවුවහොත්, ඉන්දියාව කිසි විටෙකත් එයට බාධාවක් වී ඇතැයි මම හිතන්නෙ නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ ආරක්ෂාවට හෝ ඉන්දියාවේ උපායමාර්ගික අවශ්‍යතාවලට බලපාන දෙයක් තිබේ නම්, ඉන්දියාව ඊට ප්‍රතිචාර දක්වනවා.

 

ඉන්දියාව එය අභියෝගයට ලක් නොකර සිටීමට ඉඩ නොදේවි. සංවර්ධන හවුල්කාරිත්වය වෙත ආපසු යන විට, මෑත කාලීනව, ශ්‍රී ලංකාව පහත වැටීමෙන් වළක්වා ගැනීමට මුදල් සම්භාරයක් ලබා දුන්නේ ඉන්දියාව යැයි මම හිතනවා. ඔබේ ප්‍රධාන සහකරු චීනය එය කිරීම ප්‍රතික්ෂේප කළ විටයි  ඒක සිද්ද උනේ. ශ්‍රී ලංකාව එම ප්‍රශ්නය තමන්ගෙන්ම අසාගත යුතු යැයි මම හිතනවා. මගේ හොඳම සංවර්ධන සහකරු කවුද? මම හදිසි තත්වයක සිටී නම්, මගේ සහායට පැමිණෙන්නේ කවුද?   



ප්‍රශ්නය: ශ්‍රී ලංකාව ඔබේ සමීපතම සමුද්‍රීය අසල්වැසියා. චීන පර්යේෂණ යාත්‍රා සම්බන්ධ මෙම උපක්‍රමශීලී ගැටලුවට අපි මුහුණ දුන්නා. මේවා සමුද්‍රීය පර්යේෂණ යාත්‍රා බව චීනය කියන අතර කිසිදු බාහිර පාර්ශවයකට කිසිදු ආරක්ෂක තර්ජනයක් එල්ල නොකරනවා?  නමුත් ඉන්දියාව වෙනත් ආකාරයකිනුයි ඒ පිළිබඳව විශ්වාස කරන්නෙ. එවිට ශ්‍රී ලංකාවට ඇතිවන ගැටලුව සමඟ කටයුතු කළ හැක්කේ කෙසේද? ‍



එය ශ්‍රී ලංකාවට බර කළ යුතු දෙයකි. චීන පර්යේෂණ යාත්‍රාවලට අපට බරපතල විරෝධතා තිබෙනවා, මන්ද ඒවාට වෙනත් අභිප්‍රායන් ඇති බවත්, විශේෂයෙන් ඉන්දියාව සම්බන්ධයෙන්, ඔවුන්ට අශෝභන අභිප්‍රායන් ඇති බවත් අපි විශ්වාස කරනවා. ඒ නිසා, සෑම අවස්ථාවකදීම ඒවාට ඉන්දියාවෙන් අභියෝගයක් එල්ල වේවි.   



ප්‍රශ්නය: අසල්වැසි රටවල් සමඟ ඉන්දියාවේ සම්බන්ධතාවය දෙස බලන විට, ශ්‍රී ලංකාවේ අද්විතීයත්වය කුමක්ද?


ශ්‍රී ලංකාවේ අද්විතීයත්වය ඉතිහාසය යැයි මම හිතනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනාවක් ඈතට දිවෙන දිගු ඉතිහාසයක් තියෙනවා. දිගු ශිෂ්ටාචාරමය, සංස්කෘතික සම්බන්ධතාවයක් තිබෙනවා. ඔබ සිටින්නේ ඉන්දියන් සාගරයේ මැද. එය සම්පූර්ණයෙන්ම අද්විතීය ස්ථානයක්. එබැවින්, භූගෝලීය වශයෙන්, ඔබට ඉතා විශේෂ ස්ථානයක් තිබෙනවා.   

 

ප්‍රශ්නය: ඔබේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ශිව්ශංකර් මෙනන් ඔහුගේ පොතේ ශ්‍රී ලංකාව ස්ථිර ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ලෙස සඳහන් කර තියෙනවා. ඔබත් එම දෘෂ්ටිකෝණයට එකඟද?



එය ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් නොවන අතර එය එසේ නොවිය යුතුයි.   

 

ප්‍රශ්නය: ආරක්ෂක දෘෂ්ටිකෝණයකින් ශ්‍රී ලංකාවේ අදාළත්වය ඔබ දකින්නේ කෙසේද?

එය අද්විතීය වීම පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. එය ශ්‍රී ලංකාවේ ස්ථාවරය තමන්ගේම ආරක්ෂක අනාගතයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රශ්නයක්.   

 


ප්‍රශ්නය: මෙම සංචාරය ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට දායක වන්නේ කෙසේද?



මෙම සංචාරය ඉතා වැදගත් වනු ඇතැයි මම සිතනවා.   

එය නව රජය සමඟ පළමු සංචාරයයි. පැරණි සබඳතා පමණක් නොව, ආර්ථික වශයෙන් කුමන අර්බුදයක් තිබුණත් ශ්‍රී ලංකාව ජය ගැනීමට උපකාර කිරීමට අපගේ උනන්දුව නැවත තහවුරු කරනවා. ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් උදව් කිරීමට අපගේ උනන්දුව අපි එමගින් අඟවනවා. ශ්‍රී ලංකාවේ දිගුකාලීන අනාගතය කෙරෙහි අපගේ උනන්දුව අපි ප්‍රකාශ කරනවා.   

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉතා වැදගත් දේශපාලන හා උපායමාර්ගික පණිවිඩ රාශියක් ලංකා ආණ්ඩුවට ලැබෙනු ඇතැයි මම හිතනවා.   

 

ප්‍රශ්නය: එම සම්බන්ධතා ව්‍යාපෘතිවල අනාගතය කුමක් වේද?

අවංකවම, ශ්‍රී ලංකාවට ඉන්දියානු විදුලිබල පද්ධතියට සම්බන්ධ වීම කිසිසේත්ම අපහසු දෙයක් නොවේ. ජනතාවට කිසිදු ගැටළුවක් නොමැතිව විදුලිය ලැබෙනවා. එවිට එය බොහෝ පහසුයි. එය ශ්‍රී ලංකාව තීරණය කළ යුතු දෙයක්. නමුත් එය ඉන්දියාව දිගු කලක් තිස්සේ යෝජනා කළ දෙයක්. එය ටික කලක සිට ක්‍රියාත්මක වෙමින් තියෙන්නෙ. මම හිතන්නේ එය සම්පූර්ණයෙන්ම තේරුමක් ඇති දෙයක්. ඒ නිසා, එය අදාළ සෑම කෙනෙකුටම හොඳ දෙයක්.   

 

ප්‍රශ්නය: ශ්‍රී ලංකාව ඉන්දියාවේ තම පැවැත්ම වැඩි කළ යුතු බවට දිගුකාලීන යෝජනාවක් තියෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?



ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට මෙතරම් මෙහෙයුම් අවශ්‍ය දැයි මම දන්නෙ නැහැ. නමුත් ශ්‍රී ලංකාව වැනි රටක් ඉන්දියානු ආර්ථිකය සමඟ එහි ඒකාබද්ධතාවය වැඩි කළ යුතුයි. එය වඩා වැදගත්. ඔබ ඉන්දියානු ආර්ථිකයට (ඉන්දියානු ආර්ථික වර්ධන කතාවට)  සම්බන්ධ වුවහොත් එය ශ්‍රී ලංකාවට පහසු ගමනක්. ඉන්දියාව ඔබට ඉන්දියානු ආර්ථිකය සමඟ ඒකාබද්ධ වීමට අවස්ථාවක් දීල තියෙනවා.   

එය ගැටළුවක් නොවේ. එමගින් ඔබේ අවස්ථා වේගයෙන් ලෙස ඉහළ යාවි.  


ප්‍රශ්නය: ඒ අර්ථයෙන් ගත්තම, ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම (ETCA) අත්සන් කිරීම ඉතා වැදගත්ද? 

ඔව්. නමුත් මෙවර එය අත්සන් කිරීමට යයි කියා මට විශ්වාසයක් නැහැ. නමුත් ඉන්දියානු ආර්ථිකය සමඟ වැඩ කිරීමට ඔබට තවමත් එම ගිවිසුම අවශ්‍ය වෙන්නෙම නෑ. සංචාරක, ආගන්තුක සත්කාර ආදී ශ්‍රී ලංකාවට වැදගත් වන අංශ රාශියක් තියෙනවා. ETCA නොමැතිව හෝ ETCA අත්සන් කිරීමට පෙර පවා ලංකාවට එය කළ හැකියි.   

 

ප්‍රශ්නය: ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ඔබේ යෝජනා, යෝජනා හෝ අවබෝධයන් මොනවාද?

 

මගේ ලොකුම යෝජනාව වනුයේ, ශ්‍රී ලංකාව මේ ආකාරයෙන් නොබැලිය යුතු බවයි. එනම් මට ඉන්දියාව චීනය සමඟ සමබරව වැඩ  කිරීමට ඉඩ දෙන්න, නැතහොත් චීනය ඇමරිකාව සමඟ සමබරව  කිරීමට ඉඩ දෙන්න වැනි ආකාරයට.


මෙය ශ්‍රී ලංකාව ඇතුළත් විය යුතු ක්‍රීඩාවක් නොවේ.

ඔබ සිතියම දෙස බැලිය යුතුයි.

ඔබ සිටින්නේ යාබද නිවසේයි.  හෙට අවශ්‍යතාවයක් ඇති වුවහොත්, ඉන්දියාව පමණක් ඔබ වෙත පැමිණෙනු ඇත.  ඔබ ඉතිහාසය දෙස බැලිය යුතුය.


ඔබ චීනය දෙස බලන්නේ ඇයි? ඒ ඔබට මුදල් ලබා දෙන නිසාද? ඔබ කැමතිද ඔබේ රටේ හම්බන්තොට වරාය වැනි  උපායමාර්ගික ස්ථාන අත්පත් කර දීමට?  එය සිවිල් සහ හමුදා භාවිතය සඳහා භාවිතා කලොත්?  

ශ්‍රී ලංකාවට එය සුවපහසුද? ඉන්දියාව එසේ කළා නම්, ශ්‍රී ලංකාව ගැටෙන්නට ඉඩ තිබුණ. ඔබ චීන හමුදා පැවැත්මට ගොදුරු වී තිබෙනවා.   

ඔබ තේරීමක් කරන විට, එම තේරීම සඳහා දිගුකාලීන ඇඟවුම් තිබෙනවා.   

 


ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ චීන සමාගමක් විසින් පාලනය කරනු ලබන වරායක් තිබීම ඔබට ගැටලුවක්ද?



එය කලාපයේ සැමට ගැටලුවක්.   

නමුත් කෙසේ වෙතත්, එය අවසන් වූ ගනුදෙනුවක්. දැන් එම ගනුදෙනුව අවලංගු කිරීම කිසිවෙකුට අපහසුයි, මන්ද එය ක්‍රියාත්මක වෙමින් පවතින්නක්.

 

 

ලංකාවේ උතුරේ කන්කසන්තුරේ වරාය සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට ඉන්දියාව උත්සාහ කිරීමට හේතුව එයද?   



ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ ආයෝජනය හම්බන්තොටට පෙර සිදුවූවක්.

2009 දී හම්බන්තොට චීන ජාතිකයන්ට දුන්නා.

ඒකෙ අදහස හම්බන්තොට දීනයට එන්න කලින් ඉන්දියාවට  ශ්‍රී ලංකාවේ අවස්ථාවන් නැති වුණා කියලා නෙවෙයි. ශ්‍රී ලංකාවේ ඉන්දියානු අවශ්‍යතා පෙර සහ පසු එලෙසම පැවතුණා. අපේ තර්කය එසේමයි. උනන්දුවත්  එලෙසම පවතිනවා.   

ශ්‍රී ලංකාව කොහේවත් ගිහින් නැහැ.

ඔබ තවමත් ඉන්නෙ ඉන්දියානු සාගරයේ හිරවෙලා. අපි තවමත් අපි ඉන්න තැනම හිරවෙලා ඉන්නවා.   

 

ප්‍රශ්නය: චීනය එන්න කලින්, ශ්‍රී ලංකා නායකයින් හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා ඉන්දියාවට ආවා. නමුත් ඔබ ආවේ නැද්ද?



ඒ කාලේ ඉන්දියාවට ඒක තේරුමක් තිබුණේ නැහැ. ඉන්දියාව චීනය කරන දේම කළොත්, ශ්‍රී ලංකාවේ ඉන්දියාවට එරෙහි විරෝධතා ඇති වෙනවා නේද? ඉන්දියාව ශ්‍රී ලංකාව අත්පත් කරගන්නවා කියලා.   

ඔබ කවදාවත් චීනය ගැන එහෙම කියලා නැහැ, නමුත් ඔබ ඉන්දියාව ගැන එහෙම කියන්න ඉඩ තිබුණා.   

 


ප්‍රශ්නය: ඉන්දියාව හම්බන්තොට ආයෝජනය කිරීමට අපොහොසත් වීම ගැන ඔබ කනගාටු වෙනවාද?


ඔබ දන්නවා, 50 ගණන්වලදී, පකිස්ථානයේ ඇති ග්වාඩර් වරාය අපට පිරිනමනු ලැබුවා.   

අපට එය භාර ගැනීමට නොහැකි උනා. අද අපි චීන ජාතිකයන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන වරායක් වන ග්වාඩර් දිහා බලමු.   

අපි ඒ ගැන කනගාටු වෙනවාද? කොහොම හරි, අපට එය භාර ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ.   

 

ප්‍රශ්නය: ඉන්දියාවේ උපායමාර්ගික දෘෂ්ටි කෝණයෙන් කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම කොතරම් වැදගත්ද?

මම හිතන්නේ ඒක ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යයි.

ඒක ශ්‍රී ලංකාවේ.

ඒක ශ්‍රී ලංකාවේ වරාය.

ඒක දෙරට අතර සම්බන්ධතාවය වැඩි දියුණු කරාවි. ශ්‍රී ලංකාව තමන්ගේම අනාගතය ගැන සිතිය යුතුයි.

 

 

නවතම ලිපි