ධාරාණිපාත වර්ෂාව, ගංවතුර හා සුලං හේතුවෙන් මේ වන විට උතුරේ පවුල් 40,803 කට අයත්
පුද්ගලයින් 131,490 විපතට පත්ව ඇතැයි දිස්ත්‍රීක් භාර ආපදා කලමනාකරන ඒකකයන් විසින් පෙන්ව දෙයි.
පවතින අයහපත් කාලගුණික තත්වය වැඩිවශයෙන් බලපා ඇත්තේ මන්නාරම් දිස්ත්‍රීක්කයට වන අතර එහි පවුල් 24,313 කට අයත් පුද්ගලයින් 79,946 දෙනෙකු විපතට පත්ව ඇතැයි වාර්ථා වෙයි.
ඊට අමතරව මුලතිව්හි පවුල් 670 කට අයත් පුද්ගලයින් 982 ක්, කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පවුල් 2950 කට අයත් පුද්ගලයින් 9025 දෙනෙකුද , යාපනය දිස්ත්‍රීක්කයේ පවුල් 10,005 කට අයත් පුද්ගලයින් 31,871 දෙනෙකු සහ වව්නියාව දිස්ත්‍රීක්කයේ පවුල් 2865 කට අයත් පුද්ගලයින් 9666 දෙනෙකු විපතට පත්ව ඇතැයි දිස්ත්‍රීක් ආපදාකලමනාකරන ඒකකයන් විසින් පෙන්වා දෙයි.
පවතින අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් ගංවතුර මෙන්ම වැව් වාන් දැමීම හේතුවෙන් ජලගැලීම් ඇතිවය හැකි බැවින් පහත්බිම් වල ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසටද ආපදාකලමනාකරන ඒකක නිලධාරීණ් විසින් ජනතාවට දැනුම් දී සිටිති.
විපතට පත් වූ ජනතාවට මෙන්ම ආරක්ෂිත ස්ථානවල සිටින ජනතාව වෙතට මේ වන විටත් ආපදාකලමණාකරන නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ විසින් ආහාර ඇතුලු අවශ්‍ය පහසුකම් හැකි අයුරින් ලබ දීම සිදුකරයි.
@ වන්නි රොමේෂ් මධුෂංක

