ජාත්‍යන්තර සංක්‍රමණ නීති අනුව මුහුදු මගින් එන යම් සරණාගතයකු ආපසු තම රටට
යාම ප්‍රතික්ෂේප කළහොත් ඔහු ගොඩ බැස සිටින රටේම සරණාගතයකු ලෙස සිටීමට අවසරය ඇත. ඉකුත්දා මියන්මාරයෙන් පලා ආ මුස්ලිම් සරණාගතයන්ට ද එම නීතිය අනුව සැලකීමට අපට සිදුවෙයි.
මෙයට පෙර අවස්ථා ගණනාවක්ම එරටින් ආ පන්දහසකට නොවැඩි සරණාගතයෝ ප්‍රමාණයක් අදටත් මිරිහානේ හා තවත් ස්ථාන කීපයක ජීවත් වෙති. මෙය මානුෂික ප්‍රශ්නයක් වුවත් මෙමගින් සිදුවන්නේ මෙරට ජනගහණය තවතවත් ඉහළ නැගීමය.
රෝහින්ග්‍යා සරණාගතයන් වැඩි පිරිසක් වාසය කරන්නේ මියන්මාරයේ වෙරළබඩ පිහිටි රඩයින් ප්‍රාන්තයේය. මේ පිරිස මුස්ලිම් ජනකොටසකි. මියන්මාරයේ බහුතර ප්‍රජාව බෞද්ධයන්ය. මියන්මාරයේ දී මේ පිරිසට එල්ලවන හිංසා පීඩා නිසා විශාල වශයෙන් ජීවිතාරක්ෂාව පතා රටින් පලා යමින් සිටිති. මෙසේ පලායන සමහරු වරින්වර ලංකාවට ද පැමිණෙති. 2017 දී සරණාගතයන් 31 දෙනෙක් ලංකාවේ මුහුදු සීමාවේ සිට බේරාගත් අතර මේ පිරිස රඳවා සිටි කොළඹට ආසන්න නිවෙසක් ඉදිරිපිට ලාංකික කණ්ඩායමකගේ උද්ඝෝෂණයක්ද තිබිණි. උද්ඝෝෂකයන් කියා සිටියේ මුස්ලිම් අනාථයන් වරින්වර ලංකාවට පලා ඒමෙන් ලංකාවේ ද වාර්ගික ප්‍රශ්නයක් ඇතිවිය හැකි බවය. මෑත කාලයේ අවස්ථා කිහිපයකදීම එහෙන් පලා ආ රෝහින්ග්‍යා අනාථයෝ ලංකා මුහුදු සීමාවේදී බේරාගනු ලැබිණි. මුලතිව් මුහුදු ප්‍රදේශයේදී ඉකුත්දා බේරාගත් කණ්ඩායම අලුත්ම සරණාගතයන් කණ්ඩායමය.
දැනට වසර ගණනාවකට පෙර පළමු මියන්මාර සරණාගතයා මුහුදු මගින් මෙරටට පැමිණි දා පටන් වරින්වර පැමිණි සරණාගතයන්ගෙන් යම් පිරිසක් මේ වන විට සිවිල් සමාජය සමග මුසුවී ඇතැයි සැලකේ.
අද පමණක් නොව වසර සිය දහස් ගණනක් තිස්සේ වෙනත් රටවලින් ආ අනවසර සංක්‍රමණිකයෝ මෙරට මුහුදුබඩ ප්‍රදේශවල පදිංචි වූහ.
ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව සියවස් ගණනාවක් තිස්සේම ඉන්දියාවේ සිට අනවසර පදිංචිකරුවෝ ලංකාවට පැමිණියහ.
විජය පුරාවෘත්තය හා ඒ ආසන්න ඉන්දියානු කණ්ඩායම් පැමිණීම ද අනවසර කඩා වැදීමක් ලෙස සැලකිය හැක්කේ ඒ වනවිටත් මෙරට රැජිනක් යටතේ විධිමත් පාලන ක්‍රමයක් ස්ථාපිතව තිබූ නිසාය. ඉන්දියානු ආක්‍රමණික සේනාංක මෙරටට කඩාවැදුණු සෑම අවස්ථාවකම දහස් ගණනක අනවසර පදිංචිකරුවෝ මෙරටට පැමිණ පදිංචි වූහ. ඉන්පසු බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉන්දියාවේ සිට ද බුරුමය, මැලේසියාව හා වෙනත් රටවල සිට ද මෙරටට පැමිණ පදිංචි වූ අනවසර පදිංචිකරුවන් ප්‍රමාණය දහස් ගණනකි.
‘කල්ලතෝනි’ යන වචනය මෙරට භාෂාවට එකතු වූයේ අනවසර ඉන්දීය සංක්‍රමණිකයන් නිසාය.
දෙමළ භාෂාවෙන් කල්ල යනු හොරාය. තෝනි යනු ඔරුවය.
ඔරුවල නැගී ලංකාවට හොර රහසේ තැන තැන පදිංචිවූවන් එකල කල්ලතෝනි ලෙස හැඳින්විණි. එකල කල්ලතෝනි ලෙස සැලකුණු හොර රහසේ ලංකාවට පැමිණ පදිංචි වන පිරිස වැඩි වශයෙන් පදිංචි වූයේ උතුරු හා නැගෙනහිර දුෂ්කර හා ශුෂ්ක බිම් ප්‍රදේශවලය. මන්නාරම හා මඩකලපුව ආශ්‍රිත ප්‍රදේශවල අදටත් ජීවත්වන සමහර පවුල් කල්ලතෝනි ලෙස මෙරටට හොරෙන් ආ උදවිය වෙති.
ඉන්දියාවේ සිට ලංකාවේ පදිංචිවීමට හොර රහසේ ආ පිරිස එම ගමනේදී විවේක ගන්නා තිප්පොළක් වූයේ කච්චතිව් දූපතය. මෙම දූපත ඉන්දියාවට වඩාත් ආසන්නව පිහිටා තිබීම නිසා එහි අයිතිය පිළිබඳව වසර ගණනාවක මත ගැටුම්වලින් පසු 1974 දී එම දූපත ලංකා රජයට පවරා දෙනු ලැබිණි.
ඉන්දියාවේ සිට ‘කල්ලතෝනි’ පැමිණෙන එක් මාර්ගයක් වන්නේ මන්නාරම හා ඉන්දියාව අතර පිහිටි වැලිපර ආශ්‍රිත ප්‍රදේශයයි. මේ නිසා ලංකාවට නිදහස ලැබුණු පසු මන්නාරම, සිලාවතුර ඇතුළු වෙරළ ප්‍රදේශයටත් උතුරේ කන්කසන්තුරේ ප්‍රදේශයවත් හමුදා කණ්ඩායම් යවා ආරක්ෂාව තරකර තිබිණි. එකල ලංකා හමුදාව ඉතා කුඩා ඒකකයක් ලෙස පැවතුණ අතර ‘කල්ලතෝනි’ ඒම මෙරටට ඒමට නොදී රැකවල් කළ හමුදා ඛණ්ඩය හැඳින්වුණේ ‘කල්ලතෝනි බ්‍රිගේඩ්’ යනුවෙනි.
ලංකාව මෙතරම් දුප්පත්වීමට එක් හේතුවක් වන්නේ අධික ජනගහණයයි. ආදී කාලීන සමාජයේ පළමුව සිංහල ද දෙවනුව දෙමළ ද යන ජන කොටස් හැර අන් ජන කොටසක් නොවීය. එහෙත් පසුකාලීනව මුස්ලිම්, ඉන්දීය දෙමළ, මැලේ ඇතුළු ජනවර්ග ගණනාවක් මෙරටට පැමිණ ඇත.
1953 ජනසංගණනය අනුව ලංකාවේ ජනගහණය වූයේ (අසූලක්ෂ අනූහත්දහස් නවසීයයකි. 8097900) මෙයින් හැත්තෑ ලක්ෂයක් ස්ථීර පදිංචිකරුවන් වූ අතර දස ලක්ෂයක් දෙනා තාවකාලික පදිංචිකරුවන්ය. ස්ථීර පදිංචිකරුවන්ගෙන් පනස් හයලක්ෂ විසිඑක්දහසක් සිංහල ජනතාවය. නවලක්ෂ අටදහසක් ලාංකික දෙමළ ජනතාවය. හාරලක්ෂ හැටඅටදහසක් මුස්ලිම් ජනතාවය. විසිඅටදහස් හත්සියකින් හයක් මලයාලි (කේරල) ජනතාවය.
හතළිස් තුන්දහස් නවසියයක් මැලේවරුන්ය. බර්ගර් හා ආප්‍රිකානු ඇතුළු අන්‍ය ජාතීන්ගේ ගණන විසිදහසකි. තාවකාලිකව පදිංචි ලක්ෂ දහයෙන් නවලක්ෂ අනූ පන්දහසක්ම ඉන්දියානු සංක්‍රමණික කුලීකරුවන් වේ. රටක් නැති දසලක්ෂයක් මෙරට සිටීම එදා සිටි ලාංකිකයන්ගේ වැරැද්දක් නිසා සිදුවූවක් නොවේ. ලංකා සමාජයට ආගන්තුක ජනවර්ග ඇතුළු කළේ මෙරට යටත් කරගෙන සිටි යුරෝපීය කොල්ලකාර ආණ්ඩු විසිනි. මැලේවරුන් පළමුව මෙරටට ගෙන ආවේ පෘතුගීසින් විසිනි. අප්‍රිකානු නීග්‍රෝ ජනයා ගෙන ආවේ ලන්දේසින් සහ ඉංග්‍රීසින් විසිනි. උඩරට පළාත්වල අතිවිශාල ප්‍රමාණයක් සිටින ඉන්දීය දෙමළ ජනතාව ගෙන ආවේ ඉංග්‍රීසින් විසිනි. එම යුරෝපීය ජනවර්ග තුනම මෙරට පාලනය කර මෙරටින් ඉවත්ව ගියද ඔවුන් ගෙන ආ විදේශීය ජනවර්ගවලින් අතිවිශාල සංඛ්‍යාවක් අද මෙරට ස්ථීර පදිංචිකරුවන්ය. ඒ සමගම විදේශීය පාලකයන් මෙරටින් ඉවත්ව ගියේ අපට නුහුරු නුපුරුදු ගතිගුණ ඇති අලුත්ම සමාජයක් බිහි කරමිනි. අද මෙරට ඇති බොහෝ ප්‍රශ්නවලට හේතුවද යටත් විජිත යුගයේ මෙරට ජන සංයුතිය වෙනස් කිරීමය.
ලංකාවේ ජනගහණය බ්‍රිතාන්‍ය පාලන යුගයේ ඉහළ ගියේ ඔවුන්ගේ වෙනත් යටත් විජිතවලින් වැවිලි කර්මාන්තයට හා වෙළෙඳුන් ලෙසද යුද සෙබළුන් ලෙසද විදේශිකයන්ට මෙරටට පැමිණීමට ඉඩ ලබාදී තිබීම නිසාය. පරංගි හා ඕලන්ද යුගයේ අප්‍රිකාවෙන් හා මැලේසියාවෙන් ගෙන ආ යුද සෙබළුන් ඇතැම් සටන්වලදී මෙරට රජවරුන්ගේ පාලන ප්‍රදේශයට පලාගොස් රැකවරණය ලැබූ බව ඓතිහාසික ලේඛනවල සඳහන්ය.
මෙරට දැනට පදිංචිව සිටින මුස්ලිම්වරුන්ගෙන් වැඩි පිරිසක් ද විවිධ කාලවකවානුවල විවිධ රටවලින් අනවසරයෙන් පැමිණ පදිංචි වූ පුද්ගලයන්ය. මොරොක්කෝවෙන් පැමිණි මුවර් ජාතිකයන්, ගුජරාටයෙන් පැමිණි බෝරාවරුන්, දකුණු ඉන්දියාවෙන් පැමිණි මලබාර් හා මලයාලම් ප්‍රජාවට අයත් මරක්කල ලෙස හැඳින්වෙන ජනතාව මැලේසියාව ජාවා හා බෝර්නියෝ දූපත්වලින් ආ ජා සහ මැලේ ප්‍රජාව මෙරට සිටින විවිධ මුස්ලිම් ප්‍රජාවට අයත්ය. ඔවුන් අතිවිශාල පිරිසක් මෙරටට පැමිණියේ යටත් විජිත පාලන සමයේය.
අනවසර සංක්‍රමණිකයන්ගෙන් වඩාත්ම ‘උවදුරක්’ ලෙස පැතිර තිබුණේ දකුණු ඉන්දීය කුලී කරුවන්ය.
1877 ජනවාරියේ ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත දෙමළ කුලීකාරයන් ගැන මෙවැනි ලිපියක් පළකර ඇත.
“දෙමළ කුලීකාරයන් ලංකාවට ගෙනෙන්ට ඕනෑ කාලය ගැන කොහෙත්ම ප්‍රවේශම් නැති හෙයින් මේ දීපවාසීන්ට මහත් හිරිහැරයක් පැමිණ තිබේ. සීත සහ ග්‍රීස්මය පවතින දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මාසවලදී කුලීකාරයන් ගෙන ඒමෙන් දෙමළකරේ තිබෙන වසුරිකා, කොලරා, උණ යනා දී වසංගත මේ රටට බෝවීමට හේතුවක් ද වී තිබේ.”
බ්‍රිතාන්‍ය පාලන සමයේ අගනුවර විවිධ කර්මාන්ත ඇරඹුණේය. ඒ සඳහා ඉන්දියාවෙන්, ඇෆ්ගනිස්ථානයෙන් හා මැලේසියාවෙන් විශාල ජනගහණයක් ලංකාවට ගෙන එන ලදී. වැඩිපුරම ගෙන ආවේ දකුණු ඉන්දීය ශ්‍රමිකයන්ය. බොහෝ පිරිසක් උඩරට වැවිලි කර්මාන්තයට ගෙන එන ලදී. ඒ සමගම තවත් ඉන්දියානුවන් විශාල පිරිසක් ලංකාවේ විවිධ කර්මාන්ත ඇරඹූ අතර එහි සේවකයන් ලෙස තවත් ඉන්දියානුවෝ ගලා ආහ. 1929 වසරේ සිට 1933 වසර දක්වා ඉන්දීය වතුකම්කරුවන් තුන්ලක්ෂ පනස්දහසක් මෙරටට ගෙන එන ලද අතර ඒ කාලය තුළ ස්වකැමැත්තෙන් පැමිණි ඉන්දියානුවන් ගණන පන්ලක්ෂයක් විය. 1947 දී නියම හා අනියම් ලෙසින් මෙරට රැඳී සිටි ඉන්දියානුවන් ගණන ලක්ෂ 12 ඉක්ම වීය එසමයේ මෙරට සම්ප්‍රදායික උතුරේ දෙමළ ජනතාව වූයේ ලක්ෂ අටකි.
1926 දී සිංහල ජාතිය පුවත්පත ආසියාවේ විවිධ රටවලින් මෙරටට පැමිණ පදිංචි වන අනවසර පදිංචිකරුවන් ගැන මෙවැනි සටහනක් පළ කළේය.
“අපේ රටේ හතර පැත්තේම දොරවල් හැම ආකාරයෙන්ම විවෘත කොට ඕනෑ කෙනකුට පැමිණෙන්නට ඉඩ දී තිබේ. රාවණා රජ කාලයේවත් පිටරටින් පැමිණෙන්නන්ට අද තරම් ඉඩපාඩු නොපැවැත්තේය. දකුණු ඉන්දියාවේ ඉන්නා තරම් හම්බයන් හා කොච්චින්ද දෙමළුන් හා ඇෆ්ගන්කාරයෝද දිනපතා මෙහි පිරෙති. රටේ හිමිකාර සිංහලයන්ට පිරිමහන්ට තිබුණු රැකීරක්ෂා සියල්ල මේ විදේශීන්ට අයිති වී තිබේ. දැන් අපේ රටේ ප්‍රසිද්ධ වැඩපොළවල් දෙස බලන වට එහි දෙකෙන් පංගුවකටත් වඩා විදේශික වැඩකාරයෝ සිටිති.
විදේශයෙන් මෙරටට අනවසරයෙන් පදිංචියට ආ පුද්ගලයන් නිසා 1900 න් පසු 1977 දක්වාම රටක් නැති ලේබලයෙන් යුත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙරට විසූහ. 1947 සංක්‍රමණික පුරවැසියන් පිළිබඳ පනත සහ සිරිමා ශාස්ත්‍රී ගිවිසුම් මගින් ඉන්දියානුවන් දසලක්ෂයක් පමණ පෙරලා ඉන්දියාවට යැවුවත් තවත් ලක්ෂ පහක පමණ නොරටුන් සංඛ්‍යාවකට මෙරට පුරවැසිකම හිමි විය. 1929 වර්ෂයේදී පමණක් මෙරට ඉන්දියාවෙන් ගෙන ආ කුලීකරුවන් ගණන 109095 ක් වෙද්දී 131992 ක පිරිසක් හොර රහසේ මෙරටට රිංගා ගත් බව වාර්තාගතව තිබේ. වාර්තා පොත්වලට ඇතුළත් නොවී තවත් කොපමණ පිරිසක් මෙරටට රිංගා ගන්නට ඇතිද?
අනාදිමත් කාලයක පටන් මන්නාරමේ පැවැති මුතු බෙල්ලන් කිමිදීම ඉංග්‍රීසි පාලන සමය වන විට රටේ ප්‍රධාන ආදායම් මාර්ගය විය. මේ සඳහා හාර මාසයක් ක්‍රියාත්මක වන හතළිස් දහසක ජනතාවක් එක්රැස්වෙන තාවකාලික නගරයක් මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ ඇතිවේ. අරාබියෙන්, තමිල්නාඩුවෙන් හා කේරළයෙන් එන මුතු කිමිදෙන්නන් විශාල පිරිසක් මෙයට අයත්ය. පැරණි වාර්තාවල සටහන්ව ඇත්තේ වාර්ෂිකව මෙරටට ඇදී එන මේ පිරිසෙන් විශාල කොටසක් යළිත් තම ගම්බිම් කරා නොගොස් මෙරටම පදිංචි වන බවය. එකල විදේශිකයන් මෙරට පදිංචියට ආ එක් මාර්ගයක් වූයේ මුතු වාරයට මන්නාරමේ ඇති කරන එම කඳවුරය. මන්නාරම ප්‍රදේශයේ අදටත් ජීවත්වන බොහෝ දෙනා මෙකී සංක්‍රමණික කිමිදුම්කාරයන්ගේ වර්තමාන පරම්පරාවේ ඉන්දියාවේ සිට බෝට්ටුවලින් මඩකලපුවට පැමිණ පදිංචි වූ දසදහස් ගණන් ජනතාවක් ගැන සඳහන් වන්නේ 1948 හා 1965 අතර කාලසීමාවේදීය. ලංකාවේ හමුදාව ඉතා කුඩා ඒකකයක්ව තිබූ හෙයින් එම අනවසර සංක්‍රමණිකයන් ගැන සොයා බැලීමට එකල පහසුකම් මදි විය.
1953 දී අසූලක්ෂ අනූහත් දහසක් වූ මෙරට ජනගහණය 1963 සංගණනය වන විට එක්කෝටි හයලක්ෂ විසිහතර දහස් පන්සිය හතක් දක්වා ඉහළ නැග්ගේය. දසවසරක් තුළදී ජනගහණයේ ලක්ෂ විසිපහකට අධික වැඩිවීමක් ඉන් පෙනේ.
වාර්ෂික වර්ධන වේගය අනුව මෙතරම් වැඩිවීමක් සිදුවිය නොහැකිය. ඒ අනුව මේ ලක්ෂ විසිපහෙන් ඉතා විශාල කොටසක් මුහුදු යාත්‍රා මගින් මෙරටට පැමිණ පදිංචි වූ අනවසර පදිංචිකරුවන් බවට සැකයක් නැත. සංඛ්‍යාලේඛන අනුව මෙරට රට මැද ප්‍රදේශවල ජනගහණය වර්ධනය වීම අඩු අතර උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජන සංඛ්‍යාවේ වැඩිවීමක් 1953 හා 1963 යන දසවසර තුළ දැකගත හැකිය.
මියන්මාරයෙන් පැමිණෙන රෝහින්ග්‍යා සරණාගතයන් ගැන ප්‍රශ්නය අප හැදෑරිය යුත්තේ ඉහත ගෙවී ගිය සිය වසරක කාලයේ මෙරට ජනගහණ සිතියම සිත් තුළ රඳවාගෙනය. මහජන ආරක්ෂක ඇමැතිවරයා පවසා තිබුණේ තවත් සරණාගතයන් ලක්ෂයක පමණ පිරිසක් මෙරටට පැමිණෙතැයි බුද්ධි අංශ වාර්තා ලැබී ඇති බවය. එවැනි ජන ගංගාවක් මෙරටට ගලා ආවොත් මෙරට වර්තමානයේ පවතින දේශපාලන හා සමාජයීය සමබරතාව කඩාවැටෙන බවට සැකයක් නැත.
ලංකාවේ අද පවතින බොහෝ ප්‍රශ්නවලට හේතුව ඉපැයීමට වඩා පරිභෝජනයට විශාල මුදලක් වැයවීමය. මෙරට ජනගහණය අඩු ඈත අතීතයේ මෙරට උපදනා සහලින් හා කටුසර භෝගයෙන් ජනතාවට කුසගින්න නිවා ගත හැකි විය. එහෙත් ජනගහණය වැඩිවත්ම පිටරටින් සහල් ගෙන ඒමට සිදුවිය. සරණාගතයන් ලෙස හෝ මෙරට රැඳී සිටින ජනගහණය වැඩිවන විට ආහාර ඉඳුම් හිටුම් විදුලිය ඇතුළු සියලුම දේ අමතරව උත්පාදනය කිරීට අවශ්‍ය වෙයි. මෙරට රැඳී සිටින කාලය වැඩිවන විට ජන සමාජය සමග මුහුවීමට අවස්ථාවක් විදේශිකයන්ට උදාවෙයි. වසර ගණනක් ගෙවී යන විට ඉන් ඇතැම්හු මෙරට සමාජය තුළට රිංගා ගනිති. 1881 වසරේදී විසිහත් ලක්ෂ පනස් නවදහසක්ද මෙරට ජන සංඛ්‍යාව ඉන් වසර එකසිය පනහකට පසු අද වන විට දෙකෝටි විසිහත් ලක්ෂයක් දක්වා ඉහළ නැග ඇත. ජනගහණය වැඩිවීම යනු සමස්ත රටවැසියාගේම ජීවන වියදම ඉහළයාමය. ජනගහණය වැඩිවීම යනු සමස්ත රටවැසියාගේම රැකියා විරහිතභාවය ඉහළ නැගීමය. ජනගහණය වැඩිවීම යනු රාජ්‍යය අසාර්ථක වී කඩා වැටීමය. එය අනිවාර්යයෙන්ම කැරැලිකාරීත්වය බිහි කරන තිඹිරිගෙයයි. ඒ නිසා පැමිණි සරණාගතයන් රැකගන්නවා සේම තව තවත් සරණාගතයන්ට ඇරියුම් කිරීමෙන් වැළකීම රජයේත්, පොදු ජනතාවගේත් වගකීම වේ.
@ ප්‍රේමකීර්ති රණතුංග
ඉරිදා ලංකාදීපයෙන්