වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය මුලින්ම හඳුනාගනු ලබන්නේ 2006 වසරේදීය.
රෝගයට ප්‍රතිකාර සොයා වෙහෙසුන ලුනුවිල පොල් පර්යේෂණායතනය අවසානයේ තීරණය කරනුයේ රෝගය ආරම්භ වූ ප්‍රදේශයේ තොවිලයක් නටා දේව කන්නලව්වක් සිදු කිරීම අවසන් විසඳුම බවය.
ඒ අනුව එවකට කෘෂිකර්ම ඇමතිවරයා වූ මහින්ද යාපාගේ ප්‍රධානත්වයෙන්, චමල් රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොටවිලදී මහා ඉහලින් අදාළ තොවිලය පැවැත්වුණි. නමුත් තොවිලයෙන්ද ප්‍රතිඵල නොලැබුන තැන පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර රෝගයට ගොදුරු වූ පොල් ගස් කපා දැමීමට, දකුණු පළාතේ නැවත පොල් සිටුවීම සහ දකුණු පලාතෙන් පිටතට පොල් හෝ පොල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවාහනය තහනම් කරමින් නීති සැකසීය.
පසුව පොල් වෙනුවට වෙනත් භෝග හඳුන්වා දෙමින් ඒවාට ණය සහ ආදාරද ලබා දුන් අතර ඉන්ද කලකට පසුව රෝගයට ගොදුරු නොවන බව පවසමින් කොළ කුන්දිරා විශේෂයක් හඳුන්වා දෙන ලදී. නමුත් එම කොළ කුන්දිරා විශේෂයට අදාළ පොහොර මාත්‍රාවන් නිසි පරිදි නිසි කාල පරාසයන් තුල යෙදිය යුතු අතර වෙනයම් ස්වභාවික පොහොරක් යෙදීමෙන් ගසේ නිසි වර්ධනය හෝ ඵලදාව ලබාගත නොහැකිය.
වැලිගම කොළ මැලවීමේ රෝගය හේතුවෙන් මේ වන විට දකුණු පළාතේ පමණක් පොල් ගස් 370000 කපා දමා ඇති බව වාර්තා වේ. ඊට අමතරව ඉඩම් කට්ටි කිරීම හේතුවෙන් විශාල පොල් ගස් ප්‍රමාණයක් කපා දමා තිබේ. උදාහරණයකට කුරුනෑගල දිස්ත්‍රික්කයේ පමණක් පසුගිය වසර 10 තුල පමණක් එසේ කපා දමා ඇති පොල් ගස් ප්‍රමාණය ලක්ෂ තුනහමාරකි. නමුත් වර්තමාන පොල් හිඟයට ප්‍රධානතම හේතුව පොල් ගස් කපා දැමීම පමණක් නොවේ.
පොල් ඵලදාව විශාල වශයෙන් අඩු වූ වර්ෂය ලෙස මේ වර්ෂය සැලකිය හැකිය (අවශ්‍ය අයෙකුට පොල් වතු හිමියන්ගෙන් මේ පිළිබඳව විමසා බැලිය හැක). මේ වන විට පැවති ඵලදාව ඉන් භාගයකට පමණ අඩු වී ඇති බව නිරීක්ෂණය කල හැකිය. ඊට ප්‍රධාන හේතුව ලෙස වැහි වලාකුළු හේතුවෙන් හිරු එලිය විශාල ලෙස අහිමි වීම, අධික වර්ශාව, වැනි තත්වයන් බලපා ඇති බව නිරීක්ෂණය කල හැකිය. එසේම වැලිගම කොළ මැලවීමේ රෝගයට අමතවර තවත් රෝග දෙකක් වැළඳී ඇත.
නමුත් ඇති වී ඇති තත්වය තුල මේවා පැහැදිලිව පෙනෙන හේතු විය හැකි මුත් නිරීක්ෂණය නොවන සහ කල නොහැකි බොහෝ කාරනා පැවතිය හැක. මේ තත්වය පොල් ඵලදාවට පමණක් විශේෂිත තත්වයක් නොවන අතර අනෙකුත් ශාක වල ඵලදාවටද බලපෑ ඇත. නමුත් ඒවා අර්බුධයක් ලෙස නිරීක්ෂණය නොවේ. මෙය ලංකාවට පමණක් සුවිශේෂී තත්වයක්ද නොවන අතර ලෝක පරිමාණයෙන් ගත් කල ආර්ථිකයට ඇති විශාලතම හානිය සිදුවන්නේ දේශගුණ විපර්යාස හේතුවෙන් බවට United Nations, World Bank, IPCC වැනි සංවිධාන විසින් හඳුනාගෙන ඇත.
එහෙත් ලංකාවේ මේ වන විට ඇති වී ඇති පොල් හිඟයට හේතුව ලෙස පොල් හිඟය ගැන ලතවන පිරිස් හඳුනාගෙන ඇත්තේ ජවිපෙ ආණ්ඩුවේ නොහැකියාවය.
පැහැදිලිවම ජවිපෙ විසින් දැඩි නොහැකියාවක් පෙන්නුම් කරයි. ඒ මේ තත්වයන් හඳුනා ගැනීමේ දුර්වලතාවය සහ ඒවා ප්‍රකාශ කිරීමේ ඉතාම දැඩි දුර්වලතාවයයි.
@ස්පාර්ටකස් ලිපි