SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගයේ ඉංජිනේරු වෘත්තිකයින්ගේ හමුවක් ඊයේ (01) තලවතුගොඩ මොනෑක් ඉම්පීරියල් හෝට‌ලයේදී පැවැත්විනි.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර  දිසානායක,  ශ්‍රීලංකා වරලත්  ඉංජිනේරු  සංගමයේ  හිටපු සභාපති, හිටපු උප කුලපති මහාචාර්ය එස්.බී.එස්. අබේකෝන්  සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ මහාචාර්ය කුෂාන් විජේසුන්දර ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

 

ජාජබ නායක අනුර කුමාර දිසානායක වෘත්තිකයින් අමතමින්...

WhatsApp Image 2024 06 02 at 15.05.342

 

“මේ අපි ඉදිරිපිට ඉන්නේ ශ්‍රී ලංකාව විසින් නිර්මාණය කරන ලද ඉතාම ශ්‍රේෂ්ඨතම මානව සම්පතක්. ඔබගේ දැනුම, හැකියාව, අත්දැකීම් මේ රට පරිවර්තනය කිරීමට ප‍්‍රමාණවත් තරම් හැකියාවන්ගෙන් ඔබ සමන්විතයි.

අපේ රටටම තිබෙන්නේ ඉංජිනේරු ඉතිහාසයක්. ක්‍රි.පූ. 5වන සියවසේ පණ්ඩුකාභය රජු විසින් බසවක්කුලම වැව හැදුවා. එතනින් පටන් ගත් අපේ වාරි කර්මාන්තය වැවි තිස්දෙදහසක් මහා සාගර වැනි වැව් නිෂ්පාදනය කිරීමට ඉංජිනේරු තාක්ෂණයට පණ දීල තිබෙනවා. ලෝකයේ කවුරුත් මවිත කරවන යෝධ ඇළ ක්‍රි.ව. පහේදි පමණ නිර්මාණය වෙනවා. කලා වැවේ සිට තිසා වැව දක්වා කුඩාවැව් 120කට ජලය පුරවමින් කුඹුරු අක්කර එකොළොස් දහසක් පෝෂණය කරවමින් සැතපුම් 54 ක් දිගට විශාල ජල කඳක් සහිතව යෝධ ඇළ ගලාගෙන යනවා. මුල් සැතපුම් 17 තුළ බැස්ම තිබෙන්නේ සැතපුමකට අඟල් එකයි. මීට අවුරුදු 1500කට පෙර නිර්මාණය කරන ලද අද ලෝකය මවිත කරවන සීගිරිය ඉතාමත් දියුණු නාගරික සැලැස්මක් තිබෙනවා. ඉතාමත් දියුණු වාස්තු විද්‍යාව  එතන තිබෙනවා. ඉතාමත් දියුණු පරිසර පද්ධතියත් සමග බද්ධකර ගැනීමක් තිබෙනවා. ඉතාමත් දියුණු ඉංජිනේරු තාක්ෂණය තිබෙනවා. අපේ ඉතිහාසය තිබෙන්නේ අපට උරුම වූ දිගු ඉංජිනේරු ඉතිහාසයක්. ඒ  ඉතිහාසය 17 වන සියවසේ අග භාගය හා 18 වන සියවසේ මුල් භාගයේ වාෂ්ප තාක්ෂණය සොයා ගැනීම ලෝකයේ කාර්මික ක්ෂේත‍්‍රයේ විශාල පිම්මක් පනිනවා. ඒ හරහා දුම්රිය සේවාවන්, නාවික කර්මාන්තයේ, පතල් කර්මාන්තයේ දියුණු වීම්, කර්මාන්ත  ඇතුළට වාෂ්ප එන්ජින් එක ඇතුල් කිරීම ලෝකයේ මහා ජයග‍්‍රහණයේ පිම්මක් අත්කර ගන්නවා. එය අපි හඳුන්වනවා පළමු කාර්මික විප්ලවය ලෙස.

 

අපේ පාලකයන් අතීතකාමිත්වයෙන් ජාතියක් හිරකරන ලද, ශ්‍රී ලංකාව ලෝකයෙන් විතැන් කරන ලද පාලකයන්. ලෝකය වේගයෙන් ගමන් කරමින් තිබෙන විට අපි ඒ පසුපස ඉබිගමනෙන් යනවා. මෙම තත්වය හුදු දත්ත ඇතුලේ, ආනයන අපනයන් ඇතුලේ, තාක්ෂණික දුප්පත්කම ඇතුලේ පමණක් තිබෙන්නේ නැහැ. එය සමාජයේ ව්‍යසනයක්, ඛෙදවාචකයක් බවට නිර්මාණය කරනවා.

 

ඒ නිසා 54%කට ආසන්න ජනතාව බහුවිධ දරිද්‍රතාවයෙන් පෙළෙන රාජ්‍යයක් බවට පත්වී තිබෙනවා. ජනගහනයෙන් 68%කට හරිහමන් ආහාරවේලක් උපයා ගැනීමට නොහැකි වී තිබෙනවා.

පවුල් ලක්ෂ 34කට මාසෙකට හාල් කිලෝ 10ක් ගන්න පෝලිමේ ඉන්න සිදුවී තිබෙන තත්වයක් ඇතිකර තිබෙනවා. අපි තවදුරටත් මේ ගමන මේ විදිහට යාමට ඉඩ දෙනවාද? අපි මෙය වෙනස් කරනවා.

 

සෑම පුරවැසියෙකුටම තමන්ගේ හෘද සාක්ෂියත් සමග පුරවැසියන්ගේ අඳෝනාව ඇසෙනවා නම්, ඇසට පෙනෙනවා නම්, පුරවැසියන්ගේ වේදනාව, ඔවුන්ගේ ජීවිතයේ කටුකත්වය හදවතට දැනෙනවා නම්, මේ තත්වය දෙස නිහ`ඩව බලා සිටිමේ හැකියාවක් නැහැ. හැම පුරවැසියෙකුගේම කාර්යභාරය තමයි මෙය වෙනස් කිරීම සඳහා පෙරමුණ ගැනීම. මෙය වෙනස් කිරීම සඳහා ධෛර්යය තිබෙන, විශ්වාසය තිබෙන බලාපොරොත්තුව තිබෙන මහා මිනිස් සමුදායේ එකතුව තමයි ජාතික ජන බලවේග. එය වටා එකතු වෙන්න කියා ඔබට ආරාධනා කරනවා. අපි මේක වෙනස් කරන්න  ඕනෙ. මේක වෙනස් කරන්න නම්, ආර්ථික දේහයටත්, සමාජ දේහයටත් ප‍්‍රබල කම්පනයක් ඇතිකළ යුතුව තිබෙනවා. අපි කොහොමද මේ කම්පනය ඇති කරන්නේ? අලූත් දේවල් සොයා ගන්න, අලුත් දේවල් නිර්මාණය කරන සමාජයක් අපි නිර්මාණය කළ යුතුයි. පුරුදු විදිහට කෘෂිකර්මාන්තය, කර්මාන්තය, එදානෙදා ජීවන රටාව පවත්වාගෙන යමින් මේ සමාජය පරිවර්තනය කළ නොහැකියි. මෙම සමාජ පරිවර්තනය කිරීමට නම් නව දේ නිර්මාණය කළ යුතුයි. නව නිර්මාණාත්මක දේ ඇති කළ යුතුයි. අපි හිතනවා මෙම පරිවර්තනයේදී ඍගභගෘග ක්ෂේත‍්‍රයට විශාල වගකීමක් තිබෙනවා. නව පර්යේෂකයන්, අලූත් සංකල්ප, අලූත් අදහස්, අලූත් වෙළඳපොළවල් අවශ්‍යයි.

 

WhatsApp Image 2024 06 02 at 15.05.34

 

අපේ රටේ වැදගත්ම ආයතන බවට පත්වෙන්නේ වැඩිම මුදල් සංසරණය වන තැන්. වැඩිම ඉදිකිරීම් තිබෙන තැනට තමයි අමාත්‍යවරයා වැඩියෙන්ම කැමති තැන. මහාමාර්ග අමාත්‍යාංශය ලැබෙනවා නම්, ජනාධිපතිවරයාගේ හොඳම සැලකිල්ලක් එයාට ලැබෙනවා. වරාය අමාත්‍ය ධුරය ලැබෙන කෙනාට ජනාධිපතිවරයාගේ හොඳම සැලකිල්ල එයාට. බලශක්ති අමාත්‍ය ධුරය ලැබෙනවා නම් ජනාධිපතිවරයාගේ හොඳම සැලකිල්ල එයට හිමිවෙනවා. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධුරය ලැබෙනවා නම් ජනාධිපතිවරයාගේ නරකම කැපිල්ලක් එයාට. ඒ නිසා මේකෙ පරිවර්තනය ඇති කරන්න ඍභෘ අත්‍යවශ්‍යයි. එළඹෙන 29 වැනිදා ලෝකයේත් ලංකාවේත් පර්යේෂකයන් සමග විශාල සාකච්ඡුා සභාවක් ලැහැස්තිකොට තිබෙනවා. අපේ විශ්වවිද්‍යාල විසින් නිර්මාණය කරන ලද විශාල පිරිසක් අද ලෝකයේ විශාල පර්යේෂණායතනවල වැඩ කරමින් ඉන්නවා. පස පිළිබඳ, අලූත් තාක්ෂණය පිළිබඳ විශාල පර්යේෂණ කරමින් ඉන්නවා ලංකාවේ විද්‍යාඥයන්. පිළිකාවට නිට්ටාවට බෙහෙතක් සොයා ගැනීමට පර්යේෂණ කරමින් ඉන්නවා ලංකාවේ විද්‍යාඥයන්. ලෝකය පුරා විවිධ ක්ෂේත‍්‍රවල පර්යේෂණවල නියැලෙන අපි ඔවුන් සමග සාකච්ඡුා පටන්ගෙන තිබෙනවා. බොහෝ දෙනෙක් 29වැනිදා ලංකාවට එනවා. එසේ නැතිනම් තාක්ෂණය හා සම්බන්ධ වෙමින් නව අදියරකට අපේ රට පරිවර්තනය කිරීම සඳහා උත්සාහ කරනවා.

 

ඊළඟට අපට අවශ්‍යයි දැක්මක් සහිත නායකත්වයක්. දැක්මක් සහිත නායකත්වයක් අවශ්‍ය වන්නේ දේශපාලනයට විතරක් නොවෙයි. අයි.ටී. ක්ෂේත‍්‍රය ඉදිරියට ගෙන යා හැකි, ප‍්‍රබලව හැප්පිය හැකි ප‍්‍රබලව පරිවර්තනයක් සිදුකළ හැකි අනාගතය දැකිය හැකි දැක්මක් සහිත නායකයන් හැදිය යුතුයි. ඒක හැම ක්ෂේත‍්‍රයකම නිිර්මාණය වෙන්න ඕනෙ. අපි වැඩිපුර කල්පනා කරන්නේ දැක්මක් ඇති නායකයන් ඕනෙ දේශපාලනයට විතරයි කියා. එසේ වන්නේ අපේ රටේ දැක්මක් නැති නායකයන් දේශපාලකයන් වන නිසා. ඉදිරි අනාගතය දකින, ඒ සඳහා සැලසුම් හදන එයට නායකත්වය දෙන නායකයන් හදන්න ඕනෙ. ඒකට විශාල බලපෑම් සහිත පුද්ගලයන් වෙන්න  ඕනෙ. ඒගොල්ලන් සොයා ගන්න දේ ඒගොල්ලන් ඇතිකරන ව්‍යාපෘති, නැයැලෙන ව්‍යවසායකයා හැටියට මේ හැමදේටම බලපෑම් සහිත පුද්ගලයන් ලෝකයට අලූත් දේ නිර්මාණය කරන කොට ඒ බලපෑම් සහිත පුද්ගලයන්ගේ දායකත්වය අතිශය වැදගත්. ඉදිකිරීම් කර්මාන්තයේ, බලශක්ති ක්ෂේත‍්‍රයේ, අලූත් දිසාවන් තෝරන මග පෙන්වන බලපෑම් සහිත නායකත්වයන් අවශ්‍යයි. මාරි කියුරිලා, අයිස්ටයින්ලා, සිටීව් ජෝන්ස්ලා අවශ්‍ය නැද්ද? ඒ හැම ක්ෂේත‍්‍රයකම නව පරිවර්තනයක් ඇති කරන්නේ බලපෑම් සහිත නායකයන්. ඒ වගේම අපිට පැමිණීමට නියමිත අභියෝගයන් අභිබවා යා හැකි නායකත්වයක් අවශ්‍යයි. අභියෝගයන් හමුවේ දණින් වැටෙන, අභියෝගයන් හමුවේ පලා යන, හැකිළෙන නායකත්වයක් වැඩක් නැහැ.

 

මා මේ නැවත කියන්නේ දේශපාලකයන් ගැන පමණක් නොවෙයි. අභියෝගයන් හමුවේ පලා ගියා නම් න්‍යෂ්ටික බෝම්බයක් හැදෙන්නේ නැහැ. මිනිස් සංහතිය මේ තැනට වර්ධනය වෙන්නේ නැහැ. මානව සංහතිය මේ සංවර්ධනය අත්පත් කරගෙන තිබෙන්නේ අභියෝගයන් ජයග‍්‍රහණය කළ හැකි නායකත්වයක් අවශ්‍යයි. ඒ අය තමයි ටරදඅබ ඉ්ජනැරි මෙය මුළුමනින්ම වෙනස් කරන නායකත්ව ප‍්‍රජාවක් අපට අවශ්‍යයි. මේක තමයි මේ සමුළුවේ තේමා පාඨය වී තිබෙන්නේ. ඒ නිසා අපි හැමදෙනාම ග‍්‍රවුන් බේකර්ස්ලා බවට පත්වෙමු. ඒ වෙනුවෙන් ඔබ සැමදෙනාට මම ආරාධනා කරනවා.

 

අපිට අහිමි වී තිබෙනවා ගොඩක් දේවල්. ලෝකයේ ඇතිවෙන නව පරිවර්තනයන්ට සමගාමීව, සමාන්තරව අපේ රාජ්‍යය ඉස්සරහට ගෙනියන්න. අපි ලෝකයත් එක්ක ගවු ගණනකින් පිටුපසින් ඉන්නේ. මේක පරිවර්තනය කරන්න, සමස්ත පද්ධතිය අනෙක් පැත්ත හරවන්න නම්, වේගවත් අධිෂ්ඨානශීලීව, දේශපාලන නායකත්වයත් එක්ක ඒකාබද්ධ වූ මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි. ඇයි ඒ? අද ලෝකයේ ඉදිකිරීම් කර්මාන්තයේ ප‍්‍රබලතාවය ඩොලර් ට්‍රිලියන 11යි. 2030 වෙනකොට ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ආර්ථිකය ඩොලර් ට්‍්‍රලියන 17ක් (ඩොලර් බිලියන 17000) වෙනවා. අපේ රටේ ඉදිකිරීම් කර්මාන්තය ඩොලර් මිලියන 12යි. අපේ ඉදිකිරීම් කර්මාන්තය ඉදිරියට ගෙන යා හැකිද, මිලියන 22කට ජනතාවකට පමණක් අවශ්‍යවන ඉදිකිරීම් කරමින්. මේ ඉදිකිරීම් කර්මාන්තය මෙතනින් තවත් ඉදිරියට යන්න  ඕනෙ. සක්‍යතාවය, හැකියාව, නිපුනතාවය තිබෙන ප‍්‍රබල සමාගම් ලංකාවේ ඉන්නවා. අපි ඒගොල්ලන් අගයන්නත් වටිනාකම් දෙන්නත්  ඕනෙ. ඒගොල්ලන් සමග  ලෝකයේ ඉදිකිරීම් කර්මාන්තයේ වෙළඳපොළට ප‍්‍රවිශ්ට වීම සඳහා අවශ්‍ය වෙන මග පෙන්වීම, දායකත්වය රාජ්‍ය අනුග‍්‍රහය ජාතික ජන බලවේගයේ පාලනයක් විසින් ලබාදෙන බවට සහතික වෙනවා. ඩොලර් බිලියන 17000ක් 2023 වෙනකොට ඉදිකිරීම් කර්මාන්තයෙන් යම් ප‍්‍රමාණයක් හෝ උපයා ගත යුතුයි.

 

WhatsApp Image 2024 06 02 at 15.05.341

ලෝකයේ වේගයෙන් මෘදුකාංග ක්ෂේත‍්‍රයේ වර්ධනයන් වෙමින් තිබෙනවා. ඒක අපි අත්හැරපු ක්ෂේත‍්‍රයක්. අපේ නායකයන්ට සුද්දා යනකොට දීල ගිය තේ, රබර්, පොල් ටිකයි විතරයි. එතනින් එහා ගියපු ලෝකයක් ගැන දකින්න දැක්මක් තිබුණේ නැහැ. ෂඔ ක්ෂේත‍්‍රය ලෝකයේ වේගයෙන් වර්ධනය වෙන බව හැටේ දශකයේ අග භාගයේදී පර්යේෂණවලින් එළියට එනවා. නමුත් අපි ඒකට සූදානම් වුණේ නැහැ. අපේ අසල්වැසි ඉන්දියාව ලෝකයේ දියුණුවන ෂඔ ක්ෂේත‍්‍රයට සමගාමීම තමන්ගේ ආර්ථික, අධ්‍යාපන ප‍්‍රතිපත්ති සකසා ගන්න සමත් වෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස අද ඉන්දියාව එම ක්ෂේත‍්‍රය තුළ ආර්ථිකය බිලියන 150ක් ලබනවා. ලොකයේ තෙල් අපනයනය කරන ප‍්‍රධාන රටවලින් එකක් වන සෞදි අරාබියේ ආර්ථිකය ඩොලර් බිලියන 113යි. ලොකයේ ප‍්‍රධානම මෘදුකාංග සමාගම්වලින් උඩින්ම ඉන්න ඉන්දියාව සමත් වෙලා තිබෙනවා. ගූගල් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී සුන්දර් ඉන්දියානුවෙක්. ඒ වගේම ඇඩෝබි ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී සංකානු නාරායන් ඉන්දියානුවෙක්. අයි.බී.එම්. ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී, පාරෙමින් ක්‍රිස්නා ඉන්දියානුවෙක්. මයික්‍රෝ ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී, සත්‍යා නාදිල්ලා ඉන්දියානුවෙක්. ඉන්දියාවේ නායකයන්ට දැක්මක් තිබුණා ලෝකය ගමන් කරමින් තිබෙන්නේ කුමන දිසාවටද, කුමන වර්ගයේ ආර්ථිකයක් ද නිර්මාණය වෙන්නේ කියන එක ගැන.

 

අද අපිට විදේස් සංක‍්‍රාමවලින් ඩොලර් බිලියන හයක් විතර එනවා. මේ සංක‍්‍රාමවලින් වැඩිම පංගුව එන්නේ මැදපෙරදිගින්. ලෝකයේ ෂඔ වෙළඳපොළෙන් ඉතාමත් ප‍්‍රබල පංගුවක් අපට අත්පත් කර ගැනීම සඳහා ජාතික ජන බලවේගයේ අපි සැලසුම් හදා තිබෙනවා. 2023 වෙන විට බිලියන 19ක මෘදුකාංග ඉංජිිනේරුවන් අවශ්‍ය වී තිබෙනවා. අපට කාර් මාර්කට් එකත් එක්ක හෝ ෆෝන් මාකර්ට් එකත් එක්ක තරග වදින්න නොහැකි වේවි. අපි ෂඔ මාර්කට් එකේදි ඉන්දියාව සමග සම තරගකරුවන් වීමට පුළුවන්කම තිබෙනවා. සම වෙළඳපොළේ පංගුවක් එක්ක පමණක් නොවෙයි, ලෝකයට අවශ්‍යවන මෘදුකාංග නිර්මාණයේදී එකෙන් පංගුවක් අත්පත් කර ගන්න සමාගම් අපි ආරම්භ කළ යුතු වෙනවා. අපට ආයෝජකයන්ට ආරාධනා කරන්න සිදුවේවි.  ආරම්භයේදී අපට තනිවම ප‍්‍රවිෂ්ට වීම සඳහා විභවතා නැති විය හැකියි. අපි  අනෙකුත් මෘදුකාංග සමාගම් සමග ඒකාබද්ධවෙලා වර්ල්ඩි මාර්කට් එකට යන්න සැලසුම් හදා ගන්න  ඕනෙ. 

 

හයිඞ්රො පවර්, සෝලා පවර්, වින් පවර් විභවතාවයක් තිබෙනවා. මේ වනවිට අපේ සියලූ බලාගාරවල පද්ධතියම එකතුව ගත්තොත් ගිගාවොට් හතරයි. 2040දි ඇස්මේන්තු කර තිබෙන්නේ ගිගාවොට් අටයි. හැබැයි වින් පවර්වලින්  විතරක් ගිගාවොට් 40ට වඩා වැඩි ධාරිතාවක් අපට තිබෙනවා. ඉතාමත් හොඳ විභවතාවයක්. ලෝකයේ ඉදිරි මාර්කට් එක හැදෙන්නේ බීන් හයිඩ‍්‍රජන්, පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් එක්ක. ඒ සඳහා හොඳ සක්‍යතාවයන් අපේ කර්මාන්ත අපේ පාරිභෝගිකයාට සාධාරණ මිලකට විදුලිය ලබාදීම සඳහා පමණක්ම නොවෙයි. එතනින් ඔබ්බට මාර්කට් එකට ප‍්‍රවිශ්ට වෙන්නේ කොහොමද කියා කල්පනා කර බැලිය යුතුයි. ඒ එතන අපට විභවතාවක් තිබෙනවා. ඒ වගේම මැරායන් ඉන්ඩස්ට්‍රි එකේ අපට විශාල විභවතාවයක් තිබෙනවා. මේ 21වන සියවසේ ආසියාවට අයිති නම්, ආසියාවේ ප‍්‍රධානම කේන්ද්‍රයක් ශ්‍රී ලංකාව. අපි දැන් සැලසුම හදන්න  ඕනෙ. ආසියාවේ රාජ්‍යයන් ජයග‍්‍රහන අත්පත් කර ගන්නේ සැලසුම්වලින්. ජයග‍්‍රහණයන්ගේ ප‍්‍රතිලාභ කොහොමද ලංකාවට කැටුව එන්නේ. ”තනිවම පොල් ගහක් හැදෙනවා වගේ රටවල් ගොඩ යන්නේ නැහැ” අනෙක්වා සමග තිබෙන ඒකාබද්ධතාවය, ඒ වගේ ඇතිවෙන වර්ධනයන් ඒ වගේ ඇතිවෙන සංවර්ධනයන්ට අනුරූපවන පරිදි අප ගලප්පන්නේ කොහොමද? ආසියාව මහත් සංවර්ධනයක් පිළිබඳව 21 වන සියවසේ විශ්වාස තබා තිබෙනවා නම්, ආසියාව අනෙක් රාජ්‍යයන් අත්පත් කර ගන්නා ජයග‍්‍රහණවල ප‍්‍රතිලාභ කොහොමද ලංකාවට ගේන්නේ. ඒ ගෙන ඒමේදී අපි විශ්වාස කරනවා මැරායන් ඉන්ඩස්ට්‍රි එක අපේ රටේ පිහිටීම ඉතාමත් වැදගත් තැනක් හිමිකර ගන්නවා. අපි ඒ පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.

 

ඒ වගේම අපට ඛනිජ සම්පත් විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. ඒ පිළිබඳ කාලයක් තිස්සේ කරන ලද විශාල ලෙස පර්යේෂණ කළ පර්යේෂකයන් විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. අපේ රටේ දේශපාලන අධිකාරියට උවමනා වී තිබෙන්නේ, ඉතාමත් ශක්තිමත් ස්ථාවර, දැක්මක් සහිත මාවතක් නොවෙයි. ඒ ගොල්ලන්ට හැමදාම උවමනා වුණේ බයින් ඇන්ඩ් සෙලින්. දැන් ගත්තා දැන් වික්කා. ඒ ගොල්ලන්ට ලේසියි ඉල්මනයිට් නිධිය වැලි පිටින් පටවන එක ලාභයි. පොස්පේට් නිධිය, අමු පස් ලෙස විකුණන එක ලාභයි. 1998 ඉතා වැදගත් නඩු තීන්දුවක් දුන්නා. ඒ නඩු තීන්දුව පසෙකලා, පොස්පේට් නිධියේ අමු පසු දැන් විකුණනවා. අපේ තිබෙන සම්පත් ඉතා හොඳින් ගවේෂණය කර තිබෙනවා. අලුතින් ගවේෂණය කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. නව තාක්ෂණයත් එක්ක වර්ධනය කර ගත හැකි, පර්යේෂකයන්, විද්‍යාඥයන් ලංකාවේ ඉන්නවා. ඔවුන් සමග ඒකාබද්ධව නව ආර්ථික දිශාවකට අවශ්‍ය වෙන නිෂ්පාදනයන්ට අපි අත තබන්න ඕනෙ වෙනවා. අපට අත්හැරුණ දේ අපි වේගයෙන් හඹාගෙන ගොස් අත්පත් කර ගන්න  ඕනෙ. 20වන සියවසෙත් මේ මාවත පිළිබඳ සාකච්ඡාවක් තිබුණා. විමලසුරේන්ද්‍ර මහත්මා 1918 ලක්ෂපාන බලාගාරය යෝජනා කරනවා, එම කාර්මික විප්ලවයට උත්තේජනය දෙන්නේ විද්‍යුතය. 1918 සෝවියට් දේශයේ බලය ලෙනින් අත්පත් කර ගත්තාට පසුව, එක මාධ්‍යවේදිනියක් ලෙනින්ගෙන් අහනවා ”ඔබ රුසියාවේ සමාජවාදය අවසන් කරන්නේ කවදාද?” කියා. ඔහු කියනවා ”රුසියාව විද්‍යුත්කරණය කර අවසන් කරන්නේ කවදාද, එදාට” එදා කාර්මික විප්ලවයට අවශ්‍ය තාක්ෂණයේ ප‍්‍රධානම මෙවලම හා උත්තේජනය ලබාදුන්නේ විද්‍යුතය.

 

එදා රුසියාවේ ලෙනින් ඒ ප‍්‍රකාශය එන කොට, ලංකාවේ විමලසුරෙන්ද්‍ර මහතා ලක්ෂපාන බලාගාරය යෝජනා කරනවා. එයා කියනවා අතිරික්ත විදුලියෙන් කෝච්චි දුවන්න ඕනෙ කියා. දේශපාලන අධිකාරිය ප‍්‍රාචීන අධිකාරියක්. නූතනයත් එක්ක ගැටගැසුණු දේශපාලන අධිකාරියක් නොවෙයි තිබුණේ. ඒ නිසා එම යෝජනා වැඩක් නැතිව ගියා. ඖෂධ ක්ෂේත‍්‍රයේ මහා පර්යේෂණ, නිෂ්පාදනය පිළිබඳ මහාචාර්ය සේනක බිබිලේ මහතා ඉදිරිපත් කරනවා. ඒවා අදාළ නැතිව යනවා. ලෝකයේ වාස්තු විද්‍යා ක්්ෂේත‍්‍රයේ ඇති වෙන වර්ධනයන් ලංකාවේ තිබෙන සංස්කෘතීන්වලට ඒකාබද්ධ කර ගනිමින් ඒ ක්ෂේත‍්‍රයේ වර්ධනයන් ඇති කර ගන්නේ කොහොමද යන්න මිනිත් ද සිල්වා වැනි අයසාකච්ඡා කරනවා. ඒවා උරාගන්න හැකි දේශපාලන නායකත්වයක් නොවෙයි අපට තිබුණේ ප‍්‍රාචීන දේශපාලන නායකත්වයක්. දැන් අප හමුවේ තිබෙන්නේ මේ ඇතිවෙමින් තිබෙන වෙනස් කම් ඉතා හොඳින් උකහා ගෙන වේගවත් පරිවර්තනයකට අපේ රට ලක්කළ යුතුයි. මෙතන සිටින දහස් සංඛ්‍යාත ඉංජිනේරුවන් ඔබ මෙම කාර්යයේ පෙරමුණු කාර්යභාරය ඉටුකරන්න කියා අපි ආරාධනා කරනවා. මේ රට අත්හැර ගිය විද්වතුන්, වෘතියවේදීන් විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. අපි ඔවුන්ට ආරාධනා කරනවා ඔබගේ දැනුම, ඔබගේ ඥානය අපගේ මාතෘ භූමියට ඕනෑකර තිබේ. කරුණාකර අපට දායකත්වය ලබාදෙන්න. මේ මහා මිනිස් සමුදායකින් තමයි මේ පරිවර්තනය කළ හැකි වන්නේ.

 

සාහිත්‍ය, කලාව මේ ක්ෂේත‍්‍රයන්ගේ පරිවර්තනයක් අපට අවශ්‍යයි. අපි යෝජනා කරන්නේ හුදු ආණ්ඩු පරිවර්තනයක්, හුදු පුද්ගලයන්ගේ පරිවර්තනයක් අපේ රටට පුනරුද යුගයක් අවශ්‍යයි. මුළු පද්ධතියක්ම කඩා වැටුණු රටක. මුක්කු ගසා නැගිටුවන්න හැකි රටක් නොවෙයි. සෑම ක්ෂේත‍්‍රයකම නව පරිවර්තනයක් අවශ්‍යයි. සෑම ක්ෂේත‍්‍රයකම නව පුනරුදයක් අවශ්‍යයි. ඒ සඳහා රටක් රඳා පවතින්නේ රටේ පද්ධතියක් සේ වන තාක්ෂණවේදීන්, ඉංජිනේරු වෘතිකයන් තමයි දේහය බවට පත්වෙන්නේ. ඒ කියන්නේ ඔබ. ඒ නිසා ඔබගේ දායකත්වය, මැදිහත්වීම මේ පරිවර්තනයේදී අත්‍යවශ්‍යමයි. ඒ සඳහා ඔබට ඉදිරියට එමු කියා ආරාධනා කරනවා”.

 

@මාධ්‍ය ඒකකය