SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තායි මියන්මාර සයිබර් අපායේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් නිදහස් කිරීමට මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් එක්සත් ජනරජ පෙරමුණේ කාන්තා අංශය  ඉල්ලීමක් කර ඇත.

අද එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයට ගොස් සන්දේශයක් බාර දෙමින් “ජනරජ කාන්තාවෝ” සංවිධානය ඉල්ලා ඇත්තේ තායි-මියන්මාර සයිබර් අපායේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් මුහුණ දී සිටින භයානක තත්ත්වයෙන් එම තරුණ තරුණියන් වහා මුදවා ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙස ය.

 

ජනරජ කාන්තාවෝ සංවිධානයේ සභාපති ප්‍රියදර්ශනී ආරියරත්න ගේ අත්සනින් යුතුව ලබාදී ඇති  ලිපිය පහත වේ,

 

republic woman Letter 2

 

තායි මියන්මාර්  ප්‍රදේශයේ ක්‍රියාත්මක  මිනිස් ජාවාරම් ජාලයන්ට ගොදුරු වූ ශ්‍රී ලාංකීය පුරවැසියන්  උගුලකට හසු වී, බියකරු සූරාකෑමකට ගොදුරු වී සිටින බවට මෑතක දී වාර්තා පළ විය.

තායි-මියන්මාර දේශසීමා අතර සයිබර් පාතාල සීමාවන් තුළ සිරවී සිටින පුද්ගලයන් හරහා  අපයෝජනයන්, වංචා, අනන්‍යතා සොරකම් සහ වෙනත් වෙනත් සාපරාධී ජාවාරම් සිදු කරවනු ලැබේ. ඔවුන්ට ද  බරපතල හිංසන වලට ලක් වෙමින් වහලුන් ලෙස නීති විරෝධී සයිබර් ක්‍රියාකාරකම්වල යෙදීමට  බල කෙරේ. ඔවුන්ගේ නිදහස උදුරා දමා අමානුෂික තත්වයන්ට යටත්ව,  ගැලවීමේ  බලාපොරොත්තුවක් වත් නොමැතිව කොටු වී සිටීමට සිදුව ඇත.

තායි-මියන්මාර සයිබර් නිරයේ දිග හැරෙමින් පවතින හදිසි මානුෂීය අර්බුදය හමුවේ, මෙම දැවෙන ප්‍රශ්නය විසඳීමට කඩිනම් සහ සාමූහික ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමු.

විශේෂයෙන්ම, ශ්‍රී ලාංකිකයින් සූරාකෑම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කලාපය තුළ ක්‍රියාත්මක වන මිනිස් ජාවාරම් ජාලයේ ප්‍රමාණය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටිමු.

මෙම බිහිසුණු මානව හිමිකම් උල්ලංඝනය වැලැක්වීමට හා  අපරාධ කල්ලි  විසුරුවා හැරීමට අදාළ  ක්‍රියාමාර්ග හැකි ඉක්මණින් ගන්නා ලෙස ඉල්ලා සිටිමු.

මානුෂීය ආධාර ලබාදීමට, ඔවුන්ව යථා තත්ත්වයට පත් කිරීමට  පහසුකම් සැලසීමටත්  ආරක්ෂිතව ආපසු ගෙන්වා ගැනීමේ සහ පුනරුත්ථාපන සේවා සැපයීම සඳහා සහාය ලබා දීම, දේශසීමා සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ මිනිස් ජාවාරම් සහ සයිබර් අපරාධ මැඩලීම සඳහා නීති සම්පාදන ක්‍රියාමාර්ග වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව, තායිලන්තය සහ මියන්මාර රජයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිමු.

මෙම හදිසි ආයාචනය කෙරෙහි අවධානය යොමු කර, මනුෂ්‍යත්වයට එරෙහි මෙම නින්දිත අපරාධය අවසන් කිරීමට තීරණාත්මක පියවර ගන්නා ලෙස අපි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටිමු.

 

මීට විශ්වාසි

ප්‍රියදර්ශනී ආරියරත්න

(සභාපති  ජනරජ කාන්තාවෝ, URF දේශපාලන මණ්ඩල සභික)

13.02.2024