SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිරගතව සිටින පකිස්ථාන දේශපාලන නායක ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට සම්බන්ධ ස්වාධීන අපේක්ෂකයින් පකිස්ථාන මහ මැතිවරණයේදී වැඩිම ජාතික සභා ආසන සංඛ්‍යාවක් දිනා ඇති අතර,

මන්දගාමී ගණන් කිරීම් සහ වංචා චෝදනා වලින් විනාශ වූ ඡන්දයක් මැද්දේ පුදුම සහගත ජයග්‍රහණයක් ලබා ඇතැයි වාර්තා වේ.

 

පකිස්ථානයේ මැතිවරණ කොමිසමට අනුව, ස්වාධීන අපේක්ෂකයින් මේ වන විට ආසන 98 ක් දිනා ගෙන ඇති අතර, තවමත් ආසන 22 ක ප්‍රතිපල ලැබී නොමැත.  ස්වාධීන බහුතරයක් ඛාන්ගේ පක්ෂය වන පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) සමඟ සම්බන්ධ වී ඇත.

 

මැතිවරණය අතුගා දැමීමට කැමති වූ පාකිස්තාන මුස්ලිම් ලීග නවාස් පක්ෂය (PMLN) මේ වන විට දෙවැනි වැඩිම ආසන සංඛ්‍යාව වූ ආසන 69ක් දිනා ගෙන ඇත. පාකිස්තාන මහජන පක්ෂය (PPP) ආසන 51ක් සමඟින් තෙවැනි ස්ථානයට පත්ව ඇත.

 

තවමත් ප්‍රතිපල ඉදිරිපත් නෙවුනු ඉතිරි ආසන 22 ගණනය කළ ද  හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් PMNL හෝ PPP පක්ෂවලට ජයග්‍රහණය ලබා දීමට තරම්  ප්‍රමාණවත් නොවනු ඇත. කෙසේ වෙතත්, රටේ ප්‍රධාන පක්ෂ තුනෙන් කිසිවකුට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට අවශ්‍ය ආසන 169 දිනා ගත නොහැකිව ඇති  අතර, එම නිසා ඔවුන්ට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වනු ඇත. මේ නිසා රටේ මීළඟ අගමැතිවරයා ලෙස තෝරා ගන්නේ කවුරුන්ද යන්න අපැහැදිලි ය.

 

සිකුරාදා නිකුත් කළ ඛාන්ගේ AI-උත්පාදිත අනුවාදයක් ඔස්සේ වන කතාවක, මැතිවරණයේ මගේ ජයග්‍රහණය ප්‍රකාශ කළ අතර “ඔබේ ඡන්දය ආරක්ෂා කිරීමේ ශක්තිය දැන් පෙන්වන්න” යැයි  ඔහුගේ ආධාරකරුවන්ගෙන් ඔහු ඉල්ලා සිටියේය.

 

අගෝස්තු මාසයේ සිට සිරගතව සිටින ඛාන් ආධාරකරුවන්ට පණිවිඩ ලබා දීමට AI භාවිතා කරයි. "ඔබ මා කෙරේ විශ්වාසය තැබූ  අතර, ඔබගේ දැවැන්ත සහභාගීත්වය සියලු දෙනා මවිතයට පත් කර ඇත," යැයි  AI හඬ වීඩියෝවේ සඳහන් විය.

 

ඛාන්ගේ ප්‍රතිවාදියා වන හිටපු පකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් කියා සිටියේ ඔහුගේ PLMN  පක්ෂය මැතිවරණයෙන් විශාලතම කොටස ලබාගෙන ඇති බවයි. තම පක්ෂයට “ආණ්ඩුවක් පිහිටුවීමට බහුතර බලයක්” නොමැති බව ඔහු මේ වනවිට  පිළිගත් අතර සභාග හවුල්කරුවන් සොයමින් සිටියි.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ වරක් ඔහුගේ එක් ධුර කාලයක් හමුදා කුමන්ත්‍රණයකින් අවසන් වන බව දුටු ෂරීෆ්, රටේ හමුදා සංස්ථාපිතයේ අනුග්‍රහය ලබන්නෙකු ලෙස ය.  කෙසේ වුවද හමුදාව මීට පෙර ෂරීෆ්ට සහාය දීම ප්‍රතික්ෂේප කර ඇත.

 

මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ ප්‍රමාදය වටා ඇති “විනිවිදභාවය නොමැතිකම” “ගැඹුරු සලකාබැලීමක්” ඇති බවට වන පකිස්තානයේ මානව හිමිකම් කොමිසමේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ, ඡන්ද වංචා සහ මන්දගාමී ඡන්ද ගණන් කිරීමේ චෝදනා මත ඊයේ  (සිකුරාදා) ප්‍රචණ්ඩ විරෝධතා රට තුළ පැන නැගී තිබුණි.

 

ඛාන්ගේ දේශපාලන පක්ෂයක් වන පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) කම්කරුවන් සහ පොලිස් නිලධාරීන් අතර ඇති වූ ගැටුමකදී පකිස්ථානයේ වයඹදිග කයිබර් පක්තුන්ක්වා හි ෂැන්ග්ලා හිදී  අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් 24 දෙනෙකු තුවාල ලබා ඇත.

 

ෂැන්ග්ලා හි පොලිස් නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ  විරෝධතාකරුවන් දෙදෙනෙකු පොලිසියට විසි කළ ගල් පහරවල් හේතුවෙන් ඔවුන් මිය ගිය බවයි. කෙසේ වෙතත්, PTI අනුබද්ධ ප්‍රාදේශීය අපේක්ෂක සයිඩ් ෆරීන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ  පොලිසිය සාමකාමී උද්ඝෝෂණයක් පවත්වමින් සිටි විරෝධතාකරුවන්ට වෙඩි තැබූ විට කම්කරුවන් දෙදෙනෙකු මිය ගොස් අවම වශයෙන් 24 දෙනෙකුට තුවාල සිදු ව ඇති  බවයි.

'විකෘති කිරීම පිළිබඳ ඇඟවීම'‍

 

ජනතාවගේ කෝපයට හේතුව ලෙස විශ්ලේෂකයින්ගේ මතය වී ඇත්තේ , "පූර්ව-මැතිවරණ වංචා" හරහා ඇතුලුව, ඛාන් සහ ඔහුගේ ආධාරකරුවන් මර්දනය කිරීමට, දිගු කලක් තිස්සේ පකිස්ථාන දේශපාලනයේ ආධිපත්‍යය දැරූ බලවේගයක් වන, රටේ භාරකාර ආන්ඩුව සහ එහි බලගතු මිලිටරිය විසින් දරන උත්සාහයන් ය.

 

ඛාන් 2022 දී ඔහුව තනතුරෙන් ඉවත් කිරීමට සැලසුම් කළ බවට හමුදාවට චෝදනා කර ඇති අතර, එම කතාවෙන් පසු ඔහුගේ ආධාරකරුවන් දහස් ගණනක් හමුදාවට ප්‍රතික්ෂේප කරමින් වීදිවලට ​​පැමිණ ඇත. කෙසේ වුවද හමුදාව සහ පකිස්තානයේ භාරකාර ආන්ඩුව යන දෙකම ඛාන් හෝ ඔහුගේ  PTI පක්ෂය මර්දනය කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

 

 

චින්තන ටැංකියක් වූ South Asia Institute at the Wilson Center හි අධ්‍යක්ෂ Michael Kugelman  පවසන්නේ  මෙම මැතිවරණය, පකිස්තාන දේශපාලනයේ මිලිටරි ආධිපත්‍යය පිළිබඳ ජනමත විචාරණයක් වූ බවයි. පීටීඅයි ඡන්දදායකයින් සමූහයන් ලෙස පිටව ගියේ තම මැතිවරනය ප්‍රතිඵලය මිලිටරියට නියම කිරීමට ඔවුන් ඉඩ නොදෙන බවට දැනුම්දෙමිනි.

 

පකිස්ථානයේ මැතිවරණ ක්‍රියාවලියට වන ඇඟිලි ගැසීම් ගැන විදේශ ආන්ඩු සිය  කණගාටුව  පළ කර ඇත. සිකුරාදා, එක්සත් ජනපදය විසින් ඡන්දය සම්බන්ධ  මැදිහත්වීම් හෝ වංචාව පිලිබඳ ප්‍රකාශ  පිලිබඳ විමර්ශනයක් ඉල්ලා සිටි අතර, රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු එහිදී මැතිවරනයට “ප්‍රකාශනයේ, සංගමයේ සහ සාමකාමීව රැස්වීමේ නිදහසට අනවශ්‍ය සීමා කිරීම් ඇතුළත් වූ” බවට වන චෝදනා සම්බන්ධයෙන් එකඟ වී ඇතැයි වාර්තා වේ.

 

අපි මැතිවරණ ප්‍රචණ්ඩත්වය හෙළා දකිමු... මැතිවරණ ක්‍රියාවලියට ඇඟිලි ගැසීමේ චෝදනා ගැන සැලකිලිමත් වෙමු" යනුවෙන් ප්‍රකාශක මැතිව් මිලර් පැවසීය.