SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ (19) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මැ සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමගි සේවක සංගමයේ ලේකම් පී බී නිශාන්ත

ලංකා ඉතිහාසයෙ මුල්ම වතාවට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  කැරට්  වෙළදුන්ගේ අරක්ෂාව වෙනුවෙන් මුදල් ලබාදී  මුරකරුවන් දමන්නට සිදුව ඇති බවත් එයට හේකුව මේ  අසීමිත  භාණ්ඩ මිළ වැඩිකිරීම් නිසා බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.

"සුනාමි කාලසිමාවේ  හෝ රටේ යුද්ධ කාල සිමාවෙදිවත් මේ  ආකාරයෙන් භාණ්ඩ මිළ  ඉහළ යාමක් සිදුවෙලා නෑ. මේ  අණ්ඩුව විසින් මිනිසුන්ගෙ ඊරි මාංසය සුරා කෑමට IMF නිසා මෙසේ  සිදුවෙනවා යන්න අගවමින්  රට විනාශය කරා මෙහෙයවමින්  සිටිනවා.

1988   රණසිංහ ප්‍රේමදාස මහාතා විසින් භාරගනු ලැබුවේ දෙකොන ගිනිගත් රටක්. නමුත් ඔහු විසින් IMF ණය මුදල් ලබාගෙන  ඇඟලුම්  කර්මාන්තය හරහා ආයෝජන අවස්ථා පුලුල් කරගෙන රටේ ආධායම වැඩිකිරිමක් සිදුකරනු ලැබුවා. එම නිසාවෙන්ම ලෝක  බැංකුව ජනසවියට නොමිලේ  ආධාර ලබා දුන්නා.

 

නමුත් මෙම දුෂ්ට ආණ්ඩුවට ජත්‍යන්තර වෙළදපොළට සම්බන්ධ වෙන්න කිසිදු පැහැදිලි වැඩ පිළිවෙලක් නෑ.

අවස්ථා නිර්මාණය කොට ආධායම් වැඩි කිරීමකට සැලැස්මක්වත් නෑ.

රටේ විකල්පයක් ගොඩනගන්න කොන්දක් අවශ්‍යයි.

නමුත් JVP පිරිස IMFකණ්ඩායම මගහරිනවා.

එම ගැටලු මඟහරිනවා කියන්නෙ ඒ  විකල්ප බලවේගයෙන් වැඩක් තියෙනවාද ?

ජාත්‍යන්තර මුල්‍ය  අරමුදල කිවුවා යැයි බදු වැඩිකරමින් මේ  යන ගමන මංකොල්ල කෑම්, මිනිමරුම්  සඳහා අත වැනිමක් නෙමෙයිද ?

මේ මැතිවරණ වර්ෂයේ  මෙම වැඩකට නැති අණ්ඩුව පලවා හැරීමේ  සටනට අප සුදානම් ..

මේ මස 30 අප ජනතාව සමඟ පාරට බැසිමට සුදානම්.

 

M2M3M4M5M 1