SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

චක්‍රලේඛ නොදත් 'සියල්ල දත්' ගේ විශ්ලේෂණයේ ඇත්ත මෙන්න!

 

 

සමාජ මාධ්‍ය ඔස්සේ සෑම විෂයයක් ගැනම 'සියල්ල දත්' විශ්ලේෂණ ඉදිරිපත් කරන උවිඳු

කුරුකුලසූරිය අද දිනයේ සිය මුහුණුපොතේ අපූරු සටහනක් තබා තිබුණි. එහිදී ඔහු උත්සාහ කර තිබුණේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ආචාර්ය උදිත ගයාශාන් ගුණසේකරත්, හිල්ටන් හෝටලයේ හිටපු සභාපති තිරුකුමාර් නඩේසනුත් එකම තරාදියක දමා කිරා මැන බැලීමටය.

 

 

පැන්ඩෝරා පේපර්ස් (Pandora Papers) හරහා ජාත්‍යන්තරවම හෙළිදරව් වූ කළු සල්ලි ජාවාරම් සම්බන්ධයෙන් තිරුකුමාර් නඩේසන්ට සහ ඔහුගේ බිරිඳ නිරූපමා රාජපක්ෂට පමණක් නොව, තිරුගේ සහෝදරිය වන රේණුකා ශන්මුගදාසන් සම්බන්ධයෙන්ද වෙනමම ඉතිහාසයක් ඇති බව රටම දනී. නමුත් ඒ කිසිවක් නොදන්නා ගාණට උවිඳු සිය මුහුණුපොතේ තැබූ සටහන පහත පරිදිය.

 

"උදිත ගයාශාන් ගුණසේකර හා තිරුකුමාර් නඩේසන්... ගුවන් විදුලි සංස්ථාවෙ සභාපති උදිත ගයාශාන් ගුණසේකර ජවිපෙ වෙලත් ලාභයක් උපදවන්නෙ නැති සංස්ථාවෙ මුලු ආදායම ලක්‍ෂ 12ක් වෙනකොට 660,000ක් පඩි ගන්නව කියන එක දැන් හෙළිවෙලා තියෙනවනෙ. ඒත් නිරුපමා රාජපක්‍ෂගෙ ස්වාමිපුරුෂයා, හිල්ටන් එකේ සභාපති වෙලා හිටපු තිරුකුමාර් නඩේසන්ට ලැබුණ පඩිය 500,000යි, ඒකෙන් රජයට බදුගෙවල අතට ලැබෙන ඉතුරු ගාන මාසෙට 304,000යි. එයා 2012 ඉඳන් 2015 දක්වා හිල්ටන් එකේ සභාපති විදියට ලබපු ඒ අතට ලැබුණ පඩි රුපියල් 9,120,000ම මහ භාණ්ඩාගාරයට පරිත්‍යාග කරලා. මම මේ පරණ ෆයිල් එකක් අදිද්දි හමුවුණා සාක්කි. මහ භාණ්ඩාගාරයෙන් තිරුට යවපු ලියුම යට තියෙනව... ඊට අමතරව, හිල්ටන් පටන් ගත්ත ජේආර් ජනාධිපතිගෙ කාලෙ ඉඳන් හිල්ටන් ඇමරිකා මැනේජ්මන්ට් එක, ලංකාවෙ හිල්ටන් එකෙන් 33%ක් මැනේජ්මන්ට් ෆී එකක් ගත්තා, තිරු ඒක නෙගෝෂියේට් කරල 11.75%ට බැස්සුව." 

(— උවිඳු කුරුකුලසූරියගේ මුහුණුපොත් සටහනින් උපුටා ගැනීමකි)

 

 

 

තිරු නඩේසන්ව 'හෝදන' මේ ප්‍රොජෙක්ට් එකත් සමඟම තවත් රොත්ත බුරුත්තක් සුද්ද පවිත්‍ර කරගැනීමේ වුවමනාව කාට තිබෙනවාද යන්න රහසක් නොවේ. කෙසේ වෙතත්, ආචාර්ය උදිත ගයාශාන් යනු පැන්ඩෝරා පේපර්ස් හෝ අද්භූත ව්‍යාපාර හිමි පුද්ගලයෙකු නොව, සිය වෘත්තීය ජීවිතය තුළ විශ්වවිද්‍යාල වැටුපකින් ජීවත්වන විද්වතෙකි. ඔහුවත් තිරු නඩේසන්වත් එකම මිම්මෙන් මනින්නට ගිය උවිඳුට අමතක වූ නැතහොත් හිතාමතාම මඟහැරි ප්‍රධානතම කාරණය වන්නේ, ද්විතීයන පදනම (Secondment basis) මත රාජ්‍ය සංස්ථාවකට පත්වන වෘත්තිකයෙකුගේ වැටුප් තීරණය වන්නේ හිතුමතේට නොව නිශ්චිත රාජ්‍ය චක්‍රලේඛවලට අනුව බවයි.

 

 
WhatsApp_Image_2026-11-20_at_23.07.jpeg

 

 

රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තු චක්‍රලේඛ වන PED 03/2015 සහ PED 01/2020, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා (UGC) චක්‍රලේඛ මෙන්ම ආයතන සංග්‍රහයේ V වන පරිච්ඡේදයේ විධිවිධාන ප්‍රකාරව, විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු හෝ මහාචාර්යවරයෙකු පූර්ණ කාලීන ද්විතීයන පදනම මත රාජ්‍ය සංස්ථාවක සභාපති ධුරයට මුදා හරින විට, ඔහුගේ විශ්වවිද්‍යාල වැටුප හා දීමනා අදාළ සංස්ථාව විසින් මාසිකව විශ්වවිද්‍යාලයට ප්‍රතිපූරණය (Reimburse) කළ යුතුය. ඒ අනුව මූලික වැටුප, අධ්‍යයන හා පර්යේෂණ දීමනා, ජීවන වියදම් දීමනා සහ අර්ථසාධක (UPF/ETF) දායක මුදල්වල සම්පූර්ණ එකතුව දැරීමට සංස්ථාවට සිදුවේ.

 

 

එමෙන්ම, සාමාන්‍ය චක්‍රලේඛ නීති යටතේ විශ්වවිද්‍යාල වැටුප සහ සභාපති තනතුරට නියමිත සම්පූර්ණ දීමනාව යන දෙකම එකවර ලබාගැනීමට කිසිදු ඉඩක් නොමැත. එහිදී අදාළ වෘත්තිකයාට විශ්වවිද්‍යාලයෙන් වැටුප් රහිත නිවාඩු ලබා සභාපති දීමනාව පමණක් ලබාගැනීමට හෝ තම ඉහළ විශ්වවිද්‍යාල වැටුප තෝරාගැනීමට අවස්ථාව හිමිවන අතර, විශේෂ කැබිනට් අනුමැතියක් ඇති අවස්ථාවකදී පමණක් සභාපති දීමනාවෙන් 25% හෝ 50% වැනි කොටසක් ගෙවීමට අවසර ලැබේ. ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ 6-8කට ආසන්න පිරිවැයක් වැයවන බවට පාර්ලිමේන්තු කාරක සභාවලදී අනාවරණය වූයේ, ඔහුට විශ්වවිද්‍යාලයෙන් කොහොමත් හිමි රුපියල් ලක්ෂ 5 ඉක්මවන වැටුප හා දීමනා සංස්ථාව මගින් විශ්වවිද්‍යාලයට ප්‍රතිපූරණය කිරීමත්, සභාපති තනතුරට අනුමත ඉන්ධන හා ප්‍රවාහන පහසුකම් ඊට එකතු වීමත් නිසා මිස අමතර වැටුපක් ලබාගැනීම නිසා නොවන බව පෙන්වා දී ඇත.

 

මෙම ක්‍රියාවලිය රාජ්‍ය සේවයේ පොදු පරිපාලන රාමුවටද සෘජුවම අනුගත වූවකි. ආයතන සංග්‍රහයේ V වන පරිච්ඡේදය සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක 01/2016, 01/2019 මෙන්ම නවතම 01/2026 හා 02/2026 චක්‍රලේඛ ප්‍රකාරව, රාජ්‍ය නිලධාරියෙකු සංස්ථාවකට හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයකට ද්විතීයනය කරන විට මුල් තනතුරේ හෝ නව තනතුරේ වැටුප හා ව්‍යවස්ථාපිත දායක මුදල් දෙවන ආයතනයේ අරමුදල්වලින් ගෙවිය යුතුය. එම චක්‍රලේඛ මගින් ව්‍යාපෘති සඳහා පූර්ණ කාලීනව මුදාහැරීමේදී 50% දීමනාවක් (උපරිම 150% සීමාවට යටත්ව), වැටුප් රහිත නිවාඩු මත 100% නව වැටුප හෝ වැඩබැලීමේදී තුනෙන් එකක (1/3) දීමනාවක් යනාදී වශයෙන් නිශ්චිත සීමා පනවා ඇති අතර, සමස්ත ආදායම එකතු කර උපයන විට ගෙවීමේ බදු (PAYE/APIT) අය කළ යුතු බවටද දැඩි විධිවිධාන පනවා ඇත.

 

මේ සියලු නිල චක්‍රලේඛ අනුව ඉතා පැහැදිලිව තහවුරු වන්නේ, ආචාර්ය උදිත ගයාශාන් ගුණසේකර ගුවන් විදුලි සංස්ථාවෙන් "අසාමාන්‍ය පඩියක්" වෙනම කඩා වඩා නොගන්නා බවත්, රාජ්‍ය ව්‍යවසාය සහ ආයතන සංග්‍රහ නීති ප්‍රකාරව ඔහුගේ විශ්වවිද්‍යාල වැටුප සංස්ථාව හරහා ප්‍රතිපූරණය වීමක් පමණක් සිදුවන බවත්ය.

 

 

එවැනි පැහැදිලි රාජ්‍ය පරිපාලන ක්‍රියාවලියක් අල්ලාගෙන, පැන්ඩෝරා පේපර්ස් වැනි බරපතළ කළු සල්ලි චෝදනාවලට ලක්වූ තිරුකුමාර් නඩේසන්ලා සහ ශන්මුගදාසන්ලා සුද්ද කරන්නට යෑම පිටුපස ඇති කොන්ත්‍රාත්තුව කාගේදැයි ජනතාවට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. "ඔක්කොම කුණු බේරුවල බොක්කට" කීවා සේ තිරුලා සුද්ද කරන මේ 'මාස්ටර් ප්ලෑන්' එකට උවිඳුවම තෝරාගෙන ඔහුව සමාජය ඉදිරියේ හෑල්ලු කිරීමට යමෙකු සැලසුම් කළාදැයි සිතෙන තරමටම, පඬි ටෝක් දෙන උවිඳු මෙවර හොඳ හැටි ගිරේට අසුවී අවසන්ය.

 

 

# නිරෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි