SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පල කඩා බිඳ දමන්නේ  උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය හරහා මහනුවර බහුවිද ප්‍රවාහණ පර්‍යන්තය ඉදිකිරිම වෙනුවෙන්. ඒ  2020 දී.

එවකට මෙගා පොලිස් අමාත්‍යව සිටි චම්පික රණවක හිටපු ඇමතිවරයා  මේ  ව්‍යාපෘතිය ආරම්භ කළේ  ලෝක බැංකු ආධාර යටතේ ලු.

 

කොහොම උනත් ඒකට කණ කොකා හැඩලුවේ බොරලුගොඩ සිංහයාගේ ඥාතී මුණුපුරෙකුට අයිති සමාගමක් විසින් මෙම ව්‍යාපෘතියේ නිර්මාණ කටයුතු සිදුකිරීමත් ඒ සමාගමේ වැඩ පිළිවෙලත් නිසාලු. ඒ  නිසා මේ  ව්‍යාපෘතියේ මහනුවර බහුවිද ප්‍රවාහණ පර්‍යන්තය වැඩ කටයුතු අඩාල වෙලා..

 

මෙන්න මේ අව්රුද්දෙ මැතිවරණයක් ප්‍රකාශ කළ ගමන්ම පරණ සෙල්ලම ආයෙත් පටන් අරන්.

දැන් නැවත මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමට සියළු වැඩ කටයුතු සූදානම් ලු.

 

 

|කොහොම  හරි මේ  අවස්ථාව තම මැතිවරණ ව්‍යාපෘතියේ උත්සවයක් කර ගන්න මහාමාර්ග ඇමති ඇතුළු පොහොට්‍ටු මැති ඇමතිවරු පිරිසක් සූදානම්ව වෙලා තියෙන්නෙ වික්‍රමසිංහ  ජනාධිපතිවරයා ඊට සම්බන්දවීම ප්‍රතික්ෂේප කරල තියෙන තත්වයකලු.

 

 

ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකරන්න  සුදුසුකම් ලබපු  මාග ඉංජිණේරු සමාගම හරහා ලු  මුදල් වැය කරන්නෙ කියලයි කියන්නෙ.  මේ  උත්සවය සංවිධානය කරන්නේ දිලුම් අමුණුගම සහ බන්දුල ගුණවර්ධන විසින්.

ඉතිං කෙනෙකුට හිතෙන්න පුළුවන් අයියෝ ඒ සමාගමනේ වියදම් කරන්නෙ කියල. මොකද ඒ වගේ සරල රේඛා හිතීම් තියෙන කට්ටිය බොහොම වැඩියි නෙව.

 

 

|කොහොම  උනත්  ප්‍රදේශයේ සියළු මැති ඇමතිවරුන් සහ ප්‍රාදේශීය සභා අපේක්ෂකයන් එකතු කරගෙන  මාගා ඉංජිණේරු සමාගම හරහා මහජන මුදල් වියදම් කරමින් තමන්ගෙ  මැතිවරණ ව්‍යාපාරය එළැඹෙන 27 වනදා නුවරින් ආරම්භ කරන්නලු  පොහොට්ටු කණ්ඩායම සූදානම් වෙන්නෙ.

 

 

ඒව අස්සෙ ඔන්න කට්ටිය කියනවා මුන්දැලා ආයෙත් පරණ සුරලෙ වයන්න අරගෙන රටේ එදා වේල කන්න බැරුව ජනතාව දැඩි ආර්ථික පීඩණයක ඉන්න මිනිස්සුන්ගෙන් ඡන්දෙ ගන්නත් ඒවිලු.

බලන්න බැරියැ ඉතිං වැඩේ..

 

#Gossip