SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දැනට මාස හතරක සිට රජයේ රෝහල් පද්ධතියේ ඉන්සියුලින් තිබී නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අනාවරණය කළේය.

සේනාරත්න මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (03) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

 

රජයේ රෝහල් තුළ එලෙස ඉන්සියුලින් තිබී නැති බවට අනාවරණය වී තිබෙන්නේ ඊයේ (02) පැවති පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේදීය.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ තිබෙන ටෙන්ඩරය ද අධික මිලකට ලැබී ඇති නමුත් එය හෝ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් ඉල්ලා තිබෙන අතර මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට තමන්ගේ සහය ද අමාත්‍යාංශ බලධාරීන් ඉල්ලා සිටි බව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා  සඳහන් කර ඇත.

 

කෙසේවෙතත් හැකි ඉක්මණින් රෝහල් වෙත ඉන්සියුලීන් ලබා දිය යුතුවන අතර එසේ නොවුණහොත් රෝගීන් සෑහෙන ප්‍රමාණයක් මියයාමේ අවධානමක් පවතින හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

 

ඊයේ දින සෞඛ්‍ය අර්බුදයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් පැවති නමුත් අර්බුදයන් නිසි ලෙස වටහා නොගෙන සාකච්ජා කර ඇති බවයි රාජිත මන්ත්‍රීවරයා කියා සිටින්නේ.

”NMRA ශක්තිමත් කිරීමේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩසටහන අපි 2018 ආරම්භ කළා. කොලිටි ලැබ් එක අපි 2019 හැදීම පටන් ගත්තා. ජනාධිපතිවරයා කියනවා FD වගේ කෙටි ක්‍රියාමාර්ග ගන්න කියලා. නිලධාරීන් මේවා දන්නේ නෑ. NMRA පනත තව ලිහිල් කරනවා කියනව නම් ඒ හොරකම් කරන්න. අද මේ පනත තියලත් ඒක ක්‍රියාත්මක නොකිරීම නිසා මිනිස්සු රජයේ රෝහලකට යන්න බෑ. වෛද්‍යවරුන් මේ එන්නත් පාවිච්චි කරන්නේ නෑ අවධානමක් ගන්න බෑ කියලා. NMRA එකේ හිටපු හොදමු ඖෂධ වේදීන් 22 තමයි එකසැරේ එළියට දැම්මේ. ඒ කාලෙත් ඖෂධ තිස් ගාණක් හිඟ තිබුණා. අපි මෘදුකාංගයක් හදලා ඒ හිඟයත් නැති කළා. මේවා හොරාගෙන්ම පේන අහනවා වගේ එකක්. ජනාධිපතිවරයාට කොච්චර උවමනාව තිබුනත් මේක කරන්න වෙන්නේ නෑ. ඖෂධ මිල අහස උසට ගිහින්. ඒ කාලේ ගොඩක් අය සල්ලි නැති නිසා බෙහෙත් බොන්නේ නෑ. අපි මිල අඩුකල නිසා හරියට බෙහෙත් බොන්නන් පටන් ගත්තා. ඖෂධ මිල අඩු කරනවා කියලා ඇස් බැන්දුමක් කළා. අනිත් හැමදේම අඩුවෙද්දී බෙහෙත් විතරක් අඩුවෙන්නේ නැත්තේ ඇයි. ඖෂධ නිසා මිනිස්සු මැරෙන එක ගැන පරීක්ෂණයක් නෑ. ඖෂධ අධිකාරියක් තියෙනවා ඖෂධ වේදය ගැන විශේෂඥයෙක් නැති. මිල කමිටුවේ අය ඔක්කොම අයින් වුණා. මේ සෙල්ලම පටන්ගත්තේ ගිය අවුරුද්දේ. මේ ප්‍රශ්න ගැන කතාකරන්නේ නැතිව වෙන ඒවා කතාකරලා වැඩක් නෑ.. බෙහෙත් සදහා දෙන මුදල් වැඩි හරියක් වෙන ඒවට යන්නේ. ජනාධිපතිතුමනි ඔබ ආර්ථිකය හරිගස්සනවා වගේම සෞඛ්‍ය කියන්නේ වැදගත් එකක්. ආර්ථිකය බුද්ධියෙන් කරනවා වගේ සෞඛ්‍ය හදවතින් කරන්න ඕන එකක්.” 

යනුවෙන් රාජිත සේනාරත්න වැඩිදුරටත් සඳහන් කරයි.

 

මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හටගෙන ඇති අර්බූධය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදහස කුමක්ද යන්න මාධ්‍යවේදී අශෝක ජයතුංගගේ පසුගිය ජනපතිeකොළමෙන් හෙළිකර ඇත්තේ මෙසේය.  

"ජනාධිපතිතුමා රටේ ඔක්කොම බැලන්ස් කළත් සෞඛ්‍ය අනාථයි කියල මිනිස්සු දැන් ඇමතිට නෙවෙයි ඔබතුමාට බනින තැනට ඇවිත්" නිළධාරියෙකු පෙන්වා දුන්නේය.

"ගිණිගත්ත රටක් මම නිව්වා. ඒක අමතක කරල මට බනින අයත් ඉන්නවා.සෞඛ්‍ය ගැනත් බැනපුවාවෙ. මිනිස්සු බැන්නෙ නැත්තම් මට දැන් නින්ද යන්නෙ නෑ වගෙයි. කෙහෙළිය විතරක් අයින් කරල බෑ. එහෙම නම් කූට්ටමම අනන්න වෙනවා" රනිල් කීවේ කොක්හඬලමිනි.

"සෞඛ්‍ය වල ප්‍රශ්නයක් තියෙනවා. විකල්ප වැඩ පිළිවෙළක් ඕන. ඇමති අයින් නොකරනව නම් ඇමති වැරදි පාරෙ ගෙනියන නිළධාරීන් හරි වෙනස් කරන්න" මාධ්‍යකරුවෙකු කීය.

" ලනු දෙන නිලධාරීන් ඉන්නව නම් ඉවත් කරල සෞඛ්‍ය හරි පාරට ගන්න එක මගේ නෙවෙයි කෙහෙළියගෙ වැඩක්" ජනපති ගේ ස්ථාවරය එය විය.

 

කෙසේ වුවද ජනපතිගේ මේ කඹ ඇදිල්ලෙන් රටේ විධායක ජනාධිපතිවරයාට රෝගීන් මියයාම ගැන ලොකු ගැටළුවක් නොවන බව පෙන්නුම් කෙරෙන බව ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්ගේ අදහස වී ඇත.

රාජ්‍ය බලය පවත්වාගෙන යෑමට වඩාත් අත්‍යවශ්‍ය කොන්දේසිය ආරක්ෂා කරගනු විනා ජනතාවගේ ජීවත්වීම ආරක්ෂා කිරීම බල දේශපාලනයට අදාළ නොවන බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.

නවතම ලිපි