SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

චන්දන වික්‍රමරත්න මේ දක්වා පොලිස්පති ධුරය හොබවනු ලැබුවේ ඉකුත් මාර්තු මස 25 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබාදුන් මාස තුනක සේවා දිගුවක් යටතේ යි.

ඒ 2020 වසරේ නොවැම්බර් මස 27 වෙනිදා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස රාජකාරි ආරම්භ කළ පොලිස්පති චන්දන වික්‍රමරත්න, වයස අවුරුදු 60 සම්පුර්ණ වීම හේතුවෙන් ඉකුත් 2023 මාර්තු මස 23 වෙනිදා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබූ නිසයි. ඔන්න ඉතිං පොලිස්පති චන්දන වික්‍රමරත්නට ජනාධිපතිවරයා ලබා දුන් සේවා දිගුව ජුනි 25 වැනිදා අවසන් උනා. දැන් දවස් 12ක්. පොලිස්පති පුටුව තවම හිස්.

චන්දන වික්‍රමරත්න තමන්ගෙ ධුරයෙන් විශ්‍රාම යෑමෙන් පස්සෙ මීළඟ පොලිස්පතිවරයා කවුද කියල දවස් 12ක් තිස්සෙ හැමෝම බලාගෙන ඉන්නවා.

පොලිස් ඇමති ටිරාන් අලස් නම් මීට කලිනුත් දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව පොලිස්පති කරන්න කියල ජනාධිපතිවරයාගෙන් පෞද්ගලිකවම ඉල්ලල තිබුන. ඒත් ජනාධිපති වික්‍රමසිංහ නම් ඒ ගැන කියල තිබුණෙ  උන්නැහෙට තියෙන අධිකරණමය නඩු ටික එකලාසයක් කරගෙන එන්න කියන්න කියලයි.

ඒ මොක උනත් ජ්‍යෙෂ්ඨත්වය අනුව නිලධාරීන් කිහිප දෙනෙකුගේ නම් නව පොලිස්පති ධුරය සඳහා ඉදිරියෙන්ම තියෙනවා කියලයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග කියන්නෙ. මේ අතරෙදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙච්ච  නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක සහ දේශබන්දු තෙන්නකෝන් ගේ නම් පුරප්පාඩු වී ඇති පොලිස්පති ධුරය සඳහා ඉදිරිපත්වෙලා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු නිලධාරීන්ට තම පෞද්ගලික මුදලින් වින්දිතයින්ට වන්දි ගෙවන ලෙස මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලත් තිබුන.

ඒ අනුව වෙනත් නඩු නිමිත්තකට දායකත්වයක් නැති උනත් පාස්කු සිද්ධිය නිසාම නිලන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඒ අවස්ථාව ගිලිහිලා කියලයි කසු කුසුව ඇහෙන්නෙ.

මෙතනදි කාඩිනල් මැල්කම් රංජිත් හිමියන් නම් නිලන්තටත්, දේශබන්දුටත් අවස්ථාවක් දෙනවට තදින්ම විරුද්ධයිලු.

විශේෂයෙන්ම ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතැම් හිමිවරු හමුවෙමින් තමන් පොලිස්පති ධුරයට පත් කරන ලෙස ජනාධිපතිට දන්වන්නැයි ඉල්ලීම් කරල කියලත් සමහර වෙබ් අඩවිවල ප්‍රවෘත්ති පළකරල තිබුණා. ඒ ඇනුව ඇතැම් හිමිවරු ප්‍රසිද්ධියේ ඒ සම්බන්ධයෙන් මත පල කරනවත් අපි මාධ්‍ය මගින් දැකගත්තා. ඊට අමතරව පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීමේ චෝදනා එල්ල වී තිබෙන පොලිස් නිලධාරීන් පොලිස්පති ධුරයට පත් නොකරන්නැයි කාදිනල් හිමියන්ද ලිඛිතව ජනාධිපතිට දන්වා යවලත් තියෙනවලු.

 

ඒ අව් අස්සෙ ජනපති e කොළම ලියන මාධ්‍යවේදී අශෝක ජයතුංග ජනාඡිපතිවරයා අසලම කැරකිලා අරගෙන ආවෙ මෙහෙම පුවතක්. ඒ කියන විදිහට මීළඟ පොලිස්පති සිවිල් නිළධාරියෙක් වෙයිද කියන සැකයකුත් දැන් දැන් මතුවෙලා. ජනපති e කොළමෙ තිබුනෙ මෙහෙමයි.

 

"පොලිස්පති පත්කරන එකත් ඇමතිල පත්කරන එක වගේ බාලගිරි වෙලා" මාධ්‍ය ප්‍රශ්න කළේය.

"පොලිස්පති නෑ කියල මොකද්ද තියෙන පුශ්නය. දින 52 ක් ආණ්ඩුවකුත් මේ රටට කිබුණෙ නෑනේ" ජනපති කීවේය.

"ඒත් රටපුරා DIG ල එයාලට ඔින ඔින හැටියට තීන්දු ගන්න ගියොත් වැඩේ දෙල් වෙනවා. ඒ ගැන අවදියෙන් ඉන්න" මාධ්‍යකරුවෙකු කපටි නරියාට උපදෙසක් දුන්නේය.

"අරය පත් කරන්න මෙයා පත් කරන්න කියල ආපු ලියුම් fපයිල් එකක් තියෙනවා. ඒ ඒ අය පත් කරන්න එපා කියල ආපු ෆයිල් දෙකක් තියෙනවා" ජනපති ලේකම් සමන් කීවේ සිනාමැදය.

"දේශපාලන බලපෑම් නිසා පොලිස්පති පත්කරන්න බැරි වුණොත් හරි  ඉන්න කෙනාටම දිගුවක් දෙන්නත් බැරි වුණොත් සිවිල් සේවකයෙක් ඒ තනතුරට දාන්නත් පුළුවන්නේ. 56 ආදර්ශයකුත් තියෙනවනේ" එහිදී කියවින. එය ඉබ්බා දියේ දමන කතාවක් දැයි දන්නේ රනිල්ම පමණි. ඔහු නෝන්ඩි හිනාවක් දැම්මේ ඒ නිසාදැයි පැහැදිලි නැත.

අශෝකගේ හෙළිදරව්ව කොයිතරම් යතාර්ථයක් වෙයිද කියල අපි නොදන්නව උනාට පොලීසියේ තියෙන තරමක් අර්බූධවලට උත්තරයක් විදිහට සිවිල් සේවකයෙක් පොලිස්පති කරන එකෙත් වෙනමම ලල් එකක් තියෙන්නත් පුළුවන් කියල ඔන්න සෝෂල් මීඩියා ඔස්තාර්ල කියන්න පටන් අරගෙන. කොහොමින් කොහොම හරි මේව ඉතිං රටේ සිවිල් පුරවැසියන්ගෙ අයිතීන් ආරක්ෂා කරන්න පිහිටවපු ආයතනලුනේ නේද?

 

#slleader Gossip

නවතම ලිපි