SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ වනවිට විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා පළාත් පාලන අමාත්‍යවරයාට බලය ලැබෙන පරිදි 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගැසට් කර තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසිනි.

පළාත් පාලන මැතිවරණයක් කැඳවමින් එම ආයතන විසුරුවා හැර තිබුණත් අදාළ මැතිවරණය දින නියමයක් නොමැතිව කල්ගොස් ඇති වාතාවරණය තුළ මේ වනවිට දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන පවතින්නේ නාගරික කොමසාරිස්වරුන් සහ පළාත් පාලන ආයතන ලේකම්වරුන්ගේ පාලනය යටතේ ය.

පොහොට්ටුවේ කොඳුනාරටිය වන්නේ ප්‍රාදේශීය සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන්ය. ඉන් අතිශය බහුතරය මැර ජඩයින්ය. "ජනතාව" ඔවුන්ට නතුව ඇත්තේ ඔවුන් වෙතින් ලැබෙන විවිධ අනුග්‍රහයන් නිසාය. නැවතත් පරණ පොහොට්ටු පලාත්පාලන ආයතන ප්‍රතිස්ථාපනය කිරීමට තීරණය කොට ඇත්තේ එම නියෝජිතයින් සතු මෙම බලය නිසාය.

පසුගියදා මාධ්‍ය මගින් හෙළිකල පුවතක් වුයේ දිනේෂ් ගුණවර්ධන අගමැති තනතුරෙන් ඉවත් කොට පොහොට්ටු ලොක්කෙක්ට එය ලබාදීමට ජනාධිපතිවරයා සාකච්ඡා කළ බවය. එමෙන්ම ජනමත විචාරණයකට හෝ ජනාධිපතිවරණයකට (බොහෝ විට එය ජනමත විචාරණයක් වනු ඇත) දෙකඩ වී ඇති පොහොට්ටු පාර්ශ්වය යළිත් එක්කළ යුතුය.

 

මන්ද රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුවද එජාපයේ කිසිදු ප්‍රතිසංවිධානමය කටයුත්තක් සිදු කර නොමැති අතර, අද දෙනවා හෙට දෙනවා යැයි කියූ මහලේකම් ධූරයට රවී කරුණානායකව හෝ තවමත් පත්කර නැත. ඒ අනුව ජනපති රනිල් තම පක්ෂයේ අයවලුන්ට පවා කැරට් අල පෙන්වමින් කල් මරන අතර මෑතකදීම පොහොට්ටුවේ බහුතරය රනිල්ගේ ආණ්ඩුවට ඍජුවම එක්වීමට නියමිතය. මෙම ක්‍රියාවලිය අවසානයේ බැසිල් අගමැති ලෙස පත්වීමට නියමිත බව පෙනෙන්නට තිබේ.  

 

ඉන්පසුව නාමල් ප්‍රමුඛ පොහොට්ටුවේ පිරිසක් විපක්ෂය නියෝජනය කරනු ඇත. එසේ වන්නේ මහා මැතිවරණයකින් පසුව ආණ්ඩුවට යම් කාලකට සහාය දක්වන විපක්ෂයක් බිහිකරගැනීමේ එකඟතාවය ඇතිවය. යම්කසි හෙයකින් අනාගතයේදී පොහොට්ටුව වෙතින් ආණ්ඩු බලය ගිලිහෙන්නේ නම්, UNPයට හෝ සජබට ආණ්ඩු බලය ලබාගත හැකි වැඩි නැඹුරුව ඇති බව පෙනීයන්නේ නම්, මෙම සභාපතිවරුන් ඇතුළු පලාත්පාලන නියෝජිතයින් එම පක්ෂ වෙත සේන්දු වනු ඇත. අතීතයේ සිදුව ඇත්තේ ද එසේය.

 

එබැවින් යම්කිසි හෙයකින් ජවිපෙ විසින් ආණ්ඩු බලය ලබාගතහොත් කල යුතු පළමු කාර්ය වන්නේ කෙක්කෙන් හෝ කොක්කෙන් මෙම පලාත්පාලන නියෝජිතභාවය සහමුලින්ම මකා දැමීමයි. ඔවුන් එය තේරුම් නොගන්නේ නම් ඉක්මනින් ඔවුනට රාජ්‍ය බලය බලය අහිමි වනු ඇත.

 

 

ketagoda gaz 2.jpg