SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු කිසිදු මහජන අරමුදල්වල සාමාජික ශේෂයට බලපෑමක් එල්ල නොවන බවත්,

අතීතයේ ගෙවා ඇති සුපිරි විශ්‍රාම අරමුදල් ප්‍රතිලාභ අනුපාතයට ද කිසිඳු ආකාරයකට බලපෑමක් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

 

එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයට හෝ කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයට බලපෑමක් එල්ල නොවන අතර රටේ මිලියන 50කට අධික බැංකු තැන්පත්කරුවන්ගේ කිසිදු තැන්පතුවකට ද මෙහි බලපෑමක් නැති බවත්, දැනට ගෙවනු ලබන බැංකු තැන්පතු සඳහා වන කිසිදු පොලියකට බලපෑමක් එල්ල නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබුණේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් පරිපාලන සංකීර්ණය ‘ලක්සියනෑ මන්දිරය’ ඊයේ  (27) පස්වරුවේ ජනතා අයිතියට පවරා දෙන උළෙලකදීය.

 

ජනපති වික්‍රමසිංහ තවදුරටත් පෙන්වා දී ඇත්තේ, 2022 වර්ෂය අවසාන වන විට ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය (දේශීය හා විදේශීය) ඩොලර් මිලියන 83,700ක් බවත් එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 128.3%ක් බවය. ඔහු සඳහන් කරන ආකාරයට 2022 අවසන් වන විට සමස්ත විදෙස් ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 41,500කි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 63.6%කි. ඒ වන විට සමස්ත දේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 42,100ක් බව ජනාධිපතිවරයා පෙන්වා ඇත. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 64.6%කි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව පවත්වාගෙන ගියහොත් 2035 වන විට ද රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 100%කටත් වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බව පෙන්වා දෙන ජනාධිපතිවරයා විදේශීය ණය හිමියන් මේ වන විටත් මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟත්වය පළ කර ඇති බව ද පවසයි.

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවධාරණය කරන පරිදි ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීමට නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වන අතර දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කළ යුතු ය.

ඔහු කියා සිටින්නේ බාහිර ණය හිමියන් වශයෙන් විදෙස් ණය හිමියන් විශාල බරක් දරණ අතර, ඉදිරි වසර 05 තුළදී පමණක් විදේශ ණයකරුවන්ගෙන් ඇමරිකානු ඩොලර් බිලියන 17ක දායකත්වයක් ලබා ගැනීමට නියමිත බවය. ඒ අනුව ලංකාවේ දේශීය ණයකරුවන්ගෙන් ද ඊට දායකත්වයක් ලබා දිය යුතුව ඇති බව ඔහු අවධාරණය කරයි.

 

මහජනතාවගේ බැංකු තැන්පතු ආරක්ෂා කිරීමේ මූලික අරමුණ ඇතිව මෙම යෝජනාව සකස් කර තිබෙන අතර, මහබැංකු නියාමනය යටතේ පවත්වාගෙන යන සියලු බැංකුවල බැංකු තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම ප්‍රධාන වගකීමක් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා ‌දී ඇත.

 

අප දන්නා සරල අදහස නම් රාජ්‍ය බැංකු තම වත්කම් වැඩිකරගන්නේ ණය දීමෙන් වන අතර දන්නා පරිදි රාජ්‍ය බැංකු මගින් වැඩි වශයෙන්ම ලබාදී ඇත්තේ රාජ්‍ය ණයයි. සමහර පෞද්ගලික බැංකු ව්‍යාපාර පවත්වාගෙන යමින් බැංකුවේ වත්කම් සකස් කරගත්තද රාජ්‍ය බැංකුවල 80%ක පමණ ප්‍රතිශතයක් ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය ණය වශයෙන් වන අතර එම බැංකුවල ඇති ප්‍රධානම වත්කම ද එය වේ. මෙම විශාල රාජ්‍ය ණය, ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය යටතේ බැංකුවට අහිමි වුවහොත් ඉතිරි කුඩා ප්‍රතිශතය වූ සාමාන්‍ය ජනතාවගේ මුදල් ඔවුන් ආපසු හරවා ගැනීමේ වැඩි ඉඩක් මෙන්ම එහිදී රාජ්‍ය බැංකුවලට යන කලදවස කුමක්දැයි බොහෝ දෙනා අසන ප්‍රශ්නයක් වී ඇත.

ආර්ථික විද්‍යා ඔස්තාර්ලා විසින් කවර ආකාරයේ ගණන් මිනුම් ඉදිරිපත් කළද රාජ්‍ය බැංකුවක පදනම වන්නේ ජනතාවගේ විශ්වාසයයි. ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය යටතේ මුලින්ම බිඳී යන්නේ රාජ්‍ය බැංකු පාරිභෝගිකයන්ගේ විශ්වාසය වේ.

 

මෙහිදී ජනාධිපති වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අනුව බැංකු තැන්පත්කරුවන්ට කිසිඳු හානියක් නොවන අතර බැංකු පද්ධතිය කඩා වැටීමකට ලක් නොවන බවත් එමඟින් සිදු වන්නේ ආර්ථිකය යළි නඟා සිටුවිය හැකි ප්‍රතිව්‍යුහගත කිරීමකට මග සෑදීම පමණක් බවය. එසේ නම් බැංකු කඩා වැටීමෙන් ගලවා ගත හැකි ක්‍රමය වන්නේ මහාචාර්ය රොහාන් සමරජීව කියන ආකාරයට මෙම බැංකු Re-Capitalist කිරීමය. එනම් බැංකු වලට විදේශ ආයෝජන පැමිණිය යුතුය. ලංකාවේ රාජ්‍ය බැංකුවල කොටස් ජපානය, චීනය හෝ ඉන්දියාව හෝ කුමන හෝ රටක් හෝ ලබාගත යුතුයි.  

එවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා ඇති රටේ ආර්ථික ප්‍රකෘතිය ඇතිවීම, පොලී අනුපාතය අඩු වීම, රජයට පහසුවෙන් සහනාධාර මුදල් සැපයීමට හැකි වීම, ඊළග වසර 10 තුළ දේශීය හා විදේශීය වශයෙන් ණය බර අඩු වී එමඟින් ලැබෙන යහපත් ප්‍රතිඵල රටේ මහජනතාවට හිමිවීම මෙමගින් සිදුවිය හැකි ප්‍රකෘතියක් ද?

 

මේ අතර දේශපාලන පක්ෂ, බැංකු වෘත්තීය සමිති, වෙනස් වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඊයේ (27) පෙරවරුවේ මාධ්‍ය හමු රැසක් පවත්වා අදහස් ඉදිරිපත් කර ඇත. එහිදී විශේෂයෙන්ම මෙරට සියලු බැංකු නියෝජනය කරන ලංකා බැංකු සේවක සංගමය අවධාරණය කර තිබෙන්නේ, දේශීය ණය කපා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය මැයි මාසයේදී ආණ්ඩුවෙන් අවස්ථාවක් ඉල්ලූ බවත් එය නොලැබුනු බවත් ය.

එමෙන්ම රාජ්‍ය බැංකුවලින් ලබාගෙන තිබෙන ණය කපා හැරීම සහ සේවක අර්ථසාදක අරමුදලෙන් ලබාගෙන තිබෙන ණය කපා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කුමක් කරන්නේදැයි දැඩි අවිනිශ්චිත තාවයක් පවතින බවට ද එම සාකච්ඡා තුළින් චෝදනා එල්ල කර ඇත.