SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන ලෙසට ඉල්ලා සිටිමින් සිංහල රාවය සංවිධානයේ අක්මීමන දයාරතන හිමියන් ඇතුළු එම සංවිධානයේ නියෝජිතයින් පිරිසක්

අමාත්‍යාංශයට පැමිණ කළ ඉල්ලීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර  සුබවාදී ප්‍රතිචාරයක් ලබාදී ඇත.

සිංහල රාවය ජාතික සංවිධානයේ නියෝජිත කණ්ඩායම පෙර දැනුම්දීමකින් තොරව අමාත්‍යාංශයට පැමිණ තිබුණත් අමාත්‍යවරයා ඒ වන විට පැවති සාකච්ඡාවක් මදකට නතර කර එම නියෝජිත කණ්ඩායම හමුවූ බව මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

 

“රටට වැඩිම විදේශ විනිමයක් ගෙන එන මාර්ගය වෙන්නේ විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන එනු ලබන විදේශ ප්‍රේශණයි. විදේශ ගත ශ්‍රමිකයා විවිධ අවස්ථාවලදී ගැටලුවලට මුහුණ දෙන විට ඒවා කළමනාකරණය කිරීම සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසාම ශ්‍රමිකයින් විවිධ අවස්ථාවලදී නොයෙක් ගැටලුවලට මුහුණ දෙනවා. ඒකට තියෙන විසදුම තමයි විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම. විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කළොත් කිසියම් රටක ඉන්න ශ්‍රමිකයෙක් මොකක් හරි ගැටලුවකට මුහුණ දුන්නොත් එක බොත්තමක් එබුවම අදාල සියලුම බලධාරීන්ට ඒවා බලාගන්න පුලුවන්. මේ වගේ විසදුමක් විදේශ ගත ශ්‍රමිකයින්ට ලබාදෙන්න”අක්මීමන දයාරතන හිමියෝ ඉල්ලා සිටියහ. විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල්කරණයට ලක් කරන ලෙසද එවැනි පියවරක් ගතහොත් එය විශාල පිංකමක් බවද දයාරතන හිමියෝ පවසා ඇත.

 

මෙහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවය.

මෙහිදී අදහස් දක්වා ඇති කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ. විමලවීර පවසා ඇත්තේ,

“විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම මගින් මේ තියෙන ප්‍රශ්නවලින් සියයට 99ක් විසදන්න පුලුවන්. විදේශ රැකියා ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් වන අනුමැතීන් ලබාගැනීම මාසයක් දෙකක් ඇතුළත අවසන් කිරීමට හැකියාව ලැබේවි. ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ ඉදලා මේ ඩිජිටල්කරණ ක්‍රියාදායම ක්‍රියාත්මක කරන්න පුලුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා.

මේක පුංචි ඩිජිටල්කරණයක් නෙමෙයි. කිසියම් රැකියා ඇනවුමක් ලැබුණ දිනයේ සිට ශ්‍රමිකයා රට ගිහින් එන තුරු සියලුම කටයුතු ඩිජිටල්කරණයට ලක් කළ යුතුයි. මේවා ඩිජිටල්කරණයට ලක් කිරීම සදහා වන විශාල කටයුත්තක් කරන්න තියෙන බවය.” 

 

“සමහර රටවල කාන්තාවන්ට කරදරයක් වුනාම ජංගම දුරකතනය අරගෙන දුක් සහිත මුහුණ ලකුණු කරන්න තියෙනවා. එතකොට ඒ රටේ තානාපති කාර්යාලය, ඉදලා සියලුම තැන් දැනුවත් වෙනවා. තානාපති කාර්යාලය මැදිහත්වීම් නොකරන විට ඒවා අමාත්‍යාංශයට දැනගැනීමට හැකි ක්‍රමවේදයක් හදනවා. දැන් විදේශ රැකියාවලට ගිහින් නොයෙක් ගැටලුවලට මුහුණදෙන කාන්තාවන්ට හොරුන්ට අහුවෙලා ඉන්නේ. රවට්ටලා අරගෙන යන්නේ. පවුල් පසුබිම් වාර්තා, වෛද්‍ය වාර්තා බොරු. ඩිජිටල්කරණය හරහා මේ සියල්ල වලක්වා ගන්න තමයි අපි උත්සාහ ගන්නේ. අපි මේ වගේ වැඩක් කරගෙන යන විට සමහර අමාත්‍යාංශවලින් අනුමැතීන් ගැනීම සදහා යම් යම් ප්‍රමාදයන් එනවා. හාමුදුරුවන් අපිට නිතරම මේවා කරලා මතක් කරන එක අපි අගය කරනවා”අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

මේ අතර සිංහල රාවය ජාතික සංවිධානයේ ලේකම් මධුභාෂණ ප්‍රභාත් රණතුංග ඉල්ලා ඇත්තේ  විදේශ රැකියා ඒජන්සි ශ්‍රේණිගත කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කරන ලෙසය. ඒ සදහා වන ක්‍රමවේදයක් සකස් කරන ලෙස අමාත්‍යවරයා එම අවස්ථාවේදීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් දී ඇත.

විදේශ රැකියා ජාවාරම්වලින් ජනතාව ආරක්ෂා කරගැනීම සදහා ජනතාව දැනුවත් කිරීමට, දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබදවද මෙහිදී අවධානයට ලක්කර ඇත.

විදේශ රැකියාවක් සඳහා පිටත්ව යන විට අත්සන් කරනු ලබන ගිවිසුමට සිංහල හා දෙමළ පිටපත් ඇතුළත් කර ඇති බව අමාත්‍යවරයා සිංහල රාවය සංවිධානයේ නියෝජිතයින්ට දැනුම් දී තිබූ අතර  සංචාරක වීසා මගින් විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යාමේ ජාවාරම් වැලැක්වීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යංශ පනත වෙනස් කිරීමට කටයුතු කරන බවද දන්වා ඇත.

 

– Media unit