SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරයා විදෙස් සංචාරයට යන්නට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට තත්පර 48ක දුරකථන ඇමතුමක් ලබාදී තිබූ බව ආරංචිය.

තමන් පෙරළා ලංකාවට ආ පසු දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවක් රනිල් සජිත්ට කියා ඇත.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ සහයෝගය ලබාගැනීමට ජනාධිපතිවරයාට හැකිවනු ඇතිද?

හදිසියේම ජනාධිපති රනිල්ගේ මේ හදිසි කැඳවීමට හේතුව හොයා බලද්දි කතාව මෙහෙමය. මේ ‌වනවිට තවමත් ආණ්ඩුවේ බහුතර බලය හිමි පොහොට්ටු පක්ෂය කොටස් දෙකකට බෙදෙමින් පවතින බව පසුගිය කාලය පුරාම කතාබහට ලක්වුනු කාරණයකි. මෙහි උච්ඡතම අවස්ථාව විය හැක්කේ මහා මැතිවරණයක් නිවේදනය කිරීම බව දන්නා බැසිල් රාජපක්ෂ පොහොට්ටු නිර්මාතෘවරයා පවතින තත්වය තුළ ජනාධිපතිවරයාව බැලන්ස් කරගැනීමේ උත්සාහයක් ගන්නා ආකාරයද අපි දුටුවෙමු.

ඒ කෙසේ වෙතත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ යෝජනාවට අනුව පොහොට්ටුව එක්කෝ ජනාධිපතිවරයාට සහාය දැක්විය යුතුය. නොඑසේනම් විරුද්ධ විය යුතුය. එවිට ජනාධිපතිවරයා වෙත ලැබෙන සාර්ථකම  පණිවුඩය නම් පොහොට්ටු පාර්ශ්වයේ කොපමණ පිරිසක් තමා සමග සිටිනවාද යන්නය.

 

සජිත්ට දුරකථන ඇමතුමක් දීමෙන් ජනාධිපති රනිල් කුමක් බලාපොරොත්තු වන්නේද?

 

පසුගිය දා කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පත්කිරීමට මූලික වූයේ වික්‍රමසිංහ ජනාධිපතිවරයාය. අපි මීට ඉහතත් ගොසිප් එක හරහා කියූ ලෙසින්ම කාලයක් පුරා එම තනතුර වෙනුවෙන් විපක්ෂය අරගල කලද එම තනතුර හර්ෂට ලබාදුන්නේ පාර්ලිමේන්තුවේ IMF වැඩපිළිවෙල වැඩි ඡන්දයෙන් අනුමත කරගත්තාට පසුවය. ඒ අනුව ජනාධිපතිවරයා අදාළ තනතුර ලබාදීමේදි අවධාරණය කළේ මේ වනවිට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත IMF යෝජනා අනුමත වී ඇති බවත් එම යෝජනා ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ අනුමැතිය සහ සහයෝගය ලබාදිය යුතු බවත්ය.

එනම් කෙසේ හෝ වේවා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කිරීමට අත්සන් කරන්නට සිදුවන්නේ  විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වූ මුදල් කාරක සභාවේ සභාපතිවරයාටය.

 

මේ අප කියවා ඇති රනිල්ය. ඒ රනිල් ජනාධිපතිවරයා මේ ‌මොහොතේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඊළඟ කඩඉමට පැමිණ ඇත. එක්කෝ පොහොට්ටුව සමග ගමනක්, එක්කෝ සජබ සමග ගමනක්, හෝ පොහොට්ටුවේ කොටසක් හා සජබ කොටසක් සමග සන්දානගත ගමනක් විය යුතුය.   

 

කෙසේ වුවද පොහොට්ටුව මේ යෝජනාවට විරෝධය පළ කළොත් විය හැකි ආසන්නතම ප්‍රතිඵලය වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ ඡන්දයකට යාමට ජනාධිපතිවරයා තීන්දු කිරීමය. ඡන්දයකට ගියහොත් පොහොට්ටුවට මෙදා සැරේ වැලේ වැල් නැතිය. එනිසා එය වලක්වා ගැනීමට බැසිල් උපරිම උත්සාහ ගනු ඇත. මේ නිසා වික්‍රමසිංහ ජනාධිපතිවරයා සතුව බෝලයත් බැට් එකත් ඇති බව අපි මීට කලින්ද පවසා ඇත. එපමණක් නොවේ පිටියද මේ වනවිට ඔහු සතු කරගෙනය.

 

සමගි ජන බලවේගයත් මේ මොහොතේ සිටින්නේ ගැම්මටය. ඒ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ සන්ධානයකට එළැඹෙමිනි. සජිතුත් වැඩේ ලේසියෙන් අතාරින පාටක්ද නැති වග දන්නා පොහොට්ටුව මේ මොහොතේ ඡන්දයකට යන්නට නම් සිතන්නේ වත් නැත.ඒ අනුව තීරණය ගැනෙන්නේ අදාළ කාරණාවන්හි රටක් සම්බන්ධ බරපතල තීන්දු මත නොව බලය සඳහා වූ උවමනාව මත පමණකි. මේ තිබෙන පොහොට්ටු මන්ත්‍රී ආසන සංඛ්‍යාව නැවත හදිසි ඡන්දයකදී මළාටවත් ලැබෙන්නේ නැත. හෝදාගෙන යෑමද නතර කළ නොහැක.

මේ සියල්ල දන්නා කපටි නරියෙක්ට චෙස් බෝඩ් එකේ ඉත්තන් සිම්පල් ටොයියන් මෙන් ඇදිය හැකිය.

 

#katagesma