SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දීප්ති කුමාර ගුණරත්න යනු මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂයක් වන “සමබිම” පක්ෂයේ නායකයාය.

ඡන්ද දාහක්වත් නැති වුවත් ඔහුත් සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායක හෝ රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද රාජපක්ෂ හෝ වැනි “පක්ෂ නායකයෙකි”. එවැනි එක දේශපාලන පක්ෂයක නායකයෙකුට සෑම දිනකම උදය වරුවේ පැය ගණනාවක වෙන්වූ ගුවන් කාලයක් නොමිලයේ ලබාදීම සාධාරණද?

 

ස්වාධීන රූපවාහිනී සේවය හෙවත් ITN යනු රාජ්‍ය ආයතනයකි. එය මූලිකව ක්‍රියාත්මක වන්නේ කලින් කලට පවතින ආණ්ඩු පක්ෂයේ දේශපාලන මතවාදය සහ එහි නායකයන් ප්‍රවර්ධන කිරීම සඳහාය. එය සිදුවන්නේ එයට පත්කරන සභාපතිවරයා හරහාය. මෙකල එහි සභාපතිවරයා වන්නේ සුදර්ශන ගුණවර්ධනය. ඔහු රනිල් වික්‍රමසිංහට පක්ෂපාති අයෙකි. ITN එකේ හැමදාම උදේට පත්තර කියවන මුවාවෙන් දීප්තිගේ පක්ෂයේ දේශපාලන මතවාදය වපුරමින් තනියම බයිලා ගහන්නට ජනතාවගේ ගුවන් කාලය පුදන්නේ සුදර්ශන ගුණවර්ධනය.

 

දීප්ති 2

(දීප්ති, චූලානන්ද, සුදර්ශන සමබිම පාඨයන් සමග

කළුතර දී හමුවේ - සමබිම වෙබ් අඩවිය)

හාස්‍යය වන්නේ එවැනි සාම්ප්‍රදායික දේශපාලන ව්‍යුහයන් දාර්ශනිකව විවේචනය කරන දීප්ති කුමාර එම දේශපාලන ව්‍යුහයේම පොඩි වලක් හාරාගෙන ලැගීමයි. ලැගගෙන තනියම හූ කීමයි. මේක සාධාරණව තේරුම් ගැනීම සඳහා අපි දීප්තිගේ පැත්තෙන් මේක දිහා බලමු.

 

“එතන දීප්ති කතා කරන්නේ සමබිම පක්ෂයේ නායකයා ලෙස නොවේය” කියා කෙනෙකුට කිව හැකිය. නමුත් දීප්තිගේම වචනවලින් කිවහොත් ඒ ආකාරයට පක්ෂ නායකයන් වැනි පුද්ගලයන් සිය දේශපාලනයෙන් ව්‍යුක්තව ගෙන සැලකිය නොහැකිය. එය හරියට ඔය වැඩසටහන අනුර කුමාරට හෝ සජිත් ප්‍රේමදාසට හෝ දී ඒ ඔවුන් කතා කරන්නේ ඔවුන්ගේ දේශපාලන පක්ෂවල නායකයා ලෙස නොවේය කියා කීම වැනිය. රැවටිල්ලකි.

 

තවත් පැත්තකින් බැලුවොත් කෙනෙකුට කිව හැක්කේ “දීප්ති කුමාර විසින් එම වැඩසටහන තුළ රනිල් වික්‍රමසිංහව හෝ ඔහුගේ ප්‍රතිපත්ති හෝ ප්‍රවර්ධනය නොකරන” බවය. එය විවාදාපන්න වුවත් අපි එය මොහොතකට එහෙමය කියා පිළිගනිමු. එවිට අප ඇසිය යුත්තේ ඒ ආකාරයට රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය නොකරන්නේ ඇයිද? යන්නයි. දීප්තිගේ දේශපාලන මතවාදය අනුව එසේ නොකිරීමත් එසේ කිරීමත් යන දෙකම සමානය. දෙකම එකම දේශපාලනයකි.

 

දීප්ති 3

 දීප්ති සමග ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න

 

දීප්ති කුමාරට සිය දේශපාලන අදහස් ප්‍රකාශ කිරීමට මෙරට ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය තුළ එතරම් අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ ගැන ඔහු නිතර මැසිවිලි නගමින් සිටියේය. බත්තරමුල්ලේ සීලරතනට ඇත්තෙත් එම අර්බුදයමය. ඒ අනුව කෙනෙකුට කිව හැක්කේ මේ වැඩසටහනෙන් කරන්නේ දීප්තිට සාධාරණ අවස්ථාවක් ලබාදීම කියාය. එය එසේ නම් මාගේ මූලික තර්කය තහවුරු වේ. එනම් එම වැඩසටහන හරහා සිදුවන්නේ දීප්තිට සිය දේශපාලන මතවාදය තනිවම ප්‍රවර්ධනය කිරීමට ජනතාවගේ ගුවන් කාලය නොමිලයේ ලබාදීමකි.

දීප්ති කුමාරට මේ ලැබී තිබෙන “අසමාන” අවස්ථාව ඔහු විසින් සාධාරණය කරන්නේ කුමන පදනමින්ද කියා මෙරට පුරවැසියෙකු වශයෙන් මම අසමි.

 

දීප්ති

 දීප්ති - සුදර්ශන

 

අනුර කුමාරගේ දේශපාලන වාචකය සහ භාවිතය අතර ඇති පරතරය ප්‍රශ්න කරන දීප්තිට තමාගේ ආත්මීය පම්පෝරිය සහ සිය අධිකාරී භාවිතය අතර ඇති පරතරය පෙනෙන්නේ නැත. ඒ බව ඔහුට තාර්කිකව මතක් කරවන්නට කෙනෙකු එතන නැත. ඔහුට ඉන්නේ කලින් ලකුණු කළ පත්තර සිරස්තල ඔහුට ඇහෙන්නට කියවන සහ ඔහු කියන හැම දේටම තේරුණත් නැතත් “ඔව් ඔව්” කියන මෙහෙකාරියකි.

දෙරණේ පත්තර කියවන චතුර අල්විස් හෝ සංඛ අමරජිත් හෝ එම කියවීමට අමතරව ඔවුන්ගේ දේශපාලන මතවාදය අනුව අදහස් දැක්වීම විවේචනය කරන දීප්ති දැන් කරන්නෙත් ඒකමය. සිය මෙහෙකාරිය විසින් කියවන සිරස්තල ගැන “මංකියන්නේ මෙහෙමයි… මංකියන්නේ මෙහෙමයි…” කියමින් දීප්තිගේ හෙවත් සමබිම පක්ෂයේ දේශපාලන මතවාදය අනුව අදහස් දැක්වීමකි. එහි කිසිම “සමබිමක්” නොමැත. මෙයින් අප තේරුම් ගත යුත්තේ වෙනස් දේශපාලනයක් ගැන කතා කරන දීප්තිලාගේ දේශපාලනය තුළ එවැනි කිසිදු සැබෑ වෙනසක් නැති බවයි. ධර්මය අපට මග වේවා!

 

@එරන්ද ගිනිගේ

2023 ජූනි 22