SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ලයිකා මොබයිල් හිමිකරු වන අලිරාජා සුබාෂ්කරන් අතර හමුවක් ලන්ඩනයේදී සිදුව ඇතැයි වාර්තා වේ.

පසුගිය දිනවල ආන්දෝලනයට පත් පුවතක් වූයේ IMF කොන්දේසි වලට අදාළව ආයතන ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහනට අනුව ලංකාවේ ටෙලිකොම් සමාගම ලයිකා මොබයිල් හිමිකරුවකු වන අලිරාජා සුභාෂ් මිළට ගැනීමට සූදානමක් පවතින බවය.

පසුගිය දිනෙක පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ චෝදනා කර සිටියේ ‌ලාභ ලබන ටෙලිකොම් සමාගම මිලදී ගැනීමට සූදානම් වන්නේ අලිරාජා සුබාෂ්කරන් යැයි කියාය.

 

“දැන් ආරංචි විදිහට ටෙලිකොම් සමාගම සුබාස්කරන් අලිරාජාට ලබා දෙන්න රනිල් වික්‍රමසිංහ පාලනය සූදානම් වෙනවා. ඔබ දන්නවා, සුබාස්කරන් අලිරාජා කියන්නේ ශ්‍රී ලංකාවේ ඉපදුනු, එංගලන්තය මුල් කරගෙන ජීවත් වන, එල්ටීටීඊ සංවිධානයට විශාල වශයෙන් මුදල් පොම්ප කළ, මේ වන විට EAP මාධ්‍ය ජාලය සතු කරගෙන සිටින, මහා පරිමාණ මූල්‍ය ධනපතියෙක් බව. ටෙලිකොම් සමාගම ගෙඩිය පිටින් ගත්තාම 5G ජාලය පමණක් නොවෙයි, ඒහා බැඳුණු දත්ත පද්ධතියම මේ අය සතු වෙනවා.

ඇමරිකා එක්සත් ජනපද ආධාර ලබන ආයතනයක් වන Advocataහි ඉන්න ඊනියා විද්වතකු, මහාචාර්යවරයකු කියනවා, ‘ටෙලිකොම් එක පෞද්ගලික අංශයට ගියා කියලා ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ’ කියලා. එයාගෙ ආරක්ෂාවට නම් ප්‍රශ්නයක් නැතිව ඇති. නමුත් ටෙලිකොම් එක යන්නේ මාධ්‍ය ජාලයකුත් හිමි කෙනෙක් අතට. එයාට ලැබෙන්නේ 5G තාක්ෂණය සහිත, ලාභ ලබන ආයතනයක්. එමගින් ඔහුට තමන්ගේ මාධ්‍ය ජාලය පුළුල් කර ගැනීමට අමතරව රටේ දේශපාලනය හැසිරවීමේ තීරක බලයකුත් ලැබෙනවා” - විමල් වීරවංශ

 ALIRAJA SUBASHKARAN 750x375

 

මේ පිළිබඳව සමාජ මාධ්‍ය මගින් අදහස් දක්වා තිබුණේ විමල් වීරවංශලා ඇහැරී තිබෙන්නේ මේ දැන් ද කියාය. මන්ද මේ වනවිටත් ටෙලිකොම් සමාගම සතු 51%ක පමණ කොටස් හිමිකරු වන්නේ විදේශීය සමාගමක් වන අතර ගිවිසුම්ගත කොන්දේසි අනුව එම සමාගමේ අනුමැතියකින් තොරව රජය සතු කොටස් වෙනත් අයෙකුට විකිණීමටද පැවරීමටද නොහැකිය.  ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නම් මේ වනවිටත් අදාළ දත්ත පද්ධතිය රටින් බැහැරව ගොස් තිබිය යුතු බව ඔවුන් පවසති.

 

කෙසේ වුවද ගැටළුව ජාතික ආරක්ෂාවම නොව රටට හිමිවිය යුතු ආදායම රටින් පිටතට ගලා යෑම බැව් තවත් විචාරකයින්ගේ අදහසය. ඒ අනුව ටෙලිකොම් වැනි ලාභ ලබන සහ ලාභ ඉපැයිය හැකි ආයතන දේශීය ආයෝජකයින් වෙත ලබාදීම හා ඊට සුදුසු දිරිගැන්වීම් කිරීම  වඩාත් සුදුසු බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.

විමල් වීරවංශලාට මෙම ප්‍රශ්නය කතාකරන්නට අවශ්‍ය වන්නේ යළිදු වරක් ජාතිවාදී අදහස් වපුරා දේශපාලන බලය ලබාගැනීමට අවශ්‍ය මතවාදය යළිදු ස්ථාපිත කිරීමක් තුළ බවයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්  පවසන්නේ.

කෙසේ වුවද ජනාධිපති රනිල් තම විදෙස් සංචාරයන් අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාළව එකඟවී ඇති කොන්දේසි සැපිරීම සඳහා විවිධ පාර්ශ්වයන් හමුවීමටද එම අවස්ථාවන් යොදාගන්නා බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කර ඇත.