SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඛනිජ තෙල් විකුණන ඇත්ත කොන්දේසි..

ඩොලර් මිලියන ගණනක් රටට පාඩුයි..

පාඩු ලබන්නත් කැබිනට්ටුව අත්සන් කරලා..

කංචන පුතා හොඳටම කරලා...  

 

මූල්‍ය අරමුදලේ නියෝග අනුව රනිල් වික්‍රමසිංහ යටතේ කංචන විජේසේකර ඇමති ඉදිරිපත් කර සම්මත කර ගන්නා ලද අලුත්ම කැබිනට් සන්දේශය මගින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් විකිණීම සම්බන්ධයෙන් මීට පෙර කැබිනට් මණ්ඩලයේ සම්මත කර ගෙන තිබූ ප්‍රධාන කොන්දේසි දෙකක් ඉවත් කර ගැනීම නිසා ශ්‍රී ලංකාවට මාසිකව ලැබිය යුතුව තිබූ ඩොලර් මිලියන ගණනක ආදායමත් අහිමි කර තිබේ.

විදේශ විනිමය අර්බුදය හමුවේ අඛණ්ඩව ඛනිජ තෙල් සැපයීම සඳහා බව කියමින් චීනයේ සයිනොපෙක්, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්ට්‍රෝලියම්, ඇමරිකාවේ ආර් එම් පාර්ක්ස් යන සමාගම්වලට මෙරට ඛනිජ තෙල් වෙළඳපොල අත්පත් කර ගැනීමට ඉඩ දීමේදී කිසිදු මූල්‍යමය ප්‍රතිලාභයක් ලංකාවට අත් නොවන පරිදි කැබිනට් සන්දේශයක් සම්මත කර ගෙන ඇත.

 

බල ශක්ති ඇමති කංචන විජේසේකර පසුගිය මැයි 19 වෙනි දින ඉදිරිපත් කරන ලද අංක 17/2023 දරන අමාත්‍ය මණ්ඩල සංදේශයට ජුනි 06 වෙනි දින අනුමැතිය ලබා දී ඇත. මුදල් ඇමති, අග්‍රාමාත්‍ය ලේකම්, ජනාධිපති ලේකම් සහ නීතිපතිට අදාළ පිටපත් යවා ඇති අතර ලංකාවට කිසිදු මූල්‍යමය ප්‍රතිලාභයක් අත් නොවන ආකාරයෙන් ක්‍රියා කළ යුතු ආයතන සහ ප්‍රධානීන් ලෙස විදුලිබල අමාත්‍යංශය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති සහ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරුන් නම්කර තිබේ.

 

විදේශ සමාගම් ඛනිජ තෙල් වෙළඳපොලට ගෙන්වා ගැනීම සඳහා 2023 මාර්තු 27 වෙනි දින කැබිනට් අනුමැතිය ලබා දුන් අවස්ථාවේ එකඟ වූ කොන්දේසි ගණනාවක් පසුගිය 06 වෙනි දින ලබා දුන් කැබිනට් තීරණය අනුව ඉවත් කර ගෙන ඇත. මෙසේ ඉවත් කර ගෙන ඇත්තේ අලුතින් හඳුන්වා දෙන සමාගම් තුන ඛණිජ තෙල් විකුණා ලබන ආදායම වසරක් යන තුරු එක්සත් ජනපද ඩොලර් හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලකට පරිවර්තනය කළ නොහැකිය යන කොන්දේසිය ඉවත් කර එම ආදායම් වහාම කිසිදු සීමාවකින් තොරව විදේශ මුදල්වලට පරිවර්තනය කර ගැනීමට ඉඩ දී ඇත.

 

රටට අවාසි ලෙසින් ජූනි 06 වෙනි දින කැබිනට් සංදේශයෙන් ඉවත් කර තිබෙන දෙවන කොන්දේසිය වන්නේ මෙම සමාගම් විසින් මෙරට විකුණුම් වටිනාකමින් 1%ක මුදලක් පුරස්කාර (Royalty paymet) වශයෙන් ඛනිජ තෙල් අමාත්‍යංශයට ගෙවිය යුතු බවට මාර්තු මස 27 වෙනි දින සම්මත කර ගත් කැබිනට් සංදේශයේ තිබූ වගන්තියත් ඉවත්කර ගැනීමයි.

 

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත්ව තිබූ ඉන්ධන පිරවුම්හල් 450කට වැඩි සංඛ්‍යාවක් මෙම විදේශ සමාගම් තුනට පවරාදීම ක්‍රියා කරන අතර විකුණුම් ආදායම් වහාම ඩොලර් බවට පරිවර්තනය කිරීම සහ ඛනිජ තෙල් අමාත්‍යංශයට ගෙවිය යුතු 1% පුරස්කාරය ඉවත් කර ගැනීම මගින් මසකට ඩොලර් මිලියනයක් පමණ රටට අහිමි වෙන බව ගණන් බලා ඇත.

 

@lankatruth