SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතියේ (ICCPR සම්මුතිය)

20 වන වගන්තිය පහත පරිදි වේ.

 

20. (1) යුද්ධය සදහා කෙරෙන සෑම ප්‍රචාරණයක්ම නීතියෙන් තහනම් කළ යුතුය.

      (2) වෙනස්කමකට, වෛරයකට හෝ සාහසික ක්‍රියාවලට පෙළඹවීමක් සිදුවන ජාතික, වාර්ගික 

            හෝ ආගමික ද්වේශය පැතිරවීම නීතියෙන් තහනම් කළ යුතුය.

 

මෙම වගන්තිය ශ්‍රී ලංකාවේ නීතියට ඇතුළත් කර ගැනීම සදහා 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පණතේ (ICCPR පණත) 3 වන වගන්තිය මගින් උත්සහ කර ඇත.

බැලූ බැල්මටම ICCPR සම්මුතියේ 20 වන වගන්තිය මගින් යෝජනා කර ඇත්තේ මූලික මූලධර්මයක් පමණක් වන වන අතර එමගින් යම් වරදක් නිශ්චිත කිරීමක් හෝ වරදක් සංයුක්ත වන ආකාරයක් සම්බන්ධයෙන් නිශ්චිතබවක් හදුන්වා දී නොමැත.

මෙකී අවිනිශ්චිතභාවය නිසාම 2012 වර්ෂයේදී මොරොක්කෝවේ රබාත් නගරයේදී විද්වත් පිරිසක් විසින් භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ආරක්ෂා කර ගැනීම සදහාත්, ICCPR සම්මුතියේ 20 වන වගන්තිය නිසි පරිදි ක්‍රියාවට නැගීම සදහාත් හය වැදෑරුම් පරීක්ෂණයක් (Six Part Threshold Test) යෝජනා කරන ලදී.

1. ප්‍රකාශය සිදුකරන සන්දර්භය

2. ප්‍රකාශකයා සමාජය තුළ දරනු ලබන තත්වය

3. වරදකාරී චේතනාව

4. අන්තර්ගතය සහ ප්‍රකාශ කරන ආකාරය

5. ප්‍රකාශයෙහි පැතිරීම

6. ආසන්නව සිදුවිය හැකි හානිය

 

නමුත් ICCPR පණතේ 3 වන වගන්තිය ක්‍රියාත්මක කරන විට කුමන පරීක්ෂණයක්, මාර්ගෝපදේශයක් සලකා බලන්නේද යන්න පැහැදිලි නැත. බොහෝදුරට එවැනි පරීක්ෂණයක් හෝ නිර්ණායකයක් භාවිතයට නොගන්නා බවක් පෙනෙන්නට ඇත. ඒ නිසාම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, කලාත්මක ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනයවීමේ වැඩි ඉඩකඩක් පවතී.

 

@Jayantha Dehiaththage