SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙරටට පැමිණීමට නියමිත විදෙස් ඉන්ධන සමාගම් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පවතින ඉන්ධන මිල ගණන්වලට වඩා අඩු අගයකින් ඉන්ධන අලෙවි කිරීමට රජය අවසර ලබා දී තිබෙන බව කියන පුවතක් adaderana වාර්තා කර ඇත.

වෙළඳපොල ක්‍රමය තුළ මේ සිදුවන ක්‍රියාවලිය රටවැසියන් හිස් මුදුනින් බාරගන්නා බව දන්නා රජය මෙවැනි අවස්ථාවන් වලින් උපරිම ප්‍රයෝජන ගනු ඇත.

 

මෙලෙස ඉන්ධන මිළ අඩුකිරීමෙන්  සිදුවන්නේ ලාංකීය ඉන්ධන පාරිභෝගිකයන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් තෙල් මිළට නොගෙන මෙම විදේශීය සමාගම්වලින් තෙල් මිළට ගැනීම වන අතර එමගින් සිදුවන රටේ ඩොලර් පිටතට ඇදී යෑම මෙම පාරිභෝගිකයන්ට අදාළ නොවේ. එවන් වටාපිටාවක ජවිපෙ සහ පෙරටුගාමීන් ට සිදුවන්නේ කුමක්ද? ඔවුන් විසින් වඩා හොඳින් පවත්වාගෙන යෑමට බල කරන මෙම වෙළඳපොල ක්‍රමය  දැන් ඔවුන්ගේ වාමවාදී ප්‍රවේශයන් උඩු යටිකුරු කර ඇත.

 

අදාළ පුවතින් වාර්තා කරන ආකාරයට සමාගම් තුනක් සඳහා මෙරට ඉන්ධන අලෙවිය සිදුකිරීමට අවසර ලබාදී ඇති අතර ඊට අදාළ ගිවිසුම්වල කාර්යයන් මේ මස අගදී අවසන් කිරීමට නියමිත බව වාර්තා වේ.

චීනයේ සයිනොපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ අමෙරිකාවේ ආර්.එම්. පාක්ස් යන සමාගම් තුනට මෙරට ඉන්ධන සිල්ලර වෙළෙඳපොළට ඇතුළු වීමට අවසර ලබාදී ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ එම සමාගම්වලට ඛනිජ තෙල් සංස්ථාවේ මිලට වඩා සැලකිය යුතු මට්ටමක අඩු මිලට ඉන්ධන අලෙවි කිරීමට අවසර දීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයන් එම සමාගම්වල නියෝජිතයින් අතර එකඟතාවන්ට පැමිණීමට නියමිත අතර ඉන් පසුව අඩු මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබාදෙනු ඇත.

එම තත්ත්වය තුළ තරඟකාරී වෙළෙඳපොළක් නිර්මාණය වීම, සංස්ථාවේ ඉන්ධන ඉල්ලුම අඩුවීම සහ රටේ ඉන්ධන අර්බුධයක් ඇතිවීමේ තත්ත්වයන් සමනය වනු ඇති බවට බලශක්ති අමාත්‍යංශයේ පුරෝකථනයයි.

මේ වන විට ඉන්ධන ආනයනය සඳහා රජය මසකට ඩොලර් මිලියන 450ක සාමාන්‍යයක් වැය බරක් දරන අතර නව සමාගම් ත්‍රිත්වය මසකට ඩොලර් මිලියන 120 බැගින් ඉන්ධන ආනයනය කරනු ඇති බවට අපේක්ෂා කරන බව ඛනිජ තෙල් සංස්ථාව පවසා ඇත.

එමඟින් ඉන්ධන ආනයනයට යන වියදම අඩුකර ගත හැකි බව එම සංස්ථාව පෙන්වාදෙන නමුත් එම ඉන්ධන අලෙවියෙන් පසු මෙරට ඩොලර්වලට සිදුවන්නේ කුමක්ද යන්න ගැන අදහස් දක්වා නැත.

එසේ අදහස් නොදැක්වුවත් මෙම විදෙස් සමාගම් ත්‍රිත්වය වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 2.2ක ඉන්ධන ආනයනය කිරීමට සැලසුම් කර තිබීම මගින් භාණ්ඩාගාරයේ  පවතින වැයබර ද ක්‍රමයෙන් අඩු වනු ඇති බව සඳහන් කර ඇත.

ගිවිසුම් කාර්යයන් අවසන් වු පසු මෙම සමාගම්වලට ඉන්ධනහල් 150ක් ක්‍රියාත්මක කිරීමට අවසර හිමිවන අතර අනතුරුව ඉන්ධන පිරවුම්හල් 50 බැගින් විවෘත කර මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යාමට හැකිවනු ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථා ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බවද සඳහන්ය.

 

අයිඑම්එෆ් යෝජනා ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයටය. අයිඑම්එෆ් පාක්ෂික චම්පික රණවකලා ඇතුළු ජාතිකවාදීන් ගෙන් සහ ජාජබය, පෙරටුගාමී ඇතුළු වාමවාදීන්ගෙන් සහ ගෝල්ෆේස් අරගලයට එක්වුනු සිස්ටම් වෙනසක් ගැන ගී කියපු අරගලකරුවන්ගෙන් අහන්නට දකින්නට තවත් කුමක් ඉතිරිව ඇද්ද?

 

@සමාරා පරණවිතාන

(adaderana.lk පුවත ඇසුරිනි.)

නවතම ලිපි