SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රසම්පාදන ක්‍රියාවලියට පිටින් ගත් ඖෂධ මිළට ගැනීමට ගත් කැබිනට් තීරණයට එරෙහි පෙත්සම විභාගයට අවසර

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගම් දෙකකින් ඖෂධ මිළදී ගැනීමට වර්තමාන සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) අවසර දී ඇත.

මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, සහ අචල වෙංගප්පුලි යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

 

ඒ අනුව අදාළ සමාගම්වලින් දැනටමත් ආනයනය කර තිබෙන ඖෂධ තොග පිළිබඳව අදාළ ලේඛණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ඉදිරිපත් කර එහි නිසි ප්‍රමිතිය පවතින බවට තහවුරු වුවහොත් පමණක් ඒවා මුදා හරින්නට හැකියාව තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

 

ඊට අමතරව ආනයනය කිරීමට නියමිත ඖෂධ තොගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අවශ්‍ය තහවුරු කරගැනීමක් කරගන්නා තුරු ඒවා වැඩිදුර ආනයනය කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවත් නියෝගයක් නිකුත් කර ඇත.

පෙත්පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 18 වන දා පැවැත්වීමට අධිකරණය නියම කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, පොලිස්පතිවරයා, සැවොරයිට් ෆාමසිකල් ප්‍රයිවට් ලිමිටඩ්, කෞෂික් තෙරපියිටිස් පුද්ගලික් සමාගම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කාර පසංවිධානය කියා සිටින්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතෙි මෙරට ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිළදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි.

මෙවැනි තීරණයක් ගැනීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙම ඖෂධ මිළදී ගැනීමේ ක්‍රියාවලියේ දී පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත් චෝදනා කර ඇත.

මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රය බලවත් අර්බූධයකට පත් ව ඇති බව අප දිගින් දිගටම පෙන්වා දී ඇත. වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මෙවැනි ක්‍රියාවලින් පෙන්නුම් කරන්නේ මෙරට අසරණ රෝගීන්ගේ ජීවිත සම්බන්ධයෙන් වග වෙනවාට වඩා ඖෂධ මාෆියාවෙන් ඉපයිය හැකි කොමිස් මුදල් බලවත් වන බවයි. අද වන විට රෝහල්වල බෙහෙත් නොමැතිවා පමණක් නොව වෛද්‍යවරුන්  රට හැරයෑම නිසා වෛද්‍ය හිගයක්ද පවතී. එවන් වටාපිටාවක සෞඛ්‍ය විෂය භාර අමාත්‍යවරයා මෙන්ම සෞඛ්‍ය බලධාරීන්ද ක්‍රියා කරන්නේ මේ ආකාරයට නම් ප්‍රතිත්‍රස්ත පනත් ගෙනඒම මගින් මෙරට ජනජීවිතය බලපෑම් කිරීමට වෙරදරන තත්වයක ජනාධිපති වික්‍රමසිංහ ද  රටේ අනාගතය ගැන දෙසන්නේ වැදි බණ පමණක්ම වනු ඇත.

නවතම ලිපි