වර්ෂ 2016 එවක අගමැති රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීමකට අනුව ඉන්දියානු රජය විසින් ඇමර්කානු ඩොලර් මිලියන 7.56ක මූලික පිරිවැයක් දරමින් ගිලන් රථ 88ක් මූලික අදියර ලෙස ලබාදෙමින් ඇරඹූ එම ප්‍රදානයේ මූලික ව්‍යාපෘති කළමනාකරණයහි වගකීම් පැවරනුයේ එවක අමාත්‍ය හර්ෂ ඩි සිල්වා වෙතය.
පසුව එය ශ්‍රී ලාංකේය භුමි ප්‍රමාණයවන වර්ග කිලෝමීටර් 65600ම ආවරණය වන පරිදි සේවක සංඛ්‍යාව 1400ක් පමණ බඳවා ගනිමින් ගිලන් රථ ප්‍රමාණය 297 දක්වා ප්‍රවර්ධනය කරන මොහොත වනවිට ඉන්දියානු රජය විසින් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 15.09ක ප්‍රදානයක් ලබාදී තිබුණි.
කෙසේ වෙතත් එකී ව්‍යාපෘතිය සාර්ථකව ආරම්භ කිරීමට හා පවත්වාගෙන යාමට එවක විපක්ෂය මෙන්ම විපක්ෂයේ ඕනෑ එපාකම් ඉටුකළ වෘත්තීය සමිති එය කඩාකප්පල් කිරීමට කළ හැකි සෑම ආකාරයකින්ම සැපයූ දායකත්වය වර්තමානය වනවිට අති බහුතරයක් මහජනතාවටද අමතකව ගොස් ඇත.
වර්තමානයේ 1990 " සුවසැරිය" පවත්වාගෙන යාම රජයට නොහැකි නම්…!
ඉන්දියානු රජයෙන් ප්‍රදානයක් ලෙස ලැබුනු, අතිවිශාල ජන ජීවිත රැසක් බේරාගන්නට මෙන්ම තවත් මෙලොව නිල් එළිය දකින්නට පෙරම, මහමඟ හෝ නිවසක් තුළදී මියයන්නට තිබූ දහස් ගණනක නව බිළිඳු ජීවිත ආරක්ෂා කළ මානව සම්පතේ හෙට දවස වෙනුවෙන් අසීමිත බාධක මැද්දේ නොමිලේ ක්‍රියාත්මක වූ අතිශය වටිනා ව්‍යාපෘතියකි.
කෙසේ නමුත් වර්තමානයේ උද්ගතව ඇති අධි උද්ධමනය හා ආර්තික කඩාවැටීම හමුවේ තව දුරටත් 1990 "සුවසැරිය" පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන ලෙස ගිලන් රථ 297 කට මසකට වැයවන රුපියල් මිලියන 1485ක මුදල තවදුරටත් සැපයිය නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි මහා භාණ්ඩාගාරය විසින් දන්වා ඇති බවට මුද්‍රිත මාධ්‍ය හා සමාජ මාධ්‍ය වාර්තා කරමින් සිටී.. (එක් ගිලන් රථයක් සඳහා ආසන්න වශයෙන් රුපියල් මිලියන 5ක් ලෙස ගණන් බලා ඇත.)
තවද පසුගිය සමයේ ඇතිවූ කොරෝනා වසංගත තත්වය හමුවේ මිළ කළ නොහැකි අති දැවැන්ත මානුෂීය මෙහෙයුම් ජාලයක් ලෙස ක්‍රියාත්මක වූ මෙම ගිලන් රථ සේවය සුවහසක් සියළු ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ඇපකැප වී කළ සේවය අතර සාමාන්‍ය ආර්තික මට්ටමක සාමාන්‍ය ජීවන රටාවක් ගෙනයන බොහෝ දිළිඳු ජනයාට ඉමහත් අස්වැසිල්ලක් විය.
වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ හා බලධාරීන්ගේ අසමත්භාවය!
වර්තමානයේ රජයට මෙම ගිලන් රථ සේවය පවත්වාගෙන යාමට ඇති ආර්තික අපහසුතා සාධාරණය කරන පිරිස් මෙන්ම එසේ පවත්වාගෙන යාමට නොහැකිවීම සම්බන්ධයෙන් දැඩි ලෙස ආණ්ඩුව විවේචනය කිරීම්ද ඉතා සුලභව අසන්නට දකින්නට ඇත.
කෙසේ නමුත් වර්තමාන රජය හෝ ආණ්ඩුව විවේචනය කිරීම හෝ සාධාරණීකරණය කිරීම තුළින් වර්තමාන මෙන්ම අනාගතයේ අප මානව සම්පත, තිරසර කරනට හා යහපත් සෞඛ්‍ය සේවයක් සපයමින් ජීවිත සුරක්ෂිත කරනට ඉඩ හසරක් නොතබන බව නියතයකි..
මේ මොහොතේ,සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ විද්වතුන්,වෘත්තිකයන්,ධානපතීන් හා මහාපරිමාණ ව්‍යාපාරිකයන්ගේ වගකීම කුමක්ද..? එයට මූලිකත්වය ගතයුත්තෝ කවුරුන්ද..?
සැබවින්ම මානව සම්පතේ යහපැවැත්ම වෙනුවෙන් එවක ආරම්භ කළ මේ මහා ව්‍යාපෘතිය පටු පවිටු දේශපාලනික හා පෞද්ගලික අරමුණු ශාක්සාත් කරගැනීම පිණිස ලත් තැනම ලොප්කරනට කැසකැවූවන් අතර වෛද්‍ය වෘත්තියෙ පතාකයන් ලෙස පෙනී සිටින GMOA රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මූලිකව කටයුතු කළ අතර "මේ ඉන්දියානු ටාටා ලඩි වලට කිසිම විටක ගොඩ නොවන ලෙසත් එහි ඇති බාලවර්ගයේ උපකරණ නිසාවෙන් විදුලි සැර වැදී මියයන ලෙසත්, නුපුහුණු සේවකයන් නිසා නානාවිද ජීවිත අවධානම් ඇතිවිය හැකි බවත් ඔවුන් විසින් පුනපුනා පවසමින් ජනතාව භීතියට පත්කරමින් ඉන්දියානු ආක්‍රමණයක් මෙන් හුවා දැක්විය..
තවද රටේ පංචායුධය ලෙස හඳුවන්වා දෙමින් රට දැය සමය වෙනුවෙන්ම කැපවී සිය දේශපාලනය දේශප්‍රේමීව සිදුකරනා බව සපතකරමින් වංක දේශපාලනයෙන් යැපෙන විමල් වීරවංශ ප්‍රමුඛ තවත් දේශපාලකන් රැසැක් සමගින් වූ එවක විපක්ෂයද මෙම මහඟු ව්‍යාපෘතියේ අද්විතීය ආරක්ෂාව මහජනතාවට ලැබීම වලැක්වීමට කළ හැකි සියල්ලම කළහ..
එහිදී විමල් වීරවංශ විසින් පුනපුනා ජනතාව නොමඟ යවමින් කියා සිටියේ රට අති දැවැන්ත අනතුරකට පත්කරනා ඉන්දියානු "රෝ" ඔත්තු කරුවන් ඍජුව වෘත්තියෙන්, රියදුරන් ලෙස සම්බන්ධවන රට පාවාදෙන මහා කුමන්ත්‍රණයක සමාරම්භයට ඍජු සහයෝගයක් ලබාදෙමින් රට තුළ නැවත බෙදුම්වාදී ත්‍රස්තවාදයක් ආරම්භ කිරීමට එවක පැවති යහපාලන රජය පිඹුරුපත් සකසන බවය…
තත්වය එසේ උවද සියළු බාධක මැද ආරම්භ කොට ජනජීවිත සුරක්ෂිත කොට පවත්වාගෙන ආ එම ජනහිතකාමී ගිලන් රථ සේවයට අයත් ගිලන් රථ ගාල් කිරීමට රෝහල් පරිශ්‍රය යොදා ගැනීමට පවා විරුද්ධ වීම් හමුවේ අවසානයේ ශ්‍රී ලංකා පොලීසියේ පොලිස් මූලස්ථාන වෙත එකී ගිලන් රථ ගාල් කිරීම දක්වාම ඔවුන්ගේ තවරාගත් ව්‍යාජ දේශප්‍රේමයට හැකිවිය.
කෙසේ නමුත් අවසානයේ කොරෝනා උවදුර හමුවේ බලාපොරොත්තු නොවූ විරූ ලෙස වසංගත තත්වය පාලනයට දායක වූ මෙම සේවාව කෙසේ හෝ පවත්වාගෙන යාම රජය මෙන්ම වත්මන් ආණ්ඩුව සතු ප්‍රධානම වගකීමක් බව අවධාරණය කරන අතරම එය එසේ කෙසේ හෝ පවත්වාගෙන යා යුතු බවත් ජනතාව වෙනුවෙන් කිව යුතුමය.
තවද වත්මන් තත්වය හමුවේ පවත්වාගෙන යාමට අපහසු නම් අත්‍යාවශ්‍යම නොවන විවිධ රාජ්‍ය වියදම් කපාහැර හෝ ඊට පිළියම් සෙවිය යුතුමය..
මෙකී උත්තුංග ව්‍යාපෘතියට හරස් කැපූ, කඩාකප්පල් කළ GMOA සංවිධානය මෙන්ම විමල් වීරවංශ ඇතුළු තක්කඩි දේශපාලකයන්ට අවම සදාචාරයක් හෝ තමන් කළ වරදට සමාව ගැනීමට තරම් පෘශ්ඨවංශික කශේරුකාවන් ඇත්නම් මසකට රුපියල් මිලියන 50ක් පමණ පිරිවැයක් යෙදවෙන ව්‍යාපෘතියේ කොටස් කරුවන් විය යුතුය.
මෙහෙදී ජනතා බදු මුදලින් තම වෘත්තීය තත්වය තෙක් අධ්‍යාපනය ලද, ජනතා බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවයේ යෙදෙන අතරම පෞද්ගලික රෝගීන් පරීක්ෂාවෙන් ලක්ෂ සංඛ්‍යාත මුදල් උපයන වෛද්‍යවරුන් මෙන්ම ගරු සේවයේ නියැලෙන බව පවසමින් මහජන මුදලින් යැපෙන දේශපාලකයාගේ ද වැටුප් දීමනා තුළින් කොටසක් ඊට යෙදවිය හැකි ක්‍රමවේදයක් ඔවුන් විසින්ම හෝ රජය විසින් යෝජනා කළ යුතුව ඇත.
තවද ධානපතීන්,මහා පරිමාණ ව්‍යාපාරිකයන් හා විද්වත් වෘත්තිකයන් ලෙස සාමාන්‍ය ජනතාව වෙනුවෙන් රාජ්‍ය පවත්වාගෙන යනු පිණිස පාන් රාත්තලට පරිප්පු ඇටයකට පවා වක්‍ර බදු ගෙවන අසරණ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිණිස හැකි අයුරින් යම් අරමුදලක් පිහිටුවා 1990 " සුවසැරිය" ආරක්ෂා කිරීමට තරම් මානුෂික විය හැක..
ඊට අවැසිනම් " රකිමු සුවසැරිය" වැනි පාඨයක් උවද යොදාගත හැක.
එසේම විදෙස්ගත ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ලෙස අප සැමටද හැකි සෑම අයුරකින් ඊට වඩාත් සුදුසු යෝජනාවන් එක්කොට පැහැදිලි ව්නිවිද භාවයකින් එකී 1990 " රකිමු සුවසැරිය" නම් උපකල්පිත සංවිධානයක් නිර්මාණය කොට ඒ හා අත්වැල් බැඳගනිමින් ඊට අදාල සාමූහික වගකීමේ කොටස් කරුවන් වීමට අපට හැකිවනු ඇත..
විදෙස්ගත ශ්‍රමිකයන් ලෙස ඉතා වෙහෙසකරව උපයාගන්නා වැටුපෙන් දිනකට වැය කරන කෝපි කෝප්පයක් වෙනුවෙන් වූ මුදල (සාමාන්‍යෙන් ඩොලර් එකක්, යූරෝ එකක් ) සුවහසක් ජීවිත ආරක්ෂා කළ අනාගතයේ ද සහෘද ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය මෙන්ම ජීවිත සුරක්ෂිත කළ හැකි මේ මහඟු ව්‍යාපෘතිය ආරක්ෂා කොට පවත්වාගෙන ගොස් යම් දිනක රාජ්‍ය ස්තාවරයක් ඇතිවූ දිනක එකී කර්තව්‍ය රජයටම නැවත භාර දී තවත් දැවැන්ත සමාජ සත්කාර පිණිස එකී අරම්භය අවැසි ඕනෑම ව්‍යාපෘතියක් වෙනුවෙන් දීප ව්‍යාප්ත කළ හැක.
තවද සාමාන්‍ය ජනජීවිතයේ අපහසුකම් අගහිඟ කම් පයිසෙකට මායිම් නොකොට මස් රාත්තලම බලාපොරොත්තුවන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහකම්පනයක් නොමැති නිලධාරීන් ද තම දිවිසැරිය තුළ " සුවසැරිය" වන් උත්තුංග මානුෂීය සත්කාරයක් තවදුරටත් ආරක්ෂා කොට පවත්වාගෙන යා හැකිනම් එය "වැන්දොත් වරක් කැළණිය දුරුවේ උපන්දා සිට කළ පව" වැන්නක් වනු නියතය…..
එසේම මෙවන් වූ උතුම් කාර්‍යක් වෙනුවෙන් සැබෑ කලාකරුවන්ට, සමාජ ක්‍රියාකාරීන්ට හා විශේෂයෙන්ම සැබෑ ජනමාධ්‍යවේදීන් මෙන්ම "ජඩ මාධ්‍යවේදීන්, " ජඩ මාධ්‍ය සංවිධාන" වලටද එක්විය හැක. මක් නිසාදයත් වරදක් කළ ඕනෑම කෙනෙකුට නැවත අවබෝධයෙන් නිවැරදි වීමේ අයිතියට අප ඉතා ගරුකළ යුතුව ඇත.
තවද ඉතා සංවේදී හදවත් ඇතිව දුක්පත් කඳුළු කම්කටොලු වේදනා හරහා සයිබර් අවකාශයේ "ඔබේ නළය" නැතිනම් Youtube හරහා දුකින් මුදවන්නට සමාජසත්කාර කරනා ඔබටත් ඉන් තම ජීවිතය සැපවත් කරගෙන සිටිනා අයටත් මෙම සත්ක්‍රියාවට පණ පොවන්නට වඩා වැඩි ඉඩක් හා වගකීමක් ඇත.
එසේම පසුගිය සමය පුරාවට රාජ්‍ය අනුග්‍රහය සහිතව ගජමිතුරු කල්ලියක් විසින් කොල්ල කෑ අසීමිත රාජ්‍ය බදු මුදල් ( උදාහරණයක් ලෙස සීනි කිලෝවක ආනයනික බද්ද රුපියල් 50හේ සිට ශත 25ක් තරම් පහත හෙලා ලැබූ අසම්මන්ද බදු කොල්ලය. කාබනික දියර පොහොර ජාවාරම, සුදු ළූණු , ටින්මාළු පොල්තෙල් ect. ) වලින් රසමසවුළු භෝජනය කළද ක්ෂය කළ නොහැකි එකී මුදල් සම්භාරයෙන් ඉතා සුළු කොටසක් හෝ නැවත මොනයම් හෝ ආකාරයකින් දායක කොට ජීවිත සුරක්ෂිත කළ ජීවිත සුරකින " 1990 සුවසැරිය" රැක ගැනීමට දායක වීම තුළ මරණ මංචකයේ හෝ යම් සුවදායක බවකට උරුමකම් කීවට යම් හැකියාවක් ඇති අතර එය යුද්ධය අවසන් කළ නිසාවෙන් රටක් හිඟමනට පත්කරමින් සිදුකළ කොල්ලකෑමට දේශප්‍රේමී හෙළ ජනයා දුන් ජනවරමක් සේද අර්තකථනය කරගෙන සැනසෙන්නට එකී ගජමිතුරු කල්ලියට මෙය මහඟු අවස්තාවක් ද විය හැක. එමෙන්ම අවැසි නම් මෙකී සත්කාර්යය පවත්වාගෙන යාමට දායක වී බදු ගෙවීමේදී දක්වන දායකත්වය මත යම් බදු සහනයක් ඉල්ලුවාටද කම් නැත……
අවසන එකී මෙකී නොකී සියල්ලන්ම විසින් මෙය මගහරින්නේ නම් සාමාන්‍ය පොදු ජනතාවවන දෙකෝටි විසිලක්ෂයකට අධික පිරිසෙන් මසකට රුපියලක් වන් සම්මාදමක් පුණ්‍ය කටයුතු ලෙස යොදවමින් අපේ බර අපේ කරමත දරාගන්නා ක්‍රමයකටද යා හැක……..
නොඑසේනම් අරහත් බව පතමින් සිව්පසයෙන් වැජඹෙමින් බෞද්ධ දර්ශණය ප්‍රාණ භුක්තියට සවිකරගෙන කාමසුඛල්ලුකානීව බවුන් වඩන අති සුඛෝපභෝගී නවීන පන්නයේ වාහන භාවිතා කරමින් ජඩ දේශපාලනයේ අතකොළු වී ක්‍රියා කරන චීවරධාරීන්ට ද බෞද්ධ දර්ශනයට අනුගතව සසුන්ගත වීමටද මෙය කදිම අවස්ථාවකි.
එමෙන්ම ජඩ දේශපාලනයට කත් අදින අන්‍යාගමික පූජක වරුන්ටද තවදුරටත් නිවැරදිව ධර්ම ප්‍රචාරනය කරමින් ආගමික නිදහස යථාර්ථවාදීව පවත්වාගෙන නිවරදි වීමටද කදිම අවස්තාවකි.
සියල්ල අවසානයේ තව දුරටත් නිෂ්ඵල නම් අවසානයේ අපට ඉන්න රටක් ඇති නිසාවෙන් සැදැවත් ගෞරවනීය වන්දනීය පූජනීය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පිදෙන පුදසත්කාර ඇප උපස්තාන මෙන්ම නිරාමිස වූ බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව ඉදිකරනා සුවිසල් ආමිස පූජා මදකට සීමාකර ඒ ධනය හා මහජන දායකත්වය යොමුකොට " 1990 රකිමු සුවසැරියට " පණ පොවා සමස්ත ශ්‍රී ලාංකික ජනවර්ගයා සුවපත් කරනට කැපවෙමු..
@ සුමුදු මද්දුමආරච්චි,
මිලානෝ,
ඉතාලිය.