SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හදිසි සහ අත්‍යාවශ්‍ය නොවන ශල්‍යකර්ම වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත කෙටි කාලයකට කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් බලධාරීන්ට උපදෙස්දී ඇත.

අමාත්‍යංශය මෙසේ උපදෙස් දී ඇත්තේ රෝහල්වල පවතින ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය සැලකිල්ලට ගෙනයි. රජයේ රෝහල්වල ඖෂධ වර්ග 140ක පමණ හිඟයක් පවතින බව වාර්තා වේ.

 

මෙම අර්බූධය දඩමීමා කරගනිමින් කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය දිනවල අසාධු ලේඛනගත වූ ඉන්දීය ඖෂධ සමාගමකින් ඖෂධ මිළට ගැනීම සඳහා දරන ලද උත්සාහය මේ වනවිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

 

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් අසාධු ලේඛනගත කරන ලද කෞෂික් ෆාමසියුටිකල්ස් නම් ඉන්දීය ඖෂධ සමාගමෙන් ඖෂධ ලබාගැනීමට කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා තම අතින් වියදම් කරගෙන ගියායැයි කියූ ඉන්දීය ගමන පිළිබඳව මාධ්‍ය වාර්තා කළ අන්දමට අනුග්‍රහය දක්වා ඇත්තේ අදාළ ඖෂධ සමාගම විසින්ය. ඒ පිළිබඳ සාක්ෂි වශයෙන් අදාළ ගුවන් ටිකට්පතේ සිට හෝටල් බිල දක්වාම වූ ලේඛණ මාධ්‍ය මගින් පසුගියදා හෙළිදරව් කර තිබුණි.

 

මෙවන් අසීරු මොහොතක පවා ඡන්දයට මුදල් නැතැයි පවසමින් කල් ගන්නට උත්සාහ ගන්නා වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තම කැබිනට් මණ්ඩලයේ සිටින මෙවැනි අමාත්‍යවරුන්ගේ වංචනික ක්‍රියා නොපෙනෙන්නේ දැයි බොහෝ පිරිස් ප්‍රශ්න කිරීම සාධාරණය.

 

එසේම ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වීමට නියමිතව තිබූ අත්‍යවශ්‍ය ඖෂධ නිසියාකාරව මිළදී ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීමට සමත් අමාත්‍යාංශ නිළධාරීන් පිරිසක් නැද්ද යන්නද මෙහිදී රටවැසියා ප්‍රශ්න කරති. එසේ පාලන අධිකාරියේ දුර්වලතාවන්ට සෘජුවම ගොදුරු බවට පත්වීමට මහජනතාවට සිදුවීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වහා කඩිනම් පියවරක් ගත යුතුමය. නැතහොත් වෛද්‍ය නිර්දේශ මතයැයි කියමින් ශල්‍යකර්ම ප්‍රමාද කිරීම මගින් මෙම ඖෂධ හිගයට පිලියම් සෙවීම නිර්ලජ්ජිත ක්‍රියාවකි. භයානක ක්‍රියාවකි.

මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ, වෛද්‍ය නිර්දේශ මත කල් දැමිය හැකි ශල්‍යකර්ම මෙලෙස කෙටි කාලයකට ප්‍රමාද කරන ලෙස උපදෙස් දුන් බවයි.

කෙසේ වෙතත් රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ශල්‍යකර්ම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කිරීමට පියවර ගන්නා බවද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



මේ අතර, ශල්‍යකර්ම සිදුකරගැනීමට රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටින අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති එම තීරණය රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීමක් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.



"මේ හොස්පිටල් එකට එන අයට මේකේ ලැබෙන්නේ ඇඳයි, බ්ල්ඩින් එකයි, වෛද්‍යවරුන්ගේ සහයෝගයයි විතරයි. අනිත් සියලුම බෙහෙත් පිටින් ගෙන්න වෙලා. මහ දුකක් මිනිස්සු විඳින්නේ. හැබැයි බදු ගෙවන්නත් වෙලා සල්ලිත් නෑ. ඒ නිසා කරුණාකරලා මේ ශල්‍යකර්මවල අත්‍යවශ්‍ය නොවන කතාවක් නෑ.. ඒවා කළ යුතුමයි." රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, නියෝජ්‍ය ලේකම්, වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසිය.

"ශල්‍යකර්ම ඒ අවශ්‍ය වෙලාවට නොකිරීම හරහා, අපි ගත්තොත් හර්නියා ශල්‍යකර්මයක් නොකර සිටීම හරහා යම් මොහොතක ඒ රෝගීයාගේ ජීවිතය අවදානමට ලක්වෙන් පුළුවන්. ඒ වගේම තව ශල්‍යකර්ම ගණනාවක් තියෙනවා. එවැනි ඒවට තමයි මේ කියන්නේ අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම නැතිනම් ජීවත ආරක්ෂක නොවන ශල්‍යකර්ම කියලා. වචන හරඹයක් සිද්ධකරනවා මේක non-essential නැත්නම් essential නැත්නම් urgent නැත්නම් non-urgent කියලා. ශල්‍යකර්මයක් නොකිරීම හරහා අදාළ පුද්ගලයා ලක්වන මානසික පීඩනය සහ ආතතිය යම් දවසක මේ ශල්‍යකර්ම එකවර කරන්න සිදුවුණොත් ඒ හරහා සිදුවන ගැටලුවට කව්ද වගකියන්නේ ?" වෛද්‍ය පාලිත රාජපක්ෂ විමසා සිටියේය.

 

රජයේ රෝහල්වල ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟයක් !

සියලුම රජයේ රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර වී ඇති බවත්, වෛද්‍ය උපකරණ හිඟයක් පවතින බවත්, වෛද්‍ය නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් පසුගිය කාලය පුරා පෙන්වා දුන්නේය.

ඖෂධ වර්ග 1,300ක් පමණ තිබුණත් ඉන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140ත් 150ත් අතර ප්‍රමාණයක හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය වැඩිදුරටත් පැවසුවේ, ඇතැම් ඖෂධවල ප්‍රශස්ත තොග පවත්වා ගැනීමද සිදුවන්නේ ඉතා සීමිත ප්‍රමාණයකින් පමණක් බවය.

එම හිඟයත් සමග රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක්වූ අතර පෞද්ගලික ඔසුසැල්වලින් ලබා ගන්නා ඖෂධවල මිල ද සීඝ්‍රයෙන් ඉහළ ගියේය.

මේ අතර රට තුළ පවතින ඖෂධ හිඟය ඇතුළු සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය අද ජාතික ජන බලවේගයේ නියෝජිතයින් දැනුම්වත් කළේය.

එමෙන්ම ඉන්දීය ණය ආධාර පහසුකම ලබාදී වසරක කාලයක් ගෙවී ඇතත්, ඒ යටතේ ගෙන්වන ඖෂධ වලින් 80%ක් මෙරට තුළ ලියාපදිංචි කර නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

 

මෙම අර්බූධයට සැබෑ හේතුව; හරිනි කියයි

 

අද  මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ ඖෂධ හිගයට හේතුව මේ ආර්ථික අර්බූධය පමණක්ම නොවන බවයි. ඇය පැවසූයේ පවත්නා දේශපාලන අධිකාරියේ අදාළ විෂ්‍ය භාර අමාත්‍යවරයාගේ දුර්වලතාවයත්, ක්‍රියාකලාපයත් මේ ඖෂධ අර්බූධයට හේතුවක් ව ඇති බවයි. (වීඩියෝ)

පුවත් උපුටාගැනීම @Theleader.lk

                         @lankasara.com

 

නවතම ලිපි