SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2015 ජනවාරි අට යුරෝපයේ යහපාලන කාරයන් පට්ට සතුටු විය.

සිරිසේන ජනාධිපති වීමේ සතුටය. ඒ යුද්ධය විකුණාගෙන විදේශගත වූ සෙට් එකකි.ලංකාවේ දේශපාලනය ප්‍රේමදාසට කල දේම සිරිසේනට කරාවි යයි මට සිතුණි.අවසානයේ සිරිසේන විධායක ජනාධිපති වී කලක් ගතවන විට එක රැයෙන් රනිල් ඉවත්කර මහින්ද අගමැති කරන්නේය. ඒ 2018 ඔක්තෝබරය. අධිකරණය එම තීන්දුව වැරදි බවට තීන්දු දෙන්නේය.

රනිල් ඉවත් කිරීමට හේතුව දෙදෙනා අතර සංස්කෘතික වෙනස යයි සිරිසේන ප්‍රසිද්ධියේ කිවේය.ඉන් පසු ගෙවී ගියේ මාස හයකි.පාස්කු බෝම්බ මාලාව පිපිරිණි.රාජපක්ෂලාගේ, සිරිසේනලාගේ අදහස ඉෂ්ට විය.සිරිසේනලාට,රාජපක්ෂලාට සංස්කෘතික අතින් සමාන පුද්ගලයකු බලයට ගෙන එන ලදී. සිරිසේනගේ දියණිය විසින් ලියන ලද ජනාධිපති තාත්තා පොත දශකයට එහායින් පලවුවා නම් සිරිසේන ගිනිය නොහැකි මානසික තත්ත්වයක් ඇති අයෙකු ලෙස ජනතාවට වැටහෙනු ඇත. එහෙත් සිරිසේන තමාට හිතු හිතු ලෙස විධායක බලය බාවිතා කළේය.

කල එකම හොඳ දෙය නම් සිංහරාජයට විශාල භූමියක් අයත් කර ගැසට්ටුවක් ගැසීම පමණි.විල්පත්තුව කැම්පේන් එක ඉස්සිනි.ගෝටා බලයට ආවේය.මේ සියල්ල හරහා රට බංකොලොත් විය.2018 ඔක්තෝබර් සිට 2022 ඔක්තෝබර් වන විට ලංකාවට සිදුවූ විනාශය කෙතරම්ද?? එකම එක කරුණකින් මම මෙසේ කියමි.

2019 වන ලෝකයේ හොඳම ගමනාන්තය ශ්‍රී ලංකාවය.පාස්කු ප්‍රහාරයෙන් පසුවද මාස කිහිපයක් නොව ගෝටා පැමිණ අපරාධ කාරයන්ට සමාව දෙනතුරුත් අපේ රට ලෝකයේ සංචාරක අන්ත අතරින් ඉදිරියේ සිටියේය.එහෙත් දැන්..ලෝකයේ රටවල් ලංකාවට යාමේදී පරිස්සම් වන ලෙස ඉල්ලා සිටී.සිරිසේන සංචාරක කර්මාන්තය නැමැති සාර කෙතට ගිනි තැබුවේ ඔහුගේ සංස්කෘතික වෙනස වෙනුවෙනි.දැන් සිරිසේනට "මාව විනාශ කළා" යයි තමාටම කියන්නට හැකිය.අපේ රට අද පත්ව ඇති තත්ත්වයට සිරිසේන විශාල වශයෙන් දායක වී ඇත.ඔහුගේ පාස්කු හැසිරීම නින්දිතය.ඒවා එකින් එකට කතා කිරීමම වේදනා ගෙනදේ.. පත්වු සෑම නායකයකුටම ජයගත යුතු වූ අභියෝගයක් විය.පත්වූ පසුවද ගෝටාට ජයගත යුතු වූ දේ විය.එහෙත් සිරිසේනට එවන් කිසිවක් නොවීය .හනුමාසේ රටේ අනාගතය ගිනි තබන ලදී.අද රට මේ තැනට පත්වීමට වැඩියෙන්ම වගකිව යුත්තේ පල්ලෙවත්ත සිරිසේනය.

මිට වසර 22 කට පෙර කොළඹ පැවති රැස්වීමකදී එවකට පොලිස් අධිකාරි නිලයක ක්‍රියා කළ පුජිත් ජයසුන්දර රැස්වීමේ සිටි පොලිස් හා සිවිල් මිනිසුන් ඇමතුවේය.." මගේ දෑතේ ලේ තැවරී නැත..අල්ලස් වල මඩ තැවරී නැත" දෑත් පෙන්වා ඔහු අවංක ලෙසම කිවේය..අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ මුහුණු ඇඹරි යනු මා දිටිමි.විවේකයේදී එක උසස් නිලධාරියකු මා සමග කිවේ පුජිත් ගේ කථාවෙන් පොලීසියේ බොහෝ දෙනෙකුට රිදුනු බවකි.පුජිත් අප දන්නා තරමින් වඩා නිවැරදි ඥාතින්,දෙමාපියන් අතර වැඩුණු මූකලන්යායේ කොල්ලෙක්ව පොලීසියට බැඳෙයි.ඔය කියන රැස්වීම දක්වාම පුජිත්ට එසේ කියන්නට හැකිව තිබුණි.එයින් පසුව පුජිත් සමග ජයාරූප වල සිටි පුද්ගලයන් දැකීමෙන් කම්පා වීමි.අද අධිකරණ තීන්දුවට අනුව ඔහුගේ දෑත්වල ලේ තැවරී ඇත.කණගාටුයි පුජිත්..රාජකාරිය හරියට කලේ නැත.

හේමසිරි යනු කව්දැයි මම නොදනිමි.පළමුව මා ඔහු දකින්නේ ආරක්ෂක ලේකම් ලෙස බෝම්බ වලින් පසු " ගහනවා කියලා දැනගෙන හිටියා මෙච්චර ලොකුවට සිද්ද වෙයි කියලා දැනගෙන හිටියේ නැහැ කියාය.ලොකුවට හෝ පොඩියට ගහන බව දන්නේ නම් එය වලක්වා ගන්නට ඔහුගේ තනතුර ප්‍රමාණවත්ය.ඒ වචන ටික හිතාමතා කැම්පේන් එකකට දියත් කල වචන වැනිය..ඒ ගෝටාගේ ආරක්ෂක ලේකම් කමේ වගකීම් හා පරිස්සම ජනතාවට ඒත්තු ගැන්වීමටය.හේමසිරි ගෝටා පත් කිරීමට කැඳවූ පාටියක සතුටින් කමින් බොමින් සිටිනු ජායාරූප ගත විය.හේමසිරි ලෝකයටම තම නොසැලකිල්ල හා වගකීම් ගැනීමට නොහැකි වීම යන කරුණු කියා ඇති නිසා හේමසිරි සුද්ද පවිත්‍ර කරන්නට කව්රුන් හැදුවත්..හේමසිරිගේ වචන අහන ඕනෑම..වින්දිතයකු.හා ඔවුන්ගේ ආදරණිය පුද්ගලයන් හේමසිරිට වෛර කරනු ඇත.‍

මේ තුන්දෙනාට හා සහරාන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද කළ නිලන්ත ජයවර්ධනට ශ්‍රේෂ්ටාධිකරණය දුන් අධිකරණ තීන්දුව නොසැලකිල්ල සමබන්ධව ලංකා ඉතිහාසයේ අයිතිහාසික නඩු තීන්දුවකි.ලෝකයේ අනෙක් රටවල නායකයන් නිසි කලට නොගන්න තීන්දු තීරණ වෙනුවෙන් පවා නොසැලකිල්ල යටතේ නඩු පැවරෙයි.සිරිසේන, හේමසිරි..පුජිත්..මෙවැනි දෙයක් සිදුවන බවට අනතුරු හඟවා තිබියදී එය වැලක්වීමට කටයුතු නොකළ නොසැලකිල්ල දීලික්තමය වගකීමට වන්දි නියම වුවද, අපරාධමය වගකීමට නඩු පැවරෙන්නේ කවදාද? මෙය දීලික්තමය වගකීමක් පමණක් සහිත එකක් නොවේ.ජිවිත 350 කට වඩා විනාශ වූ එකකි.නිලන්ත ජයවර්ධනට දීලික්තමය වගකීම පමණක් නොව..හිතාමතාම කරන ලද අපරාධයක වගකීම වෙනුවෙන් විමර්ශනයන් හා නඩු පැවරීම් සිදු විය යුතුය.ඒවා ගැන ද ක්‍රියාත්මක විය යුතුය.

මේ පුද්ගලයන් වැඩකලේ කාටදැයි..විවධ මත පවතී..එහෙත්..මේ මහා අපරාධය වලක්වා ගැනීමට මේ සිව් දෙනා කටයුතු කලේ නම්..රට විනාශ කර දැමීමට කිසිදු සුදුසුකමක් නැති ගෝටාට ඉඩ ලැබෙන්නේ නැත.පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ට නොවීම වෙනුවෙන් ලෝකය ඇවිලෙන්නේ නැත.මේ තීන්දුව ගැන සතුටක් දැනේ..ඒ නීතීය යම්කිසි සාධනීය බවක් ඇති කරගත් නිසාය.

කෙනකු ඇසුවේ මේ තීන්දුව දුන්නේ හෙලිකොප්ටරේ නිසාද යන්නය..රනිල් වැරදි කර නැතිද යන්නය? මේ කරුණු දෙකම දේශපාලනිකය.මා දකින්නේ ජනාධිපති හෝ නිලධාරීන් හෝ තම නොසැලකිල්ල නිසා මනුෂ්‍ය ඝාතනයන්ට ඉඩහැර සිටීම අපරාධයක් වන අතර එවැනි නොසැලකිල්ල ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනයක් බවය.හිට්ලර් ගේ හොලෝ කවුස්ට් ඝාතන වලදී නුන්බර්ග් නඩු විමසීමේදී..මෙවැනි නිලධාරින් සියගණනක් මරණිය දණ්ඩනයට නියම කරන ලදී...තමන් අපරාධයක් නොකලත් බලය තබාගෙන ටිව්ටර් ගිණුම් හරහා ලේ හැලෙන බව කියමින් පැමිණිලි නොකර,ගත යුතු පියවර නොගෙන වගකීම පැහැර හැරී සිවු දෙනෙකුට දීලික්තමය වගකීම පැවරී ඇත.අපරාධ වගකීමද පැවරිය යුතු අතර..එවන් අපරාධ වගකීම පැවරිය යුතු තවත් සියගණනක් පාස්කු සිද්ධියට සම්බන්ධ බැවින්....ඔවුන්ද නීතීය ඉදිරියට ගෙන අයුතු බව ජනතාව වන අප තරයේ විශ්වාශ කරමු.

හෙලිකොප්ටරයේ නොව සිරිසේන ජෙට් යානාවකින් පැමිණියත් ජනතාව ඉදිරියේ නැවත දේශපාලනය නොකළ යුතු අයෙකි.ඔහුගේ ප්‍රජා අයිතිය ගැන ඉල්ලීමක් පෙත්සම් වල නොවුයේද? කෙසේ නමුත් පෙත්සම් කරුවන්ට අපගේ හෘදයංගම ප්‍රණාමය හිමිවේ..ඒ පෙත්සම් නොවන්නට මෙවැනි තීන්දුවක් ලැබෙන්නේ නැත.(ලංකාවේ දේශපාලන පලිගැනීම් ඇත.එය හැමදාම සිදුවෙයි.එහෙත් මේ නඩුවේදී ඒ පලිගැනීම් වල සියුම් රේඛාවට වඩා යමක් මම දකිමි)

@Subhashini Wipfler fb page ‌

නවතම ලිපි