SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ අනාගත පාලන තන්ත්‍රය තීරණය වනුයේ ඉදිරි මැතිවරණ පවත්වන ආකාරය අනුවය.

ප්‍රථමයෙන් පලාත්පාලන මැතිවරණය පැවැත්වුවහොත් සිදු වන ප්‍රධාන දෙය වන්නේ ජනාධිපතිවරණය ජය ගත හැකි බව සිතා සිටිනා ජාතික ජනබලවේගයේ තරම ඔප්පු වීමයි.

එසේ වීම අවාසි සහගත වන්නේ රනිල්-බැසිල් සුසංයෝගයෙන් යුතු UNP+පොහොට්ටු සන්ධානයටයි. එනම්, අලි- පොහොට්ටු සන්ධානය තුලින් ඉදිරිපත් වන රනිල්ගේ ජයග්‍රහණය තීරණය වන්නේ ජ.ජ.බ. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම තුලය. එය රනිල්-බැසිල් මෙන්ම ජවිපෙ නායකයින් ද දනී. පලාත් පාලන මැතිවරණයෙන් ජ.ජ.බ. අනෙක් පක්ෂ සහ සන්ධාන අභිබැවීම කල නොහැකි වීම තුල වසරක් පමණ ඇතුලත පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ජ.ජ.බ. ඉදිරිපත්වීම විහිළුවකි.

පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජනබලවේගයේ මට්ටම සංකේතවත් වීම තුල රාජ්‍ය බලය, අමාත්‍ය තනතුරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සිහින දරා සිටිනා එහි උන්නතිකාමී චරිත තවදුරටත් එහි නියුතු වීම ප්‍රතික්ෂේප කරනු ඇත. එවිට ජ.ජ.බ. තවදුරටත් රැක ගැනීමට නම් ජවිපෙට සිදු වනු ඇත්තේ ඉදිරි මැතිවරණයේදී ජයගත හැකි හෝ ජයග්‍රහණය කරවිය හැකි බලවේගයකට එකතු වී තම මන්ත්‍රී ආසන කෝටාව වැඩි කොට ගැනීම සඳහා කටයුතු කිරීම හෝ ජ.ජ.බ. සුනු විසුනු වීමට ඉඩ දී ජවිපෙ ලෙස ස්වාධීනව කට යුතු කිරීමයි. නමුත් දැනට ගොඩනැගී ඇති තත්වය තුල ජවිපෙට බල කෙරෙනුයේ සන්ධාන ගත වීමකටය. එවැනි සන්ධානගත වීමකින් තොරව ජා.ජ.බ. තුල සිටිනා කැපී පෙනෙන සාමාජික සාමාජිකාවන් පිනවිය නොහැකි වනු ඇත.

මේ වන විට ප්‍රධාන බලවේග තුනක් ඉස්මතුව ඇත. ඒ රනිල් සහ බැසිල් ප්‍රමුඛ UNP+පොහොට්ටු බලවේගය, සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගය, සහ ගොඩනැගෙමින් පවතින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව, විමල්-ගම්මන්පිල උත්තර සභාගය (වාමාංශික පක්ෂ එකතුක් ඇතුළු), ඩලස් ප්‍රමුඛ පොහොට්ටුවෙන් ඉවත් වූ පිරිස, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පොහොට්ටුවෙන් ඉවත් වූ අනෙක් කණ්ඩායම සහ චමිපික රණවකගේ 43 සේනාංකයයි. ඒ අනුව ජ.ජ.බ.ට එකතුවිය හැකි සන්ධානයක් ලෙස පවතිනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුක සන්ධානය පමණි. යම් කිසි හෙයකින් ජ.වි.පෙ. එම සන්ධානයට එකතු වුවහොත් එය ඉහල ජයග්‍රහණයක් ලැබීම නොවැලැක්විය හැකිය. නමුත් වත්මන් තත්වය තුල ජ.වි.පෙ. සැලසුම එය නොවේ.

රනිල් සහ බැසිල් මෙන්ම රනිල් සමග ඩීල් දමනා අනුර කුමාර ද මෙම අනතුර දැක ඇත. ජවිපෙට, වාමාංශික ස්ථාවරයට අනුව, ප්‍රගතිශීලී නායකයා රනිල්ය. එසේම ජවිපෙට අනාගතයේදී රැල්ලක් සාදාගත හැකි වනුයේ ද රනිල්ගේ පාලනයක් පැමිණියහොත්ය යන්න ජවිපෙ ස්ථාවරය වන්නේ පූර්ව අත්දැකීම තුලය. ඒ රාජපක්ෂවරුන් ප්‍රමුඛ වාම මුහුණුවරක් සහිත පාලන කාලය තුල ජවිපෙ දුර්වල වූ බැවිනි (විශේෂයෙන්ම ග්‍රාමීය ව). ජවිපෙට බලය ලබාගත් පසු අවශ්‍ය අකාරයෙන් පාලනය මෙහෙයවිය හැක්කේ රනිල් විසින් සිදු කිරීමට නියමිත කාර්යභාරය සම්පූර්ණ කිරීමෙන් පසුව බව රනිල්ගේ වාම උපදේශකයින් පුන පුනා ප්‍රකාශ කරනා කාරණාවයි (සමාජවාදය සඳහා ධනවාදය මෝරා තිබීමට අවශ්‍ය වීම පිළිබඳව වාම න්‍යාය). න්‍යායිකව ජ.වි.පෙ.ට අනුව ද එය එසේ වුවද ජවිපෙ සැබෑ උවමනාව නම් මන්ත්‍රී නියෝජනයන් සහිතව කෙසේ හෝ පාර්ලිමේන්තුවාදය පවත්වාගෙන යාමයි.

එබැවින් මේ තත්වය තුල පලාත්පාලන මැතිවරණය නොපැවැත්වීම රනිල්- බැසිල් සුසංයෝගයේ මෙන්ම ජ.වි.පෙ. ද උවමනාවයි. නමුත් ජවිපෙ වෙත ඇති ඊළඟ උභතෝකෝටිකය වන්නේ ජනාධිපතිවරණයේ අනීවාර්ය පරාජයත් සමග සිදුවීමට නියමිත ජා.ජ.බ.ය විසිරීම නවතා ගත නොහැකි වීමය. මේ වන විට ජා.ජ.බ. එසේ සුනු විසුනු වීමට නියමිත බවට වන ලක්ෂණ පහල වී අවසන්ය.

@spartacus.lk

නවතම ලිපි