SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය දෙසැම්බර් 07 වැනි පොහෝ දින ගොඩයමු කල්ලිය සහ ස්පාර්ටකස් සාමූහිකය අතර පැවති සූම් සංවාදය පිළිබඳව ලංකාවේ අධිපති මාධ්‍ය භාවිතාවන් විසින්

සංවාදයේ පසු තත්ත්වය පිළිබඳව ගොඩයමු කල්ලියේ 'ලේඛකයින්ගේ' ලිපි පලකර තිබුනි. ස්පාර්ටකස් සාමූහිකය තම අදහස් දැක්වීමක් සමග සංවාදයේ සංස්කරණයකින් තොර වීඩියෝව තම වෙබ් අඩවිය හරහා පලකර තිබුනද, ඉහත කී අධිපති මාධ්‍ය භාවිතාවන් විසින් ඒවා තම මාධ්‍යයන්හි පලකිරීමට කිසිදු උත්සාහයක් ගෙන නොතිබුනි.

ඒ අනුව ජනරංජනගේ ‘අනිද්දා’ පුවත්පතට, තුෂාරා සෙව්වන්දිගේ ‘ද ලීඩර්’ වෙබ් අඩවියට  තම “අධිපති මාධ්‍ය භාවිතාව”  පිළිබඳව දෙවරක් සිතා බලන්නට සිදුවනු ඇත.  පහත පලවන්නේ ඉහත මාධ්‍යයන් සහ මුහුණු පොත හරහා පලකර තිබූ අජිත් පැරකුම්ගේ ලිපියට අදාළව ස්පාර්ටකස් සාමූහිකය විසින් ඉදිරිපත් කර ඇති කෙටි පිළිතුරයි (@Ladyleader).

----------------------------------------------

ගොඩයමු පාර්ශවයට පිළිතුරු...

අප (ස්පාටකස් සාමුහිකය) සහ "ගොඩයමු" අතර පැවතී සංවාදය පිළිබඳව අජිත් පැරකුම් ජයසිංහ විසින් පසුවදනක් ලියා ඇත. ඊට අනීවාර්යෙන්ම පිළිතුරු සැපයිය යුතුව ඇත. අජිත්ගේ ලිපියට ප්‍රචාරය ලබා දෙන සියලු වෙබ් අඩවි ඇතුළු මාධ්‍ය වලින් අප ඉල්ලා සිටින්නේ මේ පිලිතුරද ඒවායේ පල කරන ලෙසය.

අපට අනුව අජිත් අඩු තරමුන් ඉහත අපගේ වෙබ් අඩවිය හෝ ෆේස්බුක් පිටුව කියවා හෝ නොමැත. එසේම අපගේ YouTube චැනලයේ ඇති සංවාද හෝ ශ්‍රවණය කොට නොමැත. ඒ බව ඔහු විසින් අප පිළිබඳව සිදු කරන ප්‍රකාශ වලින් පැහැදිලිව පෙනේ.

එබැවින් අජිත් හෝ "ගොඩයමු" වෙනුවෙන් අප මේ ලිපියේදී දීර්ගව පිළිතුරු ලබා නොදේ. ඒ අප ලබා දෙන කෙටි පිළිතුරු වලට අදාළ දීර්ග න්‍යායික ප්‍රකාශන සහ විශ්ලේෂණයන් අපගේ http://www.spartacus.lk වෙබ් අඩවියේ සහ ඒවාට අදාළව, එදිනෙදා සිදුවීම් තුලින් වන සරල පැහැදිලි කිරීම් අපගේ Facebook පිටුව වන 'ස්පාටකස් ලිපි' (https://www.facebook.com/%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0...) හි ඇති බැවිනි.

අජිත්ගේ ප්‍රතිචාරයට අපගේ පිළිතුරු පිලිවෙලින් මේසය.

1. "ස්පාටකස් කණ්ඩායම ගැන මහින්ද පතිරණ කියූ කාරණාවට මාත් එකඟයි. ස්පාටකස්ලා කරන්නේ අධිපති මතවාද ප්‍රශ්න කිරීම. විසඳුම් යෝජනා කිරීමක් නැති බවයි කියන්නෙ."

අප විසඳුමක් හෝ විසඳුම් යෝජනා නොකරන්නේ නැත. එනම් සමාජ ගොඩනැංවීම්වාදයක් අපට නොමැත. අපට ඇති විසඳුම වන්නේ පරාරෝපනයෙන් මිදීමයි. එනම්, එසේ කල හැක්කේ අධිකාරීත්වයට එරෙහි වීම තුලය.

2. "ඒ වුණාට ඒ ප්‍රශ්න කිරීම දයලෙක්තික නැහැ. එයට හේතුව, ඔවුන් ප්‍රශ්න කරන්නෙ ඔවුන්ගේ අප්‍රකාශිත සම්මුතියකට සාපේක්ෂව. ඔවුන්ගේ සදා නිමකළ ලෝක දැක්මක් හිස් මුදුනෙ තියාගෙන තමයි අනෙක් අදහස් ප්‍රශ්න කරන්නෙ. තමන්ගෙ අදහස් පද්ධතිය ප්‍රශ්න කරන්න දෙයක් නැහැ, ඒක සත්‍යය කියල හිතාගෙන ඉන්නෙ."

අපගේ සම්මුතිය කුමක් ද යන්න පිළිබඳව අප දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටී. ඒ අනුව එය අප්‍රකාශිත නොවේ. ප්‍රශ්න කිරීම් දයලෙක්තික නොවේ යනු කුමක්දැයි නොවැටහේ. කෙසේ වෙතත් සංවාදයකදී එසේ ප්‍රශ්න කිරීම් දයලෙක්තික වීමට නම් පිළිතුරු දීම ද එසේම දයලෙක්තික විය යුතුය. අප සතුව "ලෝක දැක්මක්" හෝ "සුභාරංචියක්" නොමැත. අප එය සංවාදයේදී ද පැහැදිලිව ප්‍රකාශ කරන ලදී. ලෝක දැක්මක් යනු දර්ශනයක් හෝ ආගමකි. එසේ නොමැති නම් ඒවායේ එකතුවකි. අප එරෙහි වන්නෙම ලෝක දැක්මවල් වලටමය. අප විසින් දර්ශනය ප්‍රතික්ෂේප කරනුයේ ද එබැවිනි.

3. "ඒ සම්මුතිය ඇතුළෙ විසඳුම් යෝජනාත් වියුක්තව තිබෙනවා. උදාහරණයක් විදියට ස්පාටකස් කණ්ඩායමේ මාධව රුවන්පතිරණ කියනවා “හැමෝම එකතු වෙලා විසඳුමක් යෝජනා කළ යුතුයි” කියලා. ඒක කවදාවත් නොවෙන දෙයක්. කවුද මේ හැමෝම කියන්නෙ? කොහොමද හැමෝම එකතු වෙලා විසඳුමක් යෝජනා කරන්නෙ? ප්‍රායෝගිකව මෙය කරන්න බැහැ."

මෙවැනි ප්‍රකාශයක් ( “හැමෝම එකතු වෙලා විසඳුමක් යෝජනා කළ යුතුයි”) අප විසින් සිදු කොට ඇති තැනක් තිබේ නම් අජිත් හෝ සංවාදය අසා සිටි වෙනත් අයෙකු විසින් එය ඉදිරිපත් කොට පෙන්වන්න. අප විසින් ප්‍රකාශ කරන ලද්දේ අධිකාරීත්වයෙන් මිදීම, එනම් පරාරෝපනයෙන් මිදීම, එනම් අප හට දිගින් දිගටම පරයන් ආරෝපණය වීමෙන් වැළකීම, අත්හිටුවිය හැක්කේ දයලෙක්තික සාමුහික අරගලයක් තුලය යන්නයි.

4. " සියල්ල ප්‍රශ්න කරනවාය කියන ගමන් තමන්ගේ ස්ථාවරය ප්‍රශ්න කරන්නට සූදානම් නැති, අනෙක් අයගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට පමණක් සූදානම් බව පෙනෙන ස්පාටකස් කණ්ඩායමට අපි කියන්නෙ අපට ඔයගොල්ලන්ව හමුවෙන්නෙත් බල දේශපාලනය ඇතුළෙම බවයි."

අප සියලු දෙනාගෙන් දිගින් දිගටම ඉල්ලා සිටින කාරණය වන්නේ අපගේ ලේඛන, ප්‍රකාශ, සහ අපව ප්‍රශ්න කොට සිටින ලෙසය.

අජිත් ලියා ඇති අනෙකුත් ප්‍රලාප සම්බන්ධයෙන් අපට නැවත කිසිවක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවන්නේ සංවාදය තුල අප අජිත්ලාගේ ("ගොඩයමු") එම ස්ථාවරයන් ප්‍රශ්න කල ද ඒවාට පිළිතුරු නොලැබුන බැවිනි. ප්‍රශ්න කිරීමට ලක්වීමට අකමැති බැවින් චින්තන ධර්මදාස සංවාදයෙන් පලා ගියේ ද ඔවුනට ඒවාට පිළිතුරු නොමැති බැවිනි. අප පවසන්නේ සැබෑවක් ද නැද්ද දැනගැනීම සඳහා ඕනෑම අයෙකුට සංවාදය ශ්‍රවණය කල හැකිය (https://www.youtube.com/watch?v=BcM3xDI5HIU&t=5s).

දයලෙක්තිකයක් ගැන දොඩවන "ගොඩයමු" කණ්ඩායමේ කිසිඳු අයෙකු මේ සංවාදයට අදාළ YouTube සබැඳියාව ප්‍රචාරය කිරීමෙන් වැලකී සිටී.

 

@spartacus.lk

නවතම ලිපි