SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ අරගලය පටං ගත්තේ අපි. මේ රටේ මධ්‍යම පංතිය.

විදුලි විසන්ධිය, ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, දිනපතාම ඉහල ගිය බඩු මිල සහ බෙහෙත් හිගය, ඉවසලා ඉවසලා බැරිම තැන. අපි තැන තැන හිටගත්තා අපේ විරෝධය ප්‍රකාශ කරන්නට. කොහුවල හන්දියේ, ගල්කිස්සේ, නෙළුම් පොකුණ ළඟ, ඉටිපන්දමක් පත්තු කරගෙන, පෝස්ටරයක් අතින් අරන් අපි නිශ්ෂබ්දව හිටගත්තා. ඒ පෝස්ටර්වල ලියැවුනේ බඩු මිල අඩු කරන්න, අපි කළුවරේ, අම්මා ගෑස් පොලිමේ දරැවෝ හාමතේ වාගේ අහිංසක පාඨ.

කාටවත්ම තර්ජනය කරපු, කවුරැවත් නිර්දය ලෙස විවේචනය කරපු පාඨ ඒ පෝස්ටර්වල ලියැවුනේ නැහැ. සමහර දවස්වලට අපි දෙතුන් දෙනයි. ඉටිපන්දමක් අතින් අරං හිටගෙන හිටපු අපි දිහා බලලා සමහරැ අපිට හිනා වුනා. සමහරැ අපෙන් පිස්සුද කියලා ඇහුවා. මිනිස්සුන්ගේ ප්‍රශ්න කිරීමේ අයිතියට ඉඩ ඇරලා අපි නිස්සද්දව හිටියා.

ඔය අතරේ දවසක්, ආන්ඩුවට විරෝධය පාන්න අප්‍රේල් අට වෙනිදා නිදහස් චතුරශ්‍රයට එකතු වෙමු කියලා පොඩි කැම්පේන් එකක් සමාජ මාධ්‍ය වලට මුදාහැර තිබුනා. ඒ කැම්පේ එක කවුද දියත් කළේ කියලා කවුරැත් දැනං හිටියේ නැහැ. ඒ වුනාට මිනිස්සු එදාට සූදානම් වුනා. ආන්ඩුව බය වුනා. ඇඳිරි නීතිය දැම්මා. ඒ වුනාට හිත හයිය අපි කීප දෙනෙක් එදත් හන්දි ගානේ බය නැතිව හිටගත්තා.

අපි අප්‍රේල් නව වෙනිදා උදේ නිදහස් චතුරශුයට එකතු වුනා. එතැන නායකත්වය අරං හිටියේ තරුණ ළමයි. ලස්සන, හරි හැඩ හැම ජාතියකටම අයිති අපේ ළමයි. උං ඉංගිරිසි, සිංහල දෙමළ බාසා තුනෙන්ම පිරිස ඇමතුවා. ඒ ළමයි තමයි ඉස්සර වෙලාම කපුටු කාක් කාක් කාක් කිව්වේ. ගෝටා පිස්සෙක් කිව්වේ. අරගලයට ජයවේවා කියලා ගිරිය පුප්පාගෙන කෑගැහුවේ. දවල් වෙනකොට, හවස් වෙනකොට, රෑ වෙනකොට, පිරිස දෙගුණ තෙගුණ වුනා. ඒ ළමයි හොඳට සංවිධානය වෙලා කරපු කටයුත්තක් ඒක. ඒක හරියටම මැජික් එකක් වාගේ. එතැන හරි සමගියක් තිබුනා. යූ ටියුබ් කාරයෝවත්, දේශපාලන විචාරකයොවත්, නළු නිලියොවත් එතන හිටියේ නැහැ. ඒ වෙනුවට එතන හිටියේ ඉවසලා ඉවසලා බැරිම තැන පාරට බැහැපු, කැකෑරෙමින් තිබූ හර්දය වස්තුව අතට ගත්තු, විසාල විනයක් සහිත මධ්‍යම පංතියේ මිනිස්සු. මේ රටේ විධායකයට යම් බලපෑමක් කරන්න පුළුවන් මිනිස්සු, රජයේ උසස් නිළධාරීන්ගේ, දේශපාලඥයිනගේ, ව්‍යාපාරිකයින්ගේ, ගුරැවරැන්ගේ, වෘත්තිකයින්ගේ දරැවෝ එතැන හිටියා. යම් කිසි දැක්මක් සහිත දරැවෝ ඔවුන්. අපිට විසාල බලාපොරොත්තුවක් තිබුනා මේ ක්‍රමය වෙනස් කරන්න, මේ අළුත් පරම්පරාවත් එක්ක පියවර තබන්න අපිට පුළුවන් වෙයි කියලා.

දහවෙනිදා ඉඳලා මේ පිරිස ගෝල් ෆේස් එකට එකතු වුනා. එතෙන්ට ආව කාටවත්ම න්‍යාය පත්තර තිබුනේ නැහැ. කපා කපා කෑලි කපා අප වනසනු හිතනු එපා වාගේ පක්ෂවලට අයිති සටන් පාඨ කිව්වේ නැහැ. ඔවුනට තිබුනේ අහිංසක අරමුණු. අපි එකතු වුනොත් මේ ව්‍යාදියෙන් ගොඩ එන්න පුළුවන් කියන අධිශ්ඨානය විතරයි එතන හිටපු අයට තිබුනේ.

මිනිස්සුන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන වේදිකාවක් එතන හැදුනා. එතන පුස්තකාලයක්, කලාගාරයක් හැදුනා. එතන අපි හීන මවාපු අවකාශයක් හැදෙන්නඩ ගත්තා.

අවාසනාවකට ටික කාලයක් යනකොට කට්ටියක් පැරෂූට් වලින් බහින්න ගත්තා. ජීවිතේට උද්ඝෝෂනයකට පය තියා නැති, මෙලෝ දේශපාලන විඥානයක් නැති යූ ටියුබ් කාරයෝ හතර පස් දෙනෙක්, නළු නිලියෝ හත් අට දෙනෙක් අපි පටන් ගත්තු සාමකාමී, නිර්ප්‍රචන්ඩ අරගලය අපිටත් හොරා ආක්‍රමණය කළා.

එතන තිබුනු මැජික් එක වෙනුවට ගඳ ගහන පක්ෂ දේශපාලනය එතැන ආක්‍රමණය කරන්න පටන් ගත්තා. පුද්ගල චරිත කැපී පෙනෙන්ට වෙර දැරැවා. එතැන තිබුනු සාමදානය වෙනුවට බල තන්හාව එතැනට කාන්දු වුනා. අපි යෝජනා කළ බුද්ධි මණ්ඩලය වෙනුවට අන්තරේට, ජවිපෙට, පෙරටුගාමීන්ට එතැන පාලනය අතට ගන්න කෑදර හිතුනා. යූ ටියුබ් කාරයෝ සහ නළු නිලියෝ මේ අවකාශය ආක්‍රමණය කළා. අපේ අහිංසක අරමුණු කීතු කීතු වලට ඉරාගෙන න්‍යාය පත්‍ර සහිත පිරිස අරගලය කාබාසිනියා කළා. දැන් අපි මොකද කරන්නේ? ඒ ගොල්ලංටම ඒක කරගන්න ඇරලා අපි මධ්‍යම පංතිය එතැනට සමුදුන්නා. දැන් ආයිමත් මුල ඉඳලා පටන් ගන්න වෙලා. ඒක කොතැනකින් කොහොම පටන් ගන්නද කියලා කවුරැවත් දන්නවද දන්නේ නෑ.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි