SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දීය ජනාධිපතිවරණය (18) පැවැත්වුන අතර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වුයේ ද්‍රෞපදී මුර්මු සහ යෂ්වාත් සිං ය.

එහිදී ද්‍රෞපදී මුර්මු ඉන්දීය ජනාධිපතිනිය ලෙස 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබමින් අද ජයග්‍රහණය කළාය. ඇය ඉන්දියාවේ ජනාධිපති ධූරයට පත්වූ ප්‍රථම ගෝත්‍රික කාන්තාවයි.

ද්‍රෞපදී මුර්මු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර, යෂ්වාත් සිං නියෝජනය කළේ, එක්සත් ප්‍රගතශීලී සන්ධානය ප්‍රමුඛ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ය.

64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු ඉන්දීය දේශපාලනඥයකු මෙන්ම ගුරුවරියකි. ඇය භාරතීය ජනතා පක්ෂ සාමාජිකාවකි. ඇය ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සුදුසු යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවස්ථා ගණනාවකදී පවසා තිබුණි. 2015 සිට 2021 තෙක් ජර්කාන්ද් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරය හෙබවූයේ ද්‍රෞපදී මුර්මු ය. ඇය ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන නායිකාවකි.

Droupadi Murmu, 64, a female politician who was nominated as presidential candidate by Prime Minister Narendra Modi's ruling Bharatiya Janata Party (BJP), greets an audience as she arrives to attend a meeting ahead of India's presidential elections, in Ahmedabad, India, July 17, 2022. REUTERS/Amit Dave

 

84 හැවිරිදි යෂ්වාන් සිංහා නියෝජනය කරන ලද්දේ ත්‍රිණමූල් කොංග්‍රසයයි. සිංහා, භාරතීය ජනතා පක්ෂයේ හිටපු නායකයෙකි. 1990 සිට 1991 වසර තෙක් කාලයේත් 1998 සිට 2002 ජූලි මාසය දක්වාත් සිංහා ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඒ අග්‍රාමාත්‍ය චන්ද්‍ර ෂෙකර් සහ අතල් බිහාරි වජ්පායි අග්‍රාමාත්‍යවරුන් යටතේය.

2002 සිට 2004 තෙක් කාලයේ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය හෙබවූයේ ද යෂ්වාන් සිංහා ය.

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන්නේ මහජන ඡන්දයෙන් නොව, පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ඡන්දයෙනි.

18 වෙනිදින පැවති ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අද (21) දින සිදු කෙරුනි.

02

අග්‍රාමාත්‍යවරයාට වැඩි බලතල ඇතත්, ඉන්දීය ජනාධිපතිවරයා යනු ඉන්දීය ජනරජයේ රාජ්‍ය නායකයා ය. ජනාධිපතිවරයා, ඉන්දීය විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ ආකෘතික නායකයා වන්නේ ද ජනාධිපතිවරයාය. ඊට අමතරව, ඉන්දියානු සන්නද්ධ හමුදා සේනාධිනායකයා ද වන්නේ ජනාධිපතිවරයාය. ඉන්දීය ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකි.

ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රණ සභා දෙකහි (ලෝක් සභාව සහ රාජ් සභාව) මන්ත්‍රීවරුන්ගේ සහ ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩල නියෝජිතයන් ද ඇතුළත් ඡන්ද පීඨයක් මගිනි.

ඉන්දීය ප්‍රාන්ත විසි නවයක මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් සහ සාංගමික ප්‍රදේශයන්හි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලවල නියෝජිතයෝ එම ඡන්ද පීඨයට ඇතුළත් වෙති.

03

 

(පුවත් සැකසුම එන්.ඩී.ටීවී. වාර්තා ඇසුරිනි.)

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි