මේ අරගලයේ රැඩිකල් අන්තයට නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මේ මොහොතේ ක්‍රියා කරන්නේ කෙසේද යන්න මම උනන්දුවෙන් බලා සිටින දෙයකි. ජනතා විමුක්ති පෙරමුණේ රැඩිකල් අක්තපත්‍රය පරීක්ෂා කරන්නේ ද මුලින් කී කණ්ඩයම් දෙක නිසා ජවිපෙ හැසිරීම සම්බන්ධයෙන් ද එය වැදගත්ය.
මේ මොහොතේ ඇසිය යුතු වැදගත් ප්‍රශ්නයක් වන්නේ ක්ෂණික දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරගත යුතු ද, එසේත් නැත්නම් අරගලය ඉදිරියට ගෙනයාමේ නාමයෙන් දැනට තියෙන දේශපාලන අවිනිෂ්චිතභාවය දිගටම පවත්වාගෙන යනවාද යන්නයි.
ජවිපෙ පළවෙනි මාවතට කැමති බව පෙනේ. ජවිපෙ උනන්දුව පවතින්නේ දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරගෙන ඉක්මනින් මැතිවරණයක් පැවැත්වීම කෙරෙහිය. නමුත් එයට එහි රැඩිකල් අක්තපත්‍රය යන්තමින් හෝ පවත්වාගෙන යාමට ද අවශ්‍ය වේ. පෙසප හා අවිවිශිබම ය කිසිවක් කරන බව පෙනෙන්නේ නැත. විශේෂයෙන් එයට බුද්ධිමය අනුශාසකත්වය සපයන අය තවමත් කරන්නේ ඉහත කී තීරණාත්මක ප්‍රශ්නය, එනම් මේ මොහොතේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කරනවාද, නැත්නම් පවතින් තතත්වය දිගටම පවතින්නට ඉඩ අරිනවාද යන ප්‍රශ්නය මගහැර සිටීමයි.
කළ යුත්තේ කුමක්ද යන්න තීරකයා මා නම් මා කුමක් කරන්නේද යන උපකල්පනය මත මෙසේ පැහැදිළි කරමි. මා කරන්නේ වහාම පාර්ලිමේන්තුව හා ඊනියා අරගල භූමිය යන බල කේන්ද්‍ර දෙක ඒකාබද්ධ කොට තාවකාලික ආණ්ඩුවක් පිහිටුවීමයි. ඒ සදහා මේ රැඩිකල් අන්තය සමග නිෂ්චිත එකගතාවයකට පැමිණීමට උත්සාහ කිරීමයි. එසේ නොකළ හොත් මේ රැඩිකල් අන්තයට නායකත්වය දෙන බලවේගවලට එවැනි තාවකාලික ආණ්ඩුවක පැවැත්ම කඩාකප්පල් කළ හැක. ගැටුම් සමථනයේ (Conflict Resolution) භාෂාවෙන් කියනවා නම් ඔවුහු Spoilers ලෙස කටයුතු කරනු ඇත.
1917 රැසියාවේ දී ලෙනින්ගේ අප්‍රේල් තීසීස අනුව යමින් තාවකාලික ආණ්ඩුව කඩාකපල් කොට ඔක්තෝබරයේ (හෝ නොවැම්බරයේ) අර්ධ කුමන්ත්‍රණකාරී ආකාරයකට බලය පැහැරගත් ආකාරයකට කටුයුතු කිරීමේ හැකියාවක් දැන් නැත. ට්‍රොට්ස්කිවාදීන්ගේ භාෂාවෙන් කියනවා නම් විප්ලවය පාවාදීමට දැන් රැඩිකල් අන්තය සූදානම් විය යුතුය.
@මුහුණු පොතෙන්