SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අවසාන වතාවට 1977 දී ජන්දය දුන්නට පස්සේ 1981 දී ලංකාවෙන් පිටවෙලා ආවට පස්සේ මම කිසි දිනක ලංකාවේ ජන්දය දීල නැහැ.

හැබැයි ආර්ථික විද්‍යාව මගේ විෂය නිසාත් ලෝක බැංකුවේ සහ විවිධ අන්තර්ජාතික ආයතනහි වසර 35ට වඩා රැකියා කරපු නිසාත් බිඳවැටුණ රටවල් සමඟ කටයුතු කරපු නිසාත් මේ ප්‍රශ්නය හොඳටම තේරෙනවා. මට නොමිලේ අධ්‍යාපනය දීපු රටේ පුරවැසියෝ දුක් විඳිනකොට, රාජ්‍ය බිඳවැටෙනකොට මට මීට පෙර හිටියා වගේ නිහඬව ඉන්න මගේ හිත ඉඩ දෙන්නේ නැහැ. නැතුව මට කිසිම නායකයෙක් හෝ පක්ෂයක් සමඟ බැඳීමක් හෝ ගැටීමක් නැහැ. ලබාගැනීමට කිසිම දෙයකුත් නැහැ. මම මේ දේ ලියන්නේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන්. ඒ නිසා පක්ෂ පාට ගැන හිතන්නේ නැතිව විවෘත මනසකින් කියවන ලෙස ඉල්ලා සිටිනවා. (මම ලියන්න දක්ෂයෙක් නම් නෙමෙයි. වරදක් ඇතොත් සමාවෙන්න)

පටන් ගත්තේ කව්ද? කොහොමද?

කුමාර් ගුණරත්නම් ට ඩයස්පෝරා එක ප්‍රමුඛ විදේශ බලවේග දුන්න කොන්ත්‍රාත් එක තමයි රට ආර්ථිකව සහ දේශපාලනිකව අස්ථාවර කරලා පරිපාලනය බිඳවට්ටන්න එක. කුමාර් ඒකට අන්තරේ සහ තරුණ දරුවෝ පාවිච්චි කලා.

දකුණේදී රට ව්‍යාකුල කරාට පස්සේ තබන ඊළඟ පියවර තමයි TNA හරහා දෙමල ජනතාව කුලප්පු කරල උතුරේ හමුදා කඳවුරු ලඟට යවන එක. හමුදාවට තියෙන බය නැති කරවල ඉවත් වෙන්න කියලා බල කරවනවා වගේ දේවල් කිරීම.

ඊට පස්සේ ආරක්ෂක අංශ සහ ‘ජනතාව’ අතර ගැටීම් වැඩි කරලා රටේ පාලනය නැතිවෙනකොට එක්සත් ජාතින්ගේ සාමසාධක හමුදා ගෙනත් දාන තැනට වැඩ සලස්වනවා.

දකුණ ‘අකමැති’ සහ පාලනය කරන්න බැරි ආණ්ඩුවකට කොහොමද උතුර පාලනය කරන්නේ කියන තර්කය මත ටික කාලයක් යනකොට ජනමත විචාරණයකට ගිහින් උතුරට වෙනම රාජ්‍යක් දෙන්න වෙන තැනටම රට ගේනවා. (මෑත කාලීනව නැගෙනහිර ටීමෝරය සහ දකුණු සුඩානය කැඩුවේ එහෙම)

ආර්ථික අර්බුධය එක්ක අරගලයට පාර හැදුන හැටි!

කොරෝනා වසංගතය, ලෝක බලශක්ති සහ ආහාර අර්බුධ, ඉන්දියන් සාගරයේ බල ගැටුම් වගේම ලංකාවේ ප්‍රධාන විදේශ ආදයම් මාර්ග බිඳ වැටීමත් අවාසනාවන්ත ලෙස බලපෑවා.

ගෝටාභයට දේශපාලන ආර්ථික විද්‍යාව ගැන හරි අදහසක් තිබුනේ නැහැ. ආණ්ඩුවට අර්බුද කළමනාකරණය ගැන සැලැස්මක් තිබුනේත් නැහැ.

අවාසනාවකට රටේ තිබුන පෝලිම් එක්ක පරිභෝජනයටම කෑදර මධ්‍යම පංතිය, ආගමික නිකායන් සහ කිසිම දේශපාලන අවබෝධයක් නැති තරුණ පිරිස් නළු නිලියෝ යූ ටියුබ් නාලිකා (මුදල් වලට) වගේම පිටරටවල ඉන්න ශ්‍රී ලාංකික පිරිසක් මේ කුමන්ත්‍රණයට හොඳටම අහුඋනා.

දුර්වල රාජපක්ෂ පාලනය වගේම රට ගැන හිතන්නේ නැතිව හුදු බල ලෝභයට කෑදර අරමුණක් නැති සජබ - ජවිපෙ වැනි විපක්ෂයත් බලය ගැනීමේ කෑදර කමට ඍජුව සහ වක්‍රව සහය දුන්නා. කට්ටියම කුමාර් ගේ ප්‍රොජෙක්ට් එකට අහු උනා.

කුමාර් කරන්නේ දෙන්න බැරි - කරන්න බැරි දේවල් ඉල්ලමින් ’අරගලේ’ කියන මිරිඟුව අල්ලන් යන එක. ජවිපෙටත් වෙනවා  තමන්ගේ ප්‍රධාන සතුරා සහ තරඟකරු වෙන පෙරටුගාමීන්ව ඉක්මවා යන්න ඕනේ කමට අරගලේ තීව්‍ර කරන්න. එතන තියෙන අර්බුධය ජූලි 09 පස්සේ මාරාන්තික ගැටුම් එක්ක එලියට ආවා.

තාම ජාතිකවාදී කඳවුර ඉන්නේ අසංවිධානාත්මක අස්ථාවරයක. බෙදිලා. ඉතින් කවුරුත් නැහැ හරියට දෙයක් ජනතාවට කියන්න.

ඔක්කොටම ඉස්සෙල්ල ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්න ඕනේ.

IMF - ණය ප්‍රතිව්‍යුහගත කිරීම් - අනෙක් රටවල් එක්ක සාකච්ඡා කිරීම් වගේ දැවැන්ත වැඩ කොටසක් තියෙනවා.

කව්රු විවේචන කලත් මොන පෙර වැරදි තිබුනත් රනිල් විතරයි පිළිවෙලකට ඒ වැඩේ පටන් ගත්තේ. රනිල් ට IMF / WB පැරිස් ක්ලබ් ADB ගනුදෙනු හොඳට තේරෙනවා.

කොටින්ම කිව්වොත් ආණ්ඩුව පඩි ගෙවන්නත් කැබිනට් එක රැස්වෙන්න පාර්ලිමේන්තුවක් ඕනේ. බැංකු පද්ධතිය වැඩ කරන්න ඕනේ. රාජ්‍ය පුද්ගලික ආයතන - සංචාරක කර්මාන්තය - අපනයන වැඩ කරන්න ඕනේ. අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්න රට දුවන්න ඕනේ.

බලශක්තිය ඕනේ. ගල් අඟුරු ඊළඟ මාසේ ගෙනාවේ නැත්නම් ලබන අවුරුද්දේ පැය 18ක් ලයිට් කපන්න වෙනවාමයි. අනෙක ආණ්ඩුවක් එනකම් ඒවා කල්දාන්න පුලුවන් ද? එහෙම රටකට ආයෝජනය කරන්න එන්නේ කව්ද? දැනටමත් ආයෝජකයෝ රටින් යනවා.

ඒවා කරන්න බිල්ඩින් බලෙන් අල්ලන් ඉන්න අරගලකරුවන්ට පුලුවන්ද? අද වෙනකම් සහන දෙන්න කියල - ණය කපන්න කියල - රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කරන්න එපා කියලා උස් හඬින් සටන් පාඨ කිව්වට ඔවුන් කිසිම විකල්ප ආර්ථික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ. ඒකම ඇති මේ අරගලය බොරු එකක් කියන්න. විසඳුම් වෙනුවට අරගලකරුවෝ කරන්නේ ප්‍රශ්න උග්‍ර කරන එක.

හැබැයි මේ බොරු අරගලේට දීපු සහය වහාම ඉවත් කරගෙන ප්‍රධාන පක්ෂ වලට පාර්ලිමේන්තුව ඇතුලේම විසඳාගන්න ඉඩදීලා, දැන්වත් අරගල අතැරලා ආපහු හැරෙනවා නම් කට්ටිය තාම ප්‍රමාද නැහැ.

එහෙම උනේ නැත්නම් බොරු අරගලේට අහුවෙලා මහා විශාල පසුතැවීමක් එක්ක බෙදුන රටක - ලිබියාවක ජීවත් වෙන්න ලැහැස්ති වෙන්න!

@උපුටා ගැනීම ආචාර්ය සුනිල් විමලගුණරත්නගේ සටහනකින්.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි