SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද අවධානය, 74 වෙනි නිදහස් දින, ඒ කියන්නේ පෙබරවාරි 04,  ප්‍රකාශයට පත්වූ,

නිදහස් භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියට මරු පහරක් එල්ල කරමින් විදෙස් අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයකට සිවිල් සංවිධාන සහ ක්‍රියාකාරීන් දැක්වූ ප්‍රතිචාරයක් සම්බන්ධයෙන්.

විදෙස් අමාත්‍යංශය අදාළ  නිවේදනය නිකුත්කරන්නේ, මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක සහ, නීලන් තිරුචෙල්වම් භාරයේ සභාපතිනිය වන  අම්බිකා සත්කුනනාදන්, 2022 ජනවාරි 27 වැනි දින යුරෝපීය පාර්ලිමේන්තුවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන අනුකමිටුවට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන්, ප්‍රතිචාර දක්වමින්.

සැබවින්ම මෙය මෙරට සිවිල් සමාජ සංවිධාන වගේම , සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට, අතිශය බියජනක හෙට දිනක් සංඥා කළ,, විදෙස් අමාත්‍යංශය නිකුත්කළ බරපතළ  නිවේදනයක් බව නොකියාම බැහැ.

වඩාත් බරපතළ තත්ත්වය වන්නේ , 74 වන නිදහස් දින ය දවසේ, ජාතිය අමතමින්, මෙරට මාධ්‍ය ඇතුළු , භාෂණයේ සහ ප්‍රකාශනයේ පූර්ණ නිදහස තම පාලනය තහවුරු කර ඇති බව , ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ ප්‍රසිද්ධියේ කියන පසුබිමක , විදේශ අමාඅමාත්‍යංශයේ මේ නිවේදනය නිකුත්කර තිබීමයි.

ක්‍රියාකාරීන්  167 දෙනෙකු සහ, සංවිධාන  47ක් අත්සන් කර අම්බිකා සත්කුනනාදන්ට එරෙහි විදේශ අමාත්‍යාංශයේ ප්‍රහාරක ප්‍රකාශය අතිශයින් බියජනක බව ඒකාබද්ධ සිවිල් සමාජ ප්‍රකාශනයක් නිකුත් කරන්නෙත් අන්න ඒනිසාමයි.

2022 ජනවාරි 27, මානව හිමිකම් පිළිබඳ නීතීඥවරියක, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරියක සහ නීලන් තිරුචෙල්වම් භාරයේ සභාපතිනිය යුරෝපීය පාර්ලිමේන්තුවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන අනුකමිටුවට කරන ලද ප්‍රකාශයට පදනම් වෙන්නේ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සහ රටක් වශයෙන් එහි පුරවැසියන් සඳහා ජාත්‍යන්තර සහ ජාතික බැඳීම් පිළිබඳව විවේචනාත්මක ඇගයීමක් සහ , යුරෝපා සංගමයේ සාමාජික රටවලට යම් නිර්දේශ ප්‍රමාණයක්.

නමුත් මෙරට විදේශ අමාඅමාත්‍යංශය ඊට  ප්‍රතිචාර දක්වන්නේ , කොහොමද ? විදෙස්‌ අමාත්‍යංශය ඉතාම බොළඳ ආකාරයට ඇයට එල්ටීටීඊ චෝදනා ගොනුකරමින්.

එහිදී අමාත්‍යංශය මෙන්න මෙහෙම සඳහන් කරනවා.

වාර්ගික ප්‍රජාවන්ට වෙනස් අයුරින් සැලකීම සම්බන්ධයෙන් එතුමියගේ ප්‍රකාශයේ අඩංගු පදනම් විරහිත චෝදනා මගින්, ජනතාව අතර වෛරය ඇති කිරීම සඳහා වරක් එල්ටීටීඊ සංවිධානය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල නිරූපණය කෙරෙන බවද මෙම අමාත්‍යංශය සඳහන් කරයි.

සිවිල් අවකාශය’ සීමා කෙරෙමින් පවතින බවටත්, ශ්‍රී ලංකා රජය සිවිල් සමාජ සංවිධානවල ක්‍රියාකාරකම් සීමා කිරීම සඳහා අවිධිමත් හා නීති විරෝධී ක්‍රියාවලීන් භාවිතා කරන බවටත් සත්කුනනාදන් මහත්මිය පළ කරන චෝදනා ඉතා කනගාටුදායක ය. ශ්‍රී ලංකා රජය රාජ්‍ය නොවන සංවිධාන සිය හවුල්කරුවන් වශයෙන් මිස විරුද්ධවාදීන් වශයෙන් නොසලකන බව මෙම අමාත්‍යංශය අවධාරණය කර සිටියි.

සැබවින්ම මෙය ඉතා බරපතළ ප්‍රකාශයක්. කිසියම් රාජ්‍ය ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් විවේචනයක් , ඉදිරිපත් වූ විට ඊට අදාළව රාජ්‍යයේ ප්‍රතිචාරය මෙහෙම නම් ,  එය මෙරට අනාගතය සම්බන්ධයෙන් බියකරු සිහිනයක් බව පැවසීම අතිශෝක්තියක් නෙවෙයි.

අනතුරක සේයාව දැකපු පළමු මොහොතේම සිවිල් සමාජ සංවිධාන මේ සම්බන්ධයෙන් ක්ෂණික ප්‍රතිචාර දක්වා ඇත්තේත් අන්න ඒ නිසා විය යුතුයි.

සිවිල් සමාජ සාමාජිකයින් සහ සංවිධාන  විදෙස් අමාත්‍යංශ නිවේදනය  දැඩි කනස්සල්ල ප්‍රකාශකර සිටින අතර, එහි වැඩිදුරටත් මෙහෙමත් සඳහන් වෙනවා.

දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් කෙරෙහි රජයේ ප්‍රතිපත්ති, රාජ්‍ය ආයතන සහ ඒවායේ භාවිතයන් මඟින් ඇතිවන විවිධාකාරවු බලපෑම් පෙන්වාදීම යම් ආකාරයකින් ‘ප්‍රජාවන් අතර වෛරය ඉස්මතු කෙරෙන’ සහ එමඟින් ‘සමාජ සංහිඳියාවට’ හානිදායක බව ඇඟවීමද බරපතල ගැටලුකාරී තත්ත්වයකි.”

ඉස්මතු කරන ලද ප්‍රශ්න සම්බන්ධයෙන් හරයාත්මකව කටයුතු කිරීම වෙනුවට, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම උදෙසා ප්‍රතිපත්තිමය පර්යේෂණ, උද්දේශන සහ රාජ්‍ය සේවය පිළිබඳව නිර්දෝෂී වාර්තාවක් ඇති පුද්ගලයකු කෙරෙහි දෝෂාරෝපණාත්මක ප්‍රතිචාරයක් දැක්වීමේ විකල්පය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් තෝරාගෙන ඇත.

දෙමළ ක්‍රියාකාරිනියකගේ සහ පර්යේෂකයෙකුගේ ස්වාධීන උද්දේශනය, එල්.ටී.ටී.ඊ.යේ ක්‍රියාකාරකම් හා බැඳි තත්ත්වයන් සමඟ සම තත්ත්වයෙහිලා සංසන්දයක් කිරීමට විදේශ අමාත්‍යාංශය විසින් ගන්නා උත්සහය හුදෙක් අසාධාරණ මෙන්ම දුෂ්ට හා බියකරුය.

දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් කෙරෙහි රජයේ ප්‍රතිපත්ති, රාජ්‍ය ආයතන සහ ඒවායේ භාවිතයන් මඟින් ඇතිවන විවිධාකාරවු බලපෑම් පෙන්වාදීම යම් ආකාරයකින් ‘ප්‍රජාවන් අතර වෛරය ඉස්මතු කෙරෙන’ සහ එමඟින් ‘සමාජ සංහිඳියාවට’ හානිදායක බව ඇඟවීමද බරපතල ගැටලුකාරී තත්ත්වයකි.

විවේචන ඉදිරිපත් කරන පුද්ගලයන් සහ සුළුතර ප්‍රජාවන්ගේ සාමාජිකයින් ඉලක්කකර ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය පිළිබඳ පනත මෑත අතීතයේදී ශ්‍රී ලංකාව තුළ භාවිතකර ඇති ආකාරය සැලකිල්ලට ගැනීමේදී මේ තත්ත්වය අනතුරුදායක ස්වභාවයක් ජනිත කරයි.

විදේශ අමාත්‍යාංශයේ මෙම ප්‍රකාශය අපි හෙලාදකින අතර, ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ සැබෑ සංහිඳියාව ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීමේ ක්‍රියාවලීන්හි යෙදී සිටින අම්බිකා සත්කුනනාදන් මහත්මිය සහ අනෙකුත් සියලුම සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමඟ සහයෝගීතාවෙන් සිටින්නෙමු. යනුවෙන් සඳහන් කරමින්. 

@ LEADER TV

නවතම ලිපි