SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇතැම් වාමාංශික නායකයින් කැසිනෝ වලට මෙතරම් බය ඇයි දැයි 'සමබිම' පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විමසා සිටියි.


ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමටත්, ආර්ථිකය දියුණු කිරීමටත් හැකියාව ඉතිරිව ඇත්තේ තොරතුරු තාක්ෂනය හා මුල්‍ය ප්‍රාග්ධනය හරහා පමණක් බව අවධාරණය කර සිටින 'සමබිම' නායකයා, මුල්‍ය ප්‍රාග්ධනය ව්‍යාපෘති යටතේ මෙරටට ඩොලර් ගෙන එම සඳහා කැසිනෝ හරහා විදේශිකයින් ආකර්ෂණය කර ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දෙයි.

'' අපි කිසිදාක ආර්ථිකය සදචාරකරණය කරන්නේ නැහැ.. එවැන්නක් මාක්ස්වාදයේ කොතනකවත් ඇත්තෙත් නැහැ..'' දීප්ති කුමාර ගුණරත්න අවධාරණය කර සිටියි.

ඔහු මෙම කාරණා සඳහන් කර සිටියේ, සම්මුතියට නිදහස් අවකාශයක් මැයෙන් "මැදහත් මාවත" සිවිල් සංවිධාන එකමුතුව විසින් ජනවාරි 22 දා කොළඹ දී සංවිධානය කරනු ලැබූ වැඩසටහනක දී ආරාධිත දේශකයකු ලෙස සහභාගී වෙමිනි.

සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහනට ආරාධිත දේශකයකු ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගි වී සිටියේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර ගුණරත්න මෙසේද පැවසිය.

 '' කැසිනෝ නැතුව අපට මේ ආදායම ලබන්න බැහැ. මොකද සාමාන්‍යයෙන් සස්ටෙන් කරනවා නම් 8 බිලියන් අවශ්‍ය වෙනවා මේ ටික කෙරෙන්න. උදාහරණයක් හැටියට ඉස්සරහදි සිනමන් ලයිෆ් එකට එක කැසිනො එකක් අවශ්‍ය වෙනවා.  නිගම්බෝ ධම්මික පෙරේරාගේ එකයි, පෝට් සිටි එකේ 3ක් විතර එයි. අයිසිටි කියලා ප්‍රොජෙක්ට් එකක් තියෙනවා ඉන්දියන් එකයි. මේවට අපි කෙලින්ම මොකද කියන්නේ. මේකේ කොලිටි එක වැඩි කරනවා නම් එල්ජිබී එකේ අයට ගන්න පුළුවන් කියලා ඉන්ඩස්ට්‍රී එකේ කට්ටිය කියනවා. ඒ සම්බන්ධයෙන් අපේ තියෙන විවෘත භාවය කුමක්ද දේශපාලන පක්ෂ  හැටියට? ''

රට යලි ගොඩනැගීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරමින් ඔහු මෙසේද සඳහන් කළේය.

# ''පළවෙනි කාරණය ගම් වල ඈතට ගිහින් ඉන්න මිනිස්සු නගරෙට ගෙන්වන්න ඕනේ. ප්‍රාග්ධනය නිසාම නේ ඈතට ඈතට ගිහින් තියෙන්නේ.  ආයෙමත් නගරෙට ගෙන්වන්න ඕනේ.  ඒ පැත්ත කැලෑව වැවෙන්න දෙන්න ඕනේ. ඒ කියන්නේ නැගෙනහිර පළාතේ කට්ටිය. ඒ සඳහා රැකියා අවශ්‍යයි.  

# දෙවැනි එක ඉස්සරහට ව්‍යාපෘති ඉදිරිපත් කරනවානම් අපි දන්නවා ‌ජේ.ආර්. රෙජිම් එක වෙලාවේ මහවැලිය, යුජිඑක, පිටරට රස්සා එහෙම ලොකු ලොකු කම්ප්ලේසිව් ප්‍රොජෙක්ට් එකක් භාර දුන්නා. අපි ඉස්සරහට විපක්ෂයක් හැටියට එකතු වෙනවානම් හොඳ ව්‍යාපෘතියක් මිනිසුන්ට අපි ගේන්න ඕනේ.
# ඊළඟ එක තමයි ගුඩ් ගවර්නන්ට් ප්‍රොජක්ට් එක ෆේල් වුනේ ඇයි? එහෙම වුනේ මම හිතන්නේ මමත් රාමුව තුල ඉගෙන ගත්ත ද්විපාර්ශික උගතුන්, අපේ නිලධාරින් පැලැන්තියෙන් අයින් වීම. ඊට පස්සේ ආව කට්ටිය ඔයගොල්ලන් දන්නවා.

# ටවුන්සිල් ක්‍රමය. ඒ කියන්නේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල ඉන්න දිස්ත්‍රීක් ලේකම්වරු, සහකාර ලේකම්වරු ප්‍රදේශයේ බදු එකතුකිරීමේ , ටැක්ස් ඔෆිසස්ලා බවට පත් කරලා ඒ ඒ පළාත්වල ටවුන් කවුන්සිල් වලට භාර දෙන්න ඕනේ ප්‍රදේශයේ පාලනය ගෙනියන්න.

මොකද ඉන්න නිලධාරි පැලැන්තිය හැම වෙලේම සර්විසස් දෙනවා විතරයි. මහජනයාගේ නිර්මාණශීලි ව්‍යාපෘති වලට උදවු කරන්නේ නැ. කොහොමත් ඉස්සරහට වෙන්නේත් නැහැ. ඒ සිසටම් එක ඇතුළේ ඒ ගොල්ලන් වාහන ගන්නවා. ඒවායෙන් දුවනවා. රාජ්‍ය මුදල් අවභාවිතා කරනවා මිසක් කවදාවත් ඩිෆෝම් කරන්න බැහැ.

මාධ්‍ය නියාමන කොමිසමක් !

# ඊළඟ එක කොහොමද මීඩියා හැන්ඩ්ල් කරන්නේ කියලා. මම හිතන්නේ ඒක මාධ්‍ය නියාමන කොමිසමක් වගේ එකක් අවශ්‍ය වෙයිද දන්නේ නැහැ. මොකද දැන් යූටියුබ් වගේ දේවල් තියෙනවා. ඒ නිසා තව දුරටත් මම හිතන්නේ ඊළඟ ඡන්දෙදි රෙනෝ සිල්වාට, දිනෙත් ජයවීරලට මහජන ඡන්දය පාලනය කිරීමට හැකියාව නැති වෙනවා.

ව්‍යාපෘති කිහිපයක් ..

# ව්‍යාපෘති කිහිපයක් හදුන්වලා දෙන්නම්. අපි යෝජනා කරනවා විපක්ෂයක් හැටියට මම අර කිවුවා වගේ ලංකාවේ වැඩ කරන ජනතාව 60%කට කිසිඳු අයිතිවාසිකමක් නැහැ. ආර්ථික වශයෙන් කිසිම සෙකියුරිටි එකක් නැහැ. 20% යි ලංකාවේ වැඩ කරන ජනතාවට සෙකියුරිටි එකක් තියෙන්නේ. ඒකෙන් ලක්ෂ 14ක්, ආණ්ඩුවේ රස්සාවල් කරනවා. ඒ ගොල්ලන්ගේ සෙකියුරිටි එක තියෙනවා. ඉතුරු කට්ටිය ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉන්නවා.

ඉතුරු මහජනතාවට මොකද කරන්නේ කියලා හිතුවම මම යෝජනා කරනවා ටුවරිසම් ඉන්ඩස්ට්‍රිස් එකේ අයම තමයි මේක ඉදිරිපත් කලේ. ඒගොල්ලන් මුලින්ම කියපු දෙයක් තමයි ඉස්සරහදි හොඳ ආදායමක් ලබා ගන්නවා නම් මේ ටුවරිස්ම් ඉන්ඩස්ට්‍රිස් එකට අදාල හෝටල් ව්‍යාපෘති වලට අදාල ව ඇති කැසිනෝ ශාලා ලබා දෙන්න වෙනවා කියලා.

ලංකාවේ 5 ශිෂ්‍යත්වය නවත්තන්න !

# ඊළඟට එඩියුකේෂන් සම්බන්ධයෙන් කරන්න පුළුවන් කුමක්ද ඉදිරිපත් කරන ව්‍යාපෘතිය අපි පැහැදිළිව කියනවා. ලංකාවේ 5 ශිෂ්‍යත්වය නවත්තන්න කියලා. 5 ශිෂ්‍යත්වයට තුන් ලක්ෂ හතලිස් දාහක් විතර වාඩි වෙනවා.  ඕක ‌ඔහොම කැරකිලා ඒලෙවල් වලට ගියාට පස්සේ, විශාල ගණනක් ගියාට පස්සේ ආයේ 225 පමණයි ප්‍රඩක්ට් එක.  

ඒ කියන්නේ  දෙලක්ෂ ගානකට ගුරුවරු ඉන්නවා, විශාල ගොඩනැගිලි නඩත්තු කරනවා. මේ ඔක්කෝම කරලා අපේ අධ්‍යාපනය ක්‍රමයේ සමාජ පිළිගැනීමක් තියෙන පුද්ගලයෝ හැදෙන්නේ 225 යි. එක අවුරුද්දකට. ඒ තමයි කොළඹ වෛද්‍ය විද්‍යාලයට බිහිවන ඇතුලත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රමාණය.

අපි මොකටද තවත් පවුල් 225කට කඩේ යන්නේ විශාල ධනයක් නාස්ති කරලා.

ඒ වෙනුවට අපට පුළුවන් ඒ ලෙවල් සහ ශිෂ්‍යත්ව විභාග අයින් කරලා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඇති කරන්න. මේ සම්බන්ධයෙන් උයන්ගොඩ වාර්තාව කියලා ඉදිරිපත් කරලා තියෙනවා ගිය පාර ඒක අනුගමනය කලා නම් හරි කියන එකයි අපි කියන්නේ. 

# ඊළඟට දැන් වෙනකොට කලා උපාධිදාරින් 18000ක් එළියට එනවා. ඒ අය තමයි තැන් තැන් වල මේසේ වටේ ප්‍රාදේශිය කාර්යාලවල ඉන්නවා කිසිම වැඩක් නැහැ. ප්‍රොඩක්ෂන් එකක් නැහැ. අපි කොහොමද ඒ 18000 වෙනුවට වෙනත් විකල්ප හදන්නේ?

''රාජපක්ශලාට බැනලා වැඩක් නෑ. අපි අපේ යෝජනා කෙලින් කියන්න ඕනේ''

උදාරණයක් හැටියට අපි දන්න දෙයක් තමයි ලංකාවේ පිටරට විශ්ව විද්‍යාල පාක් හදන්නේ. එහෙම නැත්නම් විශ්ව විද්‍යාල ගොඩාක් එකට එකතු කරලා මොකද අපේ රටේ ගොඩාක් පහසුකම් තියෙනවා. මානව සම්පත් තියෙනවා. අපි කොහොමද ප්‍රයිවට් යුනිවසිටි එඩියුකේෂන් එක හදන්නේ මම කියන්නේ රාජපක්ශලාට බැනලා වැඩක් නෑ. අපි කෙලින් කියන්න ඕනේ.

# ඊළඟට බන්ධනාගාරය සහ මත්ද්‍රව්‍ය  සම්බන්ධයෙන් අපි මොකද කරන්නේ?

බන්ධනාගාරයේ ඉතාම නරක විදියට මිනිසුන්ට සලකන්නේ. අපි දන්නවා අධිකරණ ශාලාවල තියෙන පොඩි සිරමැදිරිය බලන්න මිනිසුන්ට සලකන විදිය. ඒ අය මේ 60% ටේ මිනිස්සු. මේ අය දොස්තරලා නෙවෙයි. ඉන්ජිනේරු නෙවෙයි, විදුලිබල මණ්ඩලයේ අය නෙවෙයි, වෘත්තිය සමිතිකාරයො නෙවෙයි. ඉතාම අහිංසක මිනිස්සු.  

අපි විපක්ෂයක් හැටියට මේ අයට මොකක්ද කරන්නේ. මේ බන්ධනාගාරවල ඉන්න අයට මනුස්සයෝ හැටියට සලකන්න එහි ප්‍රතිසංස්කරණයක් කරනවද? නැද්ද?  

# ඊළඟට අපි කොහොමද ගාමන්ට් ෆැක්ට්‍රි සම්බන්ධයෙන් කරන්නේ?

අපි  දන්නවා ගෙවන වැටුප අඩු නිසා ගොඩාක් අය එන්නේ නැහැ. අපි කොහොමද ඒක රිෆෝම් කරන්නේ?  අපි කොහොමද ඒ අයගේ වැටුප් තලය උස්සගන්නේ?''

@Theleader.lk

නවතම ලිපි