අපේ රටේ පුරාණයේ ස්ත්‍රියට බහු පුරුෂ සේවනය සඳහා නිදහස තිබුණු බවට සාක්ෂි අප්‍රමාණය.
යුරෝපීයයන් පළමුකොට ලංකාවට පැමිණෙද්දී ඔවුන් ලංකාවේ ස්ත්‍රීන්ට තිබුණු ලිංගික නිදහස දැක පුදුමයට පත්ව තිබේ. කෙටියෙන් කිව්වොත්, නිවසට පැමිණෙන මිත්‍රයා සමඟින් පුරුෂයා දැනුවත්ව ලිංගික කාර්යයේ නැත්නම් ලෝකස්වාද රතියේ යෙදීමට පුරාණයේ ස්ත්‍රීන්ට නිදහස තිබුණි. එය අද අපට දරා ගත නොහැකි ආශ්වර්යකි. ‘සිංහල ගැහුණුන් හැමෝම වෛශ්‍යාවන්ය’ යනුවෙන් රොබට් නොක්ස් එදා කිව්වේ මේ නිසාය. මීට හේතුව එදා පැරැන්නෝ ‘ලෝකාස්වාද රතිය’ සහ ‘ආදරය’ අතර වෙනස වටහාගෙන තිබීමය. ඉංග්‍රීසි පාලනය මේ සියල්ල කණපිට හැරවූවේ හිතාමතාය.
සිරාtalk – ladyleader.lk
රාගික සිතුවිලි පහළවීම ස්වභාවිකය. එය පුරුෂයින්ට මෙන්ම ස්ත්‍රීන්ටත් පොදුය. එහෙත් ස්ත්‍රී පුරුෂයින් ප්‍රසිද්ධියේ කායික ප්‍රීතිය ලැබීම විලි ලැජ්ජා නැතිකමේ ලකුණක් බව පොදු සමාජ මතයයි. ‘මා නොකෙරුවත් නොකරයි එය ගැරහීම’ කියන අයත් ඒ අතර ඇත.
චෛතසිකයන් සංවර කිරීම අලුත් අදහසක් නොවේ. චෛතසිකය සංවර කිරීමේ මාධ්‍යයක් ලෙස මතු වූවේ කලාව ය. නැටුම්, නාඩගම්, චිත්‍ර, ප්‍රතිමා ආධාර කොට ගෙන සරාඟී හැඟුම් ප්‍රකාශ කිරීම සිත ජය ගැනීමේ අපූරු උපක්‍රමයක් විය. ඒත් අද එම කලා මාධ්‍ය දුප්පත්ය. තවත් එක් උපායක් වූවේ ආගමය. සඳ මෝරා එද්දී කාම හැඟුම් මෝරන බව ඇත්තක් බව බොහෝ අය කියයි. ඒ දිනයන්ට උපාසක උපාසිකාවන් කොට මනුෂ්‍යයින් පන්සල්වලට ගාල් කරවන ලද්දේ එනිසාය. පින්කම්වලට ඔවුන්ව කොටු කළේ සිතා මතාය. ආගමිකයින්ට පහන්තුඩාවේ කාරණය උහුලන්නට බැරි වීම සාධාරණය.
පහන්තුඩාවේ පින්තූරය යළිත් වතාවක් මතු කරන්නේ කසාදය සහ ජාතකය හරහා ස්ත්‍රියගේ අනාචාරය මතු කිරීමයි. අනාචාරයට එදිරිව රාජ්‍ය මැදිහත්වීම කාලයක පටන් සිදුවුණු දෙයකි. එය අලුත් දෙයක් නොවේ. රටවැසියා අනාචාරයෙන් ගලවා ගැනීම සඳහා රාජ්‍ය බලය යොදා වැද්දන් පවා විවාහකරවා (කසාද බන්දවා) තිබීම ඊට කදිම උදාහරණයකි.
පහන්තුඩාවේ කතාව ගැනෙන්නේත් අනාචාරය කියන බහාලුමටය. රාජ්‍යයට නම් එය ප්‍රසිද්ධියේ කළත්, රහසින් කොළත් වැරදි දෙයකි.
මටනම් ප්‍රශ්නය තිබෙන්නේ මේ තරුණිය මේ ආකාරයෙන් ලෝකාස්වාද රතියේ යෙදෙන්නේ, තම කැමැත්තෙන් ද, නැත්නම් කිසිවකුගේ හෝ කිසියම් කණ්ඩායම හෝ බලකිරීමකට යටත්ව ද කියන කාරණය පමණි.
එවැනි බලහත්කාරයක් නම් මෙය අපරාධයකි. ඔවුනොවුන්ගේ අභිරුචිය පරිදි සිදුවූවක් නම් එය සැලකිය යුතු කාරණයක් නොවන්නේය.
කොහොම වුනත් ලංකාවේ ඊනියා ස්ත්‍රීවාදීන් මේවගේ කාරණා වලදී සිටින්නේ තද නින්දේය. එය අමූලික බොරු නින්දකි. බොරු නින්දෙන් සිටින්නෝ අවදි කරන්නට බැරිය. මෙවැනි කාරණා වෙනුවෙන් රාජ්‍ය බලය ඉදිරියේ පෙනී සිටින්නට සමාජ කණ්ඩායමක අවශ්‍යයතාවය අපේ රටේ තවමත් සන්සිදී නැත. සේයා, විද්‍යා, ඉෂාලීනී ඉකිබිඳ බිඳ හඬනවා නෑසුන රාත්‍රියක් මම ගෙවා නැත. පහන්තුඩාවේ තරුණියට ජීවිතය රැක දෙමු.
@ පවිත්‍රා රූපසිංහ