SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ව්‍යාජ ඖෂධ ලබා දී රුපියල් කෝටි දාහතරකට අධික මුදලක්

සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු 12 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව මේ වන විට තීරණාත්මක හැරවුමකට ලක්ව ඇත.
NMRA warns public against use of 'Depo' on pets – The Island

බැලූ බැල්මට සමාජය විසින් දේශපාලඥයන්ට පමණක් පහසුවෙන් ඇඟිල්ල දිගු කළද, පසුගිය (5) දින විභාගයේදී මතු වූ නෛතික තර්ක හරහා හෙළිදරව් වූයේ ඊට වඩා භයංකර සත්‍යයකි. එනම්, මහජන ජීවිත සමඟ සෘජුවම ගනුදෙනු කරන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සහ අදාළ විද්‍යාගාරවල බලයලත් නිලධාරීන්ගේ බරපතළ නොසැලකිල්ල සහ වෘත්තීය නොදැනුවත්භාවයයි.

 

 

පහත දැක්වෙන්නේ ජාතික ඖෂධ තත්ත්වාරක්ෂක විද්‍යාගාරයේ හිටපු වැඩ බලන අධ්‍යක්‍ෂිකා ද්‍රෝන දීපිකා බුලත්සිංහල ගේ සාක්ෂිය පදනම් කරගනිමින් අධිකරණය හමුවේ දිගහැරුණු ආයතනික දුර්වලතා පිළිබඳ නෛතික කියවීමකි.

 

 

 

නියාමනයේ මිරිඟුව සහ ආයතනික නිරුවත

National Medicines Regulatory Authority (NMRA) Sri Lanka | LinkedIn

 

 

විද්‍යාගාරයක තිබිය යුතු මූලිකම අවශ්‍යතාවය වන්නේ එහි ප්‍රමිතිය සහ නියාමන සහතිකයයි. එහෙත් විත්තියේ නීතිඥ හරස් ප්‍රශ්න කිරීම් හමුවේ හිටපු අධ්‍යක්ෂිකාව පිළිගත්තේ රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ ඖෂධ පරීක්ෂාවට ඇති එකම ආයතනයට නිසි සහතිකයක් හෝ නොමැති බවයි. තවද, එම ආයතන නියාමනය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව පවා ඉහළම නිලධාරිනියකට අවබෝධයක් නොමැති වීම ඛේදවාචකයකි.

 

නීතිඥ:

සෞඛ්‍ය පද්ධතිය තුළ ඇති ඖෂධ පරීක්ෂාවට ඇති එකම ආයතනය හා බලලත් ආයතන ඔබේ ආයතනය නමුත් එයට සහතිකයක් තියේද?

සාක්ෂිකාරිය:

නැහැ.

නීතිඥ:

මම අහන්නේ මේ රටේ වෛද්‍ය රසායනාගාර පරීක්ෂා කරන්නේ නිගමනය කරන්නේ හෝ අවසර ගන්නේ කොහෙන්ද?

සාක්ෂිකාරිය:

මට ඒ ගැන දැනීමක් නැහැ.

 

 

 

වගකීම් විරහිතභාවය සහ සාම්පලවල ඛේදවාචකය

 Immunoglobulin Levels Investigated in Adults with IgG Subclass Deficiency -  Immunology - mobile.Labmedica.com

 

 

භාණ්ඩ හා ද්‍රව්‍ය (විශේෂයෙන්ම ජීවිතාරක්ෂක ඖෂධ සාම්පල) භාවිතයේදී නිලධාරීන්ගේ වගකීම් විරහිතභාවය නීතිඥවරයා විසින් ඉතා සූක්ෂම ලෙස අධිකරණය හමුවේ නිරාවරණය කළේය.

 

 

2023 අගෝස්තු 21 දින රෝහලෙන් එවූ පැමිණිලි සහිත සාම්පල, ආයතනයට ලැබී ඇත්තේ අගෝස්තු 22 දින වන අතර ඒවා ලියාපදිංචි කර ඇත්තේ දින 9කට පසු එනම් සැප්තැම්බර් 1 වැනිදාය. එසේම ඔක්තෝබර් 10 ලැබුණු සාම්පල 90ක් ලියාපදිංචි කර ඇත්තේ දින 17කට පසු ඔක්තෝබර් 27 වැනිදාය.

 

 

සේවක හිඟය මීට හේතුව ලෙස දැක්වුවද, දින ගණනාවක් තිස්සේ මහජන ජීවිතවලට බලපාන පරීක්ෂණ සාම්පල ගොඩගසාගෙන සිටීම රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව මනාව පෙන්වා දෙයි.

 

 

නීතිඥ:

මේ 2023/8/22 දිනා ඖෂධ ගත් භාරගත් ලේඛනය. 8/22 භාරගත් ඖෂධ සාම්පල ලියාපදිංචි කරලා තියෙන්නේ 9/1 දින එනම් දවස් නවයකට පසු ඒ කියන්නේ දින නවයක් තිස්සේ කිසිදු රාජකාරියක් කරේ නැහැ.

සාක්ෂිකාරිය:

මා දැනුවත් කළා.

 

 

 

විද්‍යාත්මක පදනම බිඳවැටීම සහ නෛතික තර්කය

 Los test de inmunoglobulinas G no sirven para detectar intolerancias  alimentarias

 

මෙම නඩු විභාගයේ ප්‍රබලතම නෛතික තර්කය ගොඩනැගෙන්නේ සාම්පල ගබඩා කිරීමේ විද්‍යාත්මක පදනම ප්‍රශ්න කිරීමෙනි. සෙල්සියස් අංශක 2-8 අතර තබාගත යුතු ඖෂධ, නිසි උෂ්ණත්ව මාපක නොමැතිව ශීතකරණවල තබා තිබීම නීතිඥවරයාගේ දැඩි ප්‍රශ්න කිරීමට ලක් විය. සාම්පලවල උෂ්ණත්වය නිසි පරිදි පාලනය වූවාද යන්න ඔප්පු කිරීමට විද්‍යාගාරය සතුව කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැත.

 

 

නීතිඥ:

ඒක සෙන්ට්‍රේට් අංශක දෙකට උඩින් තියෙනවා කියන්නේ මොකක්ද තියෙන සාක්ෂිය?

සාක්ෂිකාරිය:

සාක්ෂියක් නැහැ.

නීතිඥ:

ඔබ කරන විද්‍යාත්මක පැහැදිලි කිරීම අනුව අයිස් වලින් වට කරන ලද තත්ත්වයක් වුවත් වාතාශ්‍රයේ බැක්ටීරියා තිබිය හැකියි.

 

 

 

විත්තියේ නීතීඥ හරේන්ද්‍ර බානගලගේ මෙම හරස් ප්‍රශ්න කිරීම හරහා ගොඩනැගෙන තර්කය අතිශය තියුණුය. අදාළ ඖෂධ "ජීවානුහරිත නොවීම සහ බැක්ටීරියා පැවතීම" යනුවෙන් විද්‍යාගාරය සොයාගත් දෝෂය, ඖෂධය නිෂ්පාදනය කිරීමේදී වූ දෝෂයක් නොව, විද්‍යාගාර නිලධාරීන් සාම්පල දින ගණනාවක් නිසි උෂ්ණත්ව පාලනයකින් තොරව ගබඩා කිරීමේදී වාතාශ්‍රයෙන් එක්වූ බැක්ටීරියා (Contamination) නිසා සිදුවූවක් බවට ප්‍රබල සැකයක් මින් අධිකරණයට යොමු කෙරේ.

 

 

 

මරණය ගෙන ආ නොසැලකිල්ල

 

What Conditions Does IVIG Treat? - AmeriPharma® Specialty Care

 

 

මෙම ආයතනික නොසැලකිල්ල හුදෙක් පරිපාලනමය වරදක් පමණක් නොවේ. එය සෘජුවම ජීවිත හානිවලට දායක වී ඇත.

 

  • ඇනෆිලැක්සිස් (Anaphylaxis) හෙවත් උග්‍ර අසාත්මිකතා ඇති කළ පේඩ්‍රිසිලෝන් අයිඩ්‍රොප්.
  • මාතෘ මරණයක් වාර්තා වූ බව කියැවෙන බිපිවාකේන් හයිඩ්‍රොක්ලෝරික් ඖෂධය.
  • රෝහල් පහක මරණ තුනක් වාර්තා වූ, ඕස්ට්‍රේලියානු රසායනාගාරයකින් පවා අංශු ඇති බවට තහවුරු කළ කො ඇමොක්සික්ලොව් එන්නත.

 

 

සමාජය විසින් ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් දේශපාලන අධිකාරියට පමණක් චෝදනා එල්ල කළද, මෙවැනි මාරාන්තික ඖෂධ පද්ධතියට එක්වීමට සහ ඒවායේ පරීක්ෂණ කටයුතු ප්‍රමාද වීමට බලයලත් රාජ්‍ය නිලධාරීන්ගේ නොතකා හැරීම් සෘජුවම හේතු වී ඇති බව මෙම නඩු වාර්තාවෙන් හෙළිවේ. නීතිය හමුවේ මේ වන විට නිරාවරණය වෙමින් පවතින්නේ එම ආයතනික කුණුවීමේ නිරුවතයි.

 

 Fmr. NMRA CEO remanded – Sri Lanka Mirror – Right to Know. Power to Change

නඩු වාර්තාව

(2026/08/05)

 

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ව්‍යාජ ඖෂධ ලබා දී රුපියල් කෝටි දාහතරකට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා 14ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව පසුගිය (5) යළි විභාගයට ගැනුණි.

 

සාක්ෂි සඳහා කැඳවා තිබුණේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ජාතික ඖෂධ තත්ත්වාරක්ෂක විද්‍යාගාරයේ හිටපු වැඩ බලන අධ්‍යක්‍ෂිකා ද්‍රෝන දීපිකා බුලත්සිංහල මහත්මියයි.

(පළමුවන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර බානගල විත්තියේ හරස් ප්‍රශ්න ආරම්භ කළේය.)

(එහිදී නීතිඥවරයාගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය මෙසේද කීවාය.)

නීතිඥ: අධ්‍යක්ෂක ධුරයට පෙර සම්බන්ධ වුණේ නැද්ද? සාක්ෂිකාරිය: සමහර වෙලාවට අධ්‍යක්ෂක නිර්දේශ මත මාගේ දැනුම අවශ්‍ය වූ වෙලාවට හෝ සාම්පල් ගැන තොරතුරු අවශ්‍ය වෙලාවට මම කමිටුවට ගිහින් තොරතුරු දුන්නා.

නීතිඥ: එහෙම ගිහින් කමිටුවට තොරතුරු දුන් අවස්ථා මතකද? සාක්ෂිකාරිය: මතක නෑ ස්වාමීනී.

නීතිඥ: එක වතාවකට වඩා සහභාගී වුනාද කියා මතකද? සාක්ෂිකාරිය: නැහැ.

නීතිඥ: ඔබ මූලික සාක්ෂි දෙද්දී කිව්වා ඇනෆිලැක්සිස් උග්‍ර ආසාදිත තත්ත්වයක් කියලා. සාක්ෂිකාරිය: ඔව් මම කිව්වා ඒ ගැන වෛද්‍යවරයෙකුගෙන් ඇසිය යුතුයි කියලා.

නීතිඥ: එය උග්‍ර සංකූලතාවයක්ද සාමාන්‍ය එකක්ද? සාක්ෂිකාරිය: දෙකෙන් එකක් විය හැකියි.

නීතිඥ: මොකක්ද ඒ තත්ත්ව දෙක? සාක්ෂිකාරිය: සමහර අසාත්මිකතාවලින් රෝගීන් මිය යනවා. තවත් අවස්ථාවල අසාත්මිකතා ඇතිවී රෝගී වෙනවා.

නීතිඥ: එහෙමනම් NMRA හි කමිටුව තීරණය ගන්නේ ඇනෆිලැක්සින් තත්ත්ව ගැන විය හැකියි. සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී.

නීතිඥ: ඔබ කිව්වා 2023 වසරේදී ඔබේ විද්‍යාගාරයට විශාල වශයෙන් පැමිණිලි ගලා ආවා කියලා. එම පැමිණිලි ආවේ විද්‍යාගාරයටද? NMRA එකටද? සාක්ෂිකාරිය: දෙකටම ස්වාමීනි.

නීතිඥ: ඒ ගැන පරීක්ෂණ කිරීම් නිරීක්ෂණය කළ අවස්ථා මතකද? සාක්ෂිකාරිය: පවතින සම්පත් සමග එම පරීක්‍ෂණය කළා.

නීතිඥ: ඔබ කිව්වා ඇස් වලට හානි කළ ඖෂධයක් ගැන. මෙහි තිබෙන්නේ NMRA ආයතනය තොරතුරු නිලධාරි ඉදිරිපත් කළ වාර්තාවක්. මේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් එකක්. එහි ඉහල සිට පහළට දෙවන ඡේදයට අවධානය යොමු කරන්න. එහි සඳහන් වෙනවා ඉන්දියානු සමාගමක් ගැන. එම සමාගම ලංකාවේ ඖෂධ පද්ධතියට ඖෂධ ලබා දීම ගැන මෙම ලිපියේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් දී ඇති බවත් සඳහන්. සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී.

නීතිඥ: NMRA තොරතුරු අනුව අසාත්මිකතා ගණන 19ක්. මරණ සිදුවී නැහැ. ඇනෆිලැක්සින් තත්ත්ව 2ක් තිබෙනවා. සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී.

නීතිඥ: ඇනෆිලැක්සින් තත්ත්වයෙන් රෝගී සිටිනවා නම් ඒ ගැන තොරතුරු වාර්තා වුණාම එම තොරතුරු වාර්තා වීම සාමාන්‍ය තත්ත්වයක්ද? සාක්ෂිකාරිය: වාර්තා වෙනවා නම් සාම්පල් සමඟ වාර්තා වෙන්නේ.

නීතිඥ: මොන වගේ තැන්වලින්ද වාර්තා විය හැක්කේ? සාක්ෂිකාරිය: රෝහල් හෝ වෛද්‍ය සැපයුම් ආයතනවලින්.

නීතිඥ: ඔබ අධ්‍යක්ෂක ධූරය දැරූ කාලයේ සාම්පල් එක්ක ලැබුණද කියන්න. සාක්ෂිකාරිය: නිර්දේශ වුණොත් ලබා දෙනවා.

නීතිඥ: කවුද නිර්දේශ කරන්නේ? සාක්ෂිකාරිය: රෝහල් මගින්. NMRA කමිටුවටත් වාර්තා වෙනවා. එහෙම වුණාම රසායනාගාරයට යොමු කරනවා.

නීතිඥ: එම කමිටුවේ ඔබ කොපමණ කලක් වැඩකළාද? සාක්ෂිකාරිය: 2023 ජනවාරි සිට 2024 සැප්තැම්බර් දක්වා රාජකාරී කළා.

නීතිඥ: රසායනාගාරයේ පරීක්ෂා කළා මතකද ඇයි වාර්තා කෙබඳුද? සාක්ෂිකාරිය: එම ඖෂධයන් ජීවානුහරිත විය යුතුයි. නමුත් ජීවානුහරිත නොවී තිබූ බවත් බැක්ටීරියා පැවැති බවත් අපි සොයාගත්තා.

නීතිඥ: ඒ ගැන CID එකට ප්‍රකාශ දුන්නාද? සාක්ෂිකාරිය: මතක හැටියට ඔව්.

නීතිඥ: නඩු කටයුත්තට සාක්ෂි දුන්නද? සාක්ෂිකාරිය: නැහැ.

නීතිඥ: කවුරු හෝ අත්අඩංගුවට පත්වුණාද? සාක්ෂිකාරිය: දන්නෑ ස්වාමීනී.

නීතිඥ: ඖෂධයේ නම මතකද? සාක්ෂිකාරිය: පේඩ්‍රිසිලෝන් අයිඩ්‍රොප්.

නීතිඥ: කවුද ගෙනාවේ? සාක්ෂිකාරිය: මතකයක් නැහැ.

නීතිඥ: රාජකාරි කරද්දී මහාචාර්ය එස්.ඩී ජයරත්න සමග වැඩ කළාද? සාක්ෂිකාරිය: ඔව්.

නීතිඥ: කොපමණ කාලයක් ඔහු සමග වැඩ කළාද? සාක්ෂිකාරිය: මම ඔහුගේ නිල කාලය තුළම ඔහු හා වැඩ කළා.

නීතිඥ: ඔබට පුළුවන්ද ඔහුගේ නිල මුද්‍රාව හඳුනාගන්න? (මාධ්‍ය නිවේදනයක් පෙන්වයි) මෙම ආවරණ ලිපියට ඔහු අත්සන් කොට තිබෙනවා එය හඳුනාගත හැකිද? සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී.

නීතිඥ: මෙම පිටු පහකින් පමණ යුත් මාධ්‍ය නිවේදනය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න. ඒ තුන්වන පේළියේ සඳහන් වෙනවා NMRA 3 වන වගන්තිය යටතේ එකත් ඖෂධයක් කියා. එම ඖෂධය පරීක්ෂාකළාද? සාක්ෂිකාරිය: ඔව්.

නීතිඥ: ඔබ කට උත්තර දුන්නද? සාක්ෂිකාරිය: මට හරියටම මතක නෑ හැබැයි ඒ දවස්වල දිගටම අල්ලස් කොමිසමටයි සී අයිඩී එකටයි ප්‍රකාශ දුන්නා.

නීතිඥ: මෙහි බිපිවාකේන් හයිඩ්‍රොක්ලෝරික් කියා ඖෂධයක් තියෙනවා ඔබට පේනවාද? සාක්ෂිකාරිය: ඔව්.

නීතිඥ: එය 2018 ලියාපදිංචි කළ එකක්. සාක්ෂිකාරිය: මෙම ඖෂධ හේතුවෙන් මාතෘ මරණයක් වාර්තා වුණා කියලා කියනවා.

නීතිඥ: ඒ ගැන රසායනාගාර පරීක්ෂණයක් කළාද CID ගියාද? සාක්ෂිකාරිය: ඒ දිනවල CID එකටත් අල්ලස් දූෂණ කොමිසමටත් දිගටම ගියා. මේ ඖෂධයටමද කියල මතක නෑ.

නීතිඥ: ඒ ලියාපදිංචි කළ ඖෂධයක් බලන්න. 4 වන ඖෂධය මොකක්ද මේ? සාක්ෂිකාරිය: කො ඇමොක්සික්ලොව් එන්නත.

නීතිඥ: ඇනෆිලැක්සින් තත්ත්වයක් ඇතිකර තිබෙනවා. සාක්ෂිකාරිය: එය උග්‍ර අසාත්මිකතා ඇති කරන්නක් බව මෙහි සඳහන්.

නීතිඥ: එහි සඳහන් වෙනවා රෝහල් පහක මරණ තුනක් වාර්තා වී ඇති බව. කොහොම එහෙම වුණාද දන්නේ නැහැ. ඊළඟ ඡේදයේ ඔය ගැන පරීක්ෂණයක් කරන්න කියලා WHO කියලා, ඔබලා ඒ කළා කියලා තියෙනවා. සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනි අපි මේ ඖෂධය ඕස්ට්‍රේලියානු පරීක්ෂණ ආයතනයකට යවා පරීක්ෂණ වාර්තාවක් ගෙන්වා ගත්තා. ඒකෙ සඳහන් වුණේ අංශු තිබෙන බවයි. එන්නතක් වූ එය දියකළ පසු අංශු තිබිය නොහැකියි.

නීතිඥ: එහි නඩු කටයුත්තක් වුණා කියලා මතකද? සාක්ෂිකාරිය: නැහැ ස්වාමීනි.

නීතිඥ: මෙය ලියාපදිංචි කරපු ඖෂධයක්. එය විශ්ලේෂණය කළාද? සාක්ෂිකාරිය: ඔව්.

නීතිඥ: මේ අවධානය යොමු කළ ඖෂධ ගැන ඔබේ රසායනාගාරයේ විශ්ලේෂණය කළා. සාක්ෂිකාරිය: ඔව්.

නීතිඥ: එය WHO නිර්දේශයක්ද? සාක්ෂිකාරිය: නැහැ.

නීතිඥ: රසායනිකව පවත්වාගෙන යමින් පරීක්ෂා කළ හැකි බව කියන්නේ කෙසේද? සාක්ෂිකාරිය: හැම රසායනිකයකටම WHO අනුමැතිය ගත යුතුයි කියලා නැහැ. නමුත් අපි නිවැරදිව පවතින තත්ත්වය යටතේ රසායනාගාර පරීක්ෂණ කරනවා.

නීතිඥ: රසායනාගාර නියාමනය කරනවද? සාක්ෂිකාරිය: NMRA වගේ ඒවා නම් නැහැ. එහෙම නියාමනය කරන්න නීතියක් නැහැ. නමුත් අධිකරණ නියෝග වලට රසායනාගාර වලට යනවා. ඒවා පරීක්‍ෂණවලට සුදුසුද කියලා පරීක්ෂාකොට වාර්තා ඉදිරිපත් කර ගනිමින් නිර්දේශ කරනවා.

නීතිඥ: මම අහන්නේ මේ රටේ වෛද්‍ය රසායනාගාර පරීක්ෂා කරන්නේ නිගමනය කරන්නේ හෝ අවසර ගන්නේ කොහෙන්ද? සාක්ෂිකාරිය: මට ඒ ගැන දැනීමක් නැහැ.

නීතිඥ: සෞඛ්‍ය පද්ධතිය තුළ ඇති ඖෂධ පරීක්ෂාවට ඇති එකම ආයතනය හා බලලත් ආයතන ඔබේ ආයතනය නමුත් එයට සහතිකයක් තියේද? සාක්ෂිකාරිය: නැහැ.

නීතිඥ: WHO මඟින් සුදුසුකම් කුමක්දැයි නම් කර තිබේද? සාක්ෂිකාරිය: නැහැ ස්වාමීනී.

නීතිඥ: ඔබට දැනීමක් තියෙනවාද ජාතික ඖෂධ තත්ත්ව රසායනාගාරයේ නිරලත් ආයතනය ලෙස NMRA නම් කර තියෙනවද කියන එක? සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී.

නීතිඥ: ඔබ පරීක්ෂා කරන්නේ අදාල ක්‍රමවේද යටතේ. සාක්ෂිකාරිය: මේ ඖෂධ පරීක්ෂා කරන්න වෙනත් ආයතනයක් නෑ. වෙන ආයතන වලට අවශ්‍ය නම් පැමිණ පරීක්ෂා කළ හැකියි. උදාහරණයක් විදිහට WHO එකට අවශ්‍ය නම් පැමිණ පරීක්ෂා කළ හැකියි.

නීතිඥ: ඔබ සලකා බලමින් ඉන්න ලේඛනය අංක 5 ඖෂධය කුමක්ද? සාක්ෂිකාරිය: සෙෆරික්සෝන් එන්නත.

නීතිඥ: ඒකෙනුත් උග්‍ර අසාත්මිකතා වුණා කියනවා. මෙම ලේඛනය අනුව 2013 සිට ලියාපදිංචි ඖෂධ බලන්න. මෙම ලේඛනය අනුව ඖෂධ පහක් ඉවත් කළ බව NMRA මාධ්‍ය නිවේදනයන් නිකුත් කරමින් කියනවා. ඔබ මේවා පරීක්ෂා කළාද? සාක්ෂිකාරිය: ඔව්.

නීතිඥ: ඔබෙන් පිරිවිතර ගැන ඇහුවා එවිට ඔබ ෆාමකෝබියා කිහිපයක් ගැන කිව්වා. සාක්ෂිකාරිය: ඔව්.

නීතිඥ: මූලික සාක්ෂියේදී කිව්වා මුලින්ම සාම්පල් ලැබුණේ 2023 අගෝස්තු 22 දා කියලා. ඒ සාම්පල් ඔබේ ඖෂධාගාරයට එවලා තිබේද? සාක්ෂිකාරිය: 2023/8/22 අපි බාරගත්තා එවලා තිබුණේ අගෝස්තු 21 දා.

නීතිඥ: එහි අදාළ පිරිවිතර තියෙනවද? සාක්ෂිකාරිය: ඔව්.

නීතිඥ: මොකක්ද එහි අංකය? සාක්ෂිකාරිය: 00060202.

නීතිඥ: ඊළඟ පිටුව බලන්න ඔබේ රාජකාරී ආයතනය තියෙන්නේ ජාතික රෝහල ආසන්නයේ නමුත් 21දා එවු සාම්පල භාරගත් දිනය අගෝස්තු 22. සාක්ෂිකාරිය: ඔව්.

නීතිඥ: අරගෙන එන්නේ කවදාද? සාක්ෂිකාරිය: ඒක දන්නෙ බාරගත් ඖෂධ වේදියා.

නීතිඥ: ජාතික රෝහලින් මේක එන්නේ පැ.405 ක් එක්ක. එහි දිනය බලන්න නමුත් ලැබී එකට යන දිනය 8/22. සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනි.

නීතිඥ: 405 /2 කියන ලියුමේ quality of submitted කියන වාක්‍යක් තියෙනවා. සාක්ෂිකාරිය: ඔව්.

නීතිඥ: මෙම ලේඛනය බාරගත් නිලධාරියා ඖෂධ වහාම ශීතකරණයේ තැන්පත් කළාද නැත්නම් ලේඛන ඔබට ඉදිරිපත් කළ පසුද තැන්පත් කළේ? සාක්ෂිකාරිය: ඔහු ඒ ශීතකරණයේ දමා ලිය කියවිලි මට භාර දුන්නා. මම සාම්පල් නිරීක්ෂණය කළා.

නීතිඥ: ශීතකරණයේ තියෙද්දී ඔබ බැලුවේ? සාක්ෂිකාරිය: කූල් පැක් එක සමඟයි තැන්පත් කලේ.

නීතිඥ: ඔබ සාම්පලයේ දැක්කාද? සාක්ෂිකාරිය: නැහැ.

නීතිඥ: අරන් ආ තැනැත්තා ගැන සටහනක් තැබුවාද? සාක්ෂිකාරිය: නැහැ.

නීතිඥ: ගෙනාවේ කුමන වෙලාවකද කියලා සටහනක් කළාද? සාක්ෂිකාරිය: නැහැ.

නීතිඥ: ඔබ ආයතනයේ කවර හෝ සටහනක් තබනවාද සාම්පලය ගෙන ආ තැනැත්තා ගැන? සාක්ෂිකාරිය: නැහැ අපි සාම්පල් ලැබුණ ගමන් ලියාපදිංචි කරන්නේ නැහැ. ඒවා එන්නේ ශීත ද්‍රාමයේ අපට නිලධාරීන් හිඟයි. අනෙක් රාජකාරී සමඟ කටයුතු කළ යුතු නිසා ලියාපදිංචිය පසුව කරනවා.

නීතිඥ: ඖෂධ ලැබුණු ගමන් ලියාපදිංචි නොකරන්නේ සේවක හිගය නිසාද? සාක්ෂිකාරිය: ඔව්.

නීතිඥ: මේ 2023/8/22 දින භාරගත් ලේඛනය. 8/22 භාරගත් ඖෂධ සාම්පල ලියාපදිංචි කරලා තියෙන්නේ 9/1 දින එනම් දවස් නවයකට පසු ඒ කියන්නේ දින නවයක් තිස්සේ කිසිදු රාජකාරියක් කරේ නැහැ. සාක්ෂිකාරිය: මා දැනුවත් කළා.

නීතිඥ: නමුත් ලියාපදිංචියෙන් පසු කිසිවක් කරල නැහැ. එතෙක් සාම්පල තිබුණේ කොහේද? සාක්ෂිකාරිය: ශීතකරණය තුළ.

නීතිඥ: හඳුනා ගැනීමේ කේතයක් හෝ සලකුණක් තිබේද? සාක්ෂිකාරිය: නැත ස්වාමීනි.

නීතිඥ: ශීතකරණයයි තිබෙන්නේ සාම්පල ලබාගන්න නිලධාරී මෙම ඖෂධ සාම්පල ගෙනත් තිබෙන්නේ ශීතකරණයේ. සාක්ෂිකාරිය: ශීතකරණ තුනක් තිබෙනවා.

නීතිඥ: ශීතකරණය ගැන ලේඛනයේ තිබෙනවාද? සාක්ෂිකාරිය: ඔව් දින කිහිපයකට වරක් උෂ්ණත්වය රෙකෝඩ් කරනවා.

නීතිඥ: ඔය රසායනාගාර ශීත කරන හා ඊට අදාලව ලබාගත් ලේඛනය ඔබ සන්තකයේ තිබෙනවාද? සාක්ෂිකාරිය: නැහැ.

නීතිඥ: කට උත්තර දෙද්දි ඒ පැත්තක් බාර දුන්නද? සාක්ෂිකාරිය: නැහැ.

නීතිඥ: ඔබ පමණයි ශීතකරණය ගැන දන්නේ? සාක්ෂිකාරිය: නැහැ මගේ ඖෂධ වේදීනුත් දන්නවා. ඒ දිනවල එම සාම්පලය ශීතකරණයමයි තිබුණේ.

නීතිඥ: කවදද ඒ ජෛව විද්‍යා අංශයට හා රසායනික අංශයට යවලා තියෙන්නේ? සාක්ෂිකාරිය: සැප්තැම්බර් 6 වැනිදා.

නීතිඥ: දෙවැනි වතාවට සාම්පලයක් යවලා තියෙන්නේ කවදාද? සාක්ෂිකාරිය: ඔක්තෝබර් 10 වැනිදා.

නීතිඥ: කවුද ඒවා බාරගෙන තිබෙන්නේ? සාක්ෂිකාරිය: ඉෂානි විසින්.

නීතිඥ: ඔබේ ලේඛනයේ පමණයි තිබෙන්නේ එම නිලධාරීන් සාම්පල් භාරගත් බව. සාක්ෂිකාරිය: ඔව්.

නීතිඥ: ඒ සාම්පල් නිරීක්ෂණය පැ. 408. සාක්ෂිකාරිය: ඔව්.

නීතිඥ: මේ ලේඛන ඉදිරිපත් කළ බවට යම් සලකුණක් තබා තිබේද? සාක්ෂිකාරිය: ඔව් ලේඛන පරීක්‍ෂා කළ අත්සන් කරනවා.

නීතිඥ: ඒ සාම්පල නිරික්ෂණය කළේ කවදා කොහෙදීද? සාක්ෂිකාරිය: ශීතකරණය වෙත ගොස් ඒ අවස්ථාවේදීම නිරීක්ෂණය කරනවා.

නීතිඥ: දෙවන වතාවේ සාම්පල කොපමණද? සාක්ෂිකාරිය: බැච් 3කින්. එකකින් 30 ගණනේ.

නීතිඥ: ඇයි ශීතකරණයේ තබන්නේ? සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී, නමුත් මට පැක් එක තිබුණ විදිය මතක නැහැ.

නීතිඥ: ගෙනා විදියට තිබ්බ කියන්න ගෙනා විදිය දැක්කද? සාක්ෂිකාරිය: නැහැ.

නීතිඥ: එහෙනම් ගෙනා විදිහට තිබ්බ කියන්නේ කොහොමද? සාක්ෂිකාරිය: අපේ නිලධාරීන් කියනවා ඔවුන් ඒ සම්බන්ධව වගකීමෙන් වැඩ කරනවා, වග කියනවා, සාම්පල ගෙනාවම ආරක්ෂා කරනවා.

නීතිඥ: අයිස් වල උෂ්ණත්වය කීයද? සාක්ෂිකාරිය: සෙන්ටිග්‍රේඩ් අංශක බින්දුවයි.

නීතිඥ: තියාගන්න ඕනේ කීයටද? සාක්ෂිකාරිය: 2-8 සෙන්ටිග්‍රේඩ් අංශක ප්‍රමාණයේ.

නීතිඥ: එම සෙන්ටිග්‍රේඩ් අංශක කළමනාකරණය කරගන්න ඩේටා ලොගර් එකක් තිබුණාද? සාක්ෂිකාරිය: නැත ස්වාමීනි.

නීතිඥ: ඔබ තාප සන්නායනයේ දන්නවාද? ඇතුලේ අනෙක් පැක් සමඟ ස්පර්ශ වූ පසු වෙන්නේ මොනවාද? සාක්ෂිකාරිය: වාතාශ්‍රය සමඟ සෙන්ටිග්‍රේඩ් අංශක බින්දුවේ තියෙනවා ඇත්තටම සෙන්ටිග්‍රේඩ් අංශක බිංදුව එන්නේ නැහැ අයිස් පැක් එක සෙන්ටිග්‍රේඩ් අංශක බින්දුවේ තිබුණත් එය බිංදුවට යන්නේ නැහැ. සාම්පල්වල ඒ අවට උෂ්ණත්වය රැඳෙනවා.

නීතිඥ: ඒක සෙන්ට්‍රේට් අංශක දෙකට උඩින් තියෙනවා කියන්නේ මොකක්ද තියෙන සාක්ෂිය? සාක්ෂිකාරිය: සාක්ෂියක් නැහැ.

නීතිඥ: ඔබ කරන විද්‍යාත්මක පැහැදිලි කිරීම අනුව අයිස් වලින් වට කරන ලද තත්ත්වයක් වුවත් වාතාශ්‍රයේ බැක්ටීරියා තිබිය හැකියි. ඔබ දැකලා තිබෙනවාද අයිස් පැක් තුළ තිබෙන ඖෂධ? සාක්ෂිකාරිය: ඔව්.

නීතිඥ: කවද්ද මාතරින් සාම්පල් ආවේ? සාක්ෂිකාරිය: ඔක්තෝබර් 10 වැනිදා, 11 භාරගත්තේ.

නීතිඥ: ඒ නිරීක්ෂණය කළේ කොහෙදීද? සාක්ෂිකාරිය: ශීතකරණයේදී.

නීතිඥ: ලේඛන සමග බැලුවේ නැද්ද? සාක්ෂිකාරිය: නැහැ.

නීතිඥ: මේ භාරගත්තේ ශානිකා මහත්මියයි. සාක්ෂිකාරිය: ඔව්.

නීතිඥ: එම සාම්පල ඔබේ රෙජිස්ටරයට ඇතුල් කළේ කවදාද? සාක්ෂිකාරිය: ඔක්තෝබර් 27 වැනිදා.

නීතිඥ: 10 වන මාසේ 10 වැනිදා ලැබුණු සාම්පල 90 ලියාපදිංචි කළේ 27 වැනිදා. සාක්ෂිකාරිය: ඔව්.

නීතිඥ: පැමිණිලි සාම්පල මේ කාලයේ දිගටම ලැබුණාද? සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී.

නීතිඥ: මෙම සාම්පල විශ්ලේෂණ ඇරඹුණේ කවදාද? සාක්ෂිකාරිය: 11/9 වැනිදා.

නීතිඥ: කවුද එතකොට CEO? සාක්ෂිකාරිය: මමයි මම වැඩ ආරම්භ කළේ.

නීතිඥ: ඖෂධ තත්ත්වාරක්ෂණ කමිටුවේ ලේකම් කවුද? සාක්ෂිකාරිය: මහාචාර්ය රෝහණී ප්‍රනාන්දුපුල්ලේ.

නීතිඥ: ඇය ආයතනයේද? සාක්ෂිකාරිය: නැහැ කමිටු ලේකම් ලෙස කටයුතු කරනවා.

නීතිඥ: කොපමණ කලක් කටයුතු කළාද? සාක්ෂිකාරිය: මම අවුරුදු පහළොවක් පමණ දන්නවා.

නීතිඥ: ඇය අවුරුදු තිහක් පමණ එහි සේවය කර ඇති බව දන්නවාද? ඇය අවුරුදු 87ක් වයසට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක් කියලා දන්නවද? සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනි.

 

නවතම ලිපි