ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ සැලසුම් කර තිබූ නිල ප්‍රංශ සංචාරය
වීසා ගැටලුවක් හේතුවෙන් කල් දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා රජය විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ සතිපතා මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව මෙම සංචාරය සඳහා නිල දිනයන් ප්‍රකාශයට පත් කරන බවයි. දෙරටටම පහසු කාලරාමුවක් අදාළ රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවලින් පසුව ඉදිරියේදී දැනුම් දීමට නියමිත බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන මෙවැනි සටහන් සෑම විටම විශ්වාසදායක නොවන බවත්, එවැනි ප්‍රවෘත්ති ජනනය කරන්නේ සහ බෙදාහරින්නේ කවුරුන්ද යන්න පිළිබඳව අවධානය යොමු කරමින් ඒවා විශ්වාස කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
සමාජ මාධ්‍යයේ වත්මන් දේශපාලන හැසිරීම
වර්තමානය වන විට සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ අතිශයින්ම පක්ෂග්‍රාහී දේශපාලන භාවිතයක් සමඟිනි. නිවැරදි දත්ත හෝ මධ්‍යස්ථ විචාරයන් සමාජ මාධ්‍ය තුළ දැකගැනීමට ලැබෙන්නේ ඉතා අඩුවෙනි. තම තමන් නියෝජනය කරන දේශපාලන මතවාදයන් වෙනුවෙන් පෙනී සිටිමින්, අනෙකාට ප්‍රහාර එල්ල කිරීම මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රධානතම කාර්යභාරයක් බවට පත්ව තිබේ.
විශේෂයෙන්ම ව්‍යාජ ගිණුම් (Fake accounts) වැඩිපුර භාවිත කරමින් විවිධ මතවාදයන් සමාජගත කිරීම සහ ප්‍රවර්ධනය කිරීම මේ වන විට සංවිධානාත්මක ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්ව ඇති බව මෙවැනි පදනම් විරහිත ප්‍රවෘත්ති හරහා වඩාත් පැහැදිලි වේ.
ගෝලීය තත්ත්වය
ලෝකය සමාජ මාධ්‍ය පරිශීලනය කරන්නේ කෙසේද?
ශ්‍රී ලංකාව තුළ පමණක් නොව, ගෝලීය වශයෙන් ද සමාජ මාධ්‍ය පරිශීලනයේ භයානක ප්‍රවණතාවන් රැසක් නිර්මාණය වී ඇත. මේ වන විට ලෝක ජනගහනයෙන් බිලියන 5 කට අධික පිරිසක් සමාජ මාධ්‍ය පරිශීලනය කරන අතර, එය තොරතුරු වේගයෙන් හුවමාරු කරගන්නා ප්‍රධානතම මෙවලම බවට පත්ව තිබේ.
තොරතුරු අවභාවිතය සහ ඇල්ගොරිතම (Algorithms)
වර්තමාන ගෝලීය සමාජ මාධ්‍ය ජාල සැකසී ඇත්තේ පරිශීලකයා වඩාත් ප්‍රිය කරන, ඔවුන්ගේ දේශපාලන හෝ සාමාජීය මතවාදයන්ට ගැලපෙන තොරතුරු පමණක් නැවත නැවතත් ඔවුන් ඉදිරියට පැමිණෙන ආකාරයටය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් තමන් කැමති මතය පමණක් සත්‍ය යැයි විශ්වාස කරන අතර, සත්‍ය තොරතුරු සොයා බැලීමට ඇති උනන්දුව ගිලිහී යයි.
දේශපාලන ධ්‍රැවීකරණය සහ මැතිවරණ බලපෑම්
ඇමරිකාව, යුරෝපය ඇතුළු සංවර්ධිත රටවල පවා මැතිවරණ ඉලක්ක කරගනිමින් ව්‍යාජ තොරතුරු සහ වෛරී ප්‍රකාශ පතුරුවා හැරීම විශාල අර්බුදයක් වී ඇත. විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) සහ 'ඩිප්ෆේක්' (Deepfake) තාක්ෂණයන් හරහා දේශපාලන නායකයින්ගේ ව්‍යාජ දර්ශන සහ ප්‍රකාශ නිර්මාණය කර ජනමතය වෙනස් කිරීමේ සංවිධානාත්මක ජාත්‍යන්තර ජාල ක්‍රියාත්මක වේ.
තොරතුරු සාක්ෂරතාවයේ හිඟකම
ලෝකයේ ප්‍රමුඛ පෙළේ පර්යේෂණ ආයතන පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් බහුතරයකට සාමාන්‍ය ප්‍රවෘත්තියක් සහ 'සමාජ මාධ්‍ය කටකතාවක්' වෙන් කර හඳුනා ගැනීමේ හැකියාව හෙවත් මාධ්‍ය සාක්ෂරතාවය ඉතා අඩු මට්ටමක පවතින බවයි. මේ හේතුවෙන් ක්ලික්-බේට් (Click-bait) මාතෘකා යෙදූ, සත්‍යාපනය නොකළ පුවත් වේගයෙන් ලෝකය පුරා සංසරණය වේ.
ලංකාවේ නම් බොහෝ සත්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින ආයතනද සත්‍යාපනය නොවන සත්‍යාපනයන් ලෙස හඳුන්වන පුවත් සංසරණය වෙළඳ මාෆියාවක් කරගෙන අවසන්ය.

