SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වැඩ වර්ජන මගින් රට කඩාකප්පල් කළ නොහැකි ආකාරයට කම්කරු නීති සකස් කරන බව කම්කරු හා විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක මනූෂ නානායක්කාර පැවසීය.

 

එමගින් ශ්‍රමිකයාගේ වෘත්තිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙන්ම, දේශපාලනිකව ශ්‍රමිකයා පාවිච්චි කර ඵලදායිතාවය නැති කිරීමට වැට බඳින බව ද ඔහු පවසයි.

 

 

ඔහු ඒ බව පැවසුවේ සපුගිය දා කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා" මාධ්‍ය හමුවට එක්වෙමිනි.

 

 

• පෞද්ගලික අංශයේ මූලික වැටුප රුපියල් 16000 සිට රුපියල් 21000ක් දක්වා වැඩි කෙරේ....
• මෙම මූලික වැටුපට සාපේක්ෂව පෞද්ගලික අංශයේ සියලු දෙනාගේ මූලික වැටුපේ වැඩිවීමක් සිදුකෙරේ....
• වතු කම්කරුවන්ගේ මූලික වැටුප වැඩිවීමට සමගාමීව ඵලදායීතාව මත පදනම්ව ඕනෑ තරමට උපයා ගැනීමට අවස්ථාව....
• නිසි පුහුණුව ලැබූ අයට විදේශ රැකියා අවස්ථා රැසකට අදාලව ඊශ්‍රායෙල් රාජ්‍ය සමඟ ගිවිසුම්ගත වේ....
• මේ ගිවිසුම් අත්සන් තබන විට සිදු කෙරෙන අයථා මුදල් එකතු කිරීම් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කරන්න....
• ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා....
• මේ මිනිස් ජාවාරම වැළැක්වීමට කළ හැකි සමස්ත පද්ධතියම ඩිජිටල් කිරීම හරහා පාර දුෂ්‍යභාවය ඇති කරනවා....
• දේශපාලනිකව ශ්‍රමිිකයා පාවිච්චි කර වැඩවර්ජන කර ඵලදායිතාවය නැති කිරීමට එරෙහිව නීති ප්‍රතිසංස්කරණ....
• අවිදිමත් සේවකයින්ටත් වසර 55 පිරුණු හැටියේ විශ්‍රාම වැටපක් ....
• හදිසි අවශ්‍යතායක් නැත්නම් පාස්පෝට් ගන්න එපා..... ලෝකේ ඕනේ තැකට ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන් අලුත් පාස්පෝට් එක ඔක්තෝම්බ්ර් මුල් සතියේ සිට.....
• නිසි සොයා බැලීමකින් තොරව වැටුප් වැඩිකිරීම ගැන වැරදි ප්‍රකාශයක් කිරීම හරහා මැතිවරණ කොමිෂම කළේ වරදක්..

 


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනූෂ නානායක්කාර,

 


පසුගිය අවුරුදු දෙකක කාලය තුළ විශාල අණ පනත් සංඛ්‍යාවක් සංශෝධනය කරමින්, නීති ප්‍රතිවිරෝගත කරමින් මේ රටේ ආර්ථිකයට හුස්ම ගන්න ඉඩක් හදන ගමන්, යළි නොවැටෙන රටක් වෙනුවෙන් රජය ප්‍රතිපත්තිමය තීන්දු ජාතික තීන්දු රැසකට එළැඹුණා. පුද්ගලික අංශයේ සේවකයෙකුටට ඊ.ටී.එෆ්, ඊ.පී.එෆ් ලැබෙන මූලික වැටුප රුපියල් 16000යි. හාම්පුතුන්, වෘත්තීය සමිති සමග සාකච්ඡා කරලා මූලික වැටුප රුපියල් 21000ක් දක්වා වැඩි කළා. මෙය මූලික වැටුපේ 40% ක වර්ධනයක්. මීට වඩා වැඩි මූලික වැටුපකට හිමිකම් කියපු අයටත් මීට සාපේක්ෂව ඔවුන්ගේ මූලික වැටුප වැඩි වෙනවා.

 


වතුකම්කරුවෝ ඉල්ලපු මූලික වැටුප 1350 දක්වා වැඩි කරන්නටත්, රුපියල් 40ට තිබුණු වැඩියෙන් කඩන කිලෝවක් සඳහා වූ දීමනාව රුපියල් පනහ දක්වා වැඩි කර, ඵලදායීතාව මත පදනම්ව ඕනෑ තරමට උපයා ගැනීමට හැකි පරිසරය සකස් කරලා තියෙනවා. මෙය වතු ක්ෂේත්‍රයේ ජනතාව ලබා ගත් ඉහළම ජයග්‍රහණයක්.
මැතිවරණ පොරොන්දුවක් විදියට රටේ බදු ආදායම අහිමි කරගෙන, රට ඇතුලේ මූල්‍ය අර්බුදයක් හදාගෙන, ලංකාවට පොහොර ගෙන ඒම තහනම් කිරීම හරහා කෘෂී නිෂ්පාදන වඩා වැටිලා, විදේශ ණය ගැනීම හිටිහැටියේ නතර කිරීම හා කොරෝනා අර්බුදයත් හේතුවෙන් රට ආර්ථික අර්බුදයකට යොමු වුණා. ඒ නිසයි අපිට තෙල්,ගෑස්, බෙහෙත් ගේන්න බැරිව, විදුලිය දී ගන්න බැරි වුණේ. ඒ වෙලාවේ විදේශ රැකියා අමාත්‍යාංශය හරීන් ප්‍රනාන්දුටත්, සංචාරක අමාත්‍යංශයත් මටත් භාා දීලා රටේ ඩොලර් අවශ්‍යතාවය සපුරාගැනීමට කටයුතු කරන වගකීම බාර දුන්නා.

 


කොරෝනා අවස්ථාවේ මිනිස් බෝම්බ විදියට විගණමික ශ්‍රමිකයාට සැලකීම නිසා ඔවුන්ට ලංකාව ගැන අමනාපයක් තිබුණා. නොයෙක් ආකාරයේ සූරාකෑම් සිද්ධ වුණා. ඇන්ටිජන්ස් ටෙස්ට් එක කරනකොට වංචා වුණා. හෝටල්වලට මේ අය යොමුකරන විට අක්‍රමිකතා වංචා සිද්ධ වුණ බවට චෝදනා තිබුණා. ඒ නිසා ඔවුන් ඩොලර් එවීම නතර වුණා. ඩොලර් එවීම නතර කරලා රට වට්ටන්නයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ප්‍රසිද්ධියේ කිව්වා. ඩොලර් එව්වොත් රාජපක්ෂලා හොරකම් කරනවා වගේ මතයක් හැදුවා. තමන්ගෙ බැංකු ගිණුමට එන මුදල් වෙන කෙනෙකුට හොරකම් කරන්න පුළුවන් කියලා ව්‍යාජ මතයක් හැදුවා. අපිට සිදුවුණා ඩොලර් මිලින 500ක පංගුකාරයෙක් වෙන්න කියලා දැන්වීම් ප්‍රචාරණය කරන්න. අවසානයේ විදෙස්ගත ප්‍රජාව ඩොලර් එව්වා.ඔවුන්ට ස්තූතති කරලා ඇඩ් එකක් දාන්න ගියාම මැතිවරණ කොමිෂන් සභාව එක් පාර්ශවයකට අගතියක් වෙයි කියලා දැන්වීම ප්‍රචාරණය කිරිම වැළැක්වුවා. විදේශගත ශ්‍රමිකයන්ට ස්තූති කිරීම වැළැක්වූයේ ඇයි කියන කාරණය පැහැදිලි නැහැ. ඔවුන් මුදල් එවපු නිසයි අපට රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් වුණේ. අද වෙනකොට ඩොලර් බිලියන 13 ක් ඔවුන් එවලා. ඒ වෙනුවෙන් ඔවුන්ට ඉලෙක්ට්‍රික් වාහන බලපත්‍ර ලබා දුන්නා. මෙතෙක් ලංකාවට අහිමිව තිබුණු රේගුවේ ආදායම ට්‍රිලියනයක් දක්වා ඉහළයාමට මේ වාහන ආනයනයත් දායක වුණා. ගරුත්වය අහිමි කරල තිබුණු විගමනික ශ්‍රමිකයින්ට ගුවන් තොටුපොළේ සිට පිළිගැනීමක් ලබා දුන්නා. උණ්ඩියල් ක්‍රමයට මුදල් එවීමේ ප්‍රතිඵල පෙන්වා දී නිවැරදි මාර්ගයෙන් මුදල් එවන්න ජනතාව උනන්දු කළා. මහා බැංකුව සමග එක්ව ලංකා රෙමිට් ඇප් එක හඳුන්වා දුන්නා. විදෙස්ගත ශ්‍රකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හා නිවාස මිලදී ගැනීම සඳහා 8% පොලියකට මිලියන දෙකක් දක්වා ණය ගන්න රුපියල් බිලියන පහක් අපි වෙන් කරා. මෙතෙක් විගමනික ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක් තිබුණෙ නැහැ. ඔවුන්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දුන්නා.මේ වන විට විශාල පිරිසක් ඒ සඳහා දායක වෙලා.

 


සේවා නියුක්ති කාර්යාංශය පාසල් ළමුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහල දැම්මාවිදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පාසල් උපකරණ කට්ටල ලක්ෂ ගණනක් බෙදුවා. පළමුවරට විදේශගත වන පවුල් සදහා ඔවුන්ගේ පළමු වැටිප ලැබෙන තෙක් රුපියල් දස දහසක දීමනාවක් ලබාදෙනවා. වැඩි වාර ගණනක් ලියපදිංචිව විදේශගත ශ්‍රමිකයන්ට දිරි දීමනාවක් ලබා දුන්නා. විදේශගතව සිට ලංකාවට පැමිණෙන අය ව්‍යවසායකයින් කිරීමේ අරමුණෙන් ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීමේ වැඩසටහනක් ආරම්භ කළා. ලංකාව දියුණු රටක් කරන්න නම් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න ඕනේ. ව්‍යවසායකයින් ගොඩනගන්න ඕනෑ. ඒ නිසා ව්‍යවසායකයින් ලක්ෂයක් වැඩසටහන යටතේ 25000කට වැඩි පිරිසක් සදහා මුදල් ලබා දීම සිදුකර තිබෙනවා. විදේශගත වීමේ සුදුසුකම් සහිත වෘත්තීය පුහුණුව ලබන අයගේ පුහුණු මුදල රුපියල් ලක්ෂයක් දක්වා ප්‍රතිපූර්ණය කෙරෙනවා.

 


තුන් ලක්ෂ දොළොස්දහසක් විදේශ රැකියා සඳහා යොමු කරමින් ඉතිහාසය වැඩිම පිරිසක් විදේශගත කරපු වර්ෂය බවට 2022 පත්වුණා. නතර වෙලා තිබුණු කොරියානු රැකියා සදහා මේ වන විට 10000ට වැඩි ප්‍රමාණයක් යොමු කරලා තියෙනවා. සාත්තු සේවකයින් විදිහට ඊශ්‍රායලයට 2000ක් යැව්වා. කෘෂිකර්මාන්තය ඇතුළු කෙටිකාලීන රැකියාවලවලට 10000 යවන්න නියමිතයි.එයින් 2000ක් මේ වනවිට යවලා තියෙන්නේ. දැන් නැවතත් ගිවිසුම් ලැබෙමින් පවතිනවා. අපේ අය ලංකාවෙදි වගේ ඊශ්‍රායලයෙත් වර්ජනය කරන්න ගිහින් බාධාවක් ඇතිවුණා. ඊශ්‍රායල් රජය හාම්පුතුන් සමඟ සාකච්ඡා කරලා නැවතත් අපේ ශ්‍රමිකයින් 10000ම ගැනීම ආරම්භ කළා. ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්‍රයේ සඳහා කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම රැකියා සදහා ගිවිසුම අත්සන්කර එවා තිබෙනවා. ඒ වගේම කර්මාන්තශාලාවලට ශ්‍රමිකයන් යැවීම සඳහා වූ ගිවිසුමේ පිටපතත් අපවෙත ලැබිලා තියෙනවා. ඒ අනුව කෘෂිකාර්මික, ඉදිකිරීම්, සාත්තු සේවක, හෝටල් ක්ෂේත්‍ර, කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා ශ්‍රමිකයන් යැවීමට අවකාශය ලැබිලා තියෙනවා.

 


මේ ගිවිසුම් අත්සන් කරද්දිම අමාත්‍යවරයෙක්ගේ, හිටපු අමාත්‍යවරයෙක්ගේ, නිලධාරියෙක්ගේ නම් භාවිතා කරමින් මුදල් කිරීම් වෙනවා. එවැනි වංචාවන් වැළැක්වීම සඳහා අඛණ්ඩව කටයුතු කරනවා. එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය ට පැමිණිලි කරන්න. ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. මෙවැනි ක්‍රියා වැළැක්වීමට සමස්ත පද්ධතිය ඩිජිටල් කිරීම හරහා පාර දුෂ්‍යභාවය ඇති කළ යුතුයි. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නවා. මෙවැනි ජාවාරම්කම් වලට එරෙහි වුනාම තර්ජනය කරන්න ගත්තා.

 


මේවා වැළැක්වීමට කළ හැකි එකම දේ සමස්ත පද්ධතිය ඩිජිටල් කිරීම හරහා පාර දුෂ්‍යභාවය ඇති කිරීමයි. ඒ සම්බන්ධයෙන් බරපතල විවේචන එල්ල වෙමින් පවතිනවා. ඒකට හේතුව පද්ධතියක් ඇති උණ ගමන් මිනිස් වෙළඳාමට තිත තැබෙනවා. විදේශ සේවා නිලධාරීන්ගේ ඇතැම් නිලධාරීන්ට මේ පද්ධතියට එකතුවෙලා, පුහුණුව නැති අය විදේශගත කරන්න බැරි වෙනවා. ඉතිහාසය මෙවැනි වංචාවන් කරපු අය එළියට ඇවිත් මඩ ප්‍රචාර දියත් කරනවා.

 


නවීන ලෝකයට ගැලපෙන ශ්‍රමිකයෙක් බිහිකිරීම සඳහා මිනිස් වෙළඳාම නැති කරන්න පනතක් අපි සම්මත කළා. නව ලෝකයට ගැලපෙන කම්කරු පනතක් සම්මත කිරීම සඳහා මහජන අදහස් අරගෙන මූලික කෙටුම්පත සම්පාදනය කලත් පිරිසක් එයට විරුද්ධයි. වැඩවර්ජන නතර කරාට පස්සේ ඒ අය ඡන්ද ව්‍යාපාරයට යොමුකරලා. වැඩ වර්ජන කරලා රට කඩාකප්පල් කරන්න බැරි විදියට නිති හදනවා. ශ්‍රමිකයා ආරක්ෂා කර, වෘත්තිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා වගේම දේශපාලනිකව ශ්‍රමිකයා පාවිච්චි කර ඵලදායිතාවය නැති කරන්න ඉඩ තියන්නේ නැහැ. ආයෝජකයටත් සේවකයටත් වැඩක් නැති කම්කරු නීති රටේ තියෙන්නේ. ජාත්‍යන්තර කම්කරු නීති රැසකට අනුකූලව නිති සම්පාදනය වෙන්න සූදානම් කරලා තියෙනවා.

 

 


ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට,ත්‍රී රෝද රථ රියදුරන්ට, බස් අරියදුරන්ට ඇතුළු අවුරුදු 55 පිරෙන සියලුම අවිදිමත් සේවකයින්ට විශ්‍රාම වැටුපක් දෙන්න අවශ්‍ය කැබිනට් අනුමැතිය ගත්තා. 2025 සිට මේ සියලු ක්ෂේත්‍රවල අයට විශ්‍රාම වැටුපත්, රස්සාව අහිමි වුණොත් මාස තුනක වැටුප ගෙවෙන රක්ෂණයකුත් සූදානම්. පෞද්ගලික අංශයේ අයට කැමතිනම් ඊටීඑෆ්, ඊපීඑෆ් වෙනුවට මේ විශ්‍රාම වැටුප ලබාගන්න පුළුවන් ක්‍රමවේදය මේ හරහා සකස් කෙරෙනවා. දැන් දරුවන්ගේ කටයුතු සඳහා ඊ.පී.එෆ එකෙන් 30% ලබාගන්නත් පුළුවන්. ජාතික ශ්‍රම සංක්‍රරණ ප්‍රතිපත්තිය යාවත්කාලීන කරා. මෙතෙක් නොකළ දේශීය හා ජාත්‍යන්තර ශ්‍රම වෙළෙදපොළ අධ්‍යයනයක් මගින් ශ්‍රම වෙළෙද පොළ ප්‍රතිපත්තියක් සැකසුවා. විදේශ රැකියා ක්ෂේත්‍රය පිළිබඳ දුර්මත නැති කර ගමට ගිහින් සේවා සපයන්න අපට හැකි වුණා.

 

 


අභියෝග භාරගත්තත් අත්දැකීම් නැතිකම මත බංගලාදේශයේ සිදුවෙන කඩා වැටිම පෙනෙන්න තියෙනවා. අපේ රටටත් ඩොලර් මියිලන 200ක් ණයට දීපු ශක්තිමත් රටක් මාස කිහිපයකින් කඩා වැටුනා. වැටිලා තිබුණ තැනින් වසර දෙකක කාලයක් ඇතුළත අමාරුවෙන් ගොඩනැගුණ අපේ රටේ ගමන වෙනස් වුනොත් වෙන්නේ බංගලාදේශයට වුණ දේමයි. අපේ කොටස් වෙලෙදපොලේ සීග්‍ර කඩා වැටීමක් වෙමින් තිබෙනවා. ආයෝජකයෝ මුදල් රටෙන් එළියට ගෙන යමින් තිබෙනවා. බැංකුවලිින් තැන්පතු ගනිමින් තිබෙනවා. විදේශපාලනික අස්ථාවරත්වයක් ඇති වෙනවා නම් ආර්ථික වශයෙන් ශක්තිමත් ජනතාව මුදල් සගවා ගන්න උත්සාහ කරනවා. ස්වෛරී බැදුම්කර අඩු මුදලට විකුණා දමන්න කටයුතු කරමින් සිටින බව බ්ලූම්බර්ග් වෙඩ් අඩවිය පෙන්වා දී තිබෙනවා.

 

 


හදිසි අවශ්‍යතාවයක් නැත්නම් ගමන් බලපත්‍රයක් හදන්න එපා. ලෝකය ඊ පාස්පෝට්, ඩිජිටල් පාස්පෝට් වගේ විද්‍යුත් ගමන් බලපත්‍රවලට යොමුවෙලා. අපේ සාමාන්‍ය පාස්පෝට් එක විද්‍යුත් දොරටුවල භාවිතා කරන්න බැහැ. ඒක රීඩ් කරන්නේ නැහැ. ඒ නිසා චිප් එකක් තියෙන අලුත් පාස්පෝට් එකකට යොමු වෙන්න වෙනවා. ඒ සදහා වූ ප්‍රසම්පාදනය ඇරඹුවේ කාලයකට පෙර. එයට නොයෙක් බාධක ආවා. රාජ්‍ය නිලධාරීන්ට එන ගැටළු එක්ක අපේක්ෂිත කාලයට වඩා වැඩි කාලයක් ගතවුණා. ඔක්තෝම්බර් මුල සිට මේ පාස්පෝට් එක ලැබෙන්න නියමිතයි. හදිසි අවශ්‍යතාවයක් නැත්නම් අලුත් පාස්පෝට් එක ගන්න ඔක්තෝම්බර් වෙනතුරු ඉවසන්න. ලෝකේ ඕනේ තැනකට ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන් අලුත් පාස්පෝට් එකක්ම ගන්න පුළුවන්.

 

 


නිරීක්ෂණ ආයතනයක් කියා ගන්න අය තමන්ගේ පාක්ෂිකත්වය, රාජ්‍ය විරෝධීත්වය ප්‍රකාශ කරමින් වැටුප් වැඩිවීම ගැන වැරදි ප්‍රකාශයක් කළා. එතනදි මැතිවරණ කොමිෂමත් ඒ පිළීබද නිසි සොයා බැලීමක් නොකර එය ප්‍රකාශ කලා. අපි අධීකරණ කටයුත්තකට ගියොත් මැතිවරණ කොමිෂම කරලා තියෙන්නේ වරදක්. ජනතාව නොමග යැවීමක්. මැතිවරණයට ඉදිරිපත් වූ පාර්ශවයක් අගතියට පත් කිරීමක්. මැතිවරණ කොමිෂමට ලිඛිතව එය සංශෝධනය කරන්නයි නිතිඥවරු දැනුම්දීමක් කළත් මැතිවරණ කොමිෂම තවම පියවර අරන් නැහැ.

 


විනිවිදභාවය හා වගවිම පිළීබද සජබ ප්‍රතිපත්තියෙන් කියනවා. දූෂණ විරෝධී පනත, රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනත මේ වනවිටත් ඉදිරිපත් කරලා ඉවරයි. ණය අර්බුද හා කළමණාකරණය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියලා මේ අය කියන තොරතුරු වලින් ආර්ථීක පරිවර්තන කෙටුම්පත හදලා ඉවරයි. ආර්ථීකය ගැන ඔවුන් කියන සියලු වැඩපිළීීවෙල පනත් පහකින් ඉදිරිපත් කරලා ඉවරයි. හැම ක්ෂේත්‍රයක්ම බොරුවෙන් බැලන්ස් කර ගන්නවා. රටේ සිදුවෙන දේවල් බොරු වචන දාලා කරනවා කියනවා.

 


ආර්ථීක ප්‍රතිපත්තිය ගැන සාකච්ඡා කරන්න විවාදය භාරගත්ත ජනාධිපතිතුමා අපනයන ආර්ථිකයද ආනයන ආර්ථිකද කියලා ප්‍රශ්නයක් අනුර කුමාරගෙන් ඇහුවා. ඒක කියපු ගමන් එතුමා සාකච්ඡාවට සූදානම්. විවාදයට එන්න. අයි. එම්. එකත් මේකට සම්බන්ධ නිසා ඒ අයත් ඉන්න ඕනේ. සිංහලෙන් විවාදය කරමු. රටේ ජනතාව ආර්ථීක ප්‍රතිපත්තිය ගැන දැනගන්න ඕනේ. වියත් මගේ අය ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ලියලා දුන්න දේවල් අයෙත් වතාවක් සමාජ වෛරයක් ඇතිවෙන විදියට ලියලා දීලා තියෙන්නේ. අපි රටක් විදියට අයවැය හිගය පියවන්න මුදල් අච්චු ගහන්න දෙන්නේ නැහැ.

 

@මාධ්‍ය මධ්‍යස්ථානය

 

 

 

WhatsApp Image 2024 09 13 at 19.02.441

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි