SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 ජනාධිපතිවරණයට අදාළව ජනතා අභිලෂයන් සම්බන්ධයෙන් නීතිය සහ සමාජ භාරය විසින්‌ 

කරන ලද සමීක්ෂණ වාර්තාව එළිදැක්වීම ඊයේ (10) කොළඹදී සිදුකෙරුණි.

 

 

මේ සදහා සකුන්තලා කදිර්ගාමර් – විධායක අධ්‍යක්ෂ (නීතිය හා සමාජ භාරය),

උපුල් වික්‍රමසිංහ – පර්‍යේෂක (නීතිය හා සමාජ භාරය),

විදුර මුණසිංහ (ජ්‍යේෂ්ට පර්‍යේෂක, නීතිය හා සමාජ භාරය),

සඳුන් තුඩුගල (වැඩසටහන් අධ්‍යක්ෂ, නීතිය හා සමාජ භාරය) ,

ආචාර්‍ය නිර්මාල් දේවසිරි (කොළඹ විශ්ව විද්‍යාලය, මානව ශාස්ත්‍ර පීඨය),

අතුලසිරි සමරකෝන් (විශ්ව විද්‍යාල කථිකාචාර්‍ය)

ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්විය.

 

 

මෙම සමීක්ෂණයේද ඉහළ අවධානයක් යොමුකර තිබුණේ ජනතාව ජන්දය භාවිතා කිරීම සඳහා ඔවුන් වෙත ප්‍රවේශ වී තිබෙන සමීපතම කරුණු සම්බන්ධයෙනි.

මෙහිදී මැතිවරණ නීති අනුව යමින් මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි එහි දත්ත වාර්තාව එළිදැක්වීම සිදුනොවුණු නමුත් ජනතාව ජන්දය භාවිතා කිරීමේ ප්‍රධාන අභිලාෂයන් පිළිබඳව කර තිබුණු නිගමනයක් එහිදී ප්‍රකාශයට පත් විය.

 

ඒ අනුව ප්‍රමුඛතම කාරණය ලෙස ජනාධිපති අපේක්ෂකයින්ගේ ආර්ථික වැඩපිළිවෙල ජන්ද දායකයින් සලකා තිබේ. එහිදී දෙවැන්න ලෙස නීතිය හා සාමය ස්ථාපිත කිරීමත් තුන්වෙනි ප්‍රධාන කාරණය ලෙස ජාතික ප්‍රශ්නයට විසඳුම් දීමත් ලෙස දක්වා තිබේ.

 

එමෙන්ම ජන්ද දායකයින්ගෙන් අති බහුතරයක් දෙනා ජන්දය ප්‍රකාශ කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙන බවද එම සමීක්ෂණයෙන් තහවුරු කරගෙන ඇත.

 

සිංහල, මුස්ලිම්‌, ශ්‍රී ලාංකික දෙමළ සහ මලයග (වතුකරයේ)දෙමළ යන ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම්‌ හතරටම අයත්‌ 2,800 කට අධික සංඛ්‍යාවක්‌ සම්බන්ධ කර ගනිමින්‌ මෙම සමීක්ෂණය සිදුකර තිබෙන අතර එම අධ්‍යනයේ වාර්තාව මෙලෙස වෙයි.

 

සටහන

 

 

එළඹෙන ජනාධිපතිවරණය 2022 වසරේ ජනතා නැගිටීමෙන්‌ (අරගලය) පසු පැවැත්වෙන පළමු මැතිවරණයයි. ශ්‍රී ලංකාව තවමත්‌ නොවිසඳුණු ආර්ථික, සමාජීය සහ දේශපාලන ප්‍රශ්න රාශියක්‌ සමඟ අර්බුදයක ගිලී ඇත. ජනාධිපතිවරණ තරඟය වෙන කවරදාටත්‌ වඩා තරඟකාරී චී ඇත්තේ මේ ‘සන්දර්භය තුලය, දිස්ත්‍රික්ක 25 ට ම අයත්‌ ග්‍රාම නිලධාරි වයම්‌ 42 ක ප්‍රතිචාරකයින්‌ 2,800 කට වැඩි ගණනක්‌ සම්බන්ධ කරගනිමින්‌ මුහුණට මුහුණ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම හරහා දත්ත එකතු කරගනු ලැබිනි. පහත දැක්වෙන්නේ අධ්‍යයනයේ ප්‍රධාන සොයාගැනීම්‌ කිහිපයක සාරාංශයකි. අවාසනාවකට,එක්‌ එක්‌ අපේක්ෂකයා සම්බන්ධයෙන්‌ ජනතාවගේ මනාපය දැක්වෙන සොයාගැනීම්‌ ප්‍රකාශයට පත්කළ නොහැකි බව මැතිවරණ කොමිසම විසින්‌ අප හට දන්වනු ලැබූයෙන්‌ රටේ මැතිවරණවලට අදාළ නීති හා රෙගුලාසිවලට ගරු කරමින්‌ මැතිවරණ කොමිසමේ මාර්ගෝපදේශ අනුව සමහර කරුණු මෙම චාර්තාවෙන්‌ ඉවත්‌ කරනු ලැබ තිබේ. ඒ සම්බන්ධයෙන්‌ පාඨකයාට සිදු වන අපහසුතාවය සම්බන්ධයෙන්‌ නීතිය සහ සමාජ භාරය සිය කණගාටුව පළ කරයි.

 

  1. සියලුම වාර්ගික ප්‍රජාවන්ගෙන්‌ අතිමහත්‌ බහුතරයක්‌ (907) මෙම මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට උනන්දු වෙති. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙදර යැවීමට හේතු වූ අරගලයෙන්‌ පසු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක්‌ හරහා ජනතාවට ස්වකීය පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙන පළමු අවස්ථාව මෙය වන බැවින්‌, මෙම උද්යෝගය බලාපොරොත්තු සහගතය.
  2. ප්‍රධාන ජනවාර්ගික ප්‍රජාවන්‌ 4 හි ම බහුතරයක්‌ ප්‍රකාශ කළේ 2024 ජනාධිපතිවරණයේදී තම ඡන්දය ප්‍රකාශ කිරීමේදී අපේක්ෂකයාගේ ආර්ථිකයට ඇති ප්‍රවේශය වඩාත්‌ තීරණාත්මක සාධකය බව ය.කෙසේ වෙතත්‌, ග්‍රාමීය, නාගරික සහ වතුකරයේ ප්‍රජාවන්‌ අතර ඔවුන්ගේ ආර්ථික අභිලාෂයන්‌ සහ ඡන්දය ප්‍රකාශ කිරීමේ තීරණවල අභිප්‍රේරණයන්‌ සම්බන්ධයෙන්‌ පැහැදිලි වෙනස්කම්‌ තිබේ. බදු බර, භාණ්ඩ මිල සම්බන්ධ ගැටලු, රසායනික පොහොර මිල අඩු කිරීම, කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා බදු අඩු කිරීම, වගා හානිවලට චන්දි ලබාදීම, විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගේ විරැකියාවට විසඳුම්‌ ලබාදීම, ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීම, සහනාධාර ලබාදීම, පාසැල්‌ දරුවන්ට දිවා ආහාර සහ නිල ඇඳුම්‌ ලබාදීම, වැඩිහිටියන්ට ආධාර වැඩිකිරීම, වතුකරයේ වැඩ කරන ජනතාවගේ වැටුප්‌ වැඩි කිරීම, මලයග ප්‍රජාවගේ ඉඩම්‌ නොමැතිකම පිළිබඳ ප්‍රශ්නය විසඳීම, පශ්චාත්‌ යුධ සමයේ ඉඩම්‌ කොල්ලය සම්බන්ධ ගැටලු විසඳීම සහ රට හැර යන කාන්තාවන්‌ සංඛ්‍යාව අඩු කිරීම යනාදී වූ ආර්ථිකමය අභිලාෂයන්‌ විබහුවිධ ප්‍රජාවන්‌ වෙතින්‌ ප්‍රකාශයට පත්විණි. ඒ අනුව, ආර්ථික අර්බුදය
    නිසා ඇති වූ ක්ෂණික ආර්ථික දුෂ්කරතා මඟහරවා ගැනීමට ඔබ්බට මිනිසුන්ට තම ආර්ථික ජීවිතය තුළ පුළුල්‌ හා අනාගතවාදී අපේක්ෂාවන්‌ ඇති බව පැහැදිලි වන අතර, මෙම අභිලාෂයන්‌ අතර (වාර්ගික, ආංශික සහ ප්‍රාදේශීය වශයෙන්‌) විශාල විවිධත්වයක්‌ ඇත.
  3. ප්‍රතිචාරකයින්‌ ආර්ථිකයට පසුව වඩාත්‌ සැලකිලිමත්වූයේ නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙනි.

 

නීතියේ ආධිපත්‍යය ගැන වඩාත්ම උනන්දුවක්‌ දැක්වූ ප්‍රතිචාරකයින්‌ වූයේ මුස්ලිම්‌ ප්‍රජාවයි. ඔවුන්‌ නීතියේ ආධිපත්‍යය යන්නෙන්‌ අදහස්‌ කළේ ඔවුන්‌ අතීතයේ (විශේෂයෙන්‌ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන්‌ පසුව) අත්විඳින ලද වෙනස්කොට සැලකීම්වලට සහ අසාධාරණයන්ට එරෙහිව නීතිය රැකවරණය ලැබීමයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිදුකරනු ලැබූ නිවාස සෝදිසි කිරීම්‌ සහ අත්‌අඩංගුවට ගැනීම්‌ සිදු කිරිමේදී වෙනස්‌ කොට සැලකීමක්‌ සිදුවූ බව ඔවුහු විශ්වාස කරති. බොහෝ ප්‍රතිචාරකයෝ දූෂණ විරෝධය නීතිය සහ සාමය යන පුළුල්‌ කාණ්ඩය යටතේ අර්ථකථනය කළහ. විශේෂයෙන්ම නාගරික ප්‍රජාවේ ඇතැමුන්‌, අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ නොමැතිකමින්‌ වංචා දූෂණ සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති ඉඩකඩ පිළිබඳබලාපොරොත්තුවක්‌ නොමැති බව ප්‍රකාශ කළහ.

 

  1. ඡන්දය ප්‍රකාශ කිරීමේදී තුන්වන වැදගත්ම සාධකය වූයේ ජාතික ප්‍රශ්නයයි.

 

 

ප්‍රධාන ජනවාර්ගික ප්‍රජාවන්‌ හතර අතරින්‌ ජාතික ගැටලුව ප්‍රමුඛ ලෙස සැලකූ වැඩිම ප්‍රතිශතයක්‌ ශ්‍රී ලාංකීය දෙමළ ප්‍රජාව අතර විය. ඔවුන්ට අනුව ඉඩම්‌ මංකොල්ලය සහ යුද්ධයේදී සිදුවූ අසාධාරණයන්‌ සහ දුක්ගැනවිලි ජාතික ප්‍රශ්නය විසඳීමේදී අත්‍යවශ්‍යයෙන්‌ අදාල කරගත යුතු වේ. 1990 ගණන්වල උතුරෙන්‌ අවතැන්‌ වූ මුස්ලිම්වරුන්ගෙන්‌ සැලකිය යුතු පිරිසක්‌ ජාතික ප්‍රශ්නයට ඕනෑම විසඳුමක පදනමේ ඉඩම්‌ ප්‍රශ්නය විසඳීම තිබිය යුතු බව ප්‍රකාශ කළහ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන්‌ විපතට පත්‌ වූවන්ගේ (සිංහලයන්ගේ) අදහස වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි අනාගත අසාධාරණයන්‌ සහ චින්දිතභාවයන්‌ හමුවේ ජාතික ප්‍රශ්නයට වන ඕනෑම විසඳුමක්‌ තුල සමාජ ආරක්ෂණ යාන්ත්‍රණයක්‌ ද පැවතිය යුතු බවයි. ජාතික ප්‍රශ්නයට ලබාදුන්‌ ප්‍රමුඛතාවය පොදුවේ ගත්කළ ආර්ථික සාධකයට වඩා සියලු ජන කොටස්‌ අතර අඩු මට්ටමක පැවතීම විශේෂත්වයකි. දශක ගණනාවක්‌ තිස්සේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ජාතික ප්‍රශ්නය සහ ජාතිකවාදය අඩු ප්‍රමුඛතාවක්‌ හිමිකරගත්‌ පළමු ජනාධිපතිවරණය මෙය වේ. කෙසේවෙතත්‌, ජනවාර්ගික ආතතීන්‌ ප්‍රමුඛ සාධක ලෙස මතු නොවියහැකි වුවද, ජාතික ප්‍රශ්නයේ වැදගත්කම අප සමාජය තුළ වියැකී ගොස්‌ ඇතැයි අපට නිගමනය කළ නොහැක. උදාහරණයක්‌ වශයෙන්‌, “මොන දේ සිද්ධ වුණත්‌ කාටවත්‌ රට බෙදන්න දෙන්නබෑ” වැනි ප්‍රකාශ සිංහල වගඋත්තරකරුවන්ගෙන්‌ නිතර ප්‍රකාශ විය.

 

 

ඒ අනුව ජාතික ප්‍රශ්නය, නීතියේ ආධිපත්‍යය, සාම්ප්‍රදායික පවුල්‌ හිතවත්කම්‌ වැනි සාධකවලට වඩා මැතිවරණ කතිකාවේ ප්‍රධාන සාධකය ලෙස ආර්ථික අභිලාෂයන්‌ ප්‍රමුඛත්වයට පත්ව තිබෙන අතර ජනතාව සිය ආර්ථික හා දේශපාලන අනාගතය වෙනුවෙන් ගැඹුරු හා දිගුකාලීන ප්‍රවේශයන් බලාපොරොත්තු වෙන බවයි එම වාර්තාව පෙන්වා දී ඇත්තේ.

 

ජාතිය යළි ගොඩනැගීමේ අවශ්‍යතාවය තවදුරටත්‌ ප්‍රමුඛතාවයක්‌ ලෙස පවතින බවත් ඊට සමගාමීව, නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජනතාව අපේක්ෂා කරන බවයි එම වාර්තාව පවසන්නේ.

 

සාරාංශයක් ලෙස මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් ජනතාව ඉහළ විශ්වාසයක් තබා ඇති බව මෙම වාර්තාව සහතික කරයි.

 

 

@lankanewsweb

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි