SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

උපයන විට ගෙවන බද්ද සම්බන්ධව පසුගිය වකවානුව පුරාම විශාල සටන් උද්ඝෝෂන මෙන්ම සාකච්ඡාද බහුලව පැවතුනි.

එහෙත් ඒ මොහොතේ රජය පාර්ශ්වය එක හෙළාම කීවේ එය සංශෝධනය කළ නොහැකි බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාවන් යළි වෙනස් කිරීම අසීරු බවත් ය.

 

එසේම ඉහළ වැටුප් ලබාගන්නා රජයේ සේවකයන් සම්බන්ධයෙන් සමාජ විරෝධී හැඟීමක් පවා ගම්‍ය වෙමින් පැවති අතර අඛන්ඩව පැවති උද්ඝෝෂන මැතිවරණ සමයේ නිමාකර ඇත.

 

එහෙත් කිසිදු ලෙසකින් සෙලවිය නොහැකි ප්‍රතිපත්තිමය ගස, තැපැල් ඡන්දය අතේ දුරින් ඇති මේ මොහොතේ චලනය වන බව පෙනෙන්නට ඇත. සැබැවින්ම පොරොන්දු මට්ටමේ එය තවත් එක් පොරොන්දුවක් පමණක් ද?.

 

ඇහැලියගොඩ ජන හමු මැතිවරණ වේදිකාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ  උපයන විට ගෙවීමේ (ගෙවන) බද්ද සංශෝධනය කිරීම සඳහා IMF සමඟ සාකච්ඡාවක් ආරම්භ කිරීමට රජය කටයුතු කරමින් සිටින බවය.

 

“උපයන විට ගෙවන බද්ද අද විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. එය සංශෝධනය කිරීමට අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප එකඟ වී තිබෙනවා. එම මූලික තීරණය අප මේ වන විටත් ගෙන අවසන් බව කිවයුතුයි. ඒ පිළිබඳ අප යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර ඔවුන්ද යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම යෝජනා දෙක පිළිබඳ සාකච්ඡා කර එකඟතාවකට පැමිණි පසු එම සහනය ජනතාවට ලබා දෙනවා”.

 

"අපගේ ආර්ථික වැඩපිළිවෙල හරහා අපි ඉහළ ජීවන වියදම ලිහිල් කරනවා. අද පැවැත්වෙන ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයේදී මෙය ප්‍රකාශයට පත් කරනවා,"

ඔහු වැඩිදුරටත් පැවසීය.

 

"ජාතික ජන බලවේගයේ (NPP) අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ (SJB) අපේක්ෂකයින් දෙදෙනාම බදු අඩු කරන බවට පොරොන්දු වී තියෙනවා. බදු අඩු කර ජනතාවට සහන ලබාදිය හැකිද, බදු අඩු කළ විට රජයේ ආදායම් අඩු වෙනවා. එවිට එම මුදල් පියවාගත නොහැකිව උද්ධමනය ඉහළ යනවා.

 

එසේනම් ආදායම් අඩු වී වියදම් වැඩි වූ විට රටේ ආර්ථිකයකට මොකද වෙන්නේ. රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. ඒ නිසා ආදායම් අඩු කර වියදම් වැඩිකර රටේ ආර්ථිකය පවත්වාගෙන යන්නේ කෙසේද කියා අනුර දිසානායක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා රටට කිව යුතුයි. එම මාර්ගය ගෑස් නැති, ඉන්ධන නැති, ඖෂධ නැති තැනකට රට ගෙන යන මාර්ගයක් බව ජනතාව අවබෝධ කරගත යුතුයි. ඒ බව මතක තබා ගනිමින් කටයුතු කරන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා”